හුඟ දවසකට පස්සේ බ්ලොග් එකට ගොඩ වැදුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ලියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉස්සර නම් මම ලියන්න ඕන කරන ඒවා මාතෘකා දාගෙන පොඩි සටහනක් දාගෙන තියාගන්නවා.
ඒත් කාලයත් එක්කම එහෙම සටහන් දාගෙන ඉන්න එකත් අමතකම වෙලා ගිහින්. ඒත් කමන් නෑ. ආයෙම ඒ පුරුද්ද පටන් ගන්ඩ බැරි යෑ.
21 April 2021
අප්රේල් 21 වන දා
03 February 2021
කඩුක්කම් පැළඳි ආඳා
සෑහෙන කාළයකට පස්සෙ නිකමට වාගේ හිතුනා බ්ලොග් එකට මොනවමහරි ලියලා දාන්න ඕන කියලා. ආන්න ඒ නිසාම බ්ලොග් එකේ ලියන්න හිතාගෙන උන්නු මාතෘකා වලින් එකක් එළියට ඇද්දා.
මගේ යාළුවෙක් අළුතින් යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ යන්නේ. ඒ චැනල් එකෙන් කරන්න ඉන්නේ ලංකාවේ තියෙන අප්රකට රජමහා විහාර ගැන හා ඒවායේ තියෙන ඒතිහාසික පසුබිම ගැන.
ඒ චැනල් එකට මගේ දායකත්වය වෙන්නේ ඒතිහාසික කරුණු හොයලා දෙන එක සහා ඒ තැන්වලට යන විදිහ හොයන එක. අපි මේ ක්රියාදාමයේ පළවෙනිම අදියර විදිහට තෝරගත්තේ රයිගම් රාජධානියේ පතහාවත්ත පුශ්කරාරාම රජමාහා විහාරය.
මේ රජමහා විහාරය ගන මම කලින් වතාවකත් ලිව්වා මතක ඇතිනේ. මෙන්න මේ සබැඳියෙන් ඒ ලිපිය කියවලා එන්ඩ.
සංකල්පනා වර්ගය :
චාරිකා
01 January 2021
සුබ නව වසරක් වේවා !
ලැබුවා වූ 2021 නව වසර තුල නිරෝගිකම රජයන ජයග්රහණයන්ගෙන් සපිරි සුබම සුබ නව වසරක් වේවා !!
මේ අවුරුද්දේවත් කොරෝනා වසංගතය නැති වෙලා යනවා නම් දාහෙන් සම්පතකි !
සංකල්පනා වර්ගය :
සැමරුම්
18 April 2020
ඇල්ල ගමන - 3 කොටස (අවසානය)
ඇල්ලට තවත් දවසක් උදා උනා. අපිට වාගේ නෙමෙයි. හතරවටින්ම මීදුම ගලාපු හරි අපූරු දවසක් තමයි උදා උනේ.
අපි කට්ටියම උදේ තේක වත් නොබී අදත් උදෙන්ම හෝටලයෙන් පිටත් උනා. අද අපේ ගමනාන්තය උනේ ඇල්ල රොක් එක. ඒකට යන්න නම් කිතල් ඇල්ල දුම්රිය නැවතුම පහු කරගෙන කොළඹ දෙසට ටික දුරක් රේල් පාරේ යන්ඩ ඕන. එතැන ඉදලා කාගෙන් හරි අහගෙන තමයි ඇල්ල රොක් යන්ඩ වෙන්නේ.
කිතල් ඇල්ල කියන්නේ පොඩි ස්ටේශමක් නිසාද මන්දා එච්චර සෙනගක් දකින්න හම්බ උනේ නෑ.

17 April 2020
ඇල්ල ගමන - 2 කොටස
අපි පුංචි සිරිපාදේ යනකොට මහා මුරුගසන් වරුසාවකට අහු උනයි කියලා මම කලින් පෝස්ට් එකේදි කිව්වා මතක ඇති නේ.
අපි හෝටලය කිට්ටුවට ආවට පස්සේ වැස්ස පෑව්වා. ඔන්න එතකොටම අපේ කට්ටිය ආපහු පුංචි සිරිපාදේ පැත්තට යං කියලා කිව්වා. ඒ ඇසිල්ලෙන්ම අපි ත්රීවීල් දෙකක් කතා කරගෙන පුංචි සිරිපාදේට ආවා. වැස්සක් වැහැලා පායපු නිසාද මන්දා හතර වටින්ම මීදුම් ගලලා. ලස්සනේ බෑ.

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)