16 October 2016

සඳවතිය පායන්න

කළුවර ට අත වනන
දම්පාට හැන්දෑව
හිරු තවම හිඳිනවද ?
ළඟ පෙනෙන මානයක

කළුවරයි අද බෝම
තරු පිපුනේ නැතුවා ද ?
අද අහස අඳුරේම

කළුවරට තරු කුමකට
අඳුර දුරලන්ට
සඳවතිය පායන්න
තනිකමක් මට කොහි ද ?



කාව්‍ය සංකල්පනාව දනාගෙනි.


දනාගේ මේ කවි පංතිය කියෙව්වහම මට මතක් උනේ අලගියවැන්න මුකවැටි තුමාගේ සුභාෂිතයේ එන කවියක්. ඒකත් පහලින් ලියා තබන්නම්.

පින්මද පුතුන් සියයක් ලඳුවත් නිසරු
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරු වෙල් ලොව ගණදුරු
නෙක තරු රැසින් එලෙසට නොම වේය දුරු

12 October 2016

සුදු නෙළුම

පිවිතුරු ය සුදු නෙළුම
මං ලගම පිපුනාම ...
බඹරුන් ට හිත බෝම
නුඹේ සිරිය දුටුවාම....

හිරු ඇවිත් හැමදාම
නුඹ සෙව්වා නොකියාම...
විල මතින් පිපුනේම
පුර සඳක් විලසින්ම ....

නුබඹ ඇවිත් ගියදාම
මුලු අහස අදුරේම ....
පැතුම් මල් පරවීම
හිරැ හඩයි හැමදාම....


---------------------------------------------------------------------------
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.


07 October 2016

වැහි ලිහිණි

මල හිරුට
පෙම් බඳින
වැහි ලිහිණි
දැක ගන්න

නුබ ඇවිත්
හිඳිනවද
දුර පෙනෙන
මානයක

සමුදි ම සමුගැන්ම
මට හොදින්
දැකගන්න
අද ඇවිත් ලඟ ඉන්න
තවමත්ම හිත කියන....

-------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ සංකල්පනාවක්.

30 September 2016

පුංචි සමනළී....

කන්නගී, ඇගේ ස්වාමි පුරුෂයා කෝවලන් සමග කාවේරි පටුනේ සතුටින් කාළය ගත කළා ය. ඔවුන් දෙදෙනාගේ ආලයට වසරක් ගතවන දින ම ඉන්ද්‍ර දෙවියන් සදහා පවත්වන උත්සවය ද යෙදී තිබුණි.

ඒ සමගම තවත් එක් විශේෂ සිදුවීමක් සිදුවුණි. ඒ චිත්‍රාපතියගේ දුව මාධවී කුමරිය රටේ නෘත්‍යරාජිනිය ලෙස කිරුළ පළඳ වීමේ උත්සවයත් එදිනම යෙදී තිබුණි.

මෙ උත්සවයට සහභාගී වීමට කෝවලන් ද රජ මැදුරට ගියේ ය. එහිදී මාධවීගේ නර්තනයන් දැක කෝවලන් ඈට වශී විය.

අභිශේක මංගල්ලයෙන් පසුව යෙදුනේ මාධවීගේ ස්වාමි පුරුෂයා තෝරා ගැනීමේ අවස්ථාවය්. අහඹු සිදුවීමකින් මාධවී, කෝවලන්ව තම ස්වාමි පුරුෂයා ලෙස තෝරා ගත්තා ය. ඈ ඔහු සමග මාස 7කුත් දින හතක දීර්ඝ මධුසමයක් ගත කළා ය.

ඉන් අනතුරුව නෘත්‍ය රාජනිය තම සේවාදායකයින් පිනවීමේ කර්තව්‍යය සදහා කල් ගත කළා ය. එය නොරිස්සූ කෝවලන් ඈව අමතක කර නැවතත් කන්නගී සොයා ආවේ ය. කන්නගී, තම ස්වාමි පුරුෂයා නැවත පැමිණීමේ සතුටින් ඉපිලී ඔහුව පිළි ගත්තා ය.

ඉන් අනතුරුව ඔවුන් කාවේරී පටුන අතහැර පඬි රටට ගමන් කිරීමට ඉටා ගත්තෝ ය. ඒ යන ගමනේ දී ඔවුන්ට මාධවී මුන ගැසිනි. මේ වන විට මාධවී ගැබිනියක් ව සිටි නිසා ඈව නෘත්‍ය රාජිනී පදවියෙන් නෙරපා හැර තිබුණා ය.

25 September 2016

අදුරු රැය

අදුරු රැය සොදුරු නැත
හිස් අහස එලිය වෙද
රැහැයි නද පිරුණු තැන
සවනතට මිහිරි නැත

මද පවන හමන විට
සිසිලසක් දැවටුන ද
එකද තරැවක් නැතිව
අදුරෙම අද අහස......


ප. ලි. - සාහිත්‍යය මාසය වෙනුවෙන් දනාගෙන් සංකල්පනාවක්.