30 September 2016

පුංචි සමනළී....

කන්නගී, ඇගේ ස්වාමි පුරුෂයා කෝවලන් සමග කාවේරි පටුනේ සතුටින් කාළය ගත කළා ය. ඔවුන් දෙදෙනාගේ ආලයට වසරක් ගතවන දින ම ඉන්ද්‍ර දෙවියන් සදහා පවත්වන උත්සවය ද යෙදී තිබුණි.

ඒ සමගම තවත් එක් විශේෂ සිදුවීමක් සිදුවුණි. ඒ චිත්‍රාපතියගේ දුව මාධවී කුමරිය රටේ නෘත්‍යරාජිනිය ලෙස කිරුළ පළඳ වීමේ උත්සවයත් එදිනම යෙදී තිබුණි.

මෙ උත්සවයට සහභාගී වීමට කෝවලන් ද රජ මැදුරට ගියේ ය. එහිදී මාධවීගේ නර්තනයන් දැක කෝවලන් ඈට වශී විය.

අභිශේක මංගල්ලයෙන් පසුව යෙදුනේ මාධවීගේ ස්වාමි පුරුෂයා තෝරා ගැනීමේ අවස්ථාවය්. අහඹු සිදුවීමකින් මාධවී, කෝවලන්ව තම ස්වාමි පුරුෂයා ලෙස තෝරා ගත්තා ය. ඈ ඔහු සමග මාස 7කුත් දින හතක දීර්ඝ මධුසමයක් ගත කළා ය.

ඉන් අනතුරුව නෘත්‍ය රාජනිය තම සේවාදායකයින් පිනවීමේ කර්තව්‍යය සදහා කල් ගත කළා ය. එය නොරිස්සූ කෝවලන් ඈව අමතක කර නැවතත් කන්නගී සොයා ආවේ ය. කන්නගී, තම ස්වාමි පුරුෂයා නැවත පැමිණීමේ සතුටින් ඉපිලී ඔහුව පිළි ගත්තා ය.

ඉන් අනතුරුව ඔවුන් කාවේරී පටුන අතහැර පඬි රටට ගමන් කිරීමට ඉටා ගත්තෝ ය. ඒ යන ගමනේ දී ඔවුන්ට මාධවී මුන ගැසිනි. මේ වන විට මාධවී ගැබිනියක් ව සිටි නිසා ඈව නෘත්‍ය රාජිනී පදවියෙන් නෙරපා හැර තිබුණා ය.


ඈ නැවතත් කෝවලන්ව සොයා පැමිණියේ ඇඟේ නූපන්  දරුවාගේ පියා ඔහු වූ නිසා ය. නමුත් ඔහුගේ සිත කන්නගී ලඟ තබා කය පමණක් තමන් සතු කර ගැනීමට නොසිතූ ඈ, කෝවලන්ව කන්නගීටම බාර දී නැවතත් හිස් අතින්ම කාවේරි පටුනට පැමිණි යා ය.

කන්නගීත් කෝවලනුත් පඬි රටට යන ගමනේ අතර මඟකදී ජෛන පරිබ්‍රාජිකාවක් මුණ ගැසුනෝ ය. ඈ ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ගන පැවසු වා ය.... ඒ සමගම කෝවලන් දුවෙකුගේ පියෙක් වූ පුවත ද සැලකළ සිටියා ය.

අළුත උපන් ඒ ළදැරිය මණිමේඛලා නම් විය.

මණිමේකලාත් තම මව වූ මාධවී කුමාරියත් සතුටින් කාළය ගත කලෝය.

ඉහතින් සදහන් කරන ලද්දේ පත්තිනි චිත්‍රපටියේ සදහන් කතා පුවතෙන් බිඳකි. මාධවියත් ඈගේ දියණි මණිමේඛලාත් ගායනා කරන පහත ගීය මා සිත් ගත්තේ ය.

ඒ එහි වූ සරල පද රචනයටත් ඒ හා සමානවූ සරල නාද රටාවටත් ය. අද දවස තුල දහ පහලොස් වතාවකට වඩා මා මේ ගීය ශ්‍රවණය කෙරුවෙමි. එය ඒ තරම් සුමධුර ගීයකි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මනහර පද රචනයට නිරෝෂා විරාජිනියගේ කටහඬ එක්වූ තැන ඇතිවන සුසංයෝගය කෙබදු දයි මනාවට පසක් කරන තවත් එක් අග්‍රගණ්‍ය නිර්මාණයකි මේ ගීය.


දේදුනු පාට උනා
ජීවිත අහස පුරා...
මිහිරේ මිහිර ගෙනා... පුංචි සමනළී....

සුරඟුන් අතින් මිදී....
කිංකිණි නාද දිදී....
මා ලඟ ඇවිත් ඉඳී.... පුංචි සමනළී...

හිමගිරි අරණක සිසිලස දැනේ..
හෙල්මැලි පෙති යායක සුව දැනේ... //
දහසක් වීනා පූජන ඇසේ..
ඔබ ලඟ පුංචි සමනළී....


දේදුනු පාට උනා....

හිරු සඳු එකවර එක තැන නැඟේ....
ගංගා යමුනා හමු වී ඇඳේ...
දසතින් කෝමල රේඛා ඇඳේ... ඔබ ලඟ පුංචි සමනළී...

දේදුනු පාට උනා....

---------------------------------------------------------------------------
ගායනය - නිරෝෂා විරාජිනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න


ගීතය භාගත කිරීමට මෙතන ක්ලික් කරන්න.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.