මතක විදිහට දහයේ පංතියේ හරි එකොලහේ පංතියේ ඉන්නැද්දි විද්යාවට ඉගැන්නුවා අක්ක පාන වගේ පත්ර මගින් බෝවෙන පැලෑටි ගැන. ඒ අතරේ සර් කඩුපුල් මල් ගැනත් කිව්වා. කඩුපුල් බෝ වෙන්නෙත් පත්ර මගින්ය කියලත් කිව්වා.
ඔහොම උගන්න උගන්න ඉන්නැද්දි සර්ගේ කට වැරදීමකින් කියවුනා ඉස්කෝලෙත් කඩුපුල් පැලයක් තියෙනවයි කියලා. මං ඊට පස්සේ ඉන්ටර්වල් එකේදි අපේ මල් පෝච්චි එකින් එක බැලුවා කොයි පෝච්චියේද කඩුපුල් පැලෑ තියෙන්නේ කියලා. ඔහොම බලාගෙන යනකොට කඩුපුල් පැලේ තියෙන පෝච්චිය හම්බ උනා.
මං දෙන්නං වැඩේ කියලා ඉස්කෝලේ ඇරෙන වෙලාවක් අල්ලගෙන ඕකෙන් කොළයක් කඩාගෙන ගියා. ගිහින් ගෙදර පැල කලා. මල් පැල හිටවනවා නං ඉල්ලගෙන ගිහින් හිටවනවට වඩා හොරෙන් උගුල්ලගෙන ගිහිං හිටෙව්වොත් හොඳට පැලවෙනවා. ඒක මං අත්දැකීමෙන් දන්න දෙයක් !
ඔහොම කඩාගෙන ආපු කඩුපුල් කොළය ගෙදර තිබ්බ පෝච්චියක පැල කලා. හොඳට පැලවෙලා ටික දවසකින් අළුත් දල්ලකුත් ආවා. හොඳටම පැල උනාට පස්සේ මං පොල් ලෙල්ලක හිටවලා තාප්පේ එල්ලුවා. මං හිතන විදිහට රෑ මනමාලි කියන්නෙත් කඩුපුල් මල් වලටම වෙන්ඩ ඕන !
කඩුපුල් කියන්නේ දිව්යලෝකයේ ඉදලා ආපු දිව්යාංගනාවකගේ අතින් වැටිලා පැලවෙච්ච පැලෑටියක් කියනවානෙ. ඒ කතාව හරියටම මං දන්නේ නෑ. හොයලා බලන්ඩ ඕන :)
කොහොමින් කොහොමහරි මං හිටවපු කඩුපුල් වල මල් හිටන් ආවා. දැං බලයි ඉස්කෝලේ යන කාලේ හිටවපු ඒවෑ මල් ආවේ දැන් ද කියලා. නෑ... ඒ කාලෙම මල් ආවා.ඒ කාලේ ෆොටෝ ගහන්ඩ කැමරාවකුයි ලියලා දාන්ඩ බ්ලොග් එකකුයි තිඋනේ නෑ.
පිපුන කඩුපුල් මල
තව මලකුත් පිපෙන්ඩ තියෙනවා
මල් පොහොට්ටු එක දෙක එනකොට මෙදාපර කොහොමහරි මලක ෆොටෝ කෑල්ලක් ගන්නවමයි කියලා හිතාගෙන හිටියත් වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ අමතක උනා. උදේ වැඩට යනකොට තමා කලින් දා රෑ පිපිච්ච කඩුපුල් මල දැක්කේ. ඉතින් දැක්ක හැටියෙම පින්තූර ගත්තා. ඔය ඉහලින් තියෙන්නේ ඒ මල් !
මීට කලින් මං දුටු සතුටු මල් ගැනත් කිව්වා මතකනේ !
දැං බලයි මොකට කඩුපුල් මල් ගැන ලිව්වද කියලා. මම හිටෝපු මල් පැලේ මලක් ආවම සතුටු මට නේ !
දිනමිණ පත්තරෙත් කඩුපුල් මල් ගැන ලිපියක් තියෙනවා දැක්කා. මේ තියෙන්නේ ඒ ලිපිය.
13 October 2013
11 October 2013
අපොයි පොතට ගිය සල්ලි
මං බ්ලොග් ලියන්ඩ කම්මැලි වෙලා හිටපු මාස අටක විතර කාලේ පුරාම කම්මැලිකම යවා ගන්ඩ කරපු දේවල් වලින් පලවෙනි තැන තිඋනේ පොත් කියවීම. ඒ කාලේ සෑහෙන නවකතා කෙටි කතා ගොඩක් කියෙව්වා. කොටින්ම ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් සෑහෙන ගොඩක් ඒ වෙනකොට කියවලා තිඋනා.
ඔන්න ඔය පුරුද්දටම මෙදාපාර කොළඹ පොත් ප්රදර්ශනෙන් පොත් ටිකකුත් ගත්තා.ඒ පොත් අතරේ මෙදාපාර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වෙච්ච පොතත් තිබුනා. මම පොත් තෝරන්නේ ඇඳුං තෝරන ක්රමේට, කෝච්චර කවුරුත් ලස්සනයි කිව්වත් මට ගැලපෙන්නේ නැත්තං මම ගන්නේ නෑ. හැබැයි ඇඳුං ගන්නවා වගේ නෙමේ පොත් ගද්දි අනිත් අයගේ අදහසුත් හොයලා බලනවා. ඒත් මේ පොත ගද්දි අදහස් විමසීමටත් වඩා අපේ අම්මෑ ඉල්ලීම නිසා ගත්තා කිව්වොත් හරි !
ගෙනාපු පොත් එකතුවෙන් හත අටක් කියවලා ඉවර කලාට පස්සේ සම්මාන ගහපු කාල සර්ප (ලේඛක - කීර්ති වැලිසරගේ) පොත අතට ගත්තා. ටිකක් ඉතර හයේ හතරේ පොතක්. පොතේ ගානත් ඒ වගේමයි !
කතාවේ පටන් ගැන්මයි මුල ටිකයි ටිකක් ඉතර හොඳයි.. ඊට පස්සේ කතාව මැද්දෙන් පිටු සීයක විතර ලොකු පරිච්ඡේදයක් තියෙනවා කතාවට ලොකු අදාලත්වයක් නැති. හිතන්ඩකෝ නාට්ටිය මැද්දෙන් ඇඩ් එකක් යනවා කියලා.අන්න ඒ වගේ පරිච්ඡේදයක්. ඊට පස්සේ තුන්වෙනි පරිච්ඡේදය ආයෙම මුල පරිච්ඡේදයත් එක්ක පූට්ටු වෙනවා.
කොහොමින් කොහොමහරි කතාව ඉවර වෙනකොට ටිපිටිප් කෑවා වගේ ! ගත්තු දේකුත් නෑ !කියෝපු දේකුත් නෑ ! මං නං කියන්නේ මේ පොත කියවනවනං කාගෙං හරි ඉල්ලගෙන කියවන්ඩ... එහෙම කියවලා හොඳයි කියලා හිතුනොත් විතරක් ගන්ඩ !
මේක නවකතා පොතක් කිව්වට කෙටි කතා පොතක් වගේ. කොහොම සම්මාන දුන්නද මන්දා. මේ සම්මානයට නිර්දේශ වෙච්ච පොත් වලින් මං ආසම පොත තමා මහින්ද ප්රසාද් මස්ඉඹුල ලියපු සෙංකොට්ටං නවකතාව. ඒ පොත නම් මරු !
එක හුස්මටම කියෝගෙන යන්න ආස හිතෙන පොතක්. මං හිතුවෙම සෙංකොට්ටං වලට සම්මානය හම්බුවේවිය කියලා. අපි හිතන එවුවම හරියනවා නං කොහෙද ඉතිං !
සෙංකොට්ටං පොත ගති ! ඒ හැටි ලොකු පොතකුත් නෙමේ. ! ආසාවෙන් කියවතෑකි !
මේ ලඟදි අපේ වැඩපොලේ අයියා කෙනෙක් ඊ බුක් අඩවියක් සම්පූර්ණයෙන්ම බාගත කලා. සෑහෙන ගොඩක් තිබ්බේ මල් නවකතා. ඒ අතරේ සෙංකොට්ටං පොතත් තිබුනා. ඔන්න සෙන්කොට්ටං පොත කියවන්ඩ කැමති කෙනෙක් ඉන්නවනං මෙතනින් බා ගන්ඩලා !
සෙංකොට්ටං වලට අමතරව කියවන්ඩ හොඳයි කියලා හිතුන පොතකට තිබ්බේ ගුරු ගීතයයි හත්පණයි විතරයි. අනිත් සේරම මල් නවකතා ! හත්පණ ආයෙම කියවන්ඩ ඕන කෙනෙක් ඉන්නවනං මෙතනින් බාගත කරගන්ඩ !
---------------------------------------------------------------------
ප.ලි. - පොත් දෙකේම ලින්ක් අයින් කළා !

සංකල්පනා වර්ගය :
පොත්
09 October 2013
පෑන කෝ ?
සමහර මිනිස්සු තමන්ගේ උවමනාවට ඉල්ලගෙන යන කිසිම දෙයක් වෙලාවට ගෙනත් දෙන්නේ නෑ. ඉල්ලගෙන යනකොට නම් කියන්නේ වැඩේ ඉවර වෙච්ච හැටියෙම ගෙනත් දෙන්නං කියලා. ඒත් සතියක් හමාරක් එක්කෝ මාසයක් විතර යනකන් තියාගෙන ඉන්නවා.
මමම ගිහින් හොයාගෙන එන්න ඕන. එහෙම හොයාගෙන ගියත් අරයා ඉල්ලං ගියා මෙයා ඉල්ලං ගියා කියලා තව කා ලඟට හරි ගිහින් අහන්ඩ ඕන. අන්තිමේදි ඉල්ලගෙන යන්නේ වෙන කෙනෙක් ! ඉල්ලගත්තු දේ තියෙන්නේ වෙන කාලඟවත් !
මම මේ කතා කලේ පහුගිය ටිකේ මගේ ෆෝන් එකේ හෙඩ් සෙට් එක එකෙක් ඉල්ලගෙන ගිහින් මාසයක් විතර ලඟ තියාගෙන උන්නා. ඉල්ලගෙන යනකොට නං කිව්වේ සිංදුවක් තියෙනවා ඒක අහලා දෙන්නං කියලා.
ඒ ඉල්ලගෙන යන දේවල් නේ. සමහරු අනුන්ගේ මේස උඩ තියෙන දේවල් තමන්ගේ වගේ අරගෙන ගිහින් තියාගෙන ඉන්නවා. මොකෙක්හරි එකෙක් මම ගේන ගේන පෑන උස්සනවා. එක පාරක් උස්සලා කියලා දැනගත්තහම මම තව පෑනක් ගෙනත් කොල කෑල්ලක නම ලියලා පෑන ඇතුලට දාලා තිබ්බා. ඕං ඒකත් උස්සලා !
ආයේ වතාවකුත් පෑනක් ගෙනත් නම ගහලා තිබ්බා. ඒකත් ගල් කරලා !
ඔහොම පිට පිට තුන්වතාවක් පෑන් නැති උනාට පස්සේ මම ආයෙම පෑනක් ගෙනත් ඒකේ නම වෙනුවට "පෑන ගෙනිච්චොත් ගෙනත් තියපං" කියලා කොල කෑල්ලක ලියලා ඒක පෑනේ ඇතුලට දැම්මා.
කියන්ඩ කණගාටුයි ! ඒ පෑනත් උස්සලා !
උස්සලා විතරක් නෙමේ පෑන ඇතුලේ තිබ්බ කොළ කෑල්ල මේසේ උඩ තිබ්බා. ඒකේ මම ලියපු එක යටින් මොකෙක් හරි එකෙක් "හා මචං !" කියලා ලියලා.
ඊට පස්සේ මං හිතා ගත්තා මින් මනත මං පෑන් ගේන්නේ නං නෑ කියලා. පෑන් ගෙනත් පිරිමහන්ඩ බෑ !

අනං මනං
07 October 2013
ශිෂ්යත්වය
ශිෂ්යත්වය, ළමයින්ට වඩා අම්මලාගේ තරඟ විභාගයක් කියලා කිව්වොත් සාධාරණයි. මොකද ඒ තරමටම මහන්සි වෙන්නේ දෙමව්පියෝ හන්දා.ළමයි බෑ කියලා කියද්දි ඇදගෙන ගිහින් ශිෂ්යත්ව පංති වලට ගිහින් අතාරිනවා. ඉතින් එදා ඉදන් ප්රශ්න පත්තර කිරීම්, යුගල පද තනි පද සමාන පද විරුද්ධ පද කටපාඩම් කිරීම් වලින් වලින් ඉවරයක් නෑ.
ඔය සේරම පාඩම් කරවලා ප්රශ්න පත්තරත් ලියවලා විභගයට යැවුවයි කියමුකෝ. එදා ඉදන් බලන් ඉන්නේ කොයි මොහොතෙද ප්රථිපල එන්නේ කියලා.
ප්රතිපල ආපු දවසට සෑහෙන උනන්දුවක් තියෙන්නේ තමන්ගේ ළමයා පාස් උනාද කියලා දැනගන්න. ළමයා පාස් වෙලා නං දෙමව්පියන්ට ඊට වඩා සතුටක් නෑ. ඉල්ලපු තෑගි බෝග අරන් දෙනවා ! ට්රිප් එක්කං යනවා ! පාර්ටි දානවා ! නානාප්රකාර වැඩ කෝටියයි !
හැබැයි ලකුණක් දෙකක් හරි අඩුවෙලා ෆේල් උනා නං ළමයා ගෙදර ඉදලත් හමාරයි !
ලඟදි දවසක ප්රවෘත්ති වලටත් කිව්වා ශිෂ්යත්ව විභාගේ ෆේල් උනා කියලා ගෑල්ලමයෙක්ව ගෙදරින් පිටමං කලායි කියලා. හොඳම වැඩේ තමා ඒ ළමයගේ දෙමව්පියෝමයි ළමයට යන්න කියලා ඇදුං ටික ලෑස්ති කරලා දීලා තියෙන්නේ.
මේ අම්මට විලිරුදාව නැතුව වෙන්ඩෑ ඒ ළමයව හම්බ වෙලා තියෙන්නේ. ඇරත් ගෑනු ළමයෙක්ව මේ විදිහට ගෙවල් වලින් පිටමං කරනවා යෑ ! ළමයගේ වෙලාවට ඒ ළමයා තමන්ගේ ඉස්කෝලේ යාළුවෙක්ගේ ගෙදරට ගිහින් තියෙන්නේ.
ඒ වගේම තව ළමයෙක් ෆේල් උනැයි කියලා උන්දෑ තාත්තා යකඩයක් රත් කරලා මේ ළමයව හොඳටෝම පුච්චලා. තාත්තව රිමාන්ඩ් කලත් එක්ක !
දෙමව්පියෝ උනහම තේරුං ගන්න ඕන විභාගයක් කියන්නේ ජීවිතයම නෙමේ කියලා. අනික ශිෂ්යත්ව විභාගය කියන්නේ එච්චර වටින කියන විභාගයක් නෙමේ කියලත් උන්දැලා තේරුං ගන්ඩ ඕනා. ශිෂ්යත්වය ෆේල් උනා කියන්නේ එතනින් එහාට්ට ළමයගේ මුළු අධ්යාපනයම කඩා කප්පල් උනා කියන එක නෙමේ කියලත් තේරුං ගන්ඩ ඕන.
විභාග පැත්තකින් තියමු.කොයි දේ උනත් තමන්ගේ ළමයට තමන්ගේ දෙමව්පියන් ඇර වෙන සරණක් නෑ කියලා තේරුම් ගන්ඩ ඕන. ඒවා තේරුං නොගන්න තාක්කල් මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එක අඩුවෙන එකක් නෑ.....
හැබැයි ඉතිං අපරාදේ කියන්ඩ බෑ. අපේ අම්මට නං මායි අපේ මලයයි ෆේල් උනා කියලා කිසි ගානක්වත් නෑ. අපේ අප්පොච්චට අපි කියනකන් දන්නේ නෑ ප්රථිපල ආවයි කියලවත්. මොකද ඒයැයිට ඒ හැටි තේරුමක් නෑ. උදේ හිට මහන්සිවෙවී කන්න අදින්න දුන්නා මිසක් ඔය ගැන වැඩිය හාර අවුස්සලා බලන්ඩ ගියේ නෑ. ඒ සේරම අම්මට බාර දීලා තිඋනේ.
අම්මගේ උත්සහය නිසා තමා මේ හැටිවත් යහතින් ඉන්නේ !
බලාගෙන ගියහම ශිෂ්යත්වයත් හිතපු තරං ලේසි පාසු තරඟයක් නෙමේ.... !

05 October 2013
කුණ්ඩසාලේ
"ඔන්න මෙහෙමයි පුතේ... ඒ දවස්වල ඉන්දියාවේ බ්රාහ්මණයෙක් ජෝතීර්ෂ වැඩක් කර කර ඉන්නකොට ශනී ගුරු කියන ග්රහ දෙයියෝ අතර යුද්ධයක් ඇති වෙනවයි කියලා හොයා ගත්තාලූ.ඒ යුද්දෙදි ශනීගේ කුණ්ඩලාභරණයකින් කෑල්ලක් කැඩිලා පොලවට වැටෙන බවත් දැනගත්තලු.
ඉතින් මේ බමුණා හිතුවලු කොහොමහරි මේ කුණ්ඩලාභරණය හොයා ගන්නවමයි කියලා. එහෙම හිතපු මේ බමුණා නැවු නැගලා ලංකාවට එනවලූ. ඇවිදින් මහනුවර කිට්ටුව ගුරුදෙනිය ගමේ පන්සලේ නවාතැන් ගත්තලු."
"ඉතින් අම්මේ මොකෝ ගුරුදෙනියෙම නැවතුනේ ?"
"ඔය බමුණා ගණනය කිරීම් කරලා බලපුවාම ඒ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කිට්ටුව පැත්තකට කියලා හොයාගත්තා ලු. ඒ නිසයි ගුරුදෙනිය කිට්ටුව පන්සලේ නැවතුනේ !
ඉතින් මේ බමුණා රෑ දවල් මහන්සිවෙලා ගණනය කිරීම් කරනවලු හරියටම කොහේටද මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ කියලා හොයන්ඩ. මෙහෙම දවස පුරාම ගණන් හදන බමුණාව දැක්ක පන්සලේ හාමුදුරුවෝ මේ මනුස්සයාගෙන් අහනවලු මොනවද ඔය තරම් ගණන් හදලා හොයන්නේ කියලා.
මේ බමුණත් හාමුදුරුවන්ට සම්පූර්ණ විස්තරේ කිව්වාලු. නමුත් මේ බමුණා දන්නේ නෑලු හාමුදුරුවොත් දක්ශ නක්ෂත්රකාරයෙක් කියලා. බමුණා හාමුදුරුවන්ට විස්තරේ කිව්වට පස්සේ හාමුදුරුවොත් බමුණට හොරෙන් හිටු කියලා ගණන් හදනවලු."
"හාමුදුරුවෝ ගනන් හදන්නේ මොහොකටද ?"
"හාමුදුරුවෝ ගනන් හදන්නේ අර කිව්ව කුණ්ඩලාභරණය වැටිලා එතනම හිටිනවද එහෙම නැත්තං කොහාට්ට හරි විසික්කා වෙනවද කියලා හොයන්ඩ ! හාමුදුරුවෝ ඔහොම ගණන් හදාගෙන යනකොට තේරුනාලු කුණ්ඩලාභරණය ගල් තලාවේ වැදිලා ගඟෙන් එහා පැත්තට විසික්කා වෙනවයි කියලා.
ඔන්න ග්රහ යුද්දේ තිබ්බ දවස ආවයි කියමුකෝ. එදා කුණ්ඩලාභරණය වැටෙනකන් බමුණා ගල් තලාවේ කූඩරම් ගහගෙන හිටියලූ. නමුත් බමුණා දන්නේ නෑ ගඟෙන් එහාපැත්තේ හාමුදුරුවෝ කූඩාරම් ගහගෙන ඉන්නවයි කියලා !
දෙන්නගෙම ගණනය කිරීම් වලට අනුව කුණ්ඩලාභරණය ගුරුදෙනිය කන්දට වැටුනලු. ඒ වැටිච්ච හැටියෙම ගලේ හැප්පිලා ගඟෙන් එහා පැත්තට විසික්කා උනාලු. මේ බමුණා කුණ්ඩලාභරණය වැටිලා විසික්කා වෙච්ච තැන හොයාගෙන ගඟෙනුත් එගොඩහට යනකොට දැක්කලු එතනත් කූඩාරමක් ගහගෙන කෙනෙක් ඉදලා තියෙනවයි කියලා.තමන් කුණ්ඩලාභරණය වැටිච්ච තැන හොයාගත්තට වැටිලා විසික්කා වෙන තැන හොයාගන්න බැරි වෙච්ච ලැජ්ජාවටයි තමන්ගේ උත්සහය වතුරේ ගිය දුකටයි මුන්දෑ ගඟට පැනලා දිවි නහ ගත්තලු.
හාමුදුරුවෝ කුණ්ඩලාභරණයත් අරගෙන ගියාලු."
"ඊට පස්සේ ඒ කුණ්ඩලාභරණයට මොකද උනේ අම්මේ ?"
"හාමුදුරුවෝ ඒ කුණ්ඩලාභරණය රජතුමාට භාර දුන්නාලු. රජතුමා ඒ කුණ්ඩලාභරණයේ රත්තරන් ටික උනු කරලා දලදා වහන්සේ තැන්පත් කරන්න නෙළුම් පෙත්තක් හැදුවලු. තාමත් ඒ නෙළුම් පෙත්ත උඩලු දලදා වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ !
එදා ඒ කුණ්ඩලාභරණය වැටිච්ච තැන පස්සේ කාලෙක කුණ්ඩසාලේ උනාලු !"
--------------------------------------------------------------
ප.ලි. - පොඩි කාලේ අම්මා කියා දුන් කතාවක් පොතක තිබිලා ආයෙම කියවන්න ලැබුනා. එදා අම්මා කියපු කතාවේ තිබ්බ අඩුපාඩු ටික පොතෙන් සම්පූර්ණ උනා. අපේ අම්මා කතාව කියලා දීපු ඉට්ටැයිල් එකටම ලියලා දැම්මා. ඒ දවස්වල නං මං අහපු ප්රශ්න මීට වඩා වෙනස්. ඒ වගේම සෑහෙන ප්රශ්න ගොඩක් ඇහුවා !
අම්මගේ කතාවේ නම් ඔය බමුණගේ නම බරණ ගණිතයා කියලා තමයි කිව්වේ !!!! නමුත් පොතේ නම් ඒ බමුණගේ නම තිවුන් නෑ !
ප.ප.ලි. - මම කියවපු පොතේ නම තමා ඩී.පී. වික්රමසිංහ මහත්මයා ලියපු මඟ දිගට ජන කතා පොත. මේ පොතේ මේ වගේ එකිනෙකට වෙනස් ජනකතා 50ක් තියෙනවා. පුලුවන් කමක් තිබ්බොත් හොයාගෙන කියවන්න. මොකද මම ඒ පොතේ තියෙන ඔක්කොම කතා පෝස්ට් කරන්න යන්නේ නෑ :)
මේ පොත සූරිය ප්රකාශනයක් ! ශා... මරු ! අගේ ඇති පොතක් !

ජන කතා
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)