දැනට මාස තුනක් තිස්සේ විශ්ව විද්‍යාල ආචාර්යවරු වැඩ වර්ජනයක් කරපු හන්දා අපට මාස තුනක් විතර කැම්පස් වහලා තිබ්බා. ඊට පස්සේ සාකච්ඡා කරලා එයාලගේ ඉල්ලීම් ටික දීලා වැඩ වර්ජනය අත්හිටෙව්වා. කොහොමහරි ජූලි මාසේ 26 වෙනිදා ඉදන් අපේ කැම්පස් එකේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය විදිහට කෙරීගෙන ගියා කියලා කියමුකෝ.
අපිට අන්තිම විභාගේ (ෆයිනල්ස්) තියෙන්න තිබ්බේ අගෝස්තු මාසේ මැද සතියක. ඒ නිසා මේ දවස්වල පාඩම් කර කර හිටියා. ඊට පස්සේ ආයේ පීඨ කමිටුවෙන් ඊයේ (ජුලි 27) දැන්වීමක් දාලා අධ්‍යන කටයුතු විභාගත් එක්කම කල් ගියා කියලා.
හපෝ!!!! අපිටත් වෙන වැඩ!!! මදැයි ඉක්මනින් අවුට් වෙන්න කියලා හිටියා. දැන් ඉතින් තව කාලයක් ඉවසපන්කෝ!!!
අපේ අම්මා කොයි වෙලේත් කියන්නේ " පාඩම් කරපන් !!! පාඩම් කරපන් !!!" කියලා. ඇයි අප්පා විභාගයකුත් ලඟ නැතුව කොහොම පාඩම් කරන්නද. දැන් ඉතින් අවුට් වෙන එක කෙසේ වෙතත් රස්සාවක්වත් හොයා ගන්න වෙනවා.උපාධියක් ගන්නවා කියන එකත් හිතෙන තරම් ලේසි නෑ කියලා හිතෙන්නේ මේම වෙලාවල් වල තමයි !!!
එක වෙලාවක හිතෙනවා කැම්පස් ගිය මෝඩකම කියලා. නිරපරාදේ කල් ගතවීමක් තමයි සිද්ද වෙන්නේ.කෝමහරි උපාධි අරගෙන එලියට එනකොට ඊලඟ අවුරුද්දේ මැදක් හරියවත් වෙයි.
28 July 2011
26 July 2011
වාසනාවන්ත මරණයක්
කාටහරි හිතෙන්න පුලුවන් මරණයක් වාසනාවන්ත වෙන්නේ කොහොමද කියලා. මරණයක් වාසනාවන්ත මරණයක් වෙන විදිහක් තියෙනවා. අපි හිතමු කෙනෙක් ගොඩාක් ලෙඩවෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා. හරියට කෑමක් බීමක්වත් කන්න බැරුව වැසිකිලි යන්නවත් දොට්ට පිලට යාගන්න බැරුව ඉන්නවා නම් ඒක ඒ කෙනට කොච්චර නම් දුකක්ද.
ඒක ගෙදර අයටත් කොච්චර දුකක්ද. එතකොට ඒ ලෙඩවෙලා ඉන්න කෙනා උනත් හිතන්නේ ඉක්මනට මැරෙනවා නම් හොදයි කියලා. මොකද හොද කරන්න බැරි ලෙඩක් හැදිලා එකතැන් වෙලා දුක් විඳිනවට වඩා මරණය සැපතක්.අන්න එහෙම ජරාවට පත්වෙලා මැරෙන එකට තමයි අවාසනාවන්ත මරණ කියලා කියන්නේ.
සමහරු මැරෙනවා ඒ මරණේ ගෙදර අය දන්නෙත් ඒ කෙනා මැරිලා ටික වෙලාවකට පස්සේ. උදාහරණෙකට අපේ අම්මැයි ආච්චිඅම්මා උදේ කෑම කාලා ගේ එහෙම අතුගාලා මහන්සියට පුටුවක හාන්සි උනා ලු. එහෙම්ම පණ ගිහින්. අතේ තිබ්බ කොස්ස බිමට වැටෙන සද්දෙට තමයි ගෙදර කට්ටිය ඇවිත් තියෙන්නේ. අන්න එහෙම ඒවා තමයි වාසනාවන්ත මරණ කියන්නේ. ගෙදර අයටවත් තමන්ටවත් කරදරයක් නෑ. එහෙම මැරෙන්න හැමෝටම බෑ. ඒකට පින් කරලා තියෙන්න ඕනේ.
ගිය ආත්මේ කරන පින් පවු අනුව ඒවගේම මේ ආත්මේ කරන කියන දේ අනුව දුක් විඳලා මැරෙනවද නැද්ද කියන එක තිරණය වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ.
මට මේ දේවල් ලියන්න හිතුනේ අපේ ගෙවල් ලඟ කෙනෙක් ඔහොම දුක් විඳලා මැරුනා.ඒ කෙනා මැරෙන්න කලින් ලෙඩ වෙලා එකතැන් වෙලා ඉන්නවා කියලා අපේ අම්මා කිව්වාම මම ගත් කටටම කිව්වේ "ඒ කෙනා මැරෙන එක හොදයි" කියලා. කාටවත් මෙහෙම කියන්න හොද නෑ. නමුත් ඒ කෙනා දුක් විඳින හැටියට මැරෙන එක සතුටක් කියලා මට හිතුනා.
අපි ඊලඟ ආත්මේ හොද තැනක ඉපදෙන්න කියලා පින් කරගන්න බැරිනම් අඩුම තරමේ මේ ආත්මේ ගෙදෙර උන්ට කරදරයක් නැතුව මැරෙන්නවත් පින් කරගමු !!!! මොකද මරණේ කියන්නේ කාටත් පොදු දෙයක්. කවුරුත් මැරෙනවා. මැරෙන්නේ නැති කෙනෙක් නෑ.

සංකල්පනා වර්ගය :
අනං මනං
21 July 2011
නීතිය ඉගෙන ගැනීම
අපට උපාධියට ඉගෙන ගන්න තියෙන සාමාන්‍ය විශයන් වලට අමතරව ව්‍යාපාරික නීතිය, සිවිල් නීතිය වගේ විශයනුත් තියෙනවා. උපාධිය සම්පූර්ණ කරන්න නම් මේ විෂයයන් වලට අඩුම තරමේ C එකක්වත් තියෙන්න ඕනේ. මේ විෂයයන් උගන්වද්දි එක එක උදාහරණ පාවිච්චි කරනවා. පහලින් තියෙන්නේ එහෙම උගන්නද්දි පාවිච්චි කරපු උදාහරණ ටිකක්.
යාළුවෝ දෙන්නෙක් කඩේකට ගිහින් බීම බෝතලයක් ගන්නවා. අඳුරු පාට වීදුරු බෝතලයක දාලා තියෙන බීම එකක්. එක යාලුවෙක් භාගයක් බීලා දෙනවා අනිත් එකාට. ඒකා බොද්දි බෝතලය ඇතුලේ ගොළුබෙලි කට්ටක් තියෙනවා දකිනවා. අන්තිමේ මේ කේස් එක උසාවි ගෙනියනවා. බීම එක දෙන්නම බිව්වට බීම සමාගමේ වන්දි ගෙවන්නේ බීම බෝතලය සල්ලි දීලා ගත්තු එකාට විතරයි. අනිත් එකාට වන්දියක් නෑ.
ඔය වගේ තව සීන් එකක්. එක ළමයෙක් පාරක සෙල්ලම් කර කර ඉන්නැද්දි වේගයෙන් ආපු ලොරියක් මේ ළමයව යට කරගෙන යන්න හදනවා කියලා ඒ ළමයගේ අම්මට පේනවා. අම්මා දුවලා එන්න හදනවා. ඒත් දුර වැඩි නිසා ඒක කරන්න වෙන්නේ නෑ. අන්තිමේදි දරුවා හැප්පෙන්න යනවා දැකලා ඒ අම්මට පිස්සු හැදෙනවා. වාසනාවකට දරුවව හැප්පෙන්නේ නෑ. නමුත් මේ දරුවගෙයි අම්මගෙයි තියෙන නෑදෑකම නිසා අර අම්මට පිස්සු හැදුන එකට ලොරි කාරයා වන්දි ගෙවන්න ඕනේ.
එක සමාගමක් කැනුලා කියන ගස් වර්ගය වගා කරනවා. මේ ගස් ජාන වෙනස් කරලා හදපු ජාතියක්. ඒ නිසා මේ සමාගම මේ ගස් ජාතියට පේටන්ට් බලපත්‍රය අරගෙන තියෙන්නේ. ඔය සමාගම එක පාරක් අස්වැන්න නෙලලා ඒවා නගරයට අරන් යනකොට හුලගට මේ ගහේ බීජ ගහගෙන යනවා. ගිහින් එක ගොවියෙක්ගේ ගොවිපළේ සරුවට පැලවෙනවා. ගොවියා මේ ගස් වලින් අස්වැන්න අරගෙන විකුනන්න යද්දි බුද්ධිමය දේපල පනත යටතේ උසාවි යන්න සිද්ධ වෙනවා. හේතුව වෙන්නේ නිකරුනේ පැළ උනාට ඒ පැළ ටිකට අස්වැන්න ලැබෙනකන් පැළවෙන්න ඉඩ දුන්න එකයි.
මේ විශයයන් අපි කළේ දෙවෙනි වසරේ ඉන්නැද්දි. ඒ නිසා මට මතකයට තියෙන්නේ ඔච්චරයි.ඔයවගේ උදාහරණ නිසා ඒ විශයයන් ඉගෙන ගන්න ආසාවක් ඇති වෙනවා. ඇත්තටම මෙහෙම උදාහරණ දාලා අනිත් විෂයයනුත් උගන් වන්න පුලුවන් නම් ඒක කොච්චර හොදයි ද?

වෙනත් කතා
19 July 2011
සම්මුඛ පරීක්ෂණ වල බුද්ධි පරීක්ෂණ ප්‍රශ්ණ (IQ) - 2වන කොටස
ලඟදි දවසකත් මට කොළඹ යන්න සිද්ද උනා. ඒකත් සුපුරුදු පරිදි ඉන්ටර්විව් එකකට. කලින් එකට වඩා දැන් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒ තරමටම පුරුදු වෙලා තියෙන්නේ. මෙදාපාර ලැබුන ප්‍රශ්න ටික එච්චර අමාරු නෑ. ලියන්න තමා තිබ්බේ. ප්‍රශ්න 20ක් විතර තිබ්බා. වැඩි කතා ඕනේ නෑ ප්‍රශ්න වලට බහිමු !!!!
ඔන්න මට මතක ටික පහලින් දැම්මා.
(1) ළමුන් පේලියක වාඩිවී සිටී. එම පේළියේ දකුණු පැත්තේ සිට 8 වෙනියාට කමල් වාඩි වී සිටී. එම පේළියේ වම් පැත්තේ සිට 12වෙනියාට නිමල් ද සිටී. නිමල්ව හා කමල්ව එකිනෙක මාරු කල විට වම්පැත්තේ සිට 21වෙනි තැනට නිමල්ව පත්වේ. දකුණු පැත්තේ සිට බලන විට කමල්ගේ ස්ථානය කුමක්ද ?
(2) එක්තරා මං සංධියක සංඥා කුළුණක (ට්‍රැෆික් ලයිට්) කොළ පැහැති බල්බය දැවී ගොස් (බල්බ් එක පිච්චිලා/ ගහලා ගිහින්)ඇත. එම මං සංධිය හරහා වාහනයකට ආරක්ෂිතව ගමන් කිරීම සදහා සංඥා කුළුණේ දැල්වී හා නිවී තිබිය යුතු බල්බ කුමක්ද ?
(3) නිමල් පොත් සාප්පුවකට ගොස් රුපියල් 80ක් වටිනා පොතක් මිලදී ගනි. ඔහු පොත් සාප්පු හිමියාට රු. 100යේ නෝට්ටුවක් ලබා දුනි. මාරු කාසි නොමැති කම නිසා සාප්පු හිමියා එම 100යේ නෝට්ටුව මාරුකරගෙන එන ලෙස ඉල්ලයි. ඔහු පොත් සාප්පුව අසලම පිහිටි රෙදි සාප්පුවකින් රු 100යේ නෝට්ටුව රුපියල් 10යේ නොට්ටූවලට (දහයේ කොළ දහයක්) මාරු කරගගෙන පොතේ වටිනාකම ගෙවා පොත් සාප්පුවෙන් පිටවී යයි.නිමල් විසින් රෙදි සාප්පු හිමියාගෙන් මාරු කරගත් රුපියල් 100යේ නෝට්ටුව හොර එකක් බව පොත් සාප්පු හිමියාට පවසයි. රෙදි සාප්පු හිමියා හා පොත් සාප්පු හිමියා දිගු කලක සිටන් මිතුරන් වන නිසා රෙදි සාප්පු හිමියාට සිදුවූ අලාභය ගෙවීමට පොත් සාප්පු හිමියා පොරොන්දු විය. පොත් සාප්පු හිමියාට සිදුවූ අලාභය කීයද ?
(4) ලංකාවේ සිටින අයෙක් ප.ව 7.00 ට එංගලන්තයේ තම සේවාදායකයාව අමතයි. ලංකාවේ සිටින කෙනා විසින් එංගලන්තයේ තම සේවාදායකයාට සුබ පතන්නේ කෙසේ ද ? (ඉංග්‍රිසියෙන්)
(ගුඩ් මෝර්නින්, ගුඩ් ඊවිනින්, ගුඩ් නයිට් යනාදි වශයෙන්.... )
(5)ලංකාවෙන් 0940h වලින් පිටත් වෙන ගුවන් යානයක් ලන්ඩන් වලින් 2210h ට ලඟා වේ. ගුවන්යානයේ ගමන් කාලය කොපමණද ?
(6) X = (1+1)+(1+1)+(1+1)
(7) Quarter of 40 ?
6, 7 වගේ සරල ප්‍රශ්නත් ඒ අතර තිබ්බා.
-----------------------------------------------------------------------------------
ප.ලි. - ප්‍රශ්න පැහැදිලි නැත්නම් ඒ බව පහලින් කමෙන්ට් කරන්න. සදුදා යන්න තිබ්බ ඉන්ටර්විවු එකට නම් යන්න උනේ නෑ. දනිහ පැනලනේ. :(

තේරවිලි
16 July 2011
නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි
මේ දවස් ටිකේ ඉන්ටර්විවු ගිහින් චාටර් වෙවී ගෙදර ඉන්නකොට අද නොසිතූ විරූ ඇබැද්දියක් සිද්ද උනා. මම් උදෙම්ම මූන හෝදන් එනකොට එකපාරට කකුල පැටලිලා වැටුනා. කොච්චර සනීපෙට වැටුනද කියලා කියනවනම් වැටිච්ච පාර මගේ දනිහ අස්ථාන ගත උනා. සරලව කියනවනම් දනිහ පැන්නා.
අම්මෝ ඒකේ තියෙන අමාරුවක් !!! පොඩ්ඩකට හිතන්න තමන්ගේ දනිස් කටුව එකපාරටම එක පැත්තකට විසික්කා වෙලා ආයෙම තිබිච්ච තැනට වැටෙනවා කියලා. කොහොම සනීපයක් තියේද ? අම්මෝ කාටවත් එහෙම වේදනාවක් නම් එන්න එපා. ඒ තරමටම අමාරුයි.
මිදුලේ තිබ්බ බොරලු හූරගෙන වැටිච්ච සද්දෙට අපේ අම්මත් ආවා. කොහොමහරි අම්මගේ වාරුවෙන් බිම වාඩි උනා.වාඩි උනාට පස්සේ තුම්මුනින් දාඩිය දාලා කලන්තේ හැදුනා.මේක මුලින්ම උනේ මම් උසස් පෙළ කරන දවස්වල කෝච්චියේ ගම්පහ යද්දි. එදා කෝච්චියේ ගොඩක් සෙනග හිටපු දවසක්. කෝච්චිය රාගමට ආවට පස්සේ මම් සෙනගට බහින්න ඉඩ දෙන්න ඕන නිසා කෝච්චියෙන් බහිනකොට එකපාරට කකුල නොපිටට ගියා.එදා වැටුන පාර මගේ ටිෂූ වලට හිටන් හානි උනා.ඒ නිසා මාස තුනක් විතර ඇඳේ හිටියා. අද වැටුන එකෙන් ටිෂූ වලට නම් මුකුත් උන් නෑ. ඒ නිසා හොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.
දැන් තනියම ඇවිදගන්න බෑ. කොහාට්ට හරි යන්න ඕන උනාම මල්ලිගේ කරපිටින් තමා යන්නේ. ඇඟ හෝදන්නත් උනත් මලයා තමා එක්ක යන්නේ.
"අද අපි කියලා දෙන්න යන්නේ මරන්න ගෙනියන ඌරෙක්ව කොහොමද නිසි ආකාරයෙන් නාවන්නේ කියලා. ඒ සදහා හොද හැටි කපාගත් පොල් ලෙල්ලක්, අඩි දහයක් දිග හෝස් බට කෑල්ලක්, උස පනිට්ටුවක් වගේ දේවල් අවශ්‍ය කරනවා.... "
ඔහොම කියකිය තමයි මූ මාව එක්ක යන්නේ ඇයි වදේ මම් හිතලා වැටුනා යෑ.
දැන් ඉතින් කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න වෙන්නේ නෑ.සදුදට තියෙන ඉන්ටර්වු එක කල් දාගන්නත් වෙනවා.මේ දවස්වල සිංහල බේත් වල බලෙන් තමා ඉන්නේ. අද තමයි ඉස් ඉස්සෙල්ලාම කකුලට බේත් දාගෙන ආවේ.
මටත් ඉදලා ඉදලා වෙන්නේ පුදුම දේවල් තමයි !!!!!! දැන් ඉතින් සති දෙකක් විතර ඇඳේ හිටපන්කෝ !!!!

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)