මේ දවස් ටිකේ ඉන්ටර්විවු ගිහින් චාටර් වෙවී ගෙදර ඉන්නකොට අද නොසිතූ විරූ ඇබැද්දියක් සිද්ද උනා. මම් උදෙම්ම මූන හෝදන් එනකොට එකපාරට කකුල පැටලිලා වැටුනා. කොච්චර සනීපෙට වැටුනද කියලා කියනවනම් වැටිච්ච පාර මගේ දනිහ අස්ථාන ගත උනා. සරලව කියනවනම් දනිහ පැන්නා.
අම්මෝ ඒකේ තියෙන අමාරුවක් !!! පොඩ්ඩකට හිතන්න තමන්ගේ දනිස් කටුව එකපාරටම එක පැත්තකට විසික්කා වෙලා ආයෙම තිබිච්ච තැනට වැටෙනවා කියලා. කොහොම සනීපයක් තියේද ? අම්මෝ කාටවත් එහෙම වේදනාවක් නම් එන්න එපා. ඒ තරමටම අමාරුයි.
මිදුලේ තිබ්බ බොරලු හූරගෙන වැටිච්ච සද්දෙට අපේ අම්මත් ආවා. කොහොමහරි අම්මගේ වාරුවෙන් බිම වාඩි උනා.වාඩි උනාට පස්සේ තුම්මුනින් දාඩිය දාලා කලන්තේ හැදුනා.මේක මුලින්ම උනේ මම් උසස් පෙළ කරන දවස්වල කෝච්චියේ ගම්පහ යද්දි. එදා කෝච්චියේ ගොඩක් සෙනග හිටපු දවසක්. කෝච්චිය රාගමට ආවට පස්සේ මම් සෙනගට බහින්න ඉඩ දෙන්න ඕන නිසා කෝච්චියෙන් බහිනකොට එකපාරට කකුල නොපිටට ගියා.එදා වැටුන පාර මගේ ටිෂූ වලට හිටන් හානි උනා.ඒ නිසා මාස තුනක් විතර ඇඳේ හිටියා. අද වැටුන එකෙන් ටිෂූ වලට නම් මුකුත් උන් නෑ. ඒ නිසා හොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.
දැන් තනියම ඇවිදගන්න බෑ. කොහාට්ට හරි යන්න ඕන උනාම මල්ලිගේ කරපිටින් තමා යන්නේ. ඇඟ හෝදන්නත් උනත් මලයා තමා එක්ක යන්නේ.
"අද අපි කියලා දෙන්න යන්නේ මරන්න ගෙනියන ඌරෙක්ව කොහොමද නිසි ආකාරයෙන් නාවන්නේ කියලා. ඒ සදහා හොද හැටි කපාගත් පොල් ලෙල්ලක්, අඩි දහයක් දිග හෝස් බට කෑල්ලක්, උස පනිට්ටුවක් වගේ දේවල් අවශ්‍ය කරනවා.... "
ඔහොම කියකිය තමයි මූ මාව එක්ක යන්නේ ඇයි වදේ මම් හිතලා වැටුනා යෑ.
දැන් ඉතින් කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න වෙන්නේ නෑ.සදුදට තියෙන ඉන්ටර්වු එක කල් දාගන්නත් වෙනවා.මේ දවස්වල සිංහල බේත් වල බලෙන් තමා ඉන්නේ. අද තමයි ඉස් ඉස්සෙල්ලාම කකුලට බේත් දාගෙන ආවේ.
මටත් ඉදලා ඉදලා වෙන්නේ පුදුම දේවල් තමයි !!!!!! දැන් ඉතින් සති දෙකක් විතර ඇඳේ හිටපන්කෝ !!!!
අයියෝ... එක කිව්ව තාලේටත් රිදෙනවද මන්දා..එක සැරයක් මගෙත් කකුලක් ඇමට්ටි උනා..එ නම් වලලුකර..අම්මේ හොද පාඩම් එක නම්..එ හන්දා ඕක කොමද කියලා හිතාගන්න පුලුවන්.. මොනා උනත් අයියාගේ ඉන්ටව් එක තමා අවුල.. :) මොනා කරන්නද එකෙත් හිතන්නකෝ මෙකෙන් ටිකක් රෙස්ට් එකේ ඉදලා මල්ලිගේ හොද කතා ටිකක් එහෙම අහන් හිනා වෙන්නවත් පුලුවන්නේ..
ReplyDeleteකිව්වත් වගේ උරෙක් වගේදැ..
ඇයි වදේ උඩබලාගනද යන්නෙ?
ReplyDeleteකොහෙද වෙන වෙන කල්පනාවල යනව ඇති.මදැයි ඔයින් ගියා.මල්ලි ඉන්න නිසාම හොදා?
හැබෑට ගොඩක් සිදෙනවද අලොz.:(.
අයි විශ් යු අ ස්පීඩි රිකවරි!
සිංහල බේත් හොදා.
පලයන් යක්කල ආයුර්වේදෙට... මමත් ගම්පහ කොක්කක් දාන් හක්ක කඩාගත්ත වෙලාවෙ ගියෙ එතනට... ;)
ReplyDeleteඉක්මනට හොද වෙයන් මචං හැක් හැක් බොලෑ මල්ලියනං මරු
ReplyDeleteනොහිතන වෙලාවක ලෙඩ වෙන එක තරම් එපා කරපු තවත් දෙයක් නැහැ.....ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..නිම්ෂා කියනවා වගේ මල්ලිගේ විහිලු කතා ටිකක් අහගෙන ජොලියේ ඉන්න..මතක ඇතිව ඉන්ටවීව් එක නම කැන්සල් කරගන්න අයියේ.
ReplyDeleteහෆොයි...අය්යටත් වෙන වැඩ
ReplyDeleteමේ අර හොරිව්ල වෙද මහත්තයා ඉන්නේ ඔය පැත්තේ නේද? එයා තමයි මම දන්න හොද සිංහල වෙදෙක් [ කැඩුම් බිදුම් වලට ]..පොඩ්ඩක් හොයල බලන්නකෝ...
ඉන්ටවීව් එක තමා අවුල
හුටා............... :/
ReplyDeleteඅයියෝ මොකක්ද මධුරංගයෝ ඒ පාර කරගත්තෙ? දැන් ඉතින් මොනව කරන්නද, හොඳ වෙනකල් පරෙස්සම් වෙයන්. නිදාගන්නකොට තමයි පරෙස්සම් වෙන්න ඕන. නිදාගත්තට පස්සෙ අතපය ගැලවුනත් දන්නෙ නෑ නෙ.
ReplyDeleteඑහෙනම් ඉතින් හොඳ වෙනකල් බ්ලොග් එක ලිය ලියා වත් හිටපන්.
ඔය කොරගෙන තියෙන්නේ ......
ReplyDeleteටිෂූ කීවේ මොනාටද බං අයියේ උඹ යන යන තැන ටිෂූ කොලත් අරගෙන යනවද ?.
ReplyDeleteඅයියට මතකද ත්‍රී ඉඩියට් එකේ පොරක් රෝද පුටුවෙන් ඉන්ටවු ගියා . මම හිතන්නේ එහෙම ගියාම පිලිගැනීම වැඩියි . ට්‍රයි කරලා බලන්න
එහෙනම් විහිලු කරා ඇති මොන බේත කරලා හරි කමක් නෑ තිස්තුන්කෝටියක් දෙව් ඉදේවතාවුන්ගේ පිහිටෙන් හා ආරක්‍ෂාවෙන් ඉක්මනට සනීප වෙන්ඩ ඕන
හපොයි වෙලා තියෙන කරදරයක්.ඉක්මනට සනීප වෙන්න.
ReplyDeleteමලා දැන් දනිහත් පැනලද????
ReplyDeleteඔහොම තමා බන් ජිවිතේ මේ පොඩි වයසට මගේත් අත් දෙක 3 පාරක්ම කැඩිලා තියනවා
හැම පාරම ඉතින් තුන් සතියක් ඇදේ තමා,,
ඉක්මනට හොදවෙයි යාලුවා...
ප.ලි : මම මේල් එකක් දැම්මා
@ deepz අක්කා: හිත හිත ලෙඩ වෙන්නෙ නෑනෙ,..... :P
ReplyDeleteමධුරංග අයියට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...
ඕ මයි ගෝඩ්.. ගෙට් වෙල් සූන් බ්‍රදර්.. ගෝඩ් බ්ලෙස් යූ..
ReplyDeleteමම හිතන්නේ වැටෙන එක මේකාලේ කාටත් පොදු ධර්මතාවක්ද කොහෙද..
ReplyDeleteමදුරංගගේ කොමෙන්ටු නම් හැම තැනම දැක්කට අද තමයි ගෙදරට ගොඩ උනෙ... ඒත් ඉතින් බලමුකො මෙයාට වෙල තියන ඇබැද්දිය... !!!
ReplyDeleteඅපිත් ඔන්න ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොරනව ඕන්...
අපෝ ඕක හරිම වේදනාකාරී කියල මාත් අහල තියනවා
ReplyDeleteසමහර අයගේ පනින්නේ උරහිස ලගින් .
කොහොම උනත් හරියට බේත් කරලා සුව වෙන්නකෝ
අපොයි, බය වෙන්න එපා. ඉක්මනට සුව වෙයි.
ReplyDeleteහරි වැඩේනෙ වෙලා තියෙන්නෙ! දැන් ඉතින් වෙන කුමක් කරන්නද... අයියා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteගිය ආත්මෙ කරපු පවක් පලදෙන්න ඇති...
ReplyDeleteඅපොයි ! වැටුනද?
ReplyDeleteඉක්මන් සුවය පතමි.
උඹට ඉතිං මචනයා ගහලනේ. කොහෙහරි යන කෙල්ලෙක් දිහා බල බල යන්න ඇති....
ReplyDeleteකොහොමහරි කමක් නෑ ඉක්මනට සනීප වෙයන්කෝ.
ඒ ගමන් ඔය ඇඳට වෙලා ඉන් අතරේ උඹට මතක් වෙන පරන කතා ටිකකුත් ලියහං.
ගෙට් වෙල් සූන්න්න් ඉක්මනට හොද වෙන්න ඕනි..:( මලයට පින්සිද්ධ වෙන්න දැන් කොල්ලා නා ගන්නවාලු හැමදාම වගේ :P
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හැබෑට ඔය සිද්ධි දෙකම වුනේ එකම කකුළටද? සමහර විට කලින් සිදුවීමේ බලපෑමක් තාම තියෙනවාද දන්නේ නැහැ. පොඩ්ඩක් දොස්තර මහත්තයෙක්ට පෙන්වලා බැලුවොත් නරකද?
ReplyDeleteඉක්මනට සුවවෙන්න කියල පතනවා.
ReplyDeleteහත් අවුරුද්දක් තියෙන කුණු ටික අයින් කරන්න මලයට කොච්චර අමාරු ඇත්ද? :D
එහෙනං කකුල හොඳ වෙනකන් කැම්පස් පටන් ගන්න එපා කියල දෙය්යන්ට කියා කියා ඉන්න... නැත්තං ඔක්කම අවුල් වෙයි..
ReplyDeleteමධුරංග මල්ලිට ඉක්මන් සුවය ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ReplyDeleteබුදුසරණයි
හුටා බොලේ....ඌරා මස් නොකර ඉන්න එප පුදුමයි...
ReplyDeleteමධුරංග ඌරාට ඉක්මන් සුවය පතමි.....
ඉස්සරර ඉස්කෝලේ යනකාලේ ටේබල් ටෙනිස් ගහනකොට මගෙත් දණහිස පැන්න එක දවසක්. ඒ වෙලාවේ මට විකාරයි වගේ. කකුල අල්ලාගෙන ඉස්කොලෙටම ඇහෙන්න කුණු හබ්බ විද්දලු මම. මට සිහියක් නෑ ඕවයේ. කකුලේ අමාරුවට කටේ බ්රේක් නැති වෙලා... ඉක්මනට සනීප වෙන්ඩ කියල පතනවා. දැන් ඉතින් ගෙදර ඉන්න එකේ, දිගටම පොස්ට් කියවන්න ඇහැක් වෙයි මයේ හිතේ...
ReplyDeleteමචෝ... මේ දවස්වල මගේ කකුලත් රිවස් කරනවා... අඩි දහයක් ඈවිද්ද ගමන් දනිස් පොල්කට්ට එඊයා එක මාර අමාරෑයි ...
ReplyDeleteකොහොම උනත්
ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....
මලයගේ හැකියාව ගැන වැඩි විස්වාසයක් නැහැ වගේ.. එකනේ ආයුර්වේද වෙදකම් කරන්න යන්නේ. හික්.. (අපොයි අන්ඩක් කැඩුනාම වත් විහිලු නොකර ඉන්න බැරි හැටි )
ReplyDelete@නිම්ශා :
ReplyDeleteකියද්දි නම් රිදෙන්නේ නැති උනාට කකුලට සෑහෙන්න බරපතලයි. ඔව් ඉතින් මොන කරන්නද මල්ලිගේ කතා ටික අහන් ඉන්නවා ඇරෙන්න. ඌරෙක් වගේ නේන්නම් (මල්ලි කියන විදිහට)
@ගලායන ජීවිතය :
ඔයා ඉතින් අපේ අප්පච්චි වගේ. පොඩ්ඩ ඇත්නම් කෑගහනවා. රිදෙනවා තමයි අලෝz.සිංහල බේත් තමා අක්කේ කරන්නේ.
@සාතන් :
සදුදට එහේ යන්න ඉන්නේ. කාලයක් යක්කල ගියා පීනසේකට.
@කිඩෝ :
මොනා කරන්නද එකා යකා වෙච්චිකොට. !!!!
@deeps :
ReplyDeleteමම් බැලුවේ ඉන්ටර්වු එකේ දවස එක්ස්ටෙන්ඩ් කරගන්න කියලා. අපරාදේ නේ බැරි වෙලාවකවත් සිලෙක්ට් උනොත්
@ChammA :
නදී අක්කත් මට ඔය වෙද මහත්තයා ගැන කිව්වා. ඒයැයි ඉන්නේ අනුරාධපුරේලු නේ. දුර වැඩියි මල්ලි. වෙද මහත්තයා නම් හොදයි ලු.
@ThoppiYa :
හුටා තමයි. ආයේ වෙන කියන්න දෙයක් නෑ. :(
@Kasun :
කිව්වත් වගේ නිදාගන්නකොට තමයි පරිස්සම් කරන්න ඕනේ. බ්ලොග් ලිය ලිය තමයි ඉන්න වෙන්නේ. තාම කැම්පස් පටන් ගන්නවා කියලා ආරංචියක්වත් නෑනේ.
@බීටා :
ReplyDeleteවිහින් කොරගත්ත දෙයක් වගේ නේ බොලාලා කතා කරන්නේ.
@හිස් අහස :
ටිෂූ කියන්නේ පටක වලට. අපේ මල්ලි තමා කියලා දුන්නේ. මල්ලිලාගේ පිහිටෙන් මම් ඉක්මනට හොද වේවි.
@JHOTHISHALANKA :
බොහොම ස්තුතියි අයියේ.
@දේවා ගේ අඩවිය :
මේල් එක බැලුවා. දනිහ පැන්නා නේන්නම්.
@MaRLaN :
ReplyDeleteඒක තමා. හිත හිත කොහෙද ලෙඩ වෙන්නේ. ඉක්මනින් හොද උනොත් නියමයි.
@චතුවා (ළමයා) :
තෑන්ක්ස් බඩී. තෑන්ක්ස් ෆෝ යුවර් විශස් !!!!!
@චතුර.... :
මොන වැටීමක් ගැනද මේ කතා කරන්නේ ?
@නදුන් උයන :
මාත් නදුන් උයන දිහාවේ එන්නම්කෝ. යන යන තැන කමෙන්ට් කර කර එන එක මගේ පුරුද්ද නේ. :)
@Gimhani :
ReplyDeleteඋරහිස පැන්නම ගොඩක් අමාරුයි ලු අක්කා. දනිහ තරම්ම නම් නෑ ලු. ඒ උනාට මේකත් මාරම අමාරුයි.
@සියපත :
ඉක්මනට හොද වෙනවනම් ඒ ඇති මට.
@විසිතුරු :
වෙන මොනා කරන්නද ඇඳේ දිගාවෙලා ඉන්නවා මිසක්.
@indi :
එහෙනම් මේ ආත්මෙදිවත් පින් කරගන්න ඕනේ. නැත්නම් ඊලඟ ආත්මෙදිත් මේම වැටෙයි.
@නදීර සඳරුවන් ලියනගේ :
ReplyDeleteමේං වැටුනදත් කියල අහනවා. වැටුනා නේන්නම්
@prasanna86k :
අඩේ ගෙදෙට්ට වෙලා ඉන්න අහිංසකයට මේකා කියන කතා. මට මදනයෙක් ගහලා නම් බොලාට මදනයෝ දෙන්නෙක් ගහන්න එපැයි. තියෙන විසේට. :)
@චතුමිතු :
මම් කලිනුත් නෑවා හයිද. මම් නාන්න හොර නෑ. බොරුනම් අපේ ගමේ ග්‍රාම සේවකයාගෙන් අහන්න.
@Dakshina :
එකම කකුලටම තමා. එපලවෙනි පාර පැන්නම් දෙවෙනි පාර පනින්න බලනවලු.
@Praසන්ன :
ReplyDeleteඅඩේ මම නානවා බොලව්.කවුදෑ කිව්වේ මම් නාන්නේ නෑ කියලා. :(
@ගයන්ත :
ඒක තමයි කිය කිය ඉන්නේ. නැත්නම් ඉතින් මේකප් දාගන්න වෙනවා. අම්මෝ මේකප් එපෝ !!!!
@Gizaa :
බොහොම ස්තුතියි අයියා.
@රත්ගමයා :
මේං අපේ මලයටම හරි යන එකෙක්. මම් එච්චර මහත නෑ රත්ගමයා මල්ලි.
@ADK කොලුවා :
ReplyDeleteලියන්න දේවල් තමා නැත්තේ. කොහොමද වේදනාව. ඔහොම තමා මටත් දැනුනේ. මට කලන්තේ උනා.
@Kiri :
ඒකනේ මාරම අමාරුයි. අම්මෝ එපා එහෙම වේදනාවක්.
@සරත් ලංකාප්‍රිය :
නෑ අයියා. ඉංග්‍රිසි බේත් නෑලු මේ ලෙඩේට. තියෙන්නේ එකම දේ ඔපරේශන් කරන එකලු.
mage danahisa panala masa 2k withara kohewath nogihin adatama wela hitiya...dan nm aulak na..kakula ridena tarma mn hodata dnnawa.. khmahari ikmanata sanipa wenna...
ReplyDeleteමේ දුර නැහැනේ අයියේ..වෙද මහත්තයා මම දන්නා විදියට කොළඹට එනවා..නුවරත් එනවනේ...මම දන්න කෙනෙක් මාතර ඉදන් නුවර ආවා බෙහෙත් ගන්න...
ReplyDeleteමම පොඩ්ඩක් හොයලා බලන්නම් ඒ ගැන
හනේ.. මධුරංග අයියට මේ මොකද වුනේ.. ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනව අයියේ..
ReplyDeleteඅපොයි,මධුරංග අයියට මොකද මේ වුනේ.. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteඅනේ යාලු මේ මොකද වුනේ..ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ඒ වගේම යාලු දුකට සැපට එකට ඉන්න ඔය වගේ මල්ලි කෙනෙක් ලබන්න ඔයා හරිම වසනාවන්තයි..හැමෝටම එහෙම නැහැ කියල කියන්නේ අසනි නම් ඇස් වලත් කදුලු පුරෝගෙන..
ReplyDeleteඅවදානයෙන් කටයුතු කරන්න, නිරෝගී සුව පතනවා.
ReplyDeleteඉක්මනින්ම සුව වෙලා ඉන්ටර්වීව් යන්න ලැබේවා කියලා පතනවා..
ReplyDeleteහොඳ වෙලාවට දනිහ පැන්නෙ, වැරදිලාවත් අතක් එහෙම පැන්නනම් අපි කවුරුවත් මේ වෙච්ච දෙයක් දැනගන්නෙවත් කොහොමෙයි. :)
ReplyDeleteවිගහට සනීප වෙයි මලේ. මාත් මේ උණ හැදිල ඇඳට වෙලා ඉන ගමන්.
ඉක්මනට හොද කරගනින් අයියේ.ඉන්ට්ර්විව් නම් පස්සේ හරි යන්න බැරියෑ.
ReplyDeleteඔය අත්දෙක හොදට පරිස්සම් කරගන්න වෙයි.වම් අත නැත්නම් දකුනු අතවත්.නැත්නම් බ්ලොග් ලියලා හමාරයි.:D
මොකෝ අයියා කොරගත්තේ.....ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...අර සඳරුව කිව්ව විදියට ඉන්ටවීව් ගිහින් බලන්න සිරාවට....
ReplyDeleteඅනේ , අපේ මධුරංග අයියාට ඉක්මණට සනීප වෙන්න කියල දිනිති නංගියි මිතිලි නංගියි ප්‍රාර්ථනා කරනවා
ReplyDelete@Anonymous :
ReplyDeleteඒකනේ. ඇනෝ විතරයි ඒ වේදනාව දන්නේ. කොච්චර අමාරුයි ද නේ.
@ChammA :
අම්මෝ ලොකු උදව්වක් මල්ලි.
@ප්‍රාර්ථනා :
ඒකනේ නංගි. බලන්නකෝ මටත් ඉදලා ඉදලා වෙන වැඩ.
@අසනි :
ReplyDeleteඇයි අසනිගේ මල්ලි හොද නැද්ද? අපේ එකා නම් ඔය ඉන්නේ මට වද දිදි.
@සිත් සයුර :
මම් පරිස්සමට තමා ගියේ.
@RoshanHerath :
ඉන්ටර්විවු එක හාල් විය. දැන් ඒක වැඩක් නෑ. බේත් කර කර ඉන්නවා.
@නවම් :
ReplyDeleteඑහෙනම් අයියත් ඉක්මනට සනීප වෙන්නකෝ. ඒකනේ. අත පැන්නනම් මේ ටික කියන්නත් වෙන්නේ නෑ. :)
@පාල :
අත ඉතින් වෙන වෙන දේවල් වලටත් ඕනේ නේ. ඒ නිසා පරිස්සම් කරගන්නවා. :)
අනේ බොලව් !!!!!!
@මකුළුවා..... :
ඉන්ටර්විවු එක මිස් උනා මලේ. යන්න උනේ නෑ.
@දිනිතියි මිතිලියි :
මේං චූටි දූලා දෙන්නත් මාව බලන්න ඇවිත් තියෙන්නේ.
අයියෝ වෙච්ච සිද්දිය දැනුයි දන්නෙ. ඉක්මන් සුව පතනවා මම
ReplyDeleteදැන් කොහොමද මලයා, ඉක්මන් සුවය පතනවා ....
ReplyDeleteතාම ඇඳේද?
ReplyDeleteඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපිත් !!