16 July 2011

නොසිතූ ඇබැද්දියකට මුහුණ දුනිමි

මේ දවස් ටිකේ ඉන්ටර්විවු ගිහින් චාටර් වෙවී ගෙදර ඉන්නකොට අද නොසිතූ විරූ ඇබැද්දියක් සිද්ද උනා. මම් උදෙම්ම මූන හෝදන් එනකොට එකපාරට කකුල පැටලිලා වැටුනා. කොච්චර සනීපෙට වැටුනද කියලා කියනවනම් වැටිච්ච පාර මගේ දනිහ අස්ථාන ගත උනා. සරලව කියනවනම් දනිහ පැන්නා.

අම්මෝ ඒකේ තියෙන අමාරුවක් !!! පොඩ්ඩකට හිතන්න තමන්ගේ දනිස් කටුව එකපාරටම එක පැත්තකට විසික්කා වෙලා ආයෙම තිබිච්ච තැනට වැටෙනවා කියලා. කොහොම සනීපයක් තියේද ? අම්මෝ කාටවත් එහෙම වේදනාවක් නම් එන්න එපා. ඒ තරමටම අමාරුයි.

මිදුලේ තිබ්බ බොරලු හූරගෙන වැටිච්ච සද්දෙට අපේ අම්මත් ආවා. කොහොමහරි අම්මගේ වාරුවෙන් බිම වාඩි උනා.වාඩි උනාට පස්සේ තුම්මුනින් දාඩිය දාලා කලන්තේ හැදුනා.මේක මුලින්ම උනේ මම් උසස් පෙළ කරන දවස්වල කෝච්චියේ ගම්පහ යද්දි. එදා කෝච්චියේ ගොඩක් සෙනග හිටපු දවසක්. කෝච්චිය රාගමට ආවට පස්සේ මම් සෙනගට බහින්න ඉඩ දෙන්න ඕන නිසා කෝච්චියෙන් බහිනකොට එකපාරට කකුල නොපිටට ගියා.එදා වැටුන පාර මගේ ටිෂූ වලට හිටන් හානි උනා.ඒ නිසා මාස තුනක් විතර ඇඳේ හිටියා. අද වැටුන එකෙන් ටිෂූ වලට නම් මුකුත් උන් නෑ. ඒ නිසා හොද වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.

දැන් තනියම ඇවිදගන්න බෑ. කොහාට්ට හරි යන්න ඕන උනාම මල්ලිගේ කරපිටින් තමා යන්නේ. ඇඟ හෝදන්නත් උනත් මලයා තමා එක්ක යන්නේ.

"අද අපි කියලා දෙන්න යන්නේ මරන්න ගෙනියන ඌරෙක්ව කොහොමද නිසි ආකාරයෙන් නාවන්නේ කියලා. ඒ සදහා හොද හැටි කපාගත් පොල් ලෙල්ලක්, අඩි දහයක් දිග හෝස් බට කෑල්ලක්, උස පනිට්ටුවක් වගේ දේවල් අවශ්‍ය කරනවා.... "

ඔහොම කියකිය තමයි මූ මාව එක්ක යන්නේ ඇයි වදේ මම් හිතලා වැටුනා යෑ.
දැන් ඉතින් කරන්න තියෙන වැඩ ගොඩක් කරන්න වෙන්නේ නෑ.සදුදට තියෙන ඉන්ටර්වු එක කල් දාගන්නත් වෙනවා.මේ දවස්වල සිංහල බේත් වල බලෙන් තමා ඉන්නේ. අද තමයි ඉස් ඉස්සෙල්ලාම කකුලට බේත් දාගෙන ආවේ.

මටත් ඉදලා ඉදලා වෙන්නේ පුදුම දේවල් තමයි !!!!!! දැන් ඉතින් සති දෙකක් විතර ඇඳේ හිටපන්කෝ !!!!

56 comments:

  1. අයියෝ... එක කිව්ව තාලේටත් රිදෙනවද මන්දා..එක සැරයක් මගෙත් කකුලක් ඇමට්ටි උනා..එ නම් වලලුකර..අම්මේ හොද පාඩම් එක නම්..එ හන්දා ඕක කොමද කියලා හිතාගන්න පුලුවන්.. මොනා උනත් අයියාගේ ඉන්ටව් එක තමා අවුල.. :) මොනා කරන්නද එකෙත් හිතන්නකෝ මෙකෙන් ටිකක් රෙස්ට් එකේ ඉදලා මල්ලිගේ හොද කතා ටිකක් එහෙම අහන් හිනා වෙන්නවත් පුලුවන්නේ..

    කිව්වත් වගේ උරෙක් වගේදැ..

    ReplyDelete
  2. ඇයි වදේ උඩබලාගනද යන්නෙ?
    කොහෙද වෙන වෙන කල්පනාවල යනව ඇති.මදැයි ඔයින් ගියා.මල්ලි ඉන්න නිසාම හොදා?
    හැබෑට ගොඩක් සිදෙනවද අලොz.:(.

    අයි විශ් යු අ ස්පීඩි රිකවරි!

    සිංහල බේත් හොදා.

    ReplyDelete
  3. පලයන් යක්කල ආයුර්වේදෙට... මමත් ගම්පහ කොක්කක් දාන් හක්ක කඩාගත්ත වෙලාවෙ ගියෙ එතනට... ;)

    ReplyDelete
  4. ඉක්මනට හොද වෙයන් මචං හැක් හැක් බොලෑ මල්ලියනං මරු

    ReplyDelete
  5. නොහිතන වෙලාවක ලෙඩ වෙන එක තරම් එපා කරපු තවත් දෙයක් නැහැ.....ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..නිම්ෂා කියනවා වගේ මල්ලිගේ විහිලු කතා ටිකක් අහගෙන ජොලියේ ඉන්න..මතක ඇතිව ඉන්ටවීව් එක නම කැන්සල් කරගන්න අයියේ.

    ReplyDelete
  6. හෆොයි...අය්යටත් වෙන වැඩ
    මේ අර හොරිව්ල වෙද මහත්තයා ඉන්නේ ඔය පැත්තේ නේද? එයා තමයි මම දන්න හොද සිංහල වෙදෙක් [ කැඩුම් බිදුම් වලට ]..පොඩ්ඩක් හොයල බලන්නකෝ...
    ඉන්ටවීව් එක තමා අවුල

    ReplyDelete
  7. අයියෝ මොකක්ද මධුරංගයෝ ඒ පාර කරගත්තෙ? දැන් ඉතින් මොනව කරන්නද, හොඳ වෙනකල් පරෙස්සම් වෙයන්. නිදාගන්නකොට තමයි පරෙස්සම් වෙන්න ඕන. නිදාගත්තට පස්සෙ අතපය ගැලවුනත් දන්නෙ නෑ නෙ.

    එහෙනම් ඉතින් හොඳ වෙනකල් බ්ලොග් එක ලිය ලියා වත් හිටපන්.

    ReplyDelete
  8. ඔය කොරගෙන තියෙන්නේ ......

    ReplyDelete
  9. ටිෂූ කීවේ මොනාටද බං අයියේ උඹ යන යන තැන ටිෂූ කොලත් අරගෙන යනවද ?.

    අයියට මතකද ත්‍රී ඉඩියට් එකේ පොරක් රෝද පුටුවෙන් ඉන්ටවු ගියා . මම හිතන්නේ එහෙම ගියාම පිලිගැනීම වැඩියි . ට්‍රයි කරලා බලන්න

    එහෙනම් විහිලු කරා ඇති මොන බේත කරලා හරි කමක් නෑ තිස්තුන්කෝටියක් දෙව් ඉදේවතාවුන්ගේ පිහිටෙන් හා ආරක්‍ෂාවෙන් ඉක්මනට සනීප වෙන්ඩ ඕන

    ReplyDelete
  10. හපොයි වෙලා තියෙන කරදරයක්.ඉක්මනට සනීප වෙන්න.

    ReplyDelete
  11. මලා දැන් දනිහත් පැනලද????
    ඔහොම තමා බන් ජිවිතේ මේ පොඩි වයසට මගේත් අත් දෙක 3 පාරක්ම කැඩිලා තියනවා
    හැම පාරම ඉතින් තුන් සතියක් ඇදේ තමා,,
    ඉක්මනට හොදවෙයි යාලුවා...

    ප.ලි : මම මේල් එකක් දැම්මා

    ReplyDelete
  12. @ deepz අක්කා: හිත හිත ලෙඩ වෙන්නෙ නෑනෙ,..... :P

    මධුරංග අයියට ඉක්මනට හොද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

    ReplyDelete
  13. ඕ මයි ගෝඩ්.. ගෙට් වෙල් සූන් බ්‍රදර්.. ගෝඩ් බ්ලෙස් යූ..

    ReplyDelete
  14. මම හිතන්නේ වැටෙන එක මේකාලේ කාටත් පොදු ධර්මතාවක්ද කොහෙද..

    ReplyDelete
  15. මදුරංගගේ කොමෙන්ටු නම් හැම තැනම දැක්කට අද තමයි ගෙදරට ගොඩ උනෙ... ඒත් ඉතින් බලමුකො මෙයාට වෙල තියන ඇබැද්දිය... !!!

    අපිත් ඔන්න ඉක්මන් සුවය ප්‍රාර්ථනා කොරනව ඕන්...

    ReplyDelete
  16. අපෝ ඕක හරිම වේදනාකාරී කියල මාත් අහල තියනවා
    සමහර අයගේ පනින්නේ උරහිස ලගින් .

    කොහොම උනත් හරියට බේත් කරලා සුව වෙන්නකෝ

    ReplyDelete
  17. අපොයි, බය වෙන්න එපා. ඉක්මනට සුව වෙයි.

    ReplyDelete
  18. හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ! දැන් ඉතින් වෙන කුමක් කරන්නද... අයියා ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  19. ගිය ආත්මෙ කරපු පවක් පලදෙන්න ඇති...

    ReplyDelete
  20. අපොයි ! වැ‍ටුනද?
    ඉක්මන් සුවය පතමි.

    ReplyDelete
  21. උඹට ඉතිං මචනයා ගහලනේ. කොහෙහරි යන කෙල්ලෙක් දිහා බල බල යන්න ඇති....

    කොහොමහරි කමක් නෑ ඉක්මනට සනීප වෙයන්කෝ.
    ඒ ගමන් ඔය ඇඳ​ට වෙලා ඉන් අතරේ උඹට මතක් වෙන පරන කතා ටිකකුත් ලියහං.

    ReplyDelete
  22. ගෙට් වෙල් සූන්න්න් ඉක්මනට හොද වෙන්න ඕනි..:( මලයට පින්සිද්ධ වෙන්න දැන් කොල්ලා නා ගන්නවාලු හැමදාම වගේ :P

    ReplyDelete
  23. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හැබෑට ඔය සිද්ධි දෙකම වුනේ එකම කකුළටද? සමහර විට කලින් සිදුවීමේ බලපෑමක් තාම තියෙනවාද දන්නේ නැහැ. පොඩ්ඩක් දොස්තර මහත්තයෙක්ට පෙන්වලා බැලුවොත් නරකද?

    ReplyDelete
  24. ඉක්මනට සුවවෙන්න කියල පතනවා.

    හත් අවුරුද්දක් තියෙන කුණු ටික අයින් කරන්න මලයට කොච්චර අමාරු ඇත්ද? :D

    ReplyDelete
  25. එහෙනං කකුල හොඳ වෙනකන් කැම්පස් පටන් ගන්න එපා කියල දෙය්යන්ට කියා කියා ඉන්න... නැත්තං ඔක්කම අවුල් වෙයි..

    ReplyDelete
  26. මධුරංග මල්ලිට ඉක්මන් සුවය ලෑබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
    බුදුසරණයි

    ReplyDelete
  27. හුටා බොලේ....ඌරා මස් නොකර ඉන්න එප පුදුමයි...
    මධුරංග ඌරාට ඉක්මන් සුවය පතමි.....

    ReplyDelete
  28. ඉස්සරර ඉස්කෝලේ යනකාලේ ටේබල් ටෙනිස් ගහනකොට මගෙත් දණහිස පැන්න එක දවසක්. ඒ වෙලාවේ මට විකාරයි වගේ. කකුල අල්ලාගෙන ඉස්කොලෙටම ඇහෙන්න කුණු හබ්බ විද්දලු මම. මට සිහියක් නෑ ඕවයේ. කකුලේ අමාරුවට කටේ බ්රේක් නැති වෙලා... ඉක්මනට සනීප වෙන්ඩ කියල පතනවා. දැන් ඉතින් ගෙදර ඉන්න එකේ, දිගටම පොස්ට් කියවන්න ඇහැක් වෙයි මයේ හිතේ...

    ReplyDelete
  29. මචෝ... මේ දවස්වල මගේ කකුලත් රිවස් කරනවා... අඩි දහයක් ඈවිද්ද ගමන් දනිස් පොල්කට්ට එඊයා එක මාර අමාරෑයි ...
    කොහොම උනත්
    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  30. මලයගේ හැකියාව ගැන වැඩි විස්වාසයක් නැහැ වගේ.. එකනේ ආයුර්වේද වෙදකම් කරන්න යන්නේ. හික්.. (අපොයි අන්ඩක් කැඩුනාම වත් විහිලු නොකර ඉන්න බැරි හැටි )

    ReplyDelete
  31. @නිම්ශා :
    කියද්දි නම් රිදෙන්නේ නැති උනාට කකුලට සෑහෙන්න බරපතලයි. ඔව් ඉතින් මොන කරන්නද මල්ලිගේ කතා ටික අහන් ඉන්නවා ඇරෙන්න. ඌරෙක් වගේ නේන්නම් (මල්ලි කියන විදිහට)

    @ගලායන ජීවිතය :
    ඔයා ඉතින් අපේ අප්පච්චි වගේ. පොඩ්ඩ ඇත්නම් කෑගහනවා. රිදෙනවා තමයි අලෝz.සිංහල බේත් තමා අක්කේ කරන්නේ.

    @සාතන් :
    සදුදට එහේ යන්න ඉන්නේ. කාලයක් යක්කල ගියා පීනසේකට.

    @කිඩෝ :
    මොනා කරන්නද එකා යකා වෙච්චිකොට. !!!!

    ReplyDelete
  32. @deeps :
    මම් බැලුවේ ඉන්ටර්වු එකේ දවස එක්ස්ටෙන්ඩ් කරගන්න කියලා. අපරාදේ නේ බැරි වෙලාවකවත් සිලෙක්ට් උනොත්

    @ChammA :
    නදී අක්කත් මට ඔය වෙද මහත්තයා ගැන කිව්වා. ඒයැයි ඉන්නේ අනුරාධපුරේලු නේ. දුර වැඩියි මල්ලි. වෙද මහත්තයා නම් හොදයි ලු.

    @ThoppiYa :
    හුටා තමයි. ආයේ වෙන කියන්න දෙයක් නෑ. :(

    @Kasun :
    කිව්වත් වගේ නිදාගන්නකොට තමයි පරිස්සම් කරන්න ඕනේ. බ්ලොග් ලිය ලිය තමයි ඉන්න වෙන්නේ. තාම කැම්පස් පටන් ගන්නවා කියලා ආරංචියක්වත් නෑනේ.

    ReplyDelete
  33. @බීටා :
    විහින් කොරගත්ත දෙයක් වගේ නේ බොලාලා කතා කරන්නේ.

    @හිස් අහස :
    ටිෂූ කියන්නේ පටක වලට. අපේ මල්ලි තමා කියලා දුන්නේ. මල්ලිලාගේ පිහිටෙන් මම් ඉක්මනට හොද වේවි.

    @JHOTHISHALANKA :
    බොහොම ස්තුතියි අයියේ.

    @දේවා ගේ අඩවිය :
    මේල් එක බැලුවා. දනිහ පැන්නා නේන්නම්.

    ReplyDelete
  34. @MaRLaN :
    ඒක තමා. හිත හිත කොහෙද ලෙඩ වෙන්නේ. ඉක්මනින් හොද උනොත් නියමයි.

    @චතුවා (ළමයා) :
    තෑන්ක්ස් බඩී. තෑන්ක්ස් ෆෝ යුවර් විශස් !!!!!

    @චතුර.... :
    මොන වැටීමක් ගැනද මේ කතා කරන්නේ ?

    @නදුන් උයන :
    මාත් නදුන් උයන දිහාවේ එන්නම්කෝ. යන යන තැන කමෙන්ට් කර කර එන එක මගේ පුරුද්ද නේ. :)

    ReplyDelete
  35. @Gimhani :
    උරහිස පැන්නම ගොඩක් අමාරුයි ලු අක්කා. දනිහ තරම්ම නම් නෑ ලු. ඒ උනාට මේකත් මාරම අමාරුයි.

    @සියපත :
    ඉක්මනට හොද වෙනවනම් ඒ ඇති මට.

    @විසිතුරු :
    වෙන මොනා කරන්නද ඇඳේ දිගාවෙලා ඉන්නවා මිසක්.

    @indi :
    එහෙනම් මේ ආත්මෙදිවත් පින් කරගන්න ඕනේ. නැත්නම් ඊලඟ ආත්මෙදිත් මේම වැටෙයි.

    ReplyDelete
  36. @නදීර සඳරුවන් ලියනගේ :
    මේං වැටුනදත් කියල අහනවා. වැටුනා නේන්නම්

    @prasanna86k :
    අඩේ ගෙදෙට්ට වෙලා ඉන්න අහිංසකයට මේකා කියන කතා. මට මදනයෙක් ගහලා නම් බොලාට මදනයෝ දෙන්නෙක් ගහන්න එපැයි. තියෙන විසේට. :)

    @චතුමිතු :
    මම් කලිනුත් නෑවා හයිද. මම් නාන්න හොර නෑ. බොරුනම් අපේ ගමේ ග්‍රාම සේවකයාගෙන් අහන්න.

    @Dakshina :
    එකම කකුලටම තමා. එපලවෙනි පාර පැන්නම් දෙවෙනි පාර පනින්න බලනවලු.

    ReplyDelete
  37. @Praසන්ன :
    අඩේ මම නානවා බොලව්.කවුදෑ කිව්වේ මම් නාන්නේ නෑ කියලා. :(

    @ගයන්ත :
    ඒක තමයි කිය කිය ඉන්නේ. නැත්නම් ඉතින් මේකප් දාගන්න වෙනවා. අම්මෝ මේකප් එපෝ !!!!

    @Gizaa :
    බොහොම ස්තුතියි අයියා.

    @රත්ගමයා :
    මේං අපේ මලයටම හරි යන එකෙක්. මම් එච්චර මහත නෑ රත්ගමයා මල්ලි.

    ReplyDelete
  38. @ADK කොලුවා :
    ලියන්න දේවල් තමා නැත්තේ. කොහොමද වේදනාව. ඔහොම තමා මටත් දැනුනේ. මට කලන්තේ උනා.

    @Kiri :
    ඒකනේ මාරම අමාරුයි. අම්මෝ එපා එහෙම වේදනාවක්.

    @සරත් ලංකාප්‍රිය :
    නෑ අයියා. ඉංග්‍රිසි බේත් නෑලු මේ ලෙඩේට. තියෙන්නේ එකම දේ ඔපරේශන් කරන එකලු.

    ReplyDelete
  39. mage danahisa panala masa 2k withara kohewath nogihin adatama wela hitiya...dan nm aulak na..kakula ridena tarma mn hodata dnnawa.. khmahari ikmanata sanipa wenna...

    ReplyDelete
  40. මේ දුර නැහැනේ අයියේ..වෙද මහත්තයා මම දන්නා විදියට කොළඹට එනවා..නුවරත් එනවනේ...මම දන්න කෙනෙක් මාතර ඉදන් නුවර ආවා බෙහෙත් ගන්න...
    මම පොඩ්ඩක් හොයලා බලන්නම් ඒ ගැන

    ReplyDelete
  41. හනේ.. මධුරංග අයියට මේ මොකද වුනේ.. ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනව අයියේ..

    ReplyDelete
  42. අපොයි,මධුරංග අයියට මොකද මේ වුනේ.. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  43. අනේ යාලු මේ මොකද වුනේ..ඉක්මනටම සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ඒ වගේම යාලු දුකට සැපට එකට ඉන්න ඔය වගේ මල්ලි කෙනෙක් ලබන්න ඔයා හරිම වසනාවන්තයි..හැමෝටම එහෙම නැහැ කියල කියන්නේ අසනි නම් ඇස් වලත් කදුලු පුරෝගෙන..

    ReplyDelete
  44. අවදානයෙන් කටයුතු කරන්න, නිරෝගී සුව පතනවා.

    ReplyDelete
  45. ඉක්මනින්ම සුව වෙලා ඉන්ටර්වීව් යන්න ලැබේවා කියලා පතනවා..

    ReplyDelete
  46. හොඳ වෙලාවට දනිහ පැන්නෙ, වැරදිලාවත් අතක් එහෙම පැන්නනම් අපි කවුරුවත් මේ වෙච්ච දෙයක් දැනගන්නෙවත් කොහොමෙයි. :)

    විගහට සනීප වෙයි මලේ. මාත් මේ උණ හැදිල ඇඳට වෙලා ඉන ගමන්.

    ReplyDelete
  47. ඉක්මනට හොද කරගනින් අයියේ.ඉන්ට්ර්විව් නම් පස්සේ හරි යන්න බැරියෑ.

    ඔය අත්දෙක හොදට පරිස්සම් කරගන්න වෙයි.වම් අත නැත්නම් දකුනු අතවත්.නැත්නම් බ්ලොග් ලියලා හමාරයි.:D

    ReplyDelete
  48. මොකෝ අයියා ‍කොරගත්තේ.....ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...අර සඳරුව කිව්ව විදියට ඉන්ටවීව් ගිහින් බලන්න සිරාවට....

    ReplyDelete
  49. අනේ , අපේ මධුරංග අයියාට ඉක්මණට සනීප වෙන්න කියල දිනිති නංගියි මිතිලි නංගියි ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  50. @Anonymous :
    ඒකනේ. ඇනෝ විතරයි ඒ වේදනාව දන්නේ. කොච්චර අමාරුයි ද නේ.

    @ChammA :
    අම්මෝ ලොකු උදව්වක් මල්ලි.

    @ප්‍රාර්ථනා :
    ඒකනේ නංගි. බලන්නකෝ මටත් ඉදලා ඉදලා වෙන වැඩ.

    ReplyDelete
  51. @අසනි :
    ඇයි අසනිගේ මල්ලි හොද නැද්ද? අපේ එකා නම් ඔය ඉන්නේ මට වද දිදි.

    @සිත් සයුර :
    මම් පරිස්සමට තමා ගියේ.

    @RoshanHerath :
    ඉන්ටර්විවු එක හාල් විය. දැන් ඒක වැඩක් නෑ. බේත් කර කර ඉන්නවා.

    ReplyDelete
  52. @නවම් :
    එහෙනම් අයියත් ඉක්මනට සනීප වෙන්නකෝ. ඒකනේ. අත පැන්නනම් මේ ටික කියන්නත් වෙන්නේ නෑ. :)

    @පාල :
    අත ඉතින් වෙන වෙන දේවල් වලටත් ඕනේ නේ. ඒ නිසා පරිස්සම් කරගන්නවා. :)
    අනේ බොලව් !!!!!!

    @මකුළුවා..... :
    ඉන්ටර්විවු එක මිස් උනා මලේ. යන්න උනේ නෑ.

    @දිනිතියි මිතිලියි :
    මේං චූටි දූලා දෙන්නත් මාව බලන්න ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  53. අයියෝ වෙච්ච සිද්දිය දැනුයි දන්නෙ. ඉක්මන් සුව පතනවා මම

    ReplyDelete
  54. දැන් කොහොමද මලයා, ඉක්මන් සුවය පතනවා ....

    ReplyDelete
  55. තාම ඇඳේද?
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපිත් !!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.