ලංකාවේ වෙසෙන කිතුණු බැතිමතුන් 2017 වසර එනම් මේ වසර නම් කරලා තියෙන්නේ "ජුසේ වාස් වසර" විදිහටයි.
1995 වසරේ ජනවාරි 16 වෙනි දින දෙවන ජුවාම් පාවුල් පාප් වහන්සේ විසින් ජුසේවාස් පියතුමාව භාග්යවරයට ඔසොවන ලදී. භාග්යවරය කියන්නේ සන්තුවරයෙක් ලෙස පත්වීමේ අතරමැදි අවස්ථාවක්.
ඉන්න් වරස 20කට පස්සේ එනම් 2015 වසරේ ජනවාරි 14 වෙනි දින උන්නාන්සේව ලංකාවේ එකම සාන්තුවරයා විදිහට සාන්තුවරයට ඔසොවන ලදී.
ඒ වගේම එතුමාගේ මංගල්යය දිනය විදිහට ජනවාරි 16 වෙනි දින ප්රකාශයට පත්කිරීමත් පාප්තුමාගේ මැදිහත් වීම මත සිදු කරන ලදී.
එතුම සිය ධර්මදුත කාර්යය වෙනුවෙන් 1687 අවුරුද්දේ ලංකාවේ මන්නාරම් ප්රදේශයට පැමිණි බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.
මන්නාරමේ සිට යාපනයටත් පසු කලෙක උන්නාන්සේ ගල්ගමුව ප්රදේශයේත් සංචාරය කරමින්, කිතු දහම දේශනා කරමින් ගමන් කරනවා. ඒ ආ ගමනේදී වරක් ගල්ගමුව ප්රදේශයට එතුමා පැමිණෙනවා.
12 April 2017
16 March 2017
අදත් වහිනවා හරි හරියට
ඔහොම පොඩියක් ඉන්න
දන්නවද.....
දැනෙන වද....
මතකයට ගෙනෙනවද...
එදා වැටුනා හරි හරියට
හිරිපොදද...කුඩේ යටටම
අදත් වහිනවා හරි හරියට
නුඹත් තෙමෙනවා මහ වැස්සට
නොකිව්වත් දුක් දොම්නස් මැද
කුඩයක් වත් නැ හිස් මුදුන මත....
හිරි පොදට ගුලිවෙන්න
තව තවත් ලං වෙන්න
උස් ගසක් තෙමි තෙමී ඇත
කදු මුදුන මත හුදකලාවක....
----------------------------------------------------------------------------------------------
ප. ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.

සංකල්පනා වර්ගය :
දනාගේ සංකල්පනා
06 March 2017
තෙත් බිම් සදහා වූ රැම්සාර් සම්මුතිය
එක් පසෙකින් ඇල්බස් කඳු වැටියත් අනෙක් පසින් කැස්පියන් මුහුදු තීරයටත් මැදිවූ වූ ඉරානයේ රැම්සාර් කියන නගරයට විවිධ රටවල ජාතින් 18ක්, 1971 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 2වෙනි දින රැස් උනා. ඒ එක් සුවිශේෂි සම්මුතියකට එළෙබීම සදහා.
ඔවුන් එදා ඒ සම්මුතිය හැඳින් වූයේ රැම්සාර් සම්මුතිය යනුවෙනි. ඒ සම්මුතියේ ප්රධාන කාර්ය භාරය වන්නේ විවිධ රටවල පවතින තෙත් බිම් පරිසර පද්ධතීන් ආරක්ෂා කර ගැනීමයි. එදා ජාතීන් 18කගේ එකමුතුවෙන් ඇරඹී රැම්සා සම්මුතිය අද වන විට රටවල් 169ක ක්රියාත්මක වෙමින් පවතී.
කිසියම් වගුරු බිමක් රැම්සා තෙත්බිමක් ලෙස රැම්සා සම්මුතියෙන් පිළිගැනීම සදහා නිර්ණායක කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.
මූලික වශයෙන් රැම්සාර් සම්මුතියෙන් වගුරු බිම් කොටස් තුනකට වෙන් කෙරෙනවා.

1. සමුද්රික/ වෙරලාසන්න තෙත් බිම්
2. රට තුළ පිහිටි තෙත් බිම්
3. මිනිසා විසින් නිර්මාණය කරන තෙත් බිම්
සංකල්පනා වර්ගය :
චාරිකා
මාදු ගඟේ බෝට්ටු සවාරිය
ගෙවුනු සති අන්තයේදී මාත් මා සේවය කරන කාර්යාලයේ කට්ටියකුත් එක්ක පොඩි සංචාරයක යෙදුනා. අපි සංචාරය කලේ රටේ දකුණු පළාතේ පිහිටි ගංගාවක් ආශ්රිත ජලජ පරිසර පද්ධතියක් බලන්න. සරලව කිව්වොත් අපි ගියේ මාදු ගඟේ බෝට්ටු සවාරියක්... !
මාදු ගඟේ බෝට්ටු සවාරියක් යමුයි කියලා කාගේ කාගේත් හිත්වල මාස දෙකකට වඩා වැඩි කාළයක් තිබුනත් චාරිකාව යන්න දවසක් යොදාගන්න ලේසි පහසු උනේ නෑ. ඒකට මූලිකම හේතුව එක එක්කෙනාට තම තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු යෙදී තිබීම කිව්වොත් මම නිවැරදියි.
කොහොමින් කොහොමහරි මාස දෙකකට වඩා වැඩි කාලයකට පස්සේ අපි කට්ටිය මාදු ගඟේ බෝට්ටු සවාරියක් යන්ඩ ආවා. මම උදෙම්ම පානදුරෙන් ගාල්ල බස් එහෙක නැගලා කළුතර ආවා. අපේ අනෙක් සගයෝ ටික එන කෝච්චිය, කොළඹින් පටන් ගත්තට පස්සේ නවත්තන්නේ දකුණු කළුතර නිසා පානදුරේ උන්නු අපිට දකුණු කළුතරට යන්ඩ සිද්ධ උනා.
මායි ජනකයි පානදුරේ ඉදලා දකුණු කළුතරට ආවා. ඒ එනකොට උදේ හය විතර උනා. අනෙක් යාළුවෝ එන කෝච්චිය කළුතරට එන්නේ හයයි පනහට විතර. එතකන් අපි දෙන්නට දුම්රිය නැවතුම්පොලේ කල් මරන්න සිද්ධ උනා.

04 March 2017
වටිනාකම
සිලි..සිලියට..
හරි හරියට...
ඇස ගැටෙනා හැමදාකම
හෙවනැල්ලක
වටිනාකම....
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.
හරි හරියට...
ඇස ගැටෙනා හැමදාකම
හෙවනැල්ලක
වටිනාකම....
ප.ලි. - දනාගේ කවි සිතුවිල්ලක්.
සංකල්පනා වර්ගය :
දනාගේ සංකල්පනා
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)