12 April 2017

මහ ගල්ගමුවේ ජුසේ වාස් සිද්ධස්ථානය

ලංකාවේ වෙසෙන කිතුණු බැතිමතුන් 2017 වසර එනම් මේ වසර නම් කරලා තියෙන්නේ "ජුසේ වාස් වසර" විදිහටයි.

1995 වසරේ ජනවාරි 16 වෙනි දින දෙවන ජුවාම් පාවුල් පාප් වහන්සේ විසින් ජුසේවාස් පියතුමාව භාග්‍යවරයට ඔසොවන ලදී. භාග්‍යවරය කියන්නේ සන්තුවරයෙක් ලෙස පත්වීමේ අතරමැදි අවස්ථාවක්.

ඉන්න් වරස 20කට පස්සේ එනම් 2015 වසරේ ජනවාරි 14 වෙනි දින උන්නාන්සේව ලංකාවේ එකම සාන්තුවරයා විදිහට සාන්තුවරයට ඔසොවන ලදී.

ඒ වගේම එතුමාගේ මංගල්‍යය දිනය විදිහට ජනවාරි 16 වෙනි දින ප්‍රකාශයට පත්කිරීමත් පාප්තුමාගේ මැදිහත් වීම මත සිදු කරන ලදී.

එතුම සිය ධර්මදුත කාර්යය වෙනුවෙන් 1687 අවුරුද්දේ ලංකාවේ මන්නාරම් ප්‍රදේශයට පැමිණි බවයි ඉතිහාසයේ සදහන් වෙන්නේ.

මන්නාරමේ සිට යාපනයටත් පසු කලෙක උන්නාන්සේ ගල්ගමුව ප්‍රදේශයේත් සංචාරය කරමින්, කිතු දහම දේශනා කරමින් ගමන් කරනවා. ඒ ආ ගමනේදී වරක් ගල්ගමුව ප්‍රදේශයට එතුමා පැමිණෙනවා.


ලංකාවට පැමිණෙන ධර්මදූත වරුන්ට විවිධ වූ වන සතුන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවේවායි දෙවියන් ඉදිරියේ යාච්ඥා කරමින් උන්නාන්සේ පළු ගසක් යට කුරුසියක් ස්ථාපනය කරනවා.

පස්සේ කාලේක ඒ කුරුසිය තිබුණ තැන දේවස්ථානයක් ඉදි වෙනවා. ඒ මහ ගල්ගමුවේ ජුසේ වාස් සිද්ධස්ථානයයි.

අදටත් ඒ පළු ගහ දකින්න හම්බ වෙනවා.

පහලින් තියෙන්නේ ඒ පළු ගහේ පින්තූරයක්.
පහලින් ඒ පලු ගහේම සමීප ඡායාරූපයක් පල කරන්නම්.


ඒ වගේම උන්න්නන්සේ පිහිටවපු කුරුසිය අද වෙනකොට සංරක්ෂණය වෙමින් පවතිනවා. පහල පින්තූරයේ වීදුරු කූඩුවේ සංරක්ෂණය කරලා තියෙන්නේ අන්න ඒ කුරුසියයි.

මේ පින්තූර සේරම මට ලැබුණේ අපේ අම්මා මහ ගල්ගමුවේ ජුසේ වාස් සිද්ධස්ථානයට ගියපු වෙලේ. සිද්ධස්ථානය තියෙන්නේ ගල්ගමුවේ ඉදලා මිගලෑව පාරේ ටික දුරක් ගියහම ලූ. ලූ කියලා කියන්නේ මම නම් ගිහින් නෑ. දවසක යන්න බලාපොරොත්තු වෙනවා.

No comments:

කමෙන්ට් එකක් දාලම යමු ද ?

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.