අද මම වැඩට ගියේ නෑ.. අද නිවාඩුවක් දැම්මා. ඒ වෙන මොහොකටවත් නෙමේ. අපේ මලයගේ උපාධිප්‍රදානෝත්සවය යෙදිලා තියෙන්නේ අද.
ඒ නිසා අපි කට්ටියම උදෙන්ම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට ගියා. අපේ මලයා ලෑස්ති කරලා තිබුන වෑන් එකේ තමයි කට්ටියම ගියේ.
ශාලාවට ඇතුල් වෙන්න අවසරපත් දෙකක් විතරයි තිබුනේ. මායි අපේ උන්දැයි කලින් ඉදලම හිතාගෙන උන්නා අම්මලා උත්සවේට ගිහිං එනකන් අපි දෙන්නා එලියෙන් ඉන්නවයි කියලා. ඒත් අපි දෙන්නටත් අවසරපත් දෙකක් ලැබුන නිසා එලියට වෙලා ඉන්ඩ උනේ නෑ.අපි දෙන්නත් උපාධි ශාලාවට ගියා.
මේ උපාධි උත්සවේ කොටස් දෙකකට තිබුනේ. පලවෙනි කොටස වෛද්‍ය පීඨයේ අයටයි ශාස්ත්‍ර පීඨයේ අයටයි උපාධි දුන්නා. ඉතිරි පීඨ වල අයට උපාධි දෙන්නේ ඊලඟ කොටසට.
අපේ මලයා කැළණිය සරසවියේ වෛද්‍ය විද්‍යා උපාධිධාරියෙක්.ඒ වගේම තමයි අපේ මලයා තමා අපේ ගමෙන් බිහිවෙච්ච පළවෙනිම වෛද්‍යවරයා.
ඒ කොයි වෙතත් අපේ ගෙදර අයට අද සෑහෙන සතුටු දවසක්. විශේෂයෙන්ම මට සෑහෙන සතුටු දවසක්. මොකද මට කියලා කුරණි වලින් මනින තරම් සහෝදරයෝ ඉන්න එකක් යෑ.. ඒ නිසා මගේ හිතට ලොකු සතුටක් දැනුනු දවසක් අද. ඒ නිසාමයි මේ බ්ලොග් සටහනත් ලියා තියන්ඩ හිතුවේ.
අපේ මලයා මොන උපාධිය ගත්තත් මට නම් තාම දැනෙන්නේ එදා වගේම මාත් එක්ක රණ්ඩු වෙච්ච මාත්තෙක්ක හිනා වෙච්ච මාත්තෙක්ක බැනගත්තු එකාමයි කියලා.
ඔය පහලින් තියෙන පින්තූරේ ඉන්නේ අපේ මලයා.පේනවනේ හෙන ගැම්මෙන් ඉන්නේ කියලා... පුඃ :)
උදේ ඉදලා එහාට්ට මෙහාට්ට දුවලා හරිම මහන්සියි. ඒත් ඉතින් අදම පොඩි සටහනක් බ්ලොග් එකේ දාලම ඉන්නවා. එහෙනං මං යනෝ.. ජය වේවා !
13 November 2014
අපේ මලයා සහා ගමේ පළවෙනි දොස්තර
සංකල්පනා වර්ගය :
සැමරුම්
12 November 2014
පරිගණක ඉංජිනේරුවෝ
මට අද වැඩ කරගෙන යන වෙලාවේ නිකමට වාගේ හිතුනේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම මිනිස්සු පුදුම දේවල් ගොඩක් හිතාගෙන ඉන්නේ කියලා. කොටින්ම මිනිස්සු හිතන්නේ පරිගණක ඉංජිනේරුවෙක් කිව්වහම පරිගණකයේ ඇණයක් ඇණයක් ගානේ ඉදලා දන්න කෙනෙක් ය කියලා.
ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඕන කෙනෙක්ගේ ඔලුවට එක පාරටම එන්නේ පාලම් හදන ගොඩනැගිලි හදන කෙනෙක් කියලා.එතකොට ඕන කෙනෙක් මුලින්ම අහන්නේ "කොහේ බිල්ඩිමක්ද/පාරක්ද/පාලමක් ද හදන්නේ" කියලා. පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම චුට්ටක් විතර කල්පනා කරලා අහන්නේ "කොම්පියුටරයක් හදන්න පුලුවන්ද ?" කියලා. කම්පියුටරයක් හදනවා කියන්නේ එක එක කෑලි ගෙනත් එකලස් කරලා හදන එක නෙමේ. IC කෑල්ලේ පාස්සලා හදන්ඩ පුලුවන්ද කියලා. එහෙම කරන්න පුලුවන් නං අළුත් කම්පියුටර් වර්ගයක් හදලා විකුණ ගන්ඩ බැරුව යෑ. :)
තව එකක් තමා පරිගණක ඉංජිනේරුවෙක් කියලා කිව්වහම ඔපිස් ගිහින් කරන්ඩ ඕන වැඩ මොනවද කියලා අහනවා. සොෆ්ට්වෙයාර් හදනවයි කියලා උත්තර දුන්නහම ඊලඟට අහන්නේ "ෆොටෝෂොප් වගේ මයික්‍රොසොෆ්ට් ඔපිස් වගේ සොෆ්ට්වෙයාර් හදන්න පුලුවන්ද?" කියලා. කණ්ඩායමක් එකතු වෙලා ඒ ජාතියේ ඒවා හදන්ඩ බැරි කමක් නෑ. ඒත් මිනිස්සු හිතන්නේ ඒ වගේ එකක් තනියම හදන්ඩ පුලුවන් ඇති කියලා.
හොඳම වැඩේ තමා කාගේ හරි කොම්පියුටරේක මොකක් හරි අවුලක් ආවොත් ඒකට ක්ෂණික උත්තරයකුත් බලාපොරොත්තු වෙනවා. හරි හමන් උත්තරයක් දෙන්න බැරි උනොත් ඒ අය හිතන්නේ එච්චර වැඩ බෑයි කියලා.
ඔය වගේ වැඩක් මට හම්බ උනොත් මම කරන්නේ එක එක ටෙක්නිකල් වචන ගොඩාක් දාලා ලොකු උත්තරයක් දෙනවා. ඒක අනිවාර්යෙන්ම තේරුම් ගන්ඩ බෑ කියලා හිතුනහම ඒ අය සද්ද නොකර ඉන්නවා.ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන් වැඩක් නං ඉක්මනින් කරලා දානවා එහෙමත් අමාරු වැඩක් නං පස්සේ හිමිහිට දන්න කෙනෙක්ගෙන් අහලා, එහෙම නැත්නම් ගූගල් වලින් හොයලා ඒ කොම්පියුටරේ හදලා දානවා.
එතකොට දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් නෑ නෙහ්.. අනික අපි කියලා හැම ප්‍රශ්නෙටම උත්තරේ කට පාඩං කරගෙන ඉන්ඩ කියලා යෑ...හික්ස් :)

පරිගණක
11 November 2014
දහතුන
බටහිර ජාතින්ගේ විශ්වාසයට අනුව දහතුන අසුබ අංකයකි. මෙයට හේතුව කිතු දහම හා බැඳී පවතී. ජේසු තුමන් සිය ගෝලයන් සමග සහභාගී වූ අන්තිම රාත්‍රී භෝජනයට පැමිණි සංඛ්‍යාව දහතුනකි.
ඒ ජේසු තුමා හා ගෝලයන් දොලස එකතු වීමෙනි. මේ රාත්‍රී බෝජන සංග්‍රහයෙන් පසුව ජේසු තුමාව ජුදාස් නම් සිය ගෝලයා විසින් පාවා දුන් නිසා ඔවුන් දහතුන යන සංඛ්‍යාව අසුබ ඉලක්කමක් යැයි සලකති.
මේ නිසාම ඔවුන් සුබ කාරණාවලදි දහතුන භාවිතා කරන්නේ නැත. අංක තහඩුවට දහතුන යෙදෙන වාහන මිලදී ගැනීමටද ඔවුන් මැලි වේ. එසේම සමහර සුපිරි පංතියේ හෝටල් වල දහතුන් වෙනි කාමරයක් පවා දකින්නට නොලැබේ.
වර්ෂයක කිසියම් මාසයක දහතුන් වෙනි දිනය සිකුරාදා දිනයක යෙදේ නම් එය දහතුන ඉලක්කමේ අසුබබව තවත් වැඩි කරන්නකි. ඒ නිසා එදින සුබ කටයුතු ඇරඹීමෙන් වැලකීමට ඔවුන් වග බලා ගනී.
නෝර්වේජියානු පුරාවෘත්තයකට අනුව දෙවිවරු දොලහක් සහභාගී වූ උත්සවයකට තවත් ආරාධනා නොකල දෙවි කෙනෙක් පැමිණ උත්සවය සංවිධානය කල දෙවිවරුන් සේරම මරා දැමූ බව සඳහන් ය. මේ නිසා ඔවුන් ද දහතුන අසුබ ඉලක්කමක් යැයි සිතති.
මීට අමතරව දහතුන අසුබ ඇයි කීමට කාරණා බොහෝමයක් බටහිර ජාතීන් අතරේ පවතී.
----------------------------------------------------------------------
ප.ලි. - කාලයක් ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ ලිපියක් සුද්ද බුද්ද කරලා සම්පූර්ණ කලා. කෝට්ටේ රාජධානිය ගැන ලියන්න තිබ්බ ඉතුරු ලිපිය ඉක්මනින්ම ලියන්නම්.

අනං මනං
10 November 2014
කෝට්ටේ නටබුන් සොයා - 2වන කොටස
කෝට්ටේ රජමහා විහාරය වැදපුදාගෙන අපි දෙන්නා ප්‍රධාන පාරට ආවා. ප්‍රධාන පාර කිව්වේ මාර්ග අංක 168 කොටහේන නුගේගොඩ බස් පාරට. එක පැත්තකින් කෝට්ටේ ශ්‍රී නාග විහාරය දකින්න පුලුවන්. ඉරිදා දවසක් නිසා දහම් පාසලක් පැවැත්වෙන බවක් දකින්න තිබුනා.
අපි එතනින් පල්ලම් බැස්සා. එක පැත්තකින් කෝට්ටේ ප්‍රදේශයේ ජනප්‍රිය පාස දෙකක් වෙච්ච ආනන්ද ශාස්ත්‍රාලයත් ශා. තෝමස් විද්‍යාලයත් දකින්න තියෙනවා. අපි තවත් ඉදිරියටම, ඒ කියන්නේ පිටකෝට්ටේ හන්දිය පැත්තට ඇවිදගෙන ආවා.
එතකොටම තමයි අපි දැක්කේ පිටකෝට්ටේ ගල් අම්බලම.
එතන ටිකක් නැවතිලා පින්තූර කිහිපයකුත් ගත්තා. මේ ගල් අම්බලම 19 වෙනි ශත වර්ෂයේ හදපු එකක්. මේ ගල් අම්බලම කලින් තිබුනේ පාර මැදක් වෙන්ඩ ලු. පාර පලල් කිරීමේ කටයුතු නිසා ගල් අම්බලම එතනින් ගලවලා ඊට ටිකක් එහායින් ඒ තිබුන විදිහටම සවි කලා ලූ.
මේ වෙනකොට ගල් අම්බලම එක එක මිනිසුන්ගේ නවාතැන්පොලක් වෙලා ඉවරයි. ඒ වගේම ඒ ගල් අම්බලම විවිධ අවස්ථාවන් වලදී කඩයක් විදිහටත් පාවිච්චි කරන බවක් පෙනුනා. කෝට්ටේ රාජධානිය කියලා කිව්වට මහ ලොකු පුරාවස්තු නැති එකේ මේ ටිකවත් මීට වඩා සංරක්ෂණය කලා නම් හොඳයි කියලා මට හිතෙන්නේ.
හරි... වැඩි කතා ඕනැන්නේ නෑ.. අපි පින්තූර ටිකක් බලලා ඉම්මු.
ඔය පහලින් තියෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහලා තියෙන පුවරුව.
ඒකේ තියෙන විස්තරත් කියවලා මම ගල් අම්බලමේ පැති පෙනුමේ පින්තූර කිහිපයක් ගත්තා.පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූර වලින් එකක්.
මේ අම්බලමට ගල් අම්බලම කියන්නේ ගල් කණු පාවිච්චි කරලා තියෙන නිසා වෙන්ඩ ඕන. අම්බලමේ වටේ බලලා ඊට පස්සේ අම්බලම ඇතුලට ගොඩ උනා. මම කැමරාවක් අතේ තියාගෙන අම්බලම ඇතුලට ආපු නිසා ඒක ඇතුලේ හිටපු අය ටිකක් කලබල උනා. ඒ අය ටිකක් එලියට ගියා.මම හිතන්නේ මෙතන පදිංචි වෙලා ඉන්න අය වෙන්ඩ ඕන.
කට්ටියක් පදිංචි වෙලා ඉන්න බවක් නම් පෙනෙන්ඩ තියෙනවා.
වහලේ ලන්තෑරුමකුත් එල්ලලා තියෙන්නේ.මම අම්බලමේ කැණිමඩලේ පින්තූරයකුත් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
අම්බලම බලලා ඉවර වෙලා මමයි අපේ එක්කෙනායි පාර මාරු උනා. අපේ ඊලඟ නැවතුම උනේ කෝට්ටේ තියෙන කෞතුකාගාරය. ඒක බලන්ඩ යන්ඩ බස් එකට එන්ඩ ඕන නිසයි පාර මාරු උනේ.පාර මාරු උනාට පස්සේ මම ආයෙම පාරේ එහා පැත්තට පේන ගල් අම්බලමේ පින්තූරයක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ පින්තූරේ.
පිටකෝට්ටේ හන්දියේ ඉදලා මාර්ග අංක 163 විදේශ සේවා- දෙහිවල බස් එකේ හරි 168 නුගේගොඩ කොටහේන බස් එකේ හරි නැගලා බංගලා හන්දියට ටිකට් ගත්තා.විනාඩි දහයකුන් පහලොවකින් විතර බංගලා හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ තව ටිකක් බස් එක ගියපු දිහෑවට ඇවිදගෙන ගියා.එතකොට පාරේ දකුණු පැත්තේ තිබ්බ කෞතුකාගාරයට ගොඩ උනා.
පහලින් තියෙන්නේ ඒ කෞතුකාගාරයේ පින්තූරයක්. මේ පින්තූරේ ගත්තේ පුරාවිද්‍යා වෙබ් අඩවියෙන්.
කෞතුකාගාරේට ගොඩ උනහම ඒක බාරව හිටපු කෙනෙක් පොතක් දුන්නා නම ගම විස්තර ලියන්ඩ. පැමිණීම සටහන් කරන්ඩ වෙන්ටෑ.. අපිට කලින් තව එක්කෙනෙක් එදා ඇවිදින් තිබුනා. අපිට කෞතුකාගරේ බලන්ඩ කියලා එක එක කුටි වල ලයිට් දාලා දුන්නා. මේ කෞතුකාගාරයට ටිකට් ගන්ඩ ඕන නෑ..නමුත් අපිට පින්තූර ගන්ඩ ලැබුනේ නෑ.. ඒකට අවසර නෑලූ.පින්තූර ගන්ඩ ඕන නං පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවසර ගන්ඩ ඕනලු.
මේ කෞතුකාගාරේ කෝට්ටේ යුගයේ තිබ්බ පිගන් භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ඒ වගේම පෘතුග්‍රීසි හේවායන්ගේ හිසකෙස් එහෙම තිබුනා.ඊට අමතරව නටබුන් වලින් හොයාගත්තු කොටසුත් තිබුනා.කෝට්ටේ සිංහයා කියලා විරුදාවලිය ලබපු ඊ.ඩබ්. පෙරේරාගේ විවිධ දේවල් එකතුවක් තිබුනා. ඒ කෞතුකාගාරය පවත්වන ස්ථානය ඊ.ඩබ්. පෙරේරාගේ නිවසලූ.
මෙතනින් එහාට්ට කෝට්ටේ රාජධානියේ බලන්ඩ තියෙන දේවල් ගැන විස්තරයක් කෞතුකාගාරයේ හිටපු කෙනාගෙන් අහගන්ඩ ලැබුනා.උන්දෑ දීපු ඔත්තුව ඔස්සේ අපි දෙන්නා එතනින් එහාට්ට ගමන ඇරඹුවා...
ඒ ටික ඊලඟ ලිපියෙන්......

චාරිකා
09 November 2014
කෝට්ටේ රාජධානියේ නටබුන් සොයා ගිය ගමන
අද ඉරිදා දවසක්... මට නම් නිවාඩු දවසක්... ඒත් මගේ චූටි ටිචර්ට නිවාඩු නෑ.. එයාට අමතර පංතියක් කරන්ඩ තියෙන දවසක්.. ඒ නිසාම මටත් එයා එක්කම නුගේගොඩට එන්ඩ සිද්ධ උනා... එයාව පංතියට දාලා මම නුගේගොඩ ලර්නර්ස් එකකට ගියා. ඒකේන්වත් ලයිසන් එක ගන්ඩ කතා කරගන්ඩ.
ලර්නර්ස් එකේ වැඩ ටික ඉවර වෙලා මම නුගේගොඩ පාර්ක් එකට වෙලා උන්නා අපේ එක්කෙනා පංතිය ඉවර කරලා එනකන්..එයා උදේ එකොලහට විතර පංතිය ඉවර කලා. ඊට පස්සේ මායි එයයි නුගේගොඩ බස් නැවතුම්පොලෙන් 168 නුගේගොඩ- කොටහේන බස් එකට නැග්ගා කෝට්ටේ යන්ඩ.
බස් එකේ වාඩිවෙලා ටික වෙලාවක් ඉන්නකොට බස් එක පිටත් උනා. මම පිටකෝට්ටේ හන්දියට ටිකට් ගත්තා. විනාඩි විස්සක් විතර යනකොට පිටකෝට්ටේ හන්දියෙන් බැහැගත්තා. ඊට පස්සේ අපි දෙන්නා කෝට්ටේ රජමහා විහාරයට ගියා.
ඉරිදා දවසක් උනත් අපි ගියේ දවල් වෙලාවක නිසා පන්සලේ කවුරුවත් උන්නේ නෑ..
කෝට්ටේ රජමහා විහාරය ගැන කියනවා නං මේ රජමහා විහාරය කරවලා තියෙන්නේ කෝට්ටේ රජකම් කරපු හයවෙනි පරාක්‍රමබාහු රජතුමා. හයවෙනි පරාක්‍රමබාහු රජතුමා තමයි කෝට්ටේ රාජ්‍යධානියට හිටපු ශ්‍රේෂ්ඨතම රජතුමා. මේ රජතුමා අවුරුදු 53ක් රජකම් කලා කියලා තමයි සඳහන් වෙන්නේ.
ඒවයින් කාරි නෑ.. අපි එහෙනං කෝට්ටේ රජමහා විහාරෙට ගොඩ වෙමු.ප්‍රධාන පාරේ ඉදලා බලනකොට විහාරේ ප්‍රධාන දොරටුව පේන විදිහ තමා ඔය පහලින් තියෙන පින්තූරෙන් පේන්නේ..
ප්‍රධාන දොරටුව වහලයි තිබුනේ.අපි ඊට එහායින් තිබුන ගෙට්ටුවෙනුයි විහාරෙට ඇතුල් උනේ. ඒ හරියටම එනකොට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු පුවරුවකුත් තිබුනා.
ඒ පුවරුවත් පහු කරගෙන එනකොට විහාර බිමේ තියෙන ගොඩනැගිලි ටික පේන විදිහ තමා පහල තියෙන පින්තූරෙන් පේන්නේ. ඒකත් බලලා ඉම්මුකෝ..
ඊට පස්සේ අපි දෙන්නා සෙරෙප්පු ගලවලා විහාර මළුවට ගොඩ උනා. විහාර මළුව කිට්ටුව ලොකු නා ගහක් තියෙනවා. ඒ නිසා සෑහෙන සිසිලසක් තියෙනවා.ඒ වගේම නා ගහේ කොළ සිලි සිලි ගාලා සෙලවෙන අපූරු හඩත් ඇහෙනවා. අවේලාවේ ආපු නිසාමද කොහෙද විහාර ගෙයි අගුළු දාලයි තිබුනේ.
කොයික උනත් කමන් නෑ කියලා විහාරගෙයි වටේ ටිකක් සක්මන් කරලා පින්තූර කෑල්ලක් ගත්තා. පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරයක්.. !
ඒත්තෙක්කම වාගේ පැත්තකින් ඝාණ්ඨාර කුළුණත් තිබුනා.
තවත් පැත්තකින් සුදට සුදේ බැබලෙන චෛත්‍යය දකින්න පුලුවන්. චෛත්‍යය දිහෑ ටික වෙලාවක් එකා සීරුවම බලා ඉදලා පින්තූරයක් ගත්තා.
තව දෙයක් තමයි කෝට්ටේ රජමහා විහාරයේ දළදා වහන්සේ තැන්පත් කරලා තියෙනවා. ඒ සදහා තෙමහල් දළදා මන්දිරයක් තිබුනාය කියලා සඳහන් වෙනවා. මේ තෙමහල් දළදා මන්දිරය ගැන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් රචනා කරපු සැළලිහිණි සංදේශයේ එක කවියකත් සඳහන් වෙනවා.
ලොව විහිදා සුදු පැහැ සඳ රැසෙව් සැදී
දෙන නොමදා සිරි සඟමොක් සැප නිසැදී
ලද මුනිදා දම්කද පහස මන බැඳී
වඳු දළදා හිමි තෙමහල් පහය රැඳී
-සැළලිහිණි සංදේශය-
අද තියෙන දළදා මන්දිරය ඒ දවස්වා ඉදි කරපු එක නෙමේ වෙන්ඩ ඕන. මේ දළදා මන්දිරය මෑතකදි ඉදි කරපු තෙමහල් මන්දිරයක් වෙන්ඩ ඕන කියලා මට හිතෙනවා.... :)
මේ පහලින් තියෙන්නේ ඒ දළදා මන්දිරයේ පින්තූරයක්.
රජමහා විහාරේ බලලා ආපහු පිටකෝට්ටේ හන්දියට එන්ඩ පල්ලම් බහිනකොට ඉරත් මුදුන් වෙලා. හරිම රස්නෙයි... ඒ වගේම මාර විදිහට දහඩිය දානවා. ඒත් ඉතිං කමන් නෑ කියලා අපි ඉතුරු ටිකත් බලන්ඩ පිටකෝට්ටේ හන්දියට ආවා.
ඊලඟට අපි ගියේ පිටකෝට්ටේ ගල් අම්බලම බලන්ඩ..... ඒක ඊලඟ ලිපියෙන් ලියන්නම්... දැන් නිදිමතයි... :)
------------------------------------------------------------------------
ප.ලි. - කෝට්ටේ රජමහා විහාරය ගැන ඉතිහාස කරුණු මම ලියන්ඩ යන්නේ නෑ..ඉතිහාස කරුණු තවත් දැනගන්ඩ ඕන නං බුත්සරණ පත්තරේ තිබ්බ මේ ලිපිය කියවන්ඩ.ඒ නැත්නං මවුබිම පත්තරේ තියෙන මේ ලිපිය කියවන්ඩ.

සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)