කැම්පස් එකෙන් අවුට් වෙච්ච දා ඉදන්ම ගෙදර ඉදලා ඉදලා එපා වෙලා හිටියේ. ඒ නිසා පොඩ්ඩක් ඇවිදලා එන්න කියලා පේරාදෙණි ආවා.වෙන කොහේවත් නෙමෙයි අපේ කැම්පස් එකට ආවේ.
ගෙදර ඉන්න එක තරම් ජොලි වැඩක් නෑ කියලා හිතුනට මට නම් ගෙදර ඉන්න එක එපාම වෙලා තිබ්බේ.ගෙදර ඉන්න එකත් ලේසි නෑ. මොකද උදේ ඉදන් හවස් වෙනකන්ම කලිසම් ම මහන්න එපැයි. ආහ්... කියන්න අමතක උනා. අපේ අම්මා, විකුණන්න කලිසම් මහනවා. අපේ අම්මා මටත් ඔය මැහුම් වැඩ උගන්නලා තියෙන හන්දා මටත් ඇඳුම් මහන්න පුලුවන්. :)
ඇඳුම් මැහිල්ලට වඩා අපේ අම්මා " පුතේ අදවත් නැද්ද රස්සාවක් හරියන පාටක් !!!" කියලා අහන එක එපාම කරපු වැඩක්. ඒක හන්දා මට මේ කම්පියුටර් එක එපා වෙලා තිබ්බේ.
මේ සේරමත් එක්ක ගෙදර ඉන්න බැරි හන්දා මම් පේරාදෙණි ආවා. හොස්ටල් එකේ මල්ලි කෙනෙක්ගේ කාමරේක ගජේට තමයි ඉන්න උනේ. මොකද අපි එනකොට අපේ කාමර බාර දීලා ආපු හන්දා ඉන්න තැනක් නෑ.
ගෙදරින් ඈත් වෙලා ඉන්න එක හරිම නිදහස්. ඔය වගකීම්, බැඳීම් කියන කිසි දෙයක් ඔලුවට එන්නේ නෑ. හරිම නිදහස්. මෙහෙම කරපන් අරෙහෙම කරපන් කියලා කියන්න කවුරුත් නෑ. ජීවිතෙත් මේ වගේ නිදහස්ව ගෙවන්න පුලුවන් නම්..... කොච්චර ශෝක් ද !!!! මට එහෙමත් හිතුනා.
උදෙම්ම ඇහැරිලා මම් හිටපු හොස්ටල් එකෙන් උදේට කාලා කැම්පස් එක වටේ ඇවිදලා දවල් උනාම තවත් කොහේ හරි හොස්ටල් එකක් අල්ලගෙන කෑම කනවා. ආයෙම හවස් අතේ කොහේ හරි රස්තියාදු වෙවී තමයි මේ දවස් ටික ගෙවුනේ. හරිම නිදහස් !!!!
අපේ සමහර විෂයයන් වලට රිසල්සුත් ඇවිල්ලා.මෙදාපාර රිසල්ට් නම් ගොඩක් හොදයි. යන්තන් මගේ ක්ලාස් එක බේරිලා. බැරි වෙලාවකවත් C එකක් ආවොත් ක්ලාස් කුඩු !!! කලින් වතාවල් වල වගේ මෙදාපාර C නම් නෑ.ඒ වගේම තමයි රස්සාවල් වලට අඬපු කාලෙත් ඉවරයි. මට ජොබ් එකක් හරි ගියා.
ඉස්සර වගේ අපේ බැච් එකේ හිටපු ඔක්කොම නම් නෑ. ඒ වෙනුවට ස්ටාෆ් එකේ ඉන්ස්ට්‍රක්ටර් විදිහට නැවතුන කිහිපදෙනෙක් විතරමයි හිටියේ.
ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපේ ඉඳිකට්ටිත් ස්ටාෆ් එකේ ඉන්නවා. මට ඒයැයිවත් හම්බ උනා. ඉඳිකට්ටි ශෝක් කෙලි පොඩ්ඩ !!!
කම්පියුටර්, ඉන්ටර්නෙට් වගේ ඒවයින් ඈත් වෙලා හොද විවේක කාලයක් ගත කලා. තාක්ෂණයත් එක්ක කොහෙද හොද විවේකයක් ගත කරන්නේ !!!
10 October 2011
06 October 2011
ලෝක පූජිත ආදර කතා
මේ ලෝකේ හිටපු මුල්ම මිනිහගෙයි ගැහැනියගෙයි පටන් ගත්තම අද වෙනකොට කොච්චර නම් ආදර කතා තිබිලා ඇද්ද.නමුත් ඒ ආදර කතාවලින් කීයෙන් කීයක්ද ලෝක පූජිත ආදර කතා වෙලා තියෙන්නේ. ආදර කතා ලක්ෂයක් ගත්තොත් ඒවයින් එකක්වත් ලෝක පූජිත ආදරයක් වෙලා නෑ.
ඒකට තියෙන ලොකුම හේතුව තමයි ගොඩක් ආදර කතා විවාහයකින් කෙලවර වෙන එක. විවාහයකින් කෙලවර වෙන කිසිම ආදර කතාවක් ලෝක පූජිත ආදර කතාවක් වෙන්නේ නෑ.උදාහරණෙකට ගමු සාලිය අසෝකමාලා, රෝමියෝ ජුලියට්, ලයිලා මජ්නු, දෙව්දාස් පාරෝ වගේ ආදර කතා කවදාවත් විවාහයකින් කෙලවර වෙලා නෑ.
අන්න ඒ නිසයි ඒ ආදර කතා අදටත් ලෝක පූජිත ආදර කතා කියලා කවුරුත් කියන්නේ.
බොහෝමයක් ආදරවන්තියෝ තමන්ගේ ආදරවන්තයාව කෝමහරි කසාද බඳින්න පොළබවා ගන්නවා. එතකොට වෙන්නේ දෙවි කෙනෙක්ට තමන්ගේ දේවත්වය අහිමි උනා වගේ දෙයක්. තමන්ට ලෝක පූජිත ආදර කතාවක හිමිකාරයා/ හිමිකාරිය වෙන්න බැරුව යනවා.
ඒ නිසා මම නම් කියන්නේ ආදරේ කළාට කමක් නෑ. කවදාවත් කසාඳ බඳින්න එපා. කසාද බැන්දම කවදාවත් ලෝක පූජිත වෙන්න බැරුව යනවා. දැන් ඉතින් කසාද බැදලා ඉන්න කට්ටිය බඩ පපුව පිච්චිලා යන තරමට හූල්ලන්න එපා. ලෝක පූජිත වෙන්නත් වාසනාවකුයි කර්ම ශක්තියකුයි තියෙන්න ඕනේ.
දැන් ආදරේ කරන කට්ටියට තමන් කවදාහරි ලෝක පූජිත ආදරවන්තයෙක්/වන්තියක් වෙන්න හිතේ කොනක හරි අදහසක් තියෙනවා නම් කසාද බඳින එක හිතෙන් අයින් කරලා දාගන්න. ඔය පහල පින්තූරේ ඉන්න දෙන්නව අදුනනවද ? ඒ තමයි හිම කුමාරියි එයාගේ කුමාරයායි.
පේනවා නේද ඒ දෙන්නා කසාද බැඳලා වෙච්ච දේ ? කවුරුවත් කියන්නේ නෑ එයාලගේ ආදර කතාව ලෝක පූජිතයි කියලා. පොඩි කට්ටියට උනත් සුරංගනා කතාවක් විදිහට හරි කියන්නේ යාලුවෙලා ඉන්න කාලේ වෙනකන් විතරයි. ඊට පස්සේ උන දේවල් කියන්නේ නෑ.
එතකොට දැන් කවුරුහරි කියයි "උබ මේ ඊරිසියාවට කියන කතා !!!! එතකොට සාජහාන් රජතුමායි මුම්ටාස් දේවියයි කසාද බැඳලත් ඔය යස අපූරුවට ලෝක පූජිත වෙලා ඉන්නේ !!!" කියලා.
කවුද කියන්නේ ඒ දෙන්නා කසාද බැඳලා සතුටින් හිටියයි කියලා. අනිත් එක තමයි ඒ දෙන්නගේ ආදර කතාව ලෝක පූජිත උනේ ටජ් මහල හන්දා. ඔය ටජ් මහල හදපු නිසා ඒ රටේ ආර්ථික අහේනියකුත් උනාලු. ඇයි සෑහෙන වියදම් ගියාලු නේ ඔය ටජ් මහල හදන්න.ඉතින් රටවැසියෝ දුකෙන් කන්න නැතුව ඉන්නකොට රටේ රජා කරපු මේ වැඩේ හරිද ? නෑ නේ. අනිත් එක තමයි ඒක හදපු දක්ෂ නිර්මාණකරුවගේ අත් දෙකටත් සොට් එක ලැබුනනේ !!!
------------------------------------------------------------
ප.ලි. - මූ නම් පට්ට කොල්ලෙක් ය මූත් එක්ක ලෝක පූජිත ආදර කතාවක් පටන් ගන්න ඕනේ ය කියලා හිතුන කවුරුහරි ගෑනු ළමයෙක් ඉන්නව නම් තම තමන්ගේ CV එක මේල් කරන්න පුලුවන්. ඒත් හිතන්න එපා මූ වේලි වේලි ඉන්න හන්දා අනිවා තමාව තෝර ගනී කියලා.ඒවා හඳේ හරිද !!!!
කතාවටත් කියන්නේ සිංහයෝ කොච්චර බඩගින්නේ හිටියත් තණකොළ කන්නේ නෑ ය කියලා. අන්න ඒ හන්දා ඉස්සෙල්ලා ටෙක්නිකල් ඉන්ටර්විවු එකක් තියලා පස්සේ හැදියාව බලන්නත් එක්ක HR ඉන්ටර්විවු එහෙකුත් තියනවා. ඒ දෙකෙන්ම තේරෙන අය තමයි ගන්නේ. එහෙම ගත්තත් ඒ කට්ටියටත් මාස 9ක ප්‍රොබේශන් කාලයක් (probation period - පරිවාස කාළයක්) තියෙනවා.
දැන් තේරෙනවනේ මේක කොච්චර අමාරු වැඩක්ද කියලා !!!!

සංකල්පනා වර්ගය :
ආදර කතා
05 October 2011
ලොකාට්
මම් ට්‍රේනින් ඉන්න දවස්වල මම් වැඩ කරපු කම්පැණියේ හැම අවුරුද්දකම වගේ යන ට්‍රිප් එක යන්න ලැබුනා. අපේ වාසනාවට වගේ අපි ට්‍රේනින් ඉන්න දවස්වල තමයි ට්‍රිප් එක යන්න තීරණය කරලා තිබ්බේ. ඒ අවුරුද්දේ අපි ගියේ නුවරඑළියට. දවස් දෙකක ට්‍රිප් එකක්. කෝමහරි පළවෙනි දවසේ හවස් වෙනකොට නුවර එළියට ලඟා උනා.
අපිට වෙන් කරලා තිබ්බ හෝටලයේ කාමර වලට ගෙනාපු බෑග් ටික දාලා ඇවිදින් ජර්සි එහෙම ඇඳගෙන පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා.යමින් ගමන් අයිස් කැප් එකක් එහෙම කාරිය අරගෙන ටවුම පැත්තට ගියා. නුවර එළිය ටවුන් එක පුරාම පලතුරු කඩ. නා නාප්‍රකාර පලතුරු.
තැන් දෙක තුනකම තිබුනා වෙරලු වගේ හැඩයක් තිබ්බ කහපාට පලතුරු ජාතියක්. කඩේ හිටපු කෙනාගෙන් මේ මොනවද කියලා ඇහුවා.ඒ මනුස්සයා කියපි මේ ලොකාට් කියලා. මෙවුවායේ නම ඉංග්‍රිසියෙන් ලියන්නේ loquat කියලා. ම්හු.... උපන්තේකට අහලා නෑ.කොයිකටත් කියලා මල්ලක් පිරෙන්නම ලොකාට් ගත්තා.
ලොකාට් ගත්තට කන විදිහ දන්නෙත් නෑ. ඒකත් අහ ගත්තේ ඒ මනුස්සයාගෙන්. පොත්ත අයින් කරලා මදේ ලු කන්නේ. අප්පේ..... මාර ඇඹුලයි. නෙල්ලි වගේ. හැබැයි ඉදුනු ගෙඩි නම් එච්චර ඇඹුලක් නෑ. කෝමහරි අපි ගිය සෙට් එකෙන් මම් විතරයි ලොකාට් ගත්තේ. අනිත් එවුන්ට දුන්නත් එක ගෙඩියකට වඩා කෑවේ නෑ. ඒ අර ඇඹුල් ගතිය හන්දා.
ඔය ලොකාට් කියන ජාතිය ලංකාවට ආවේණික නෑ. ලොකාට් වල නිජබිම දකුණු චීනය. ඒ රටවල් වල සරත් කාලයේ නැත්නම් ශීත කාලයේ මුල් හරිය වෙනකොට මල් පිපෙන්න පටන් ගන්නවා ලු. ලොකාට් වල මල් සුදු පාටට හුරුයි ලු.ගෙඩි ඉඳෙන්න ගන්නේ සීත කාලයේ අග හරියේ නැත්නම් වසන්තකාලයේ මුල් හරියේලු.
ඉතින් මම් ඔච්චර කියන එකේ නුවර එළි ගිය වෙලාවක ලොකාට් කාලම බලන්න.මම නම් ඇට හිටන් ගෙනාවා පැල කරන්න. ඔන්න අපේ යහා නම් පැළ උනා. තාම පොඩි පැල තියෙන්නේ.
සංකල්පනා වර්ගය :
වගාව
03 October 2011
පැන්සලයි මකනයයි
පැන්සල :
මට සමා වෙන්න !!!
මකනය :
ඒ මොකටද ? ඔයා කිසි දෙයක් කළේ නෑනේ !!!
පැන්සල :
මම නිසා ඔයාට තුවාල වෙන හන්දා මට සමාවෙන්න. මම් වැරදීමක් කරන හැම වෙලාවකම ඔයා ඇවිත් ඒක මකලා දානවා. ඒ වැරද්ද නිවැරදි කරන්න ගියහම ඔයාගෙන් කොටසක් ඒකට වැය වෙනවා. එතකොට ඔයාගේ ප්‍රමාණය එන්න එන්නම පුංචි වෙලා යනවා.
මකනය :
ඒක ඇත්ත තමයි !! ඒ උනාට මං ඒක ගනන් ගන්නේ නෑ. මාව හදලා තියෙන්නෙම ඔයා කරන වැරදි මකලා දාන්න නේ. එහෙම උනත් මම දන්නවා දවසක මං නැතිවෙලාම යනවා. එතකොට ඔයා මං වෙනුවට වෙන අළුත් එකක් ගේනවා. ඒ උනාට මං මගේ රාජකාරිය ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ හින්දා කරුණාකරලා කනගාටු වෙන්න එපා. මම් ආස නෑ ඔයා අඬනවා දකින්න !!
ඉහත දෙබසේ...
ළමයි පැන්සල් කියලා හිතුවොත් දෙමවුපියන් මකන වලට උපමා කරන්න පුලුවන්. දෙමවුපියෝ හැම වෙලේම දරුවොත් එක්ක ඉන්නවා එයාලා කරන වැරදි අඩුපාඩු මකලා දාන්න. නමුත්.... කාලයක් යනකොට දරුවෝ තමන්ගේ දෙමවුපියන් ගැන දුක් වෙනවා. ඒගොල්ලෝ කුඩාවෙන (වයසට යන හෝ සමහර වෙලාවට මිය යන) හන්දා.
එහෙම උනත් එයාලා අලුත් මකනයක් (බිරිඳ හෝ සැමියා) ගේනවා. ඒත් දෙමවුපියෝ ඒ ගැන කවදාවත් දුක් වෙන්නේ නෑ. තව තවත් සතුටු වෙනවා මිසක්. දෙමවුපියෝ කැමතිත් නෑ එයාලගේ ළමයි එයාලා දිහා බලලා දුක් වෙනවට.
"මම මගේ ජීවිත කාලා පුරාම පැන්සලක් වගේ වෙන්න සිද්ද වෙනවා. ඒත්... මට දුකයි මගේ දෙමවුපියෝ මකනයක් වගේ දවසින් දවස නැති වෙනවා දකින්න."
-----------------------------------------------------------------
ප.ලි. - මේ සිතුවිල්ල මට මේල් එකකින් ආපු එකක්. ගොඩක් වටිනවා කියලා හිතුන නිසා පරිවර්තනය කලා. සමහර වෙලාවට කියවලාත් ඇති. කියවලා නැති එක්කෙනෙක් හරි ඉදීවී කියලා හිතුන නිසා පරිවර්තනය කලා.

වෙනත් කතා
01 October 2011
ළමා දිනය
ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි.
ඉස්සර මම ඉස්කෝලේ ඉන්න දවස්වල නම් ළමා දිනය දවසට උදේ රැස්වීම වෙලාවේ පොඩි උත්සවයක් තියනවා. නැටුම් ගැයුම් එහෙමත් තියලා ලොකු සර්ගේ එපාම කරපු කතාවකුත් තියෙනවා. ලොකු සර් වෙනදා වගේම ප්‍රේමදාස මහත්තයා ස්ටේජ් එකට නැග්ගා වගේ ඇඟිලි තුඩු වලින් ඉස්සි ඉස්සි කතා කරනවා.
උත්සවේ ඉවර උනාම කට්ටියම පංති වලට යනවා. ටීචර් ඇවිත් රෙජිස්ටරේ නම් මාක් කරලා යන්න යනවා. අපි එවෙලේ ඉදන් ඉස්කෝලේ ඇරෙනකන් සෙල්ලම් කරනවා. ඔන්න ඔහොමයි එදා දවස ගෙවෙන්නේ.
ඔන්න වෙනදා වගේම රූපවාහිනි ආයතන වලින් ජයටම ළමා දිනය සමරන්න යන්නේ.එක රූපවාහිනි ආයතනයකින් මොකද්ද මන්දා වර්ල්ඩ් එකක උත්සවයක් ලෑස්ති කරලා. මම් හිතුවේ ඇතුල්වීම නොමිලේ වෙන්නැති කියලා. යාන්තමට හින්නිකිතර සයිස් අකුරු වලින් ඇතුල්වීම රු. 100ක් කියලා ගහලා තියෙනවා.
ඒ වගේම තමා සතුටු උයන්වල පැකේජ් වල හිටන් ගානත් අඩු කරලා. වෙනදා වගේම කාර් වලින් එන කම්පියුටර් ගේම් ගහන ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයින් එකට එකතු කරගෙන සතුටු වෙන්නත් පුලුවන්.
ගම් වල ඉන්න ළමයින්ට නම් සතුටු උයන් වල සෙල්ලම් කරන්න තව කාලයක් බලන් ඉන්න වෙයි. ආයේ ඉතින් ඒ ළමයින්ට සතුටු උයන් ඕනේ යෑ ඔය ඕන් තරම් තියෙන්නේ වෙල් යායවල්. නිකන් අපරාදේ ජල ක්‍රිඩා කරන්න එක එක ලෝක වලට යන්න ඒ අයට යන්න සල්ලි වියදම් කරන්න ඕනෙත් නෑ.
මට නම් හිතෙන්නේ ළමයින්ට ළමා දිනයක් ප්‍රකාශයට පත් කරනවා වෙනුවට ඒ ළමයින්ට නිදහසේ ළමා කාලය ගත කරන්න දුන්නා නම් හරි. නැත්නම් එදාටත් අර වැලන්ටයින් දවස වගේ මුදලාලිලා පෝසත් කරන්න තමයි වෙන්නේ.

සැමරුම්
සංකල්පනා RSS සබැඳිය :
Posts (Atom)