21 April 2021

අප්‍රේල් 21 වන දා

 හුඟ දවසකට පස්සේ බ්ලොග් එකට ගොඩ වැදුනේ මොනවාහරි ලියන්න හිතාගෙන. ඒත් ලියන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉස්සර නම් මම ලියන්න ඕන කරන ඒවා මාතෘකා දාගෙන පොඩි සටහනක් දාගෙන තියාගන්නවා.

ඒත් කාලයත් එක්කම එහෙම සටහන් දාගෙන ඉන්න එකත් අමතකම වෙලා ගිහින්. ඒත් කමන් නෑ. ආයෙම ඒ පුරුද්ද පටන් ගන්ඩ බැරි යෑ.
<
ඒ දවස්වල බ්ලොග් සංසද හදාගෙන බ්ලොග් ලියපු කියවපු ගොඩක් අය අද බ්ලොග් අතෑරලා ගිහින්. සමහර බ්ලොග් හොයාගන්නවත් නෑ.

එහෙම අතීතයක් ආයේ එනවා නම් නියමයි. ඒත් ඒ ඒ  අය තම තමන්ට තියෙන රාජකාරි ඇතුලේ හිර වෙලා ඉන්න නිසා ආයෙම එයි ද නැද්ද කියලා කියන්න බෑ.

හරි ඒවයින් වැඩක් නෑ... !

අද දිනය අප්‍රේල් 21 වෙනිදා. මීට අවුරුදු දෙකකට උඩදි අදවගේ දවසක ලංකාවේ දේවස්ථාන කිහිපයකට ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල උනා. ඒ ප්‍රහාරයෙක් මිය ගිය ශ්‍රීලාංකික හැමෝටම නිවන් සුව පතනවා !


ආයෙම බ්ලොග් සටහනකින් මොනවාහරිම ලියන්න එන්නම්කෝ. එතෙක් ජය හා සතුට !

6 comments:

  1. Blogs ලිවිම හදිසියේම පසුගාමී බවකට පත්වීම කණගාටුදායක කරුණක්. මා මේ ගැන සිතමින් සිටින විටම ඔබගේ සටහන දැක්කේ. Blog සටහන් වලින් නැවතත් හමුවෙමු. අද හෙටම මගෙන්ද එකක් බලාපොරොත්තු වන්න. එසේම අපගේ සියලුම Blog සහෘදයින්ට නැවත එක්වෙමු කියා ඇරයුමක් කරනවා.

    ReplyDelete
  2. "ඒ දවස්වල බ්ලොග් සංසද හදාගෙන බ්ලොග් ලියපු කියවපු ගොඩක් අය අද බ්ලොග් අතෑරලා ගිහින්. සමහර බ්ලොග් හොයාගන්නවත් නෑ."

    ඇත්ත තමයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ දැන් සංසදයත් නෑ. ඒවා වල බ්ලොග් ලියපු අයත් නෑ.

      Delete
  3. අපිත් ඒ කාලෙ හොඳට බ්ලොග් ලියපු අය තමයි. කොහෙද අපි ලියන ඒවට කොමෙන්ට් කරන්න උං හිටියෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔවු. කොංක්‍රීට් බ්ලොගයක් ලිව්වා නේ

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.