15 April 2019

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.

දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.

අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.

මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි.


මේ තොටුපොළෙහි මිනිසුන් දිය නෑම සිදු කරයි. එසේම තොටුපොළෙහි පසෙකින් මහබෙල්ලන-පානදුර බසය නවත්වන ස්ථානය ද වෙයි.ඉතාම මනරම් පරිසරයකින් මහබෙල්ලන තොටුපොළ සමන්විත වේ. එසේම එක් පසෙකින් බෝධීන් වහන්සේ නමක් හා බුදු ගෙයක් ද මහබෙල්ලන තොටුපොල ආසන්නයේ පිහිටා ඇත.

සිසිල් සුළං රැළි වලින් හා මනරම් දසුනෙකින් සිත් සතන් ප්‍රීති ප්‍රමෝදයට පත්කරවීමට මහබෙල්ලන තොටුපොළ සමත්කම් දක්වයි. හවස් යාමයක මහබෙල්ලන තොටුපොළෙහි සුවදායක බව විඳීමට බොහෝ දෙනෙක් පැමිණෙයි.

මේ නිසා යම් පමණ දෙනෙක් අතර මහබෙල්ලන තොටුපොළ ස්වබාව සෞන්දර්යයෙන් අනූන තැනක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි






මේ ගමට මහබෙල්ලන යැයි නම ලැබුණේ කෙසේද යන්න මා තවමත් සොයමි. යම් දිනෙක සොයාගත හොත් මේ ලිපිය එදිනට යාවත්කාලීන කරමි. ඔබට ජය හා සතුට !

2 comments:

  1. රත්මලානේ බොරුපන පාරේ කෙලවරවුනේ වේරුස් ගග ලගින් එහා පැත්තට එතෙර වෙන්න තිබුනේ පාලම් පාරුවකින්. ජපන් ජබර හැදුන ගග උඩින් පාලම් පාරුව ගෙනියන එක හරිම අමාරුයි. ඒ වාගේම මඩපාත හන්දියෙන් හැරිලා බොල්ගොඩ ගග ලග පාලම් පාරුවක් තිබුනා ඒකේ ඉදලා වතුරට පැනලා නාපු හැටි කඹේ එල්ලිලා ඇතට ගිය හැටි තාම මතක් වෙනවා. හැබැයි මේ පාලම් පාරුව එහා පැත්තට ගිය දවසක් නම් දැකලා නෑ. පානදුරේ ඉදිගහ තොටුපලේ නම් තාම තියෙන්නේ ඔරුවක් විතරයි. මහබෙල්ලන තොටුපලේ කිහිපවතාවක් ඇවිත් නාලා තියෙනවා එත් දැන් බොල්ගොඩ ගග ජරාවාසවෙලා නාන්නනම් බැරි පාටයි.

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා !

    මේ තැනනං ලස්සන තැනක් වගේ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.