17 April 2019

දියගම සෙල්ලිපිය

එදා සෙනසුරාදා දවසක්.

උදේ ඉදන් ගෙදරට වෙලා පොතක් කියව කියා ඉදලා කම්මැලිකමක් හිතුනා. ඊට පස්සේ කොහේටහරි ගිහින් එන්ඩ ඕන කියලා හිතුන නිසා යන්නේ කොහේද කියලා මම ටික වෙලාවක් කල්පනා කළා. එතකොටම මතක් උනා මම කලින් දාක කළුතර ඉදලා හොරණට එනකොට දැකපු පුරාවිද්‍යා ස්ථානයක් තියෙනවයි කියලා. අන්න එහෙට ගිහින් එන්ඩ තිබ්බා නම් හොදයි කියලා හිතුනා.

ඒක සෙල්ලිපියක්.

මේ සෙල්ලිපිය තියෙන්නේ කළුතර හොරණ පාරේ දියගම කියන ගමේ.

මම ගෙදරින් පිටත්වෙලා,

අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණ > කෙසෙල්හේනාව > දොඹගොඩ > ගල්පාත > දියගම

පාර ඔස්සේ දියගමට ආවා.


ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහලා තිබ්බ පුවරුව ඔස්සේ දියගම සෙල්ලිපිය හොයාගෙන ආවා.

මේ සෙල්ලිපිය තියෙන්නේ ගමේ කෙනෙක්ගේ වත්තේ. ඒ නිසා මම වත්තේ උදවියට කතා කරලා සෙල්ලිපිය බලන්ඩ අවසර ඉල්ලුවා.

ඒ අය නම් මුලින්ම ටිකක් අකමැති උනා.පස්සේ පස්සේ කැමැත්ත දුන්නා. එහෙනං සෙල්ලිපිය බලලා ඉම්මුකෝ.




මේක බ්‍රාහ්මී අක්ෂර වලින් යුක්ත සෙල්ලිපියක්. මම පොඩ්ඩක් හොයලා බැළුවත් මේ සෙල්ලිපිය ගැන වැඩිදුර විස්තර හම්බ උනේ නෑ.

මේ සෙල්ලිපිය තියෙන්නේ ලස්සන වැවක් ලඟ. හවස් වෙලාවක නාන්න කියාපු නාන තොටුපොළක් තියෙනවා.

 සෙල්ලිපිය බලලා නාන තොටුපොළේ ටික වෙලාවක් ඉදලා මම ආයෙම හොරණ පැත්තට එන්න පිටත් උනා. ඒ එන පාරත් හරිම ලස්සනයි. තැන් තැන් වල රබර් වතු මැදින් තියෙන ටිකක් විතර පාළු පාරක එන්න ඕන.
එන ගමන් ගල්පාත රජමහා විහාරයෙත් පින්තූරයක් ගත්තා. විහාරය වැඳපුදාගන්න නම් ගියේ නෑ. බයිසිකලය නවත්තලා ගිහින් එන්න කම්මැලිකමක් හිතුනා.
ඊට පස්සේ ලොකු හදිස්සියක් නැතුව හිමිහිට ගෙදර ආවා. ආයේ දවසක මේ වගේ කම්මැලිකමක් හිතුනොත් කොහේ හරි ගිහින් ඇවිත් පින්තූර දාන්නම්කෝ.

3 comments:

  1. Is this not national asset, need to ask permission?

    ReplyDelete
    Replies
    1. I was thinking the same thing.

      Delete
  2. පුරාවිද්‍යා අංශයෙන් දැන්වීම් පුවරුවකුත් සවිකර තිබියදී ජාතික දේපලක් වන මෙය පෞද්ගලික ඉඩමක තිබෙන්නේ මක් නිසාද? මේ ගැන බලධාරීන් සොයා බැලිය යුතු නේද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.