04 February 2019

රුබික් කැටය හදමු - 1 පාඩම

හරි එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.

මුලින්ම හොඳ රුබික් කැටයක් තොර ගන්න. නැත්නම් ඕක හදන්න ගියහම කටය කැරකෙන්නේ නැති උනහම මල පනිනවා. රුබික් කැට වලත් තියෙනවා හොඳ එක නෝමල් එක කියලා ජාති දෙකක්. හොඳ එක ටිකක් විතර මිලයි. නෝමල් එක නම් ඕන තැනකින් ගන්නත් පුලුවන්. ඒක මිලෙන් අඩුයි.


පල්ලිහායින් තියෙන්නේ හොඳ කැටයක පින්තූරයක්. මේ කැටය ලේසියෙන් කරකවන්න පුලුවන්. ඒ කියන්නේ හරියටම කොටුවකටම සෙට් වෙන්නම ඕන නෑ. ගානට සුමටවම කරකැවෙනවා. ඒක හදන්නත් ආස හිතෙන ජාතියේ එකක්.


මේ තියෙන්නේ සාමාන්‍යය කැටයක්. මේක ටිකක් කරකැවෙනවා හොරයි. කොටු ටික එක පෙලට තිබ්බොත් විතරමයි ලේසියෙන් කරකැවෙන්නේ.
මම එහෙම කිව්වට තමන් ගාව තියෙන කැටයෙන් එපැයි ගේමට බහින්න. කොයික උනත් කමන් නෑ. තියෙන කැටය ලං කර ගන්න. කැටය හදන්න කලින් අපි කැටයේ තියෙන පැති ටික අඳුනගෙන ඉම්මු.

ඒක වැඩේ ඉස්සරහට කරගෙන යන්න පහසු වෙනවා. කැටයේ පැති හයක් තියෙනවා.

කැටය තමන්ගේ මුහුණ පැත්තට අල්ලගෙන හිටියම ඒ පැත්ත ඉබේම ෆ්‍රන්ට් එක (Front) වෙනවා. ෆ්‍රන්ට් එකට විරුද්ධ පැත්ත බැක් එක (Back) වෙනවා. කැටයේ උඩ මුහුනත අප් එක (Up) වෙනවා. කැටයේ යට මුහුණත ඩවුන් එක (Down) වෙනවා. තමන්ගේ වම් අත පැත්තේ මුහුණත ලෙෆ්ට් එක (Left) වගේම දකුණ අත පැත්තේ තියෙන මුහුණත රයිට් එකත් (Right) වෙනවා.

ඔන්න එහෙනම් පැති හයම අදුන ගත්තා නෙහ්. කොයි එකටත් ලේසි වෙන්නම පහල පින්තූරෙත් බලලා ඉන්න. මේ පැති අංකනය වෙන්නේ තමන්ගේ මුහුණට කිට්ටුවෙන්ම තියෙන පැත්ත අනුව නිසා ඒක වරද්ද ගන්න එපා.

කැටයේ පැති හරි හරි නේ ! රායිට් ඕකේ !

එහෙනම් අපි කැටය කරකවන පැති ගැන බලමු. සම්මත අංකනයට අනුව ඔර්ලෝසුවේ කටු කරකැවෙන පැත්තටයි කැටයේ මුහුණත් කරකවන්නේ. ඔර්ලෝසුවේ කටු කරකැවෙන්නේ නැති පැත්තට මුහුණත් කරකවනවා නම් ඒක ඉන්වර්ස් ඩිරෙක්ශන් එකට කරකවනවා කියලා තමයි අදුන ගන්නේ.

තේරෙනවා හොරයි ද ?

අපි මුලින්ම ගම්මු ෆ්‍රන්ට් ෆේස් (Front Face) එක. ඒ කියන්නේ ඉදිරිපස මුහුණත ගම්මු. ඒ මුහුණත ඔර්ලෝසුවේ කටු කරකැවෙන පැත්තට (Clock Wise) කැරකුවොත් ඒක අංකනය කරන්නේ F ලෙසයි. ඊට විරුද්ධ දිසාවට (anti-Clock Wise) ෆ්‍රන්ට් ෆේස් එක (Front Face) කරකැවුවොත් ඒක F' (Front Inverse) ලෙස අංකනය කරනවා.පල්ලෙහා පින්තූර දෙක බලලා ඉම්මුකෝ.


ඔය ඊතල වලින් දක්වලා තියෙන්නේ කරකවන්න ඕන පැත්ත. පහලින් තියෙන්නේ ඊට අදාල අංකනය. මේ අංකනය මතක තියා ගන්න ඕනම නෑ. නමුත් මතක තියා ගන්න එක වටිනවා. මතක හිටින්නෙම නෑ නෑ වගේ නම් අංකනය ඕන නෑ. කරකවන පැත්ත මතක තියාගන්ඩ. ඒකත් අමාරුම නම් ප්‍රැක්ටිස් එක වැඩි කරලා ප්‍රැක්ටිස් එකෙන්ම මතක තියාගන්න.

හරි එහෙනම් අංකනයයි කරකවන දිසාවයි රූප වලින්ම බලලා ඉගෙන ගම්මුකෝ.

L (Left) කියලා කියන්නේ වම් අත පැත්තේ තියෙන මුහුණත. ඒ කියන්නේ ලෙෆ්ට් ෆේස් එක (Left Face) ඊතලයෙන් කියන්නේ කරකවන්න ඕන දිසාව. ඒක පහලට කැරකෙව්වොත් අංකනය වෙන්නේ L (Left)  සහ ඉහලට කැරකෙව්වොත් අංකනය වෙන්නේ  L' (L Inverse)



දැන් වම් අත පැත්ත හරිනේ.

දකුණු අත පැත්තත් ඔය වගේමයි.ඉහලට කරකැව්වොත් අංකනය R (Right) සහ පහලට කරකැව්වොත් අංකනය වෙන්නේ  R' (R Inverse). පල්ලෙහා රූපය බලලා ඉන්න. එතකොට ගොඩක් තේරුම් ගන්න පුලුවන්.

ඔන්න වමයි දකුණයි හරි. උඩ මුහුණත දකුණට කරකැව්වොත් අංකනය U' (Up Inverse) සහ වමට කරකැව්වොත් අංකනය වෙන්නේ U (Up) . ඔය වගේම තමයි අනිත් ඒවත්. මම ඒ පින්තූර දෙකත් මෙහෙම්මම කියලා දාන්නම්.

පල්ලෙහා මුහුණතට කියන්නේ D (Down Face) කියලා. ඒක කරකවන විදිහ පල්ලෙහා පින්තූරෙන් බලන්න.

ඔන්න එහෙනම් රුබික් අංකනයයි එක එක මුහුණත් කරකවන විදිහයි හරිනේ. ඊළඟ ලිපියෙන් බලමු කැටය හදන විදිහ.

6 comments:

  1. කාලෙකට ඉස්සර.... ඉස්සර කියන්නේ 1981 විතර, මේ සෙල්ලමම කෙරුවනෙ මමත්.
    https://lokuakuru.blogspot.com/2016/08/blog-post_17.html

    ReplyDelete
  2. මේ අයිසේ අපි ඕලෙවල් වලත් ගණං පේල්. බැයිද ඔයිද පහසු ක්‍රමයක් කියාදෙන්න

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.