03 February 2017

සයිටම් හා අපි

සයිටම් වගේ ආයතන හතු පිපෙන්නා වාගේ එක දවසකින් දෙකකින් කරලියට ආපු අයතන නෙමෙයි. ඔය ආයතන කරලියට එන්න අවුරුදු ගානක් තිස්සේ අත යටින් කාටත් හොරා පිඹුරුපත් සකස් උනා. ඒවා වලට ඒ ඒ කාළ වලදී තිබ්බ ආණ්ඩු වල සහයෝගයත් හම්බ උනා.

ඒ නැතුව මෙහෙම ආයතන රට ඇතුලට බලෙන්ම ආවේ නෑ..

ඔය ගැන අන්තරේත්, ඒ ඒ කාළ වලදි හිටපු විශ්ව විද්‍යාල සිසුනුත් ඒ ඒ විශ්ව විද්‍යාල වල මහා ශිෂ්‍ය සංගම් වලිනුත් කතා උනා.

කතා වෙලා නිකන් හිටියේ නෑ.. රටේ මිනිස්සු දැනුවත් කරන්න, ඒ අයගේ මතය දැනගන්න විවිධ ශිෂ්‍ය ව්‍යාපාර දියත් කලා.

එක වතාවක් අපි ජපුරේ ඉදලා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙනකන් පා ගමනේ ආවා.  ඒ එන ගමනේ දී සමහරු දේශපාලන පක්ෂ වලට කඩේ යනවයි කියලා ලේබල් අලවන්න උත්සහ කළා. තවත් සමහරු  අපි පාරවල් බ්ලොක් කරගෙන පිස්සු වැඩ කරනවයි කියලා දොස් කියන්න ගත්තා.
කැම්පස් යන්න නූලෙන් මිස් වෙච්ච අය ඉගෙන ගන්නවට අකමැති කුහකයෝ ටිකක් කියලා අපිට කියන්න ගත්තා.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට අපි විරුද්ධ වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔය වගේ විශ්ව විද්‍යාල ඇති වෙන එකෙන් වෙන්නේ නිදහස් අධ්‍යාපනය වල පල්ලට යන එක.

ඒක වෙන්නේ මෙහෙමයි...

දැනට විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ටිකව වැඩි පඩියට පුද්ගලික ආයතන වල බදව ගන්නවා. මොකද ඕන කෙනෙක් කැමතියි නෙව වැඩි පඩියකට රස්සාව කරන්ඩ.

ඇරත් දළ දේශීය නිශ්පාදිතයෙන් 6%ක කොටසක් අධ්‍යාපනයට වෙන් කළා යෑ.. එන්න එන්නම ඒකෙනුත් කොටසක් අඩු කරනවා මිසක්කා වැඩි කිරීමක් උපන්තේකට කලා යෑ.

ඉතින් කොහොමද විශ්ව විද්‍යාල නඩත්තු කෙරෙන්නේ. කොටින්ම අළුත් අළුත් දේවල් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට එකතු කරන්නේ... එතකොට ඉතින් ආචාර්ය මහාචාර්යවරු යන එක ගැන අහන්න දෙයක් යෑ. 


ඔහොම ගිහින් ගිහින් අන්තිමේදී විශ්ව විද්‍යාල ටිකත් පුද්ගලික අංශයටම සින්නක්කරේටම ගන්ඩ පුලුවන් වෙනවා. එතකොට ඉතිං ලාංකීය ශිෂ්‍ය ප්‍රජාවට දෙයියන්ගේම පිහිටයි.

ආයෙත් සයිටම් පැත්තට හැරුනොත් ඔය ආයතනය ලංකාව ඇතුලත ලියාපදිංචි කරවන්ඩ එස් බී දිසානායක මහත්තයා අනුපමේය මෙහෙහෙයක් ඉටු කලා. කොටින්ම උන්දෑ විශේෂ ගැසට් එහෙකුත් නිකුත් කලා. උන්දෑගේ අත්සනින්ම නිකුත් වෙච්ච ගැසට් එකෙන් සයිටම් ආයතනය රටේ ලියාපදිංචි උනා.

කවුරුහරි සයිටම් එකේ ගැසට් එක කියවලා නැත්තං මෙතන ක්ලික් කලා නං කියවන්න පුලුවන්. සයිටම් නඩු වාර්ථාව මෙතනින් කියවන්න.

එක අතකට බලුවහම මේවා හෙන ගහන අපරාධ. මොකද ඔය ගොන් වහන්සේත් කාළයක් අන්තරේත් හිටපු ලංකාවේ කැම්පස් එකෙන් එලියට ආපු කෙනෙක් නෙහ්.

8 comments:

  1. එතකොට අර ලකුණක් අඩු ළමයට කොහොමද උසස් අද්‍යාපනය ලබාගන්නේ.
    සල්ලි තියෙන දෙමපියෝනම් ලමයව රට යවල උගන්නාවි. සල්ලි නැති අය?
    අනික විශ්ව විද්‍යාල වලට යන ළමයි කින් කීදෙනාද පුද්ගලික ටියුෂන් නොගිය අය?
    එහෙම නම් හරියටම එම ටියුෂන් කඩත් වහන්න කියල උද්ගෝෂණ කරන්ට ඕනේ.

    SLITT තියෙනවා KDA තියෙනවා, ඉතින් පොඩ්ඩක් හරි ආචාර්ය මහාචාර්ය වරු අඩු වෙලා තියෙනවද? ඒවාට යන්ට ඔවුන් 'දත මැදගෙන' ඉන්නවද අවස්තාවක් ලැබෙන තෙක්.

    ඔබගේ ලිපිය සංවාදයකට යොමු කරන්ට.

    ReplyDelete
    Replies
    1. //එතකොට අර ලකුණක් අඩු ළමයට කොහොමද උසස් අද්‍යාපනය ලබාගන්නේ//
      ඇත්තටම ඒ අයට යන්නද මේක හදල තියෙන්නේ. හොඳට හොයල බලන්න. මාත් එක්ක එකට ඉගෙන ගත්තු මගේ යාලුවට මෙඩිසින් යන්න දශම කීපයයි අඩු උනේ. එයාගේ තාත්ත කරන්නේ ෆුට් සයිකලේ නැගල ලොතරැයි විකුණන එක. ඉතිං එයාට පුළුවන්ද ඕකට යන්න.
      මේ ගෙනියන අරගලය නිසා කොහොම හරි ඕක රජයට පවර ගත්ත කියමුකෝ. අන්න එදාට පුළුවන් එයා වගේ තවත් දුප්පත් ළමයින්ටත් දොස්තර සිහිනය සැබෑ කර ගන්න. ඒ විතරක් නෙවෙයි ලකුණු දශමෙන් මිස් වෙච්චි 150 - 200 කට විතර ඇතුලට එන්න පුළුවන්. ඒ වගේම ඒ අය මෙඩිකල් කොලේජ් එනකොට ඊටත් පහල ලකුණු තියෙන 150 - 200කට විතර වෙනත් පාඨමාලා වලට ඇතුල් වෙන්න පුළුවන්. ඔයා කතාකරන්නේ ඇනෝ, ධනපතියාගේ පැත්තේ ඉඳගෙන. මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ පැත්තෙනුත් කතා කරලා බලන්න.

      //SLITT තියෙනවා KDA තියෙනවා, ඉතින් පොඩ්ඩක් හරි ආචාර්ය මහාචාර්ය වරු අඩු වෙලා තියෙනවද?//
      දැනටමත් රාගම ලෙක්චර්ස් ල ගිහින් තියෙනවා සයිටම් එකේ උගනන්න. කරාපිටියේ ඒත් එහෙමයි. ලීව් දාල ගිහින් උගන්නල එනවා. පස්සේ එහෙම නවතිනවා. පාර්ලිමේන්තුවෙන් සයිටම් එක ගැන ගෙනාපු අනු කමිටු වාර්තාව ගැන දන්නවද. ඒකෙ එක තැනක කියල තියෙනවා රජයෙන් අචාර්ය වරුන්ට ගෙවන පඩිය මදි නිසා සයිටම් එකේ ඇවිත් උගන්නන්න කියල. රජයක් කියන කතාද මේවා. ඉතිං SLITT, කොතලාවල ගැන කවර කතාද.

      //එහෙම නම් හරියටම එම ටියුෂන් කඩත් වහන්න කියල උද්ගෝෂණ කරන්ට ඕනේ//
      ගොඩ දෙනෙක් ඔහොම තමයි මහත්තයෝ.. සයිටම් එක ගැන කතා කරනකොට කියන්න දේවල් නැති උනාම දොස්තරලා ප්‍රයිවට් කරන ඒවා ගැනයි, ප්‍රයිවට් පන්ති යන එක ගැනයි අරව මේවා ඇදල ගන්නවා. ඒක සම්පූර්ණයෙන් ප්‍රශ්නය වෙන අතකට හරවන්න දරන උත්සාහයක්. දැන් ජය ගන්න පුළුවන් සටන පුළුවන් වෙලාවේ ජය ගෙන ඉමු නේද ලෝකෙම අල්ලන්නේ නැතුව..

      Delete
    2. මොකක්ද මේ දෙබිඩි කතාව.
      KDU කමක් නෑ හැබැයි සයිටම් රජයට පවරාගන්නා ඕනේ.
      ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් බෑ හැබැයි එකට යන්න ඉගෙනගන්න ප්‍රයිවෙට් ටියුෂන් පුළුවන්. එතකොටත් සල්ලි නැති කෙනාගේ ළමයව ටියුෂන් යවාගන්න බැහැනේ. මුලින් පුළුවනනම් එක වත් කරන්න. ඔබ කතා කරන්නේ හයිබ්‍රිඩ් නිදහස් අද්යාපනයක්. .

      ඔබට පාරවල් බ්ලොක් කරන්න අයිතියක් තිබෙනවානම් ,අනික ඔය විශ්ව විද්‍යාලවල ලේක්චර්ලට නිවාඩු ගන්න බැරිකමක් නෑ නේ. ඕනේ නම් වෙන රස්සාවකට යන්න හෝ ගෙදර ඉන්න උනත් තහනමකුත් නෑ නේ. ඒ අයට තියෙන බැඳුම්කර ඉවරවුනාම ඔවුන් නිදහස්, ඕන තැනකට යන්න පුළුවන්.
      හරි එතකොට ඔය සයිටම් එක රජයට පවරාගත්තාම එකට රටින්ද ලේක්චර්ල ගේන්නේ. වෙන එකකින් ගන්න බැහැනේ, ඒවාට අඩු වෙනවනේ.
      ළමයෝ, ඔය සේරම කරන්න රටේ ආණ්ඩුවට සල්ලි තියෙන්න ඕනේ. සිල්ලර කඩ අරිනවා වගේ වෛද්‍ය විද්‍යාල අරින්න බෑ. කොහොමත් සයිටම් එකේ බොහොම අඩුපාඩු තියෙනවලු නේ. ඒවත් හරිගස්සන්න සල්ලි එපාය.

      අනික තව 100-150ක් මෙඩිකල් කොලේජ් ඇරියම ඊට පස්සේ අයට අසාධාරණයිනේ. අයි ඒ අයටත් යන්න සලස්වන්නේ නත්හේ. ජිව විද්‍යා කරන හැමෝම මෙඩිකල් කොලේජ් යවන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් ප්‍රයෝගික නැහැ නේද. තව ටිකක් මෝරනකොට ඕව තේරෙයි. ඔබ තවම ලපටි වැඩියි.

      Delete
  2. Replies
    1. සුපුන්,
      ඕක කෙටි කතාවක්නේ.
      හොඳ නවකතාවක් හොයල කියවන්නකෝ.

      Delete
  3. නිදහස් අධ්‍යාපනය ගැනයි 6% වෙන් කිරීම ගැනයි කියල තියෙන විදිහට කුහකකම ඇරුනම මෝඩකමත් හොඳට පිහිටලා තියෙන බව පේනවා.

    ReplyDelete
  4. "දැනට විශ්ව විද්‍යාල වල ඉන්න ආචාර්ය මහාචාර්ය වරු ටිකව වැඩි පඩියට පුද්ගලික ආයතන වල බදව ගන්නවා. මොකද ඕන කෙනෙක් කැමතියි නෙව වැඩි පඩියකට රස්සාව කරන්ඩ."
    මේ වචන වල හැංගිලා තියෙන්නේ ඉගෙන ගන ඉවර වුනාම නිදහස් අධ්‍යාපනයට තියන කැපවීම නැති වෙනවා කියන එක නේ ද? මොකද මේ අාචාර්ය වරු හැමදෙනාම පාහේ එතනට අාවේ මේ අධ්‍යාපනය නිසා නේ ද?
    දැන් මේ ලියන ඔබත් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා ද?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.