17 November 2016

කවි සංවාද

දනාගේ මිහිරි නද මැද කවි පන්තියට ඔහුගේ යෙහෙළියෝ පිළිතුරු කවි ලීවෝය. ඒ හැම කවි සිතුවිල්ලකටම දනා පිළිතුරු කවියක් ද ලීවේය. ඔහු හා ඔහුගේ යෙහෙළියන් අතර ඇතිවූ කවි දෙබස  පහතින් දක්වා ඇත.

දිනූෂා නවරත්නගේ කවිය.

නුවන් පෙම් බැඳි...
නදින් හඳ රැඳි....
හදේ රුව ඇඳි....
මල සොයනු සකි....


දිනූෂාගේ කවියට දනාගේ පිළිතුරු කවිය.

මලට පෙම් බැඳි..
බඹරු නෙක ඇති...
නමුත් නොදනිති
හිරුගේ නිමැවුම....

හිමාෂි බණ්ඩාරගේ කවිය.

මලත් දන් නෑ මලේ අගයත්
නුබත් දන් නෑ මලේ අගයත්
මලක් දුර ගොස් පිපෙනනට කලිනුත්
හැරෙන්නට හැකිවෙයිද
අනේ ආයෙත්


හිමාෂිගේ කවියට දනාගේ පිළිතුරු කවිය.

හිරුට පෙම් බැඳි
මලක් නොවුනත්
බඹරැ අවුදින් තලා පෙලුවත්
මලට මල් පල ගෙනෙන තුරුවම
කිරණ ගෙන එයි හැමදාම ත්.....


කවි සංවාදය මෙයින් නිමයි... මතුවටත් මෙවැනි සංවාදයක් ඇති වුවහොත් ලියා පලකරමි.

සංවාදය සටහන් කල මා සිතක සංකල්පනා වෙනුවෙන් සංකල්ප

කවි ලියන්න පුලුවන් අයෙක් වේ නම් කවි සංවාදය දිගටම අරගෙන යමු.

1 comment:

  1. මලක සිනිදු පෙති සුවඳින් පිපී සැලෙනවාලූ
    විසක බඹර තුඩු පෙති මත දඟකම් පෑවාලූ
    බිමක වැටුණු මල් පෙති දැක හිරුත් තැවෙනවාලූ
    ගැබක සෙනෙහෙ විඳ ගනිමින් මල තුටු වෙනවාලූ.......

    අපූරු කවි සංවාදයට මාත් කැමතියි.

    ජයවේවා!!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.