06 March 2015

නුවර එළියට යන අතරමග රම්බොඩ ඇල්ල ලඟදී

හුඟ දවසකින් කොහේවත් ඇවිදින්ඩ උනේ නෑ. ඒකට ආසන්නතම හේතුව වෙන්නේ අපේ නෝනා සෙනසුරාදා ඉරිදා දෙකේම අමතර පංති කරන්ඩ පටන් ගැනීම. ඒ නිසා එයාට ඒ දවස් දෙකේම කොහාට්ටවත් යන්ඩ බෑ. ඒ නිසාම මටත් ගෙදෙට්ට වෙලා ඉන්ඩ වෙනවා.

හැම සතියක්ම ගෙදරට වෙලා ඉන්න එක එපාම වෙන වැඩක්. ඒත් ඉතිං මොනව කරන්ඩ ද... :(

මේ අවුරුද්දේ ජනවාරි මාසයේ දි තමයි මම අන්තීමට ට්‍රිප් එකක් ගියේ. ඉස්සර නං මාසෙකට සැරයක් ගානේ කොහේ හරි ඇවිදිනවාමයි.

ජනවාරියේ අන්තිම සතියේදි මට නුවර එළියේ යන්න චෑන්ස් එකක් හම්බ උනා. නුවර එළි ගිහින් අලුතින් මොනාහරි බලන්න ලැබුනේ නැතත් ගෙදරට වෙලා ඉන්නේ නැතුව කොහේ හරි ඇවිදලා එන්න ලැබුන එකම මදෑ.

මේ ගමනෙදි මගේ දිය ඇලි එකතුවට තව දිය ඇල්ලක් එකතු උනා. ඒ තම රම්බොඩ අල්ල. කිහිප වතාවක් රම්බොඩ ඇල්ල දැකලා තිබුනාට වාහනයෙන් බැහැලා රම්බොඩ කිට්ටුවටම ගිහින් බලන්ඩ ලැබුනේ එදා..

ඒ නිසයි මම මගේ දිය ඇලි එකතුවට අළුත් දිය ඇල්ලක් ලැබුනයි කිව්වේ. පේරාදෙණිය, ගම්පොල හරහා නුවර එළි ගිහින් තියෙන ඈයෝ අනන්තවත් මේ දිය ඇල්ල දැකලා ඇති.

මේක මීටර් 109ක් උස දිය ඇල්ලක්. !

දිය ඇල්ල කොටස් කිහිපයකින් ගලාගෙන බහිනවා. ඒක මුදුනටම නගින එක තමා නියම වැඩේ !

හරි.. ඒවයින් කාරි නෑ... අපි පින්තූරු කෑලි කීපයක් බලලා ඉම්මු. ඔය පහලින් ත්යෙන්නේ රම්බොඩ ඇල්ල ගාව තිබුනු නාම පුවරුව.
ඒ අයිනෙන් තමා පාර තියෙන්නේ. එතනින් බැහලා දිගටම ඇල්ල ගාවට ගියෑකි. ඒක නියම ගමනක් වෙයි. අපිට නං යන්ඩ උනේ ටික දුරයි. කොහෙද ඉතිං බවලත්තුත් එක්ක ඔය වාගේ ගමන් යන්ඩ අමාරුයි නෙව.
ඔය ඉහලින් තියෙන්නේ රම්බොඩ ඇල්ලේ එක කොටසක් විතරයි. තව කොටස් කිහිපයක්ම තියෙනවා. මීටර් 109ක්ම උස ඇල්ලක් නෙව :)
මේ ඉහලින් තියෙන පින්තූරේ දිහා ටිකක් විපරම් කරලා බැලුවොත් ඇල්ලේ මුදුනත බලාකියා ගන්ඩ පුලුවං. එතෙන්ට යන එක තමා ගේම !!!
පාලම යටින් සුදු පෙණ නඟමින් ඇල්ල ගලාගෙන යන අපූරුව... :)

රම්බොඩ ඇල්ල ගාව ටික වෙලාවක් ගත කරලා අපි ආපහු වාහනයට ගොඩ උනා. මොකද අපේ ගමනාන්තර වෙලා තිබුනේ නුවර එළිය නිසා. ඒ යන ගමන් මැක්වුඩ්ස් වලින් තේ ටිකකුත් බොන්න හිතාගෙනමයි අපි ගමන පිටත් උනේ.



20 comments:

  1. එහෙනං ඊගාවට මැක්වුඩ්ස් වල ෆොටෝ ටිකකුත් දාමුකො.

    ReplyDelete
  2. මැක්වුඩ්ස් නෙමේ ලබුකැලේ ටී සෙන්ටර්. මැක්වුඩ්ස් කියන්නෙ තේ වත්ත පාලනය කරන සමාගම.
    ඔතනින් කේක් කෑල්ලක් එක්ක ටී එකක් නොබී කොහොමද ? තව හොද පොස්ට් ටිකක් බලා ගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම්.. කේක් කෑල්ලයි ප්ලේන්ටියයි ගහලා ඊලඟට ගමන පටන් ගත්තා !

      Delete
    2. මෙතන තේ පුදුම රහක්. මාත් බීලා තියෙනවා. :D

      Delete
  3. දිය ඇලි අතනෑරහං මගේ රත්තරං පුතේ.. නෝනට අමතර පංති කරනව නං අමතර ගාස්තු ගෙවන්න කියහං.. හැක්

    ReplyDelete
  4. හරි කොටයිනේ බං පෝස්ට් එක... ඉතුරු ටිකත් දාපන් ඉක්මණට.

    ReplyDelete
  5. ඔතනින් විතරක් නෙමෙයි......... තව ටිකක් විතර කලිං පේනවා නේද උස දිය අැල්ලක්... යනකොට පාරේ දකුණු අත පැත්තෙන් කැලේට වෙන්න..... ඒකේ නමත් රම්බොඩ නේද????????

    ReplyDelete
    Replies
    1. රම්බොඩ අලුත් උමග ගාව පහල තියෙනව "රම්බොඩ ෆෝල්ස් හොටෙල්" කියල එකක්. අන්න ඒකට පහලට බැස්සම පේනව නියම රම්බොඩ ඇල්ල. ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ නියම එක නෙමෙයි. තව ඔය රම්බොඩ ඇල්ලෙ ඉඳල ටිකක් කොළඹ පැත්තට ආවම පේනව එක ලඟ පහතට වැටෙන ඇලි දෙකක්. මේකට කියන්නෙ පූන ඇල්ල.

      Delete
    2. සිංහයෝ, කමෙන්ට් එකකට ලින්ක් එකක්, ෆොටෝ එකක් දාන හැටි කියල දීපංකෝ... :(

      Delete
    3. තැන්කු වේවා...! තැන්කු වේවා...!

      Delete
  6. ලස්සන විස්තරේ ස්තුතිය්.

    ReplyDelete
  7. කොහේවත් යන්න බැරි උනා කිවුවට මේ ටිකේම දැම්මේ චාරිකා සටහන්මයි වැඩියෙන්..

    ReplyDelete
  8. හී හී දිනේශ් කියනවා වගේ කොහේවත් යන්නේ නෑ කියලා ගිය දිහාවල ෆොටෝ දානවලු

    ReplyDelete
  9. දියඇල්ල ඈතට දැකලා තිබුනට ලඟට ගිහින් නෑ.

    ReplyDelete
  10. බොලා විතරක් නෙමෙයි ඔන්න අපිත් දැක්කා දැන් රම්බොඩ ඇල්ල...

    ReplyDelete
  11. දෙතුන් පාරක්ම ගිහිල්ලා තියෙනවා . මේක කියෙව්වාම එ් හැම එකක්ම පිලිවලට මතක් වුනා

    ReplyDelete
  12. ගෙවල් කිට්ටුව තැනක් නෙව.. ඒ වුනත් මෙදා පාර මගේ ට්‍රිප් ලිස්ට් එකේ උඩින් ම තියන තැනක් ඔය. :D

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.