03 March 2015

දේදුනු මනමාලියේ

හිරුට හොරෙන් කෙමින් කෙමින්
නිලබරට නුඹ ඇවිදින්..
සිහින් බිදුවක් රැගෙනවිත්
සිසිලස එක්කල...
හමන පවනත් සමඟින්
මැකීයන්නට තතනන...
සප්ත වර්ණයෙන්
හිස් අඹර සැරසූ....
කුමරියයි නුඹ
දේදුනු මනමාලියේ....



-දමිත් ධනංජය-
----------------------------------------------------------------------
ප.ලි. - මේක මම ලියපු කවියක් නෙමේ. මගේ හිතාදර මිත්‍ර දමිත් (දනා) විසින් සිතක සංකල්පනාවට ලියපු කවි සිතුවිල්ලක්. අද උදේම මූනු පොතේදි ඇති වෙච්ච කතා බහේදි තමයි මේ කවි සිතුවිල්ල මට ලැබුනේ.. කියවලා බලන්ඩකෝ.

එහෙනං මං ගියාවේ... සුබ දවසක් !!!!

5 comments:

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.