24 March 2015

ඇත්ත හා බොරුව

මේ උසාවියේ නඩුකාරයා මමයි,
තමුසෙ නෙමෙයි.
කීවා නඩුකාරයා නීතිඥයාට
"ගරු උතුමාණනි, මට සමාවන්න"
මම කිව්වේ
ඔය සාක්කිකරු පෙන්නපු භාණ්ඩය,
සෙල්ලම් පිස්තෝලයක්
ඇත්ත එකක් නෙමෙයි කියලයි.
කීවා නීතිඥයා
වැන්දේ නැති ටික විතරයි

"මේ උසාවියේ ඇත්ත හා බොරුව
තීරණය කරන්නේ මම,
මං කියන එකට හරස් උනොත් අධිකරණයට
අපහස කලා යැයි කියල
ඔය කළු කෝට් එක
ගලවන්නත් පුලුවන් මට
"
කීවා නඩුකාරයා ඇඟිල්ලක් ඔසවමින්
"උතුමාණනි, ඔබ තුමා කියනවා නම්,
සෙල්ලම් පිස්තෝලයෙන් වෙඩි තියන්න පුලුවන් කියලා
මම එය ගෞරව පූර්වකව පිළිගන්නම්
"
නීතීඥයා කීවා හතරට නැමී



3 comments:

  1. හෑ...
    එහෙමත් වුණාද....
    ඥාව් කියවෙනව ඕයි

    ReplyDelete
  2. හැබෑට ඉතිං ලංකාවේ උසාවි වෙන්ටැති..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.