05 February 2015

VLC ප්ලේයර්යේ සිංහල යුනිකෝඩ් උපසිරැස ඔන් කරමු

මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියලා ඈ. මුල් දවස්වල නම් තාක්ෂණික ලිපි එකක් දෙකක් ලියල තියෙනවා. ඒ ඇරෙන්න මාස හයකටවත් එක තක්ෂණික ලිපියක්වත් ලියලා නැති තරම්.ගොඩක් වෙලාවට මම ලියන්නේ මට හිතෙන දේවල්, මම යන චාරිකා, මම අහපු දැකපු කියවපු දේවල්. අද මම පොඩියක් තාක්ෂණයට බර ලිපියක් ලියන්ඩ යන්නේ. මහා බරසාර දෙයක් නෙමේ පොඩි දෙයක්.

මගේ ලැප්ටොප් එකේ චිත්‍රපටි බලන්ඩ මම දාලා තියෙන්නේ VLC කියන ප්ලේයර් එක. ඒකේ වර්ශන් එක 2.0.5 !

මට දවසක් චිත්‍රපටියක් ලැබුනා ඒ චිත්‍රපටියේ සබ්ටයිට්ල් පේන්නේ නෑ.. කොටු කොටු පේන්නේ. මම වහාම සබ්ටයිට්ල් ෆයිල් එක ඕපන් කරලා බැලුවා. ඒ සබ්ටයිට්ල් එක තියෙන්නේ සිංහල යුනිකෝඩ් වලින්. VLC ප්ලේයර් එකට යුනිකෝඩ් කියවගන්ඩ බෑ.. අපොයි අම්මේ.... !!

KM ප්ලේයර් GOM ප්ලේයර් වගේ මීඩියා ප්ලේයර් වල නම් යුනිකෝඩ් ෆොන්ට් වලින් තියෙන සබ්ටයිට්ල් ෆයිල් අපූරුවට වැඩ කලත් VLC වල එහෙම වැඩ කරන්නේ නෑ. මම අන්තර්ජාලයෙන් හොයලා බලනකොට පොඩි පොඩි සෙටින්ග්ස් ටිකක් වෙනස් කරලා මේ ලෙඩේ ගොඩ දාගන්ඩ පුලුවන් බව තේරුනා. සමහරු දන්නවත් ඇති. නොදන්න අයට දැනගන්ඩත්තෙක්ක මම ඒ ටික පහලින් ලියලා දාන්නම්.

පියවර 01
VLC ප්ලේයර් එකේ Tools වල Preferences යන්න. එතකොට හම්බවෙන ඩයලොග් බොක්ස් එකේ Show Settings වල All ටික් කරන්න.මේ පියවර කලහම හැංගිලා තියෙන ගොඩක් සෙටින්ග්ස් පේන්ඩ ගන්නවා.
Tools > Preferences (set Show Settings to All)

පියවර 02
ඊට් පස්සේ වම් අත පැත්තේ තියෙන ලිස්ට් එකෙන් වීඩියෝස් කියන එක ලඟ තියෙන ක්‍රොස් එක ක්ලික් කරන්න. ඒ ලිස්ට් එකේ තියෙන Subtitles/OS කියන එක උඩ ක්ලික් කරන්න. ඉන් පස්සේ Text Rendering Module කියන එක Freetype2 විදිහට වෙනස් කරන්න. සාමාන්‍යයෙන් මේක තියෙන්නේ Default විදිහට.
Video > Subtitles/OSD
Text Rendering Module from Default to Freetype2

පියවර 03
අන්තිම පියවරට කරන්න ඕන වෙන්නේ වීඩියෝ කියන ලිස්ට් එක යටතේ තියෙන Text renderer කියන එක ක්ලික් කරන්න. ඒකේ ෆොන්ට් එක විදිහට තියෙන එක යුනිකෝඩ් ෆොන්ට් එකට මාරු කරන්න. අන්තිමේදි සේව් කරන්න. සේව් උනාට පස්සේ ප්ලේයර් එක රිස්ටාර්ට් කරන්න.
Video > Subtitles/OSD -> Text renderer and choose Unicode font

එච්චරයි !
ඊට පස්සේ යුනිකෝඩ් ෆොන්ට් වලින් තියෙන උපසිරැසවලුත් පෙනෙන්ඩ ගනීවි. :)

12 comments:

  1. ගොඩක් ස්තූතියි තොත්තුවට... නෑ ඔත්තුවට.. :D

    ReplyDelete
  2. මම නම් බලන තරමක් බලන්නෙ KM ප්ලේයර් එකෙන්. VLC එක නම් මට එච්චර දිරවන්නෙ නෑ. කොහොම උනත් ස්තූතියි මධුරංග, මේක නිකමට කරල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. //මම නම් බ්ලොග් අඩවියේ තාක්ෂණික ලිපි ලියලා ඈ.//

      ඈ .............. ?

      මේ දවස්වල හෙම්බිරිස්සාවද? :)

      Delete
  3. ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්නෙ KM එක නිසා ගැටළුවක් නෑ...
    ඔත්තුවට ස්තූතියි.. :)

    ReplyDelete
  4. ස්තූතියි තොරතුරට ...

    ReplyDelete
  5. හොඳ ඔත්තුවක්.. බොහොම ස්තූතියි..

    ReplyDelete
  6. මගෙ එකේ ප්ලේයර් තුන හතරක් තියෙනවා...වැඩිපුර KMP හරි GOM හරි තමයි පාවිච්චි කරන්නෙ.

    ReplyDelete
  7. ටැන්කිවු කිවුව මේ තොරතුරට. මාත් සෙටින් හදනව දැන්.

    ReplyDelete
  8. අන්තිම එක නැනේ... :/

    ReplyDelete
  9. වෙනසකටත් එක්ක කරලා බැලුවා...අපූරුවට වැඩ..ස්තුතියි තොරතුරට

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.