15 December 2014

වැඩි ගානට ෆාමසි බෙහෙත්

ලංකාව වගේ රටකට ඖෂධ ප්‍රතිපත්තියක් අවශ්‍යයයි. එහෙම නැති උනහම වෙන්නේ එකම ඖෂධීය වටිනාකම තියෙන ඖෂධ වලට වැඩි මුදලක් ගෙවීමට සිදුවීමයි. තව දෙයක් තමා බාල වර්ගයේ ඖෂධ රෝගීන්ට ලැබීමත් සිදු වෙනවා.

පහුගිය දවසක මටත් එවැනිම සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ උනා. පහුගිය සතියේ මට හෙම්බිරිස්සාවක් හැදිලා අපේ මලයගේ අනුදැනුම උඩ ෆාමසියෙන් සිට්‍රිසින් කාඩ් එකක් ගත්තා. ඒ කාඩ් එකේ සිට්‍රිසින් මිලිග්‍රෑම් 10යේ පෙති දහයක් තියෙනවා. ගාන රුපියල් දහයයි. එක පෙත්තක ගාන රුපියලක් වගේ වෙන්නේ.

මම ඒකෙන් කාඩ් එකක් අරන් ආවා. ගෙදර කට්ටියත් ඒ අයට ඕන වෙච්ච වෙලාවල් වල මේ කාඩ් එකෙන් පෙති බීලා තිබුනා. ඒ නිසා බෙහෙත් කාඩ් එක කලින්ම ඉවර උනා.

මම ආයෙම වෙන ෆාමසියකට ගිහින් ඒ බෙහෙතම මල්ලි ලියලා දීපු තුන්ඩුව දීලා බෙහෙත් ටික ඉල්ලුවා. සිට්‍රිසින් කාඩ් එකක් දීලා රුපියල් 100ක් දෙන්න කියලා කිව්වා. මම එක පාරම ඩිම් උනා. ඇයි යකෝ එදා රුපියල් දහයට කාඩ් එකක්ම ගත්තු බේත අද රුපියල් 100ක් වෙලා තියෙන්නේ. :O
කලින් සැරේ ගත්තු බෙහෙත් කාඩ් එක නෙමෙයි. ටිකක් ලොකු කාඩ් එකක වෙන බ්‍රෑන්ඩ් නේම් එකකින් තිබ්බ බෙහෙත් කාඩ් එකක් !. නමුත් කලින් ගත්තු බෙහෙතමයි. ඒ බරම තියෙන පෙත්තක් ! නමුත් පෙත්තක ගාන රුපියල් දහයක් !

නමුත් බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් නිසා මට වැඩි මුදලකට ගන්න සිද්ධ වෙලා. සීයක් දීලා මේ කාඩ් එකක් ගන්නවට වඩා හොඳයි මගේ හෙම්බිරිස්සාව තියාගෙන ඉන්න එක කියලා හිතලා බේත් පෙති කාඩ් එක ශෝකේස් එක උඩ තියලා ආවා.

ෆාමසියෙන් එලියට එන ගමන් හිතුනේ ඒ දවස්වල සේනක බිබිලේ මහත්මයා ගෙනාපු ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා නම් මේ වගේ කරදර සිද්ධ වෙන්නේ නෑයි කියලා. දැන් බලන්න එකම බේතට ගනන් දෙකක් ගෙවන්ඩ වෙනවා. මම කලින් වෙන ෆාමසියකින් ගත්තු නිසා මේ බේතට එච්චර ගානක් ගෙවන්න වෙන්නේ නෑ කියලා දන්නවා.

ඒත් බේත් වල නියම ගාන දන්නේ නැතුව කී දෙනෙක් නම් වැඩි ගානක් දීලා තමන්ට ඕන කරන බේත් ටික ෆාමසි වලින් ගන්නවා ඇති ද ?  ඉස්පිරිතාලෙක උනත් ෆාමසියෙන් ගන්න කියලා ලියලා දෙන බේත් ටික ගන්න ලොකු ගානක් ගෙවන්න වෙනවා කියන එක කොච්චර අසාධාරණ ද ? අනික බේත් වල ගාන හොයාගන්න අමාරු ලෙඩ්ඩුන්ගෙනුත් මෙහෙම වැඩ් ගානක් අය කරන එක සාධාරණද ?

මේ ටික තමා මගේ හිතේ ඇති වෙච්ච ප්‍රශ්න... !

මේ ප්‍රශ්න වලට උත්තර හොයපු සේනක බිබිලේ මහත්මයාට අන්තිමේට සිද්ධ උනේ අභිරහස් ලෙස අතුරුදහන් වෙන්න. මේ අතුරුදහන් වීම පිටිපස්සේ ඖෂධ වෙළදාමේ යෙදෙන බහුජාතික සමාගම් ඉන්න බව කවුරුත් දන්න රහසක්.

11 comments:

  1. 1. මලයා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු නොවේනම් ඔහුගේ උපදෙස් මත බෙහෙත් ගැනීම ඉතා අවදානම් ක්‍රියාවකි.

    2. ගෙදර කට්ටියත් ඕනෙ ඕනෙ වෙලාවට බෙහෙත් බීමද මහා භයානක ක්‍රියාවකි. ජීවිතයට තර්ජන ඇතිවීමට ඉඩ තිබේ.

    3. සෑම බෙහෙතකටම ඖෂධ නාමයක් සහ වෙළඳ නාම ගණනාවක් ඇත. ඖෂධ නාමයෙන් බෙහෙත් ඉල්ලන්න. නැත්නම් ඒ ආකාරයට බෙහෙත් දෙන තැනකට යන්න. නිසි පිලිවේහ වන්නේ සුදුසුකම් ලත් වෛද්‍ය වරයකු විසින් නිකුත් කල මාස 3 කට වඩා පැරණි නොවූ බෙහෙත් තුන්ඩුවක් රැගෙන යාමයි. නීතියේ තියන විදිහට නම් ඇස්පිරින් පෙත්තක් ගැනීමටත් බෙහෙත් තුන්ඩුවක් අවශ්‍යයි.

    4. වෛද්‍ය සේනක බිබිලේ අතුරුදන් වුණේ නැත. සොයාගත නොහැකි හේතුවකින් මියගියා පමණි. එය සූක්ෂ්ම ලෙස කල ඝාතනයක් බව සැක කරනු ලැබේ.

    http://en.wikipedia.org/wiki/Seneka_Bibile

    ReplyDelete
  2. අපි චයිනීස් ෆෝන් ඉන්දියන් ෆෝන් ගන්නෙ නෑ ලෝ කොලිටි කියලා. ඒත් ලෙඩකට බෙහෙත් ගන්න ගියාම රසායනික නමින් තියෙන ඉන්දියන් පකිස්තාන් බෙහෙහ් ගුලිය ගන්නවා ගාන වැඩි කොලිටි යුරෝපියන් බෙහෙත තියෙද්දි. ඖෂධ පනත කියන්නෙ වාමාංශික බයිලාවක් කොලිටි ඕනම බඩුවක් ගණන්. එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඒක ඔය තරම් සරලව ලඝුකරන්න පුළුවන් දෙයක් නෙවි යාළුවා. අනෙක එය අපේ රටට පමණක් බලපාන ගැටළුවක් නෙවි. ඖෂධ මාෆියාව, මත්ද්‍රව්‍ය - අවිආයුධ ජාවාරමටත් වඩා ලෝකෙ මුල් පෙලේ ජාවාරමක්. ඒක බූවල්ලෙක් වගේ ලෝකෙ පුරා අඬු විහිදිලා අහිංසක මිනිස්සුන්ගෙ සාරය උරා බොනව. දශක ගනනාවකට කලිනුත් මේවට විරුද්ධ වුනු අයට අත්වුනු ඉරණමෙන්ම පේනව මේකෙ ඔය කියන ‘බඩුවෙ කොලිටියට‘ එහා ගිය දෙයක් තිබෙන බව. මම කියන්නෙත් කිසිම දෙයක් නිකන් දෙන්න අවශ්‍ය නෑ. සාධාරණ මුදලක් අයකරන එකයි අවශ්‍ය වෙන්නෙ.

      Delete
  3. මධුරංග..................

    ඔය ෆාමසි වැඩේ සහ බෙහෙත් මුදලාලිලා කරන්නේ මහ බලු වැඩක්.......... බෙහෙත් කියන්නේ අධ්‍යාපනය වගේ හොර කරන්න හොද නැති රස්සාවක්... ඒත් ඒ දෙකම අද බල්ලට ගිහිං. ඔය දේවල් ඔය අයට කවදා හරි වදිනවා... ඒදාට විදවලා මැරෙන්න වෙන්නේ........... අපි මේවට විරුද්ධ විය යුතුයි............ හැමදාම කටවහගෙන ඉන්න හොද නැහැ... මොකද අපි හැමෝට ම මේ සෙල්ලම වෙනවා..............

    ReplyDelete
  4. සේනක බිබිලෙ ගැන මම කියන්න ආපු දේ ඔය උඩ ඇනෝ කෙනෙක් කියල තියෙනව.
    කොහොම උනත් ඔය ඖෂධ ජාවාරම එදා වගේම අදත් ක්‍රියාත්මක වෙනව වගේම හෙටත් ක්‍රියාත්මක වේවි. ඒවට විරුද්ධ වෙන අයට මුහුණ දෙන්න වෙන ඉරණම දිහා බැලුවහම ම පේනව මේකෙ සංකීර්ණත්වය. බොහෝ රටවල්වල රජයන් පවා මේ තත්ත්වය නොදන්නවා නෙවි. මේ ජාවාරමෙන් ඔවුන් උපයන අතිවිශාල ධනස්කන්ධය නිසාම අපේවගේ රටවල්වල රජයකටත් වඩා ඔවුන් ශක්තිමත්. අනෙක දූෂිත දේශපාලනයක් තියෙන රටවල් ඔවුන්ට හොඳ ගොදුරු බිම්.

    ReplyDelete
  5. ඔය දොස්තරලත් එක එක සන්නාම නාම වලට කොටු කරලා තියෙන්නෙ පඬුරු පාක්කුඩම් දීලා....විවිධ ඖෂධ සමාගම්....ඒ අය මිළ අඩු බෙහෙතක් තිබුනත් තුණ්ඩුවෙ ලියන්නෙ එයාට ජරාව දෙන කම්පැණියෙ පෙත්ත විතරයි...

    ReplyDelete
  6. ඇයි අප්ප හෙම්බිරිස්සාවට පස්පංගුව පැකට් එකක් බීල ඉන්න බැරි.

    ReplyDelete
  7. හපොයි බං ඉන්දියාවේ පකිස්තාානේ ඔය බේත් පෙති හදන විදිය දැක්කොත් දැම්ම මැරෙන්න හිතෙනවා.. මොකද ගෙවල් වලත් ඔය බේත් හදනවා.

    ReplyDelete
  8. දැන් තත්වේ නම් දන්නේ නැහැ. ඒත් සේනක බිබිලේ ඖෂධ සංස්ථාවේ සභාපති වෙලා ඉන්න කොට මේ ගැන නියම පරීක්ෂණ කීපයක් කරලා තිබුනා. ඉන්දියාවෙන් එන බෙහෙත් වල ගුණය අඩුයි කියන එක බොරු කියලා පෙන්නුවා. ඒ වගේම තමයි ලංකාවේ මේවා නිපදවන කම්හලක් ඇති කරා කියලා මම කියවලා තියෙනවා. ඒකට මොකද වුනේ කියලා මම නම් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක පුද්ගලීකරණය කළා

      Delete
  9. If you have cold symptoms regularly then it could be an allergy. When I was in sri lanka, I had this constantly, but when ever I go to the doctor they just prescribe antibiotics. But it never helped me. But a friend told me about Cetrizet and that was a miracle cure for me.
    Later when I came to US suddenly all my issues were gone. (Later when I come to SL for vacation I realized that I have been allergic to pollution like dust and exhaust fumes all alone and none of the SL doctors diagnosed it correctly. Instead they just treated it as a common cold.)
    Cetrizet is an anti-histamine and not a remedy for cold.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.