26 November 2014

පින්තූර ගැනිල්ල

මීට කලින් මහියංගනය ගැන ලියපු ලිපිය ලියනකොට මට මතක් වෙච්ච දෙයක් තමයි ඒ දවස්වල කැමරාවකින් පින්තූරයක් ගන්න එකත් මාර ගෙමක් කියන එක. ඒ දවස්වල කිව්වේ වැඩි ඈතක නෙමේ අනූ ගණන් වල.

ඒ දවස්වල දැන් වගේ ඩිජිටල් කැමරා තිබුනේ නෑ. තියෙන්ඩත් ඇති.. ඒ හැටි ජනප්‍රිය වෙලා තිබුනේ නෑ. හැමදේටම තිබුනේ ෆිල්ම් රෝලක් දාපු කැමරා. ඒ කැමරාවට ෆිල්ම් රෝල හරියාකාරව දාගන්න ඕන. ඊට පස්සේ ෆොටෝ එකෙන් ෆොටෝ එකට ෆිල්ම් රෝලේ එක කට්ටක් පන්නන්ඩ ඕන. එහෙම නැත්තං කලින් ගහපු ෆොටෝ ෆ්‍රේම් එකේම දෙවෙනි පාරත් ෆොටෝ එක වදිනවා.
සමහර කැමරා වල නං ෆොටෝ එකක් ගැහුවට පස්සේ ෆිල්ම් රෝලේ කට්ටක් පැනලා ඊලඟ ෆ්‍රේම් එකට ඉබේම සෙට් වෙනවා. ඒ නැති කැමරා වල ඒක මැනුවලි කරන්න ඕන. රෝල ඉවර වෙනකන්ම පින්තූර ගැහුවට පස්සේ ෆිල්ම් රෝල ඔතන්ඩ දාන්ඩ ඕන. වැරදිලා හරි කැමරාව ඇරලා බැලුවොත් මෙච්චරවෙලා ගහපු පින්තූර ටික නැති වෙනවා.

ඔය ෆිල්ම් රෝල සෙට් කරන විදිහ නෙහ්... පින්තූර ගන්නකොටත් ගානට බැලන්ස් කරලා ගන්ඩ ඕන. නැත්නම් පින්තූරේ බෙල්ල නැතුව හරි ඉනෙන් පහල නැතුව හරි පින්තූර ලැබෙන්නේ.

තව දෙයක් තමා ඒ කාලේ එක එක හැඩේට පින්තූර ගන්න නං කැමරාවේ ලෙන්ස් එක ඉස්සරහින් එක එක ගැජට් කෑලි අල්ලන්ඩ ඕන. අපේ නැන්දෑ මඟුල් ගෙදරදී කපල් එකෙ ෆොටෝ එකක් ගන්ඩ කලින් ලෙන්ස් එකට ඉස්සරහින් හාට් ෂේප් එකේ ගැජට් එකක් ඇල්ලුවා. ෆොටෝ එක සුද්ද කරලා ඉවර උනාට පස්සේ තමා දන්නේ කපල් එක හාට් එක මැද්දේ ඉන්න පින්තූරයක් අරගෙන තියෙන්නේ කියලා.

ඒ කාලේ කොඩැක්, කොනිකා වගේ ෆිල්ම් රෝල් හරිම ජනප්‍රියයි. 12,24,36 වගේ රෝල් එහෙම තිබ්බා. ඒවයින් ෆොටෝ ගහනකොට හරි පරිස්සමින් ගැහුවේ. දැන් වගේ ආගිය අතේ ෆොටෝ ගහන්ඩ බෑ නේ. සීමිත පින්තූර ප්‍රමාණයක් නෙව ගහන්ඩ පුලුවන් වෙන්නේ. අනික තව රෝලක් ගන්ඩ අතේ සල්ලි තියෙනවයි කියලා යෑ.

කොහොමහරි ඒ කාලෙත් පහු වෙලා ඩිජිටල් යුගේට ආවට පස්සේ හැම ගහක් ගලක් ගානෙම පින්තූර ගන්ඩ පුලුවන් ක්‍රමයක් ආවා. ෆිල්ම් රෝල් හොය හොයා ඉන්ඩ ඕනත් නෑ. මෙමරි චිප් එක පිරෙනකන්ම උනත් පින්තූර ගත්තෑකි. ෆොටෝ ටික සුද්ද කරනවා නං විතරයි වියදමක් යන්නේ. :)

පින්තූර සුද්ද කරන්නේ නැත්තං ඒ ගානත් ඉතුරුයි. ඉස්සර නං ෆිල්ම් රෝලටයි සුද්ද කරන්ඩයි වෙන වෙනම සල්ලි ගෙවන්ඩ එපෑ.

හ්ම්ම්ම්....තාක්ෂණේ කොච්චර සරල වෙලා ද :)

24 comments:

  1. ඒ දවස් වල 110 කැමරාව තමා අප්පිරියම.. 135 කැමරාවට තමා කැමති.. මට තිබුනා යොෂිකා කැමරාවක්. ඒකේ චිජිටල් ටයිමර් අනං මනං තිබ්බ නිසා සුපිරි එකක් වගේයි දැනුනේ.. හරියට සුරබිදෙනක් වගේ. ඒත් කාලයක් යද්දී උඹ කියන දේ තමා උනේ..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.
      කාලයක් යනකොට කමරාව එපා වෙනවා. කිසි වැඩකට නැති එකක් වෙනෝ

      Delete
    2. වයිප්ගේ නම “කමරා“ ද බං..

      Delete
    3. නැත..නැත.. දේශකය... !
      බොලාට රිප්ලයි ඔන් කරන්ඩ කියලා කිව්වේ මේ වගේ නැටුං නටන්ඩ වෙන්ඩෑ.. හික්ස් :)

      ආහ් නෑ...

      හැක් හැක් හැක්

      Delete
  2. මේ ලදී ෆිල්ම් රෝලක් ඉල්ලල ස්ටුඩියෝ එකකට ආව පොරක් කියනව " ඕගොල්ලො මේක විකුණනකොට කිවුවෙ නෑනෙ film රෝල් නැතිව යනව කියල " මම බැලුව මේ විහිළුවක් ද කියල . මොන මෑන සිරාවටම කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ දැන් නං ෆිල්ම්‍ රෝල් හොයන්න නැතුව ඇති.

      Delete
  3. මගේ ගාවත් තිබ්බ 93-94 වගේ කාලේ 110 කැමරාවක්.. පිස්සු පීකුදු.. ප්‍රින්ට් කරල ඉවර වෙනකම් ශුවර් නෙ 4ටො වැදිලද නැද්ද කියල.. හිකිස්

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ෂුවර් නැති වෙනවා ෆොටෝ වැදිලද නැද්ද කියලා.

      Delete
  4. ලොකුම වාසිය ගහපු ගමන් photo එක බලන්න පුළුවන් එක.අවුල් වගේනම් තව එකක් ගන්න පුළුවන්නේ. එක සැරයක් ඔහොම රිල් එකක් ඉවර වෙනකන් ගහලා සුද්ද කරන්න දීලා බලද්දී වැදිලා තිබ්බේ photo වල කොටසයි. shutter එකේ අවුලක් සම්පුර්නෙන් ඇරිලා නෑ ලු. wedding එකක එහෙම ඔහොම උනානම් අයෙ ඒ camera එකෙන් ගන්න වෙන්නේ photographer ඒ මලගෙදර photo තමා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ෆොටෝග්‍රැෆර්ල කැමර දෙකක් තියාගන්නෙ ඒකනෙ.

      Delete
    2. අපෝ...
      ඔහොම දෙයක් වෙඩිමකදි උනා නං එහෙම හමාරයි... !
      ආයේ ඉතින් බඳින්ඩ කියලා යෑ. කැමරාමන්ට ගම රට දාලා යන්ඩ වෙන්නේ.

      Delete
    3. සමහර අය ෆිල්ම් රෝල් දාන්නෙම නැතුව ගහනවා, සමහරු රෝල් එක හරියට දාන්නේ නෑ... රෝල් එකේ ගහලා තියන නම්බර් එකත් පැනලා කවුන්ටර් එක යනකොට තමයි තේරෙන්නේ...

      Delete
    4. තිසර :
      එහෙම සීනුත් වෙලා ඇති. ඇයි ඉතින් නිකන් උනත් ෆ්ලෑශ් එක වදිනවා නෙව.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මාත් ඒ ලෙවල් ඉන්න කාලෙ කැනන් 135 කැමරාවක් අරගෙන ඔහෙ ගැහුව ෆොටෝ. ඇත්තටම ඩිජිටල් ආවයින් ෆොටෝ ගැනීමේ වියදමනං සෑහෙන්න අඩු උනා. අනික තමයි රීල් එක සුද්ද කරල බලනකල් ගහපු ෆොටෝ ෂුවර් නැතිකම.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ෆොටෝ වල ෂුවර් නැතිකම හැමෝටම තියෙන ප්‍රශ්නයක් !

      Delete
  7. මටත් අනූ හතරෙදි විතර යාලුවෙක්ගෙන් 1;10 එකක් ලැබුන, ඒකෙ පොඩි අවුලක් තිබ්බ නිසා මම ගැලෙව්ව. අම්මට සිරි කෑලි වැඩියි හයි කරන්න ගියාම. ඉන්පස්සෙ 2002 දි තමයි මුලිම්ම සල්ලි දීල කැමරාවක් ගත්තෙ. එතකල් එක එකාගෙන් ඉල්ලන් තමයි ෆොටෝ ගැහුවෙ ට්‍රිප් යත්දි.

    2004 ගත්ත මුල්ම ඩිජිටල් එක, පැනසොනික් ලුමින. 3මෙගාපික්සල්. බඩු තාම ගින්දර වගේ වැඩ, අවුරුදු දහයක් ගියත්.

    මම එක පාරක් යාලුවෙක්ගෙ එක්ක උගෙ සීයගෙ මලගෙදර ගියාම උගෙ මාම ඉතාලියෙ ගෙනාපු අලුත්ම SLR කැමරාවක් දුන්න පිතූර ගහන්න. මම වැඩ්ඩ කියල මටම දුන්නනෙ කරුමෙට. රීල් එකත් මමම දැම්ම. එකක් ඉවර වෙනකල් ගැහුව, දෙක දැම්ම දෙකත් ඉවරයි. සුද්ද කරාම එක පින්තූරයක්වත් නෑ. හොඳවෙලාවට සීන් එක උනේ හබරාදුවෙ, අරුන්ගෙ මාම කලබලේ ගිහින් සුද්ද කරන්න දීල තිබ්බෙ ඉතාලියෙ ස්ටුඩියෝ එහෙකට. නැත්තන් මගේ මල ගේ පින්තූර ගන්නව කට්ටිය ඒ SLR කැමරාවෙන්.

    තව පාරක් අපි ගියා ඔබ්සර්වේෂන් සැලුන් එකේ බදුලු. පින්තූර ගත්තෙ අපේ නංගි අර මම මුලිම්ම ගත්ත කිව්ව කැමරාවෙන්. සුද්ද කරාම එකම එකයි තීන්නෙ, අනික්ව කලු!

    ReplyDelete
    Replies
    1. ඉස්සරම අපේ අය්ය ගාව තිබ්බ මරු කැමරාවක්. ඒකට දැම්මෙ අමුතු කෑලි හතරෙ ෆ්ලෑෂර්.එක පැත්තක් එක ෆොටෝ එකයි, බල්බ් එක සෙත්ත පෝච්චි.ඒකෙ ෆොටෝ කලු සුදු, පෝස්කාඩ් එකෙන් භාගයයි එකක්.

      Delete
    2. ශා... මරු කැමරාවක් නෙහ් !
      ඒක නෙමේ අර ෆොටෝ ටික ඉතාලි ගිහිං සුද්ද කරපු නිසා හොඳට ගියා. නැත්තං ඉතිං සොරි ම තමා.

      Delete
  8. අපේ බාප්පා ඉස්සරම වෙඩිං ෆොටෝග්‍රැෆි කලා....එයා ලග උඹ කියන ජාතියෙ ගැජට් තිබුනා මතකයි...බාප්පා කරනවා දැකලා පස්සෙ අපේ මලයා සැට් උනා ෆොටෝ ගහන වැඩේට...

    ඉස්සර ඉතිං ෆොටෝ එක වැදුනද නැද්ද කියලා බලාගන්න ශුද්ධ කරන්නම එපායැ...අද කොහොමද....තාක්ෂණයේ දියුණුම තමයි ඉතිං...

    ReplyDelete
    Replies
    1. ඒකනේ. සුද්ද කරන්ඩ වියදමයි ෆිල්ම් රෝල් වලට යන වියදමයි වියදම් දෙකක්.. බාප්පා ෆොටෝග්‍රැෆි කලා නම් උන්දෑ ගාව ඔය එක එක ජාතියේ කෑලි ඇති නෙව.

      ඒක නෙමේ ඔන්න කට්ටියම ඉල්ලලා තිබ්බ කමෙන්ට් රිප්ලයි ක්‍රමය හැදුවා :)

      Delete
  9. දැං පිලුම් රෝල් නෙවී ඒ කැමරත් එන්නෑ
    මේළගදි මං කඩේක දැක්ක කැමර සෙට් කක්ම තියෙනව
    මං ඇහුව සෙකන්ඩ් හෑන්ඩ් නේද අය්යෙ විකුණන්නද කියල
    ඌ කියනව
    නෑ මල්ලි ඔය හදන්න ගෙනාපුව ඇරං ගිහිං නැති එව්ව
    ඇයි ගෙනියන්නෙ නැත්තෙ
    කියල අහපුවාම මූ මටත් කින්ඩි හිනාවක් දාල කීවනෙ
    දැං මල්ලි පිලුම් ෆිල්ම් රෝල් එන්නෑ නෙ කියල

    ReplyDelete
    Replies
    1. ඒ ජාතියේ කැමරා ගත්තු එවුන් දැන් ඒ කැමරා ටික තියාගෙන වැඩක් නැතුවැති. )

      Delete
  10. උඹට කියන්න මචෝ, ඔය ෆිල් රෝල් දාන කැමරා පාවිච්චි කරන්න මං දන්නෙත් නෑ බං. වතාවක් හරි දෙකක් ඕකෙන් ෆොටෝ ගහල තියෙනවා, ආසාවට.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.