28 November 2014

අන්තර්ජාලය වේගය හා අප්ලෝඩ් කිරීම

අපට අද උදේ ඉදලා සෑහෙන වෙලාවක් යනකන් අන්තර්ජාල පහසුකම තිබුනේ නෑ. වෙබ් අඩවියක් උනත් ලෝඩ් වෙන්ඩ සෑහෙන වෙලාවක් ගත්තා. ඊයේ හවසත් ටිකක් ස්පීඩ් අඩු ගතියක් තිබ්බා. ඒත් හවස නිසා ඒක ඒ හැටි ගානක් උනේ නෑ.

අද නං උදේ හිටන්ම අන්තර්ජාලය නෑ... !

එපා වෙනවා. මොකුත් හොයන්ඩ වෙන්නෙත් නෑ ඒ වගේම අන්තර්ජාලය සම්බන්ධ වෙන කිසිම වැඩක යෙදෙන්ඩ බෑ. ඒ නිසා අපට දීලා තිබ්බ අධ්‍යාපන වීඩියෝ වගයක් බැලුවා.

අන්තර්ජාල වේගය ගැන මතක් උනහම මට අපේ එක්කෙනෙක්ට ගහපු මඩක් මතක් උනා. මේක ඇත්තටම මඩක්. කොහද මම දන්න විදිහට මේකා මේ වාගේ වැඩක් කරයි කියලා හිතන්ඩ බෑ.

මේකයි වැඩේ.
දවසක් මේ වාගෙම අන්තර්ජාල වේගය.. දන්න විදිහට කියනවා නං ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙලා තිබුනා. ඒ වෙලාවේ අපේ ඇඩ්මින්වරු ලිස්ට් කරලා බැලුවා කවුද වැඩියෙන්ම අන්තර්ජාලේ පාවිච්චි කරලා තියෙන්නේ කියලා.

ඒ ලිස්ට් එකේ මුලින්ම තිබ්බේ මේකාගේ නම ලූ.... මේකා හොඳටම බයේලු හිටියේ මොකක් හරි කේස් එකක් වැටේවි කියලා. වැඩ කරන ගමනුත් මතක් වෙන්නේ මේකලූ. ඇඟිල්ලකුත් කටේ ගහගෙන කල්පනා කරනවලු මේකට මොකෝ කරන්නේ කියලා.

ඊට පස්සේ,

"මචං මම වීඩියෝ වගයක් බෑවා. ඒ හින්දද දන්නේ නෑ නෙට් යූසේජ් එක වැඩිවෙලා තියෙන්නේ.." කියලා ලඟ ඉන්න තවේකෙක්ගෙන් ඇහුවා.

මූත් ගත් කටටම,

"ඔවු ඔවු..ඔවු.. ඒක කියන්න බෑ.. උබේ ඩවුන්ලෝඩ් හින්දා වෙන්ඩ ඇති උබව ලිස්ට් එකේ උඩටම ඇවිත් ඇත්තේ." කියල කිව්වා ලූ.

"එහෙනම් මම බාපුවයින් ටිකක් ආයෙම නෙට් එකට අප්ලෝඩ් කරලා දානවා බං.. එතකොට ඩවුන්ලෝඩ් වැඩියි කියලා අහුවෙන්නේ නෑනේ. එතකොටවත් ශේප් නෙහ්.." කියලා කිව්වලු.

ඔය අප්ලෝඩ් කතාව අහපු අහපු හැමෝටම හිනා.. ටික දවසක් යනකන්ම ඔය අප්ලෝඩ් කතාව කිය කියා අපිත් හිනා උනා. මේක ඇත්තටම උන කතාවකට වඩා ඌට ගහපු මඩක් කියලා කියන්ඩ පුලුවන්.

අන්තර්ජාලේ තිබ්බ නැති වෙලාවේ ටයිප් කර කර හිටපු කතාව දැනුයි ඉවර කලේ. ඒක දැන්ම පබ්ලිශ් කරලා දානවා.ඒ ටිකේ මම මැරතන් එකක් දුවනවා වගේ එක පිට එක පෝස්ට් දැම්මා.. :)

12 comments:

  1. ළගදි අප්ලෝඩ් කරපු නිසාද දන්නෑ දැං ස්ලෝ වෙලා තියෙන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ඒක තමා නෙහ්..
      අප්ලෝඩ් කලා නං මාස නවේකින් ඩවුන්ලෝඩ් එකත් ඒවි.

      Delete
  2. කවද හරි දවසක ඔය උඩින් කිව්ව එකාට වෙච්ච වැඩේ මටයි වෙන්නෙ. මේ මාසෙ අපේ ෆැක්ට්‍රියේ වැඩිම යූසර් මං.

    ReplyDelete
    Replies
    1. ඉතිං කේස් එකක් වැටුනේ නැද්ද ?

      Delete
  3. අන්න නියම මොලේ ඇති මිනිස්සු.

    ReplyDelete
  4. Internet slow vala tiynna Cable ekk kadila nisa kiyala kiyanna maka balanna lankave TRCSL web ekath me gana kiyala tibuna

    http://www.malaysiandigest.com/technology/529632-tm-warns-of-slow-internet-speeds-due-to-fault-in-submarine-cable.html

    ReplyDelete
    Replies
    1. එහෙම කේස් එකක් වෙන්ඩෑ..
      ඒත් අපේ ලිමිට් එක පැනලා කියලා කිව්වේ.

      Delete
  5. හැබෑට කවුද දැන් ඔය කියපු එකා.. මේකා නම් වෙන්න බෑ.. හැක් හැක්.. මගෙත් ජාලෙ උදේ හතේ ඉඳන් රෑ දොලහ එක වෙනකං ඔන්.. හිහ් හිහ්..

    ReplyDelete
    Replies
    1. අපෝ මම නං නෙමේ. මම එච්චර ඉන්ටර්නෙට් යූස් කරන්නේ නෑ.

      Delete
  6. අපේ ලොක්කොන්ට කොම්පුටර් දුන්න අලුත මාර ආතල් දෙන්නෙ. එක්කෙනෙක් හිටිය on කරන්ඩත් බයයි.
    කිවුවට මමත් යන්තම් IT එකේ උන්ගෙ පිහිටෙන් තමයි කම්පුටර් පාවිච්චිය.

    ReplyDelete
    Replies
    1. ඇයි කොම්පීතරේට වැඳලා වැඩ පටං ගන්න අය දැකලා නැද්ද ?
      අපේ එහෙම අයත් ඉන්නවා.

      Delete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.