23 November 2014

කෝට්ටේ නටබුන් සොයා - 3වන කොටස

මතකනේ මමයි අපේ එක්කෙනායි කෝට්ටේ රාජධානියේ ඇවිද්දා කියලා. අද ඒ ගමනේ තුන්වෙනි ලිපිය ලියන්නයි යන්නේ. එක අතකට මේ ලිපි සෙට් එකම එක ලිපියක ලිව්වා නං හොඳයි කියලත් හිතෙනවා.ඒත් ඉතිං කම්මැලිකම ලොකුයි නෙ
ව.කලින් ලියපු කෝට්ටේ ලිපි දෙක කියවන්ඩ ලැබුනේ නැත්තං මෙන්න මෙතනින් ගිහින් ලිපි දෙක කියවන්ඩ.

කෝට්ටේ පළමු ලිපිය | කෝට්ටේ දෙවන ලිපිය

කෝට්ටේ කෞතුකාගාරයේ වැඩට හිටපු කෙනාගෙන් අහගත්තු තොරතුරු අනුව අපි දෙන්නා පිටකෝට්ටේ-රාජගිරිය පාරේ රාජගිරිය පැත්තට පල්ලම් බැස්සා. ටික දුරක් යනකොට දකුණත පැත්තේ තිබ්බ කොටුබැම්ම පාරට හැරුණා. ඒ කෝට්ටේ කොටුබැම්ම ඒ කියන්නේ කෝට්ටේ රාජධානියේ බැම්මේ නටබුන් බලන්ඩ.කොටුබැම්ම පාරේ ටික දුරක් යනකොට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවෙන් ගහපු බෝඩ් එක දකින්ඩ පුලුවන්.


පහලින් තියෙන්නේ ඒ නාම පුවරුවේ පින්තූරයක්.

ඒ නාම පුවරුව තියෙන පැත්තට ටික දුරක් ගියහම කොටුබැම්ම පළමු පටුමග හම්බ වෙනවා. එතනින් හැරුනොත් ඇතුලත දිය අගලේ නටබුන් බලන්ඩ පුලුවන්.ඒ හරියෙත් පුරාවිද්‍යා නාම පුවරුවක් තියෙනවා.

පළමු පටුමගෙන් හැරෙන්නේ නැතුව ටික දුරක් ගියහම දෙවන පටුමග හම්බ වෙනවා. මෙතනින් හැරුනොත්  කොටු බැම්ම බලාගන්ඩ පුලුවන්. පහලින් තියෙන්නේ කොටු බැම්මේ පින්තූර. අනිත් රාජධානි වගේ නෙමේ කෝට්ටේ රාජධානියේ කොටු බැම්ම බැඳලා තියෙන්නේ තනි කබොක් ගල් වලින්.

පහලින් තියෙන්නේ කොටු බැම්මේ පින්තූරයක්.වෙන රාජධානි වගේ නෙමේ කෝට්ටේ රාජදානියේ පුරාවිද්‍යා නටබුන් තියෙන හරිය වෙනකන්ම ගෙවල් හදලා තියෙන්නේ. යාන්තන් පොඩි ප්‍රදේශයක් විතරයි පුරාවිද්‍යා ස්මාරක වලට වෙන් වෙලා තියෙන්නේ.

ඒකට ප්‍රධානම හේතුව වෙලා ඇත්තේ මේ පැතිවල ඉඩම් වල වටිනාකම වැඩි හන්දා වෙන්ඩැති. තව දෙයක් තමා සැලලිහිණි සංදේශයේ සදහන් වෙන කොන්තගංතොට තොටුපොළ තිබ්බ ඉඩම් කෑල්ලත් මිනිස්සු අල්ලගෙන කියලා මට කෞතුකාගාරේ හිටපු කෙනා කිව්වා. ඒ බෝඩ් එකත් ගලවලා විසික් කරලා ලූ. අපරාදේ...!


කොහොමද බැම්මේ පළල !

කෝට්ටේ රාජධානිය ගැන කියනවා නම් ස්බාවික දිය අගල් වලින් ආරක්ෂිත රාජධානියක්. ඒ බව දැනුත් සිතියම් වලින් දකින්ඩ පුලුවන්. පහලින් තියෙන්නේ ගූගල් මැප් වලින් ගත්තු කොටසක්. මේ සිතියමේ කෝට්ටේ රාජධානිය දියවන්නා ඔයෙනුයි තවත් ගඟකිනුයි ආරක්ෂා වෙලා තියෙනවා.

පහලින් තියෙන්නේ 10 වසරේ ඉතිහාස පොතෙන් ගත්තු  පැරණි කෝට්ටේ රාජධානියේ සිතියමේ පින්තූරයක්. ඒ දෙකේම සමානකම් තියෙනවා නේ ද ?
කොටු බැම්ම බැලුවට පස්සේ මගේ ඊලඟ සැලැස්ම වෙලා තිබ්බේ අලකේශ්වර මාලිගයේ නටබුන් බලලා එහෙම්මම වෙහෙරකන්දේ නටබුන් බලන්ඩ. ඒත් ගිනි කාස්ටක අවුව නිසා අපේ එක්කෙනා එහේ යන්ඩ බෑයි කිව්වා. බෑ කිය කියා පොලොවේ පස් කනකොට මුන්දැව උස්සං යන්ඩ කියලා යෑ.

වෙන දවසක ඒ දෙක බලන කැමැත්තෙන් ආපහු එන්ඩ හැරුනා.

කෝට්ටේ රාජධානියේ මාලිගයක නටබුන් තාම මේ වෙනකන් හමුවෙලා නෑ. අද අපි මාලිගාවත්ත කියලා හඳුනාගන්න ප්‍රදේශයේ මාලිගාව තිබ්බයි කියලා මතයක් නං තියෙනවා. ඒත් ඒකටත් සාක්ෂි නෑ..

අලකේශ්වර මාලිගයේ නටබුන් ටිකයි වෙහෙරකන්ද නටබුන් ටිකයි බැලුවට පස්සේ තව බලනවා නං බලන්ඩ තියෙන්නේ කෝට්ටේ ආනන්දශාස්ත්‍රාලයේ තියෙන උමං දොරටුවේ නටබුන්.

ඒකත් ලඟදි දවසක බලන්ඩ කියලා හිතාගෙන ඉන්නවා. ඉස්කෝලේ විදුහල්පතිතුමාගෙන් අවසර ගන්ඩ වෙයිද දන්නේ නෑ.. මේ උමං මාර්ගය ඒ කාලේ කොළඹ කොටුවට වෙනකන්ම තියෙනවා කියලා අපිට කෞතුකාගාරය බාරව හිටපු කෙනා කිව්වා. බොරැල්ල සුසාන භූමිය හරියෙත් මේ උමගට ඇතුල්වෙන මාර්ගයක් තියෙනවයි කියලා සඳහනක් තියෙනවා.

ඉතුරු නටබුන් වල පින්තූරත් ලඟදි දවසක දාන්නම්....ජය වේවා !

25 comments:

  1. ළඟ වුණත් ගිහින් නෑ. වෙලාවක යන්න ඕනෙ!

    ReplyDelete
  2. මේකෙ දෙවෙනි කොටස මට මිස් වෙලා තිබ්බා.. ඒකත් ගිහින් බලල ආවා..

    මට පෙනිච්ච දෙයක්.. අර දහය වසර ඉතිහාස පොතෙන් ගත්ත සිතියමේ මොනවද ලියල තියෙන නම්,
    \\මාලගාව, ඇතල කෝට්ටේ, පාකාරය, පට කෝට්ටේ දය ඇල.. \\
    ඇත්තටම එහෙමද ප්‍රින්ට් වෙලා තියෙන්නේ නැත්නම් ඔබ අතින් යම් වරදක් වෙලාද?

    ReplyDelete
    Replies
    1. අමම්ට සිරි.. ගජ.. බඩ වැඩ.. ඒ වැරදි ටයිපින් මිස්ටේක් බං

      Delete
    2. මුද්‍රණ දෙපාර්තුමේන්තුවේ සයිට් එකෙන් පොත ඩවුන්ලෝඩ් කලේ. ඒකේ තිබුන විදිහ ඔහොම්මයි. ඒක හදන්ඩ ගියේ නෑ..

      Delete
  3. මධු.. බොම ස්තුතියි අපට යකා නැටීමට පිටිය සකස් කිරීම පිළිබදව. උඹ මේ කරපු කාරිය බෝම වටින කාරියක්.. දවසක උඹටම දැනගත හැකි වේවි. මේ තොරතුරු වල වටිනාකම..

    ReplyDelete
    Replies
    1. සෑහෙන අමාරු උනා පිටිය සකස් කරන්ඩ. ටෙම්ප්ලේට් එක එහෙම්පිටින්ම මාරු කරලා ආයෙම පරණ ටෙම්ප්ලේට් එකේ පාට ඇප්ලයි කරන්න උනා.

      Delete
    2. මං කිව්වේ උඹ භාවිතා කරපු ටෙම්පලේට එකේ රිප්ලයි ඔප්ෂන් එක නැහැ. කෝම උනත් වැඩේ හොදයි.. එළ

      Delete
    3. මෙව්වා ඉතිං එකදාස් නවසිය ගණන් වල ටෙම්ප්ලේට් නෙව. ඒ කාලේ රිප්ලයි ඔප්ශන් නෑ. ඊට පස්සේ ටෙම්ප්ලේට් එක වෙනස් කලේම නෑ. අවුරුදු 4ක්ම තිබ්බේ මේ ටෙම්ප්ලේට් එක.
      ඒකයි සීන් එක.. දැන් අවුලක් නෑ..

      Delete
    4. නැතුව, නැතුව .. මේක නම් උඹ පනපිටින් නිවන් යන පිනක්. කොච්චර නම් කමෙන්ට්ස් උඹට නැති වෙන්න ඇතිද මේ රිප්ලයි එක නොතිබුනයින්.

      Delete
    5. මේ ‍'පොදු' අවස්ථාව කරලියට ගෙන ඒමට කැපවී අප්‍රතිහත ධෛර්යයක් දැරූ අපේ දේශක යා තෙමේට ටම් අවස්ථාවේ අපගේ ප්‍රමාණය සොරි ප්‍රණාමය හිමිවෙනවා.

      Delete
    6. අනිවා.. මිනිහා යවපු පේස්බුක් මැසේජ් තොග ගානක් තිබුනා ඔය හොර ගෙඩියට.. හැක්

      Delete
    7. අඩේ අප්පා.. රිප්ලයි බටං එක දාල නෙ. අන්න හොඳ ළමයි !! :)

      Delete
  4. නියමයි.
    සුසාන භූමියෙ ඇතුලෙන් උමගට ගියානං අපායත් බලාගන්න පුලුවං වෙයි. :D

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව...
      බලාගෙන ආවෑකි.. :)

      Delete
    2. පික්ෂුද ප්‍රසන්න අයියා ! මේ කාලෙ කවුද අපාය බලන්න උමං අස්සෙ රිංගන්නෙ. ඕන් හෙට අනිද්දට අපාය විතරක් නෙවි යම යුද්ධෙත් බලාගත්තෑකි. :)

      Delete
    3. ඒක හරි. යම යුද්දෙත් බලාගත්තෑකි තමා.

      Delete
  5. //බෑ කිය කියා පොලොවේ පස් කනකොට//

    ඒ කියන්නෙ මේක සර්වසම්පූර්ණ ගවේශනයක්. කෝට්ටේ රාජධානියෙ පස් ගැන රස පරීක්‍ෂක වාර්තාව ඊළඟ ලිපියටවත් අතුල් කරහන්කෝ. හැක් ...

    ReplyDelete
    Replies
    1. මම මුකුත් නොකියමි..

      Delete
    2. කියන්න ගිහිල්ල දත් නැතුව බත් කන්නෙ මොකටද නෙහ්. :D

      Delete
  6. ඇත්තටම මධුරං‍ග අය්යෙ අපේ මිනිස්සු අල්පේච්චයි කිය කිය කරන්නෙම මහ කුෂණු වැඩ නෙව බං තමන් ගැන විතරයි අඩුම ගානෙ තමන්නෙ දරුවො ගැනවත් හිතන්නෑ නැත්තං අරේම දේවල් කරයිද

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං එහෙම හිතුවා නං ඒ දේවල් අපට බලාකියා ගන්ඩ ඉතුරු වෙලා තියෙනවා නෙව.

      Delete
  7. කාලෙකින් ආවේ බන්,,, කියවන්න දේවල් ගොඩක් එකතු වෙලා,, මේ වගේ විස්තර ලියන එක වටිනවා බන් තොරතුරු හොයන අයට උදවුවක්,,

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං... කමන් නෑ සෑහෙන කාලෙකට පස්සේ හරි ආපු එකම මදෑ.

      Delete
  8. වැටින ලිපි පෙලක්. යං කො උමගෙ අස්සෙත් එහෙනම්..

    මෙහෙම ලිපි දැක්කම මතක් වෙන්නෙ හසිත මල්ලි. ඒ දවස් වල මෙහෙම ලිපියක් දැක්ක නම් එයා සෑහෙන්න කරුනු ටිකක් එකතු කරනවා. දැන් වැඩ වැඩි වෙලා ද කොහෙද බ්ලොග් වල දකින්න නෑ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.