02 June 2014

අවුරුදු හතරක බ්ලොග් කෙරුවාව

 ඊයේ දවස, ඒ කියන්නේ ජුනි පළවෙනිදා.. එහෙනම් මීට අවුරුදු හතරකට කලින් ඊයේ වගේ දවසක තමයි මම සිතක සංකල්පනා කියන බ්ලොග් අඩවිය පටන් ගත්තේ.

මට බ්ලොග් අඩවියක් පටන් ගන්න ඕන කියන අදහස මුලින්ම ආවේ මම ට්‍රේනින් වෙච්ච තැන උන්නු අයගේ අදහසක් නිසා.ඒ අය නම් කිව්වේ තමන්ට හම්බවෙන තාක්ෂණික දේවල් ලියන්ඩ බ්ලොග් අඩව්යක් පටන් ගන්ඩ කියලා.

එහෙම බ්ලොග් අඩවියක් පටන් අරගෙන ටික දවසක් කරගෙන යනකොට කම්මැලි හිතෙන්ඩ ගත්තා. ඒ නිසා තාක්ෂණික දේවල් ලියවිල්ලට තිත තියලා මට හිතෙන නානාප්‍රකාර කතා ලියන්ඩ ගත්තා. ඒක තාක්ෂණික ලිපි ලියනවාට වඩා ආස හිතෙන වැඩක්..

හැබැයි ඉතින් බ්ලොග් අඩවියක් පටන් ගන්නවාට වඩා අමාරුයි ඒක එක දිගට යාවත්කාලීන කරගෙන එන එක... කොහොමින් කොහොමහරි අවුරුදු හතරක් කරගෙන ආවා වගේ තව දුරටත් ලියාගෙන යනවා.
මේ අවුරුදු හතර පුරාම මාත්තෙක්ක උන්නා වාගේම ඉදිරියටත් ඔයාලා රැඳී ඉදීවි කියලා හිතෙනවා.

 බ්ලොග් අඩවියට අවුරුදු හතරක් ගත උනා වගේ තමා ඊයේ දවසේ මගේ උපන්දිනේ. ඒ නිසා මට තෑගිබෝගත් ලැබුනා.තව පොඩ්ඩෙන් කියන්ඩ අමතක වෙනවා, මට අපේ උන්දැගේ ගෙදර පරණ පොත් රාක්කෙකක තිබිලා ජනකතා පොතක් හම්බ උනා.

ඒකේ ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. වෙලාවක් හම්බ උනහම එයින් කතාවක් දෙකක් ලියන්නම්.

එහෙනම් මම ගියාවේ.. !

මටයි මගේ බ්ලොග් අඩවියටයි සුබම සුබ උපන්දිනයක් වේවා !!

32 comments:

  1. සුබ උපන් දිනයකට සුපැතුම් පළමුවෙන්ම , ඒ වගේම සිතක සංකල්පනා තවත් වසරකින් වියපත් විම වෙනුවෙන් මගේ සතුට පිළිගන්න .

    ReplyDelete
  2. තාක්ෂණික තොරතුරු ලියන එක අතාරින්න එපා. ඒ වගේම රසවත් ඔබේ සන්ච්ගාරක සටහන්.

    ඔබටත් ඔබේ බ්ලොග් අඩවියටත් සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  3. හැපි ඇනිවර්සරි හොඳේ...සුභපැතුම්....

    ReplyDelete
  4. තමුන්ටම සුභ පතාගන්න රටක් තියෙනවද බං..

    …ඔන්න පරක්කු උනත් සුභම සුභ උපන් දිනයක් වෙන්න කියලා පතන ගමන්ම බ්ලොගේ හතරවන වර්ෂ පූර්ණයටත් සුභ පැතුම් එක් කරන්න කැමතියි..

    දැන්වත් බ්ලොගේ කමෙන්ට් කරන තැනම රිපල්යි දාන්න පුලුවන් විදිහට හදපන්කො. නැත්නම් මල කරදරේ උඩ පහළ බලන්න ගියාම..

    …තවත් දෙයක් මධුරංගව මුල්ම කාලෙ බ්ලොග් එලෝ එලෝ එව්වල කමෙන්ට් කරපු හැටි මතක් උනා.. මධුරංගගේ කමෙන්ට් එකක් තිබ්බෙ නැති බ්ලොග් පෝස්ට් එකක් තිබ්බෙ නෑ. පස්සෙ ඉතින් අවකාසෙන් ඈත්වෙලාමත් ගියානෙ.. ඒත් ආයෙ ආපු එක ගැන සතුටුයි..

    ReplyDelete
  5. දෙන්නටම සුබ උපන්දිනයකට ආසිරි.... හොඳේ.. චිරාත් කල් යෙහෙන් වැජඹේවා...

    ReplyDelete
  6. උපන් දිනයටත් ඇනිවසරියටත් සුබ පැතුම් මධු,දැන්වත් කමෙන්ට් බොක්ස් එක හදාගත්තොත් නරකද.

    ReplyDelete
  7. සුබ පැතුම් මලයා !

    ReplyDelete
  8. ඔන්න එහෙනම් සුබ ම සුබ උපන්දිනයක් වේවා ගුණ කිරීම 2!

    ReplyDelete
  9. දෙකටම එක වගේ සුබ පැතුම් !
    හ්ම්ම් එතකොට බ්ලොග් එකේ පස් වෙනි උපන් දිනේ එනකොට මධු හිරකාරයෙක්.. අම්මේ සංසාරෙක හැටි !!

    ReplyDelete
  10. සුබම සුබ පැතුම ඈ

    ReplyDelete
  11. මේ සංවත්සර දෙකට වගේම නිවාස ව්‍යාපෘතියටත්, මැවිසුරු වෘත්තීමය දියුණුවටත් මගෙන් සුභ පැතුම්!

    ReplyDelete
  12. සුභ උපන්දිනයක් වේවා... අවුරුදු හතරට ජයවේවා!!!

    ReplyDelete
  13. උපන්දින දෙකටම සුබ පැතුම් ..... ඉඩමේ ඉක්මනට ගෙයක් හදාගෙන එක වහලක් යටට වී දරුමල්ලන් දුසිමක් හදාගෙන ඉන්න වාසනාව ලැබේවා

    ReplyDelete
  14. උපන්දිනේටයි බ්ලොග් සමරුමටයි සුභ පැතුම් .. !!

    ReplyDelete
  15. අඩේ, බ්ලොගේ උපන්දිනෙයි, ඔය තුමාගෙ උපන් දිනෙයි දෙකම එකම දවසෙ. ඒකත් හරි අපූරුයිනෙ. ඉස්සෙල්ලාම ඔබට සුබම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ බ්ලොග් එකටත් සුබම සුබ උපන්දිනයක් වේවා. තව සුවහසක් කල් බ්ලොග් ලොව ඔබගේ මෙම සටහන් විරාජමාන වේවා..!

    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  16. උපන්දිනේටනං මං මොකක් හරි එව්ව මතකයි.. ඈ බං අවුරුදු හතරක් ඕක ඇදං යන එක මොකක්ද.. අර ප්‍රසා යස අගේට අවුරුදු තුනකට දවස් ගානක් අඩු වෙන්නම ඔය ඇදන් යන්නේ උගේ තියෙන අමාරුවටම.

    සුභ ඇනිවැසැරියක් මඩුවෝ..

    ReplyDelete
  17. මධූගෙ උපන් දිනේටයි බ්ලොගේ උපන්දිනේටයි දෙකටම හදවතින්ම සුබ පැතුම්……!!

    සියළු සිතුම් පැතුම් ඉටුවේවා……!!!

    ReplyDelete
  18. සුභ පැතුම්. පොඞ්ඞක් අනුමත වෙමු පත්තරයයි නලින් අයියන්ඞි අල්ලගෙන

    ReplyDelete
  19. සුබ උපන්දිනයක්, සුබ උපන්දිනයක් වේවා !
    කිසි අවුලක් නැතුව තව බොහෝ කාලයක් බ්ලොග ලියාගෙන යන්න හැකිවේවා !!

    @දේශකයා,
    හැක්...

    ReplyDelete
  20. සුජීවාJune 3, 2014 at 12:34 PM

    සුභ උපන් දිනයක් හා සුභ අනාගතයක් පතමි.

    ReplyDelete
  21. සුබ පැතුම් සුබ පැතුම්... උපන්දිනේටයි, අවුරුදු හතරටයි දෙකටම හදවතින්ම සුබ පතනවා !

    ReplyDelete
  22. සුබ උපන්දින දෙකක් වේවා

    ReplyDelete
  23. උඹෙ දෙකටම සුභපැතුම් මල්ලී :D

    ReplyDelete
  24. සුභ අනාගතයක් වේවා...

    ReplyDelete
  25. අඩේ උණුසුම් සුබපැතුම් සහෝ...අවුරුදු හතරක් ආවා වගීම ඉදිරියටත් එලෙසින්ම ලියන්න හැකිවේවා. ඒ වගේම උපන්දිනේටත් සුබ පැතුම්, දැන් ඉතින් නාකි අවුරුද්දකින් වෙනවා නේද? හෙක් හෙක්. ඉක්මනින්ම ගේ දොර හදාගෙන පඩිපෙලක් ගසා ගැනීමට හැකි වේවා. :D

    ReplyDelete
  26. සුබ උපන් දියනයක් දෙන්නටම...ඔය අවුරුදු හතර ඇතුලත අතුරුදහන් වෙලා හිටපු වෙලාවලුත් තිබුනා නේද? කමක් නෑ. ආපහු අතුරුදහන් වෙන්න බෑ හරිද

    ReplyDelete
  27. සුබ ඇනිවසරියක් වේවා අයියේ...

    ReplyDelete
  28. දෙකටම වේවා..!
    (පොඩ්ඩක් පරක්කු උනා.. අදයි බ්ලොග් තොගයක් අතරින් ටිකක් හොයාගෙන කියෙව්වේ..)

    ReplyDelete
  29. පරිනතව තවත් වසරකින්..

    සුබපැතුම් සහෝ :)

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.