16 May 2014

සමන් දෙවි පිළිරුව

මම බ්ලොග් කලාවට ආපුම දවස්වල සමන් දේවාලය ඉදිවීම ගැන ජනප්‍රවාද කතාවක් ලිව්වා. ඒක කියවන්ඩ බැරි උනා නම් මෙතනින් දුවලා ගිහින් කියවන්ඩ.

අද උදේ මම පොත් රාක්කය අස්කරනකොට අපේ මල්ලි ඉස්කෝලෙන් ගියපු සබරගමු චාරිකාවට ඕන කරන විස්තර ලියපු කොළයක් හම්බ උනා. ඒ කොළයේ තිබ්බ විස්තර වලින් තෝරගත්තු ටිකක් පහලින් ලිව්වා.

තව විස්තර තියෙනවා. ඒවා පුලු පුලුවන් වෙලාවල් වලදි ලියන්නම්.පහලින් තියෙන්නේ මලයාගේ ලිපියෙන් උපුටා ගත්තු කොටසක් (මේක පොතකින් ගත්තු කොටසක් වෙන්ඩ ඕන )

දැන් ඇත්තේ බලකොටුව මත අභිනවයෙන් ඉදි කරන ලද සමන් දෙවොලයි. ආර්යකාමගේ සමන් දෙවොල විනාශ කර ඇත.  (පසුකාලීනව පෘතුග්‍රීසින් විනාශ කර ඇත.) ආර්ය කාම එනවිට සමන් වෙහෙරේ පිළිමයක් තිබූ බව සඳහන් ය.

මේ පිළිබඳව අත්භූත ජනකතා පුවතක් ඇත. පසුබිම් වූ වර්ෂය ශක වර්ෂ 1158 හෙවත් ක්‍රි.ව. 1236යි.

සපරගමු විහාරයේ වැඩ සිටි සීලවංශ නැමති හිමියන් වන්දනා කරුවන් පිරිසක් සමග සමනොළ හිර නැග්ගාහ. ඒ පුර පසලොස්වක දිනයකි. සිරිපදලස (ශ්‍රී පාද ලාංඡනය) වැද පුදා ගත් සීලවංශ හිමි හා අනෙකුත් සංඝයා වහන්සේලා සමඟ සැතපුනෝ ය.

පාන්දර හීනයක් දුටුවේය.

දුටුවේ බමුණු වෙසක් මවාගත් සමන් දෙවියන් තමා අමතන බවය. ඒ සිහිනෙන් පෙනී ඔහු හිමියන්ට "සදහටම අපි තෙරිඳුන්ගේ වෙහෙරට වැඩ සිටියම්හ" කීහ.

පසුව සීලවංශ හිමියන් සමනොළ කන්ද වනය සිසාරා සෙනග යවා පරීක්ෂා කර බැලීය. එම වනයේ සරමින් සිටි අයට ගල්ලෙනක තිබු සමන් දෙවියන්ගේ රූපය දුටූහ.

මෙම සමන් දෙව් පිළිරුව යහනාවක තැන්පත් කර සබරගමු වෙහෙරට වැඩම වන ලදී.


-ඉතිරිය පසුවට-

19 comments:

  1. වටිනවා සේරම ටික දාමු මධුරංග

    ReplyDelete
  2. අපේ අංකල් කෙනෙකුත් කියනවා ඔය දෙයියෙක් ගේ නොමනා වැඩක් නිසා රත්නපුර පැත්තේ ගමකට නම වැටුනු හැටි ගැන ලස්සන කතන්දරයක්.

    එක්කෝ සමන් නැත්තං සුමනා නැත්තං සුමන් සමන්.

    ReplyDelete
  3. මේ අර ආර්යකාම මැණික් හොයන්ඩ ගියපු කතාව නේද

    ReplyDelete
  4. තව ටික කාලයක් යනකොට ශ්‍රී පාදස්ථානයටත් දෙයියන්ගේම පිහිට තමා...

    ReplyDelete
  5. සමන් දෙවි පිළිමය තැම්පත් කරතිබෙන්නේ පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරයෙයි.. අද සවස ශ්‍රිපාදස්ථානයේ සිට මෙම විහාරය දක්වා සමන් දෙවි පිළිමය වැඩමවනවා.. ලොක්කත් එනවා, අල්ලපු වැටේ නිසා මාත් යනවා..

    ජය වේවා!!!!

    ReplyDelete
  6. අපූරුයි, නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා, ජය වේවා

    ReplyDelete
  7. ඇත්තටම වැදගත් කරුණු ටිකක්. ඉතිරියත් ඉක්මනට දාමු මධූ.

    ReplyDelete
  8. දැං නං සිරී පාදෙ කියන්නෙ සල්ලි ගරන උල්පතක් වගේ වෙලා
    ස්තූතියි බෙදා හදා ගත්තට

    ReplyDelete
  9. ඉතිරියත් දාමුකො බලන්න එහෙනං..මක්කෙයි හැබෑටම උනේ බලන්න...

    ReplyDelete
  10. ඉතුරු ටිකත් කියමුකො බලන්න.

    ReplyDelete
  11. ඉතුරු ටිකත් දැක්ක දවසක කොමෙන්ටුවක් දාන්නම්

    ReplyDelete
  12. හාමුදුරුවො දැක්ක හීනෙයි හම්බවුණ පිළිමෙයි අතර සම්බන්ධයක් තියෙයිද මන්දා? සමන් දෙවියන් සෝවාන් වුණ කෙනෙක්, ඒත් ඒ දෙවියන්ගෙ නමින් සමන් දේවාලේ වෙන විකාර දැක්ක ම අයියෝ... කියලා හිතෙනවා!

    ReplyDelete
  13. බොහොම පුංචි කතාවක් වුණත් රසට අපූර්ව ආකාරයෙන් ලියල තියෙනවා. මේවා ජනප්‍රවාද වලට වඩා ගැමුරු සාමාජීය සිද්ධි.ගොඩනගන ලද කතා කියල අහක දාන්න බෑ.

    ReplyDelete
  14. Naleen Dilruksha samakayawate :
    ඉක්මනටම ඉතුරු හරියත් ලියන්නම්.

    කතන්දර කාරයා :
    මොකද්ද කකා ඒ ගමේ නම ???

    වැව් ඉස්මත්ත :
    අන්න හරි.. ඒ කතාව තමා.

    ReplyDelete
  15. Amila Prabath Samarakkodi :
    අනේ ඔවු.. ඒක මතක් වෙනකොට පුදුම දුකක් හිතෙන්නේ.

    සී.ජේ. විදානේ. :
    අනේ වාසනාවන්.... මාත් ආසයි බලන්න එන්න නම්.. ඒත් කොයි.. :(

    සොමි යා :
    දිගටම මේ පැත්තේ එමු සොමියා.. !!

    ReplyDelete
  16. චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඉක්මනටම ඉතුරු ටිකත් ලියන්නම්...

    Mahesh Rathnayaka :
    අපොයි ඔවු.. දැන් දැන් ඒ කිට්ටුව හෝටලුත් ගහලා නෙව..

    හරී :
    සැරි සරමින්.
    මේකා කොහෙන් හරි අඩුවක්මයි හොයන්නේ !

    ReplyDelete
  17. සිරාගෙ කාමරේ :
    ලියලා දාන්නම් ඈ...

    Praසන්ன :
    ලියලා දාන්නම්කෝ.. !

    මැලේ රාළ :
    ඒ මොකෝ ඒ.. ??

    ReplyDelete
  18. ලහිරු :
    ඒක හරි.. දෙවියන්ගේ නාමෙන් වෙන අවැඩ දැක්කහම ඇත්තටම දුක හිතෙනවා !

    දයානන්ද රත්නායක :
    ඒක හරි.. ජනප්‍රවාද කතා වලින් තමා අතීතයේ සමහර දේවල් හොයාගෙන යන්න වෙන්නේ...

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.