07 April 2014

කොම්පියුටරේ ලෙඩේ

මතකනේ මම කලින් පෝස්ට් එකකදී කිව්වා මට කොම්පීතරයක් හදන්ඩ ලැබුනයි කියලා. එදා ඒ කොම්පීතරේ රැම් එක ගලවලා පිහිදාලා හයි කලාට පස්සේ ටීක් ටීක් සද්දේ නැවතුනා. ඒ උනාට කළු පාට තිරයෙන් එහාට්ට ඇවිත් වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නෑ...

මම දහ අතේ කල්පනා කලා මොකද මේ කොම්පීතරේ අවුල කියලා.

මම කල්පනා කරන වාරයක් පාසා නෑනන්ඩි ඇවිත් ඇවිත් හිනා වෙනවා.උන්දෑට ඕන කෝමහරි මට විහිලු කරන්ඩ..

"අපෝ කොම්පියිටර් ඉංජිනියර් කෙනෙක් නේද ? ඕක හදාගන්ඩ බෑ ද" කිය කියා කොච්චරවත් මාව චාටර් කරනවා.

මම තුම්මුනින් දාඩිය දාගෙන කල්පනා කරනවා මොකෑ මේකට කරන්නේ කියලා. ඇයි ඉතිං ලැජ්ජ වෙන්ඩත් බෑ නේ. ඕං ටික වෙලාවකට පස්සේ නැන්දම්මත් ඇවිදින් ඇඳේ වාඩි උනා මොකද්ද කොම්පීතරේ ලෙඩේ කියලා බලන්ඩ..

දැං හදාගන්ඩ බැරි උනෝතින් චාටරේ උපරිමේ... !

කෝක වෙතත් කමන් නෑ කියලා කොම්පීතරේ කරන්ට් එකට ගහලා ඔන් කලා. ඔන් කලාට පස්සේ ආපු තිරයේ තිබ්බ අකුරු ටික හීන් සැරේම කියව ගත්තා. එතකොට තමා ගැටේ ලිහාගන්ඩ පුලුවන් උනේ...

තිරයේ තිබ්බේ ප්‍රී මාස්ටර් නොට් ඩිටෙක්ටඩ් (Pre master : Not Detected) කියලා. ඒ වගේම ප්‍රී ස්ලේව් නොට් ඩිටෙක්ටඩ් (Pre slave : Not detected) කියලාත් තිබුනා.ඔන්න ඕකයි ලෙඩේ... මාස්ටරුයි ස්ලේවුයි (Master & Slave) හොයාගන්ඩ බැරුව කොම්පීතරේ ලත වෙනවා.

ඔය පහල පින්තූරේ ප්‍රී මාස්ටර් කියන තැනටයි ප්‍රී ස්ලේව් කියන තැනයි නොට් ඩිටෙක්ටඩ් කියලා තිබුනේ... පින්තූරයක් තිබුනේ නැති නිසා නෙට් එක පීරලා ඕක හොයාගත්තේ.
එකම ජාතියේ කේබල් වලින් හාඩ් ඩිස්ක්, සීඩි රොම් වගේ ඒවා ප්‍රධාන පුවරුවට සම්බන්ධ කරලා තිබ්බහම කොම්පීතරේට පැහැදිලි කරලා කියන්ඩ ඕන කවුද මාස්ටර් කවුද ස්ලේව් කියලා.  මාස්ටරුයි එයාගේ ස්ලේවුයි අදුරගන්න අමාරුම නම් ඒකට කරන්ඩ තියෙන්නේ ජම්පර් සෙට් කරලා මාස්ටර්/ස්ලේව් වෙන් කරලා පෙන්වන එක.

ජම්පර් කියන්නේ පොඩි සර්කීට් කෑලි වගේකට... !

ජම්පර් කියලා කියන්නේ පහල තියෙන ජාතියේ පොඩි සර්කීට් කෑලි වලට. ඕක සෙට් කරන්ඩ ඕන විදිහ හාඩ් එකේ ඇඳලම පැහැදිලි කරලා තියෙනවා.

මම වයින් කරලා අතෑරියා වාගේ කොම්පීතරේ ගලවලා හාඩ් එකේ ජම්පර් සර්කීට් සෙට් කලා... සෙට් කරලා ඉවර වෙලා කොම්පීතරේට කරන්ට් එක දීලා ඔන් කලා...ඕන් දැං බබා වාගේ ඔන් උනා. කාටත් සතුටුයි...ඔක්කෝටම වඩා අපේ එක්කෙනාගේ මූන බලන්ඩ එපෑ... ඇස් වලිනුත් හිනා උනා.

යාන්තන් ජාමේ බේරගෙන කොම්පීතරේ ගොඩ දැම්මා... බැරි වෙලාවකවත් හදාගන්ඩ බැරි උනා නං නෑනන්ඩිගෙන් චාටර් කන්ඩ එපෑ... !

අපෝ ඒයැයි චාටරේ උපත.... !

දැන් නං නිදිමතයි වාගේ.. ගිහින් එන්නම්... හැමෝටම සුබ රාත්‍රියක්.. !

---------------------------------------------------------------------
ප.ලි. - නොතේරුන තැනක් තියෙනවා නං අහන්ඩ..තේරුනේම නැත්නම් කමන් නෑ.. හීනයක් දැක්කයි කියලා හිත හදාගන්ඩ.. :)

15 comments:

  1. බොට නෑනෙක්ද ඉන්නේ මට මස්සිනෙක්...එකා නම් මට සපෝට් කරනවා මුද්දේ අයිතිකාරයා තමා විහිළු කරන්නේ ඉදගෙන.......(මම නම් කොම්පිතර් ඉන්ජිනේරුවෙක් නෙවේ ඒත් දෙයියනේ කියලා කොම්පීතරේ කැඩුනොත් ගූගල් ඩෙයියයි යු ටුබ් අයියගෙනුයි අහගෙන කොම්පිතර් හදන්ට දන්නවා)

    ReplyDelete
  2. ඔහොම ගොඩ දාගත්ත එක මදැයි.. ඉස්සරම මාත් කම්පියුටර් ඉගෙන ගන්න කාලේ ඔහොම දෙයක් වුනාම දඟලපු හැටි මතක් වුනා..

    ReplyDelete
  3. මදෑ ඉතිං ඔහොම ගොඩ ගියා. ඕක හදා ගන්න බැරි උනා නම් නෑනගෙන් කණක් ඇහිලා ඉන්නැයි? :)

    ReplyDelete
  4. එහෙනං බොට අපේ එක්කෙනා සලකන්න නැතෑ හොඳට.

    ReplyDelete
  5. ජම්පරේ හින්ද ගොඩ ගියේ නැත්තං ඇඳගෙන හිටපු ජම්පරෙත් ගැලවෙන්න තිබ්බ.

    ReplyDelete
  6. වැඩේ ගොඩ නෙ. ඉතින් උම්මා හම්බ වුනේ නැද්ද ? ;)

    ReplyDelete
  7. අනේ ඉතිං එයැයිගේ මුනේ සිරික්කිය දැක්ක එකත් මදෑ.. ඔය වහලයි, මාස්ටරුයි මටත් නිතරම කරදර කරනවා බං..

    ReplyDelete
  8. ශානු :
    ඔවු ඉතිං සර්ච් කරන්ඩ තිබ්බා තව කොම්පීතරයක් තිබුනා නං.. !
    හෙහ්.. ඒකටත්තෙක්ක අපේ නෑනා පොඩ්ඩ.... චාටර් ගොඩක් !

    Dinesh :
    මතක් වෙන්නේ නැතුව තියේ යෑ නෙහ්.. :)

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    අපොයි ඔවු.. ඕක හැමතිස්සෙම කිය කියා ඉදීවි..

    ReplyDelete
  9. Helapa kade :
    හ්ම්ම්... සැලකුවා සැලකුවා... :)

    Praසන්ன :
    ඔවු.. කරගන්ඩ බැරි උනා නං මෙලහට්ට රෙදි ටික කළු ගඟේ..

    Chandana :
    මොනවද මේ කතා... උම්මා ගොඩක් ලැබුනලු.

    ReplyDelete
  10. දේශක යා :
    උන් දෙන්නා නං මොකට ඉන්නවද මන්දා..

    ReplyDelete
  11. හි.. හි.. කොහොමින් කොහොමහරි කොම්පීතරේ ගොඩ දැම්මා නේ...

    ReplyDelete
  12. අලේ මංද ඔයමොකක් හරි ලෙඩ මරාලයක් වැටුනොත්කෝම හරි වචන අමුනල ගූගල් අංකල්ගෙන් අහනව මිසක්ක ඕවචන වල තේරුමවත් දන්නෙ නෑ ඔන්න

    ReplyDelete
  13. අපිට නම් ඔය ප්‍රශ්න නෑ නෙව කොම්පුටර් කැඩුනම නන්දම්මලාගෙන් ..කෙලින්ම හදන තැනකට උස්සගෙන ගිහින් හදාගෙන එනවා .එක නිසා කවුරුවත් කින්ඩිය දාන්නේ නෑ ...ඉතින් නැන්දම්මත් හැපී, අපේ එක්කෙනත් හැපී, නෑනාත් හැපී, මාමත් හැපී... ගාන වැඩි නැත්තම් මාත් හැපී :v

    ReplyDelete
  14. බොට හරි ගියා නම් ඉතින් අපිට හරි ගියා වගේ තමයි...අපිටත් කියලා මගුල ගනින් ගන්න දවසක...

    ReplyDelete
  15. ස්තූතියි මලයාට තවත් වටිනා දැනමුතුකමක් අපට ලබා දුන්නට..

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.