27 March 2014

ටීක් ටීක් සූත්තරේ

මේ ලඟදි මට කොම්පීතරයක් හදන්ඩ හම්බ උනා. මම නෙට්වර්කින් කරන කෙනෙක් හන්දා සාමාන්‍යයෙන් කොම්පීතර් හදන්ඩ ලැබෙන්නේ නෑ.. ජාලයේ මොකක් හරි අවුලක් ආවොත් තමයි මට වැඩ තියෙන්නේ.

මේ කොම්පීතරේ හැදිල්ල මට ආපු විශේෂ ඉල්ලීමක්... ඒ ඉල්ලිම ආවේ අපේ සුදු නෝනගෙන්.. !

ඒ නිසා ඒ ඉල්ලීම අහක දාන්ඩ බෑ නේ.

මම සුදු නෝනලාගේ ගෙදර ගියා ඒයැයිගේ කොම්පීතරේ හදන්ඩ. කෝල් කරලා කිව්ව විදිහට නං ප්‍රශ්නේ උනේ කොම්පීතරේ ඔන් උනාට කළු පාට ස්ක්‍රීන් එකෙන් පස්සේ වින්ඩෝස් ඔන් වෙන්නේ නෑයි කියලා. ටීක් ටීක් සද්දෙකුත් එනවයි කිව්වා.

මම නිවාඩු දවසක ඒයැයිගේ ගෙදර ගියා. ගෙදර ගිහින් කොම්පීතරේට කරන්ට් එක දීලා බැලුවා මොකද වෙන්නේ කියලා.. ඔන් කරපු හැටියෙම ටීක් ටීක් ටීක් කියලා කෑ ගහනවා. පුරුද්දට වගේ දන්නවා ඒක නං එන්නේ රැම් එක ගහලා තියෙන තැන බුරුල් වෙලා කියලා.

අපේ එක්කෙනාගෙන් ස්කුරුප්පු නියනක් ඉල්ලන්  කොම්පීතරේ ගලවලා රැම් එක ගැලෙව්වා. කොයිකටත් කියලා මක්කයකුත් ඉල්ලන් රැම් එකේ තඹ තහඩු හරිය මක්කෙන් මැකුවා. ඊට පස්සේ රැම් එක හයි කලා.

ඔන්න දැං යාන්තන් ටීක් ටීක් සද්දේ නෑ..

ඔය ටීක් ටීක් සද්දේ කියන්නේ සූත්තරයක්... ඒකෙන් කොම්පීතර් වල ලෙඩ හොයතෑකි.

කොම්පීතරේ ඔන් කරද්දිම එක පාරක් ටීක් ගෑවොත් කොම්පීතරේ හරියට වැඩ කරනවා. කිසි අවුලක් නෑ..

දෙපාරක් ටීක් ගෑවොත්  ඔන් වෙන එකේ අවුලක්. ඒක විසදගන්න මොනිටරේ තියෙන විස්තරේ කියවගන්ඩ ඕන. ඒකේ දෝශය ලියැවිලා තියෙනවා.

දිගටෝම ටීක් ටීක් ටීක් ගානවා නං මොකක් හරි කාඩ් එකක් බුරුල් වෙලා. සාමාන්‍යයෙන් රැම් කාඩ් එක වගේ බුරුල් වෙලා තියෙන්න පුලුවන්. ඒ නිසා ඒ වගේ කාඩ් ගලවලා ආයෙම හයි කරන්ඩ.

දිග ටීක් එකකුයි කෙටි ටීක් එකකුයි දිගටම ඇහෙනවා නං මදර්බෝඩ් අවුලක්.

එක දිග ටීක් එහෙකුයි කෙටි ටීක් දෙකකුයි දිගටම ඇහෙනවා නං වීඩියෝ වල අවුලක්.. ඒ කියන්නේ වී.ජී.ඒ. කාඩ් එකේ අවුලක්.. ඒක බලවන්ඩ ඕන.

ඔය වගේ එක එක කොම්පීතර් වල එක එක ටීක් සූත්තර තියෙනවා. වැඩිදුරට මෙතනින් කියවන්ඩ.. දන්න ඈයොත් ඇති නොදන්න  අයට වටියි කියලයි මේක දැම්මේ.

රැම් එක හරියාකාරව හයි කලත් කොම්පීතරේට පණ ආවේ නෑ.. වෙන අවුලක් වෙලා. ඒකත් දැනගෙන හිටියොත් හොඳ නිසා මම කියන්නම්...

ඒත් ඒක කියන්ඩ මේක වෙලාව නෙමේ. වෙන ලිපියකින් ඒ ප්‍රශ්නේ කියලා ඒ ප්‍රශ්නෙට මම දුන්න උත්තරේ  පැහැදිලි කරන්නම්.

මම එහෙනං ගියාවේ.... ජය වේවා !

29 comments:

  1. කීක් ගාන්නෙ නැතුවත් සමහර වෙලාවට මොනිටරේට සිග්නල් එන්නෙ නැතුව තියෙනව රැම් බුරුල් උනාම. ඒත් ගොඩක් කේස් ඔය බීප් කෝඩ් එකෙන් බලාගන්න පුලුවං.
    කියමුකො බලන්න අර කොමාගෙ තිබ්බ ප්‍රශ්නෙ මොකක්ද කියලත්.

    ReplyDelete
  2. මටනම් දෘඩාංග පැත්ත ග්‍රීක් වගේ තමා. එහෙම කිවුවට මෘදුකාංග පැත්තත් කොරියන් වගේම තමා. හි… :))

    ReplyDelete
  3. බොරු කියන්නෙ මොටද ඔය කියන සොෆ්ට් වෙයා හාඩ් වෙයා හැම එකක්ම මටනම් අපභ්‍රන්ස

    ReplyDelete
  4. වටිනා වැඩක්. සිරාවටම නෙට්වර්කින් කරන කෙනෙක් වුනාට අවුලක් නැහැ දන්න දේ අහක යන්නේ නැහැ.

    ReplyDelete
  5. එක ටීක් එකක්වත් නැතුව මැශින් එක ඔන් උනොත් මොකද කරන්නෙ? :)

    …මට මතක උනේ සම්මුඛ පරීක්ෂණයකට ගිය බස් ඩ්‍රයිවර් කෙනෙක්ව..

    ReplyDelete
  6. ඔය ටීක් සද්දේ ඉගෙන ගන්න එක වටිනවා .. ගොඩක් වෙලාවට තමන්ටම විසඳ ගන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න කොහෙවත් උස්සන් දුවන්නේ නැතුව .. සුදු නෝනට කෝඩ් ටික උගන්නල ආවේ නැද්ද ..

    ReplyDelete
  7. අපේ අක්කලගෙ ගෙදර තියන මැෂින් එකේ ඔය අවුල එනව මාස හය හතක් ගියාම. රැම් එකෙන් ගොඩ ගියෙ නැත්නම් බෝඩ් එකේ මේන් වයර් ක්ලිප් එක ගලවල ගහපුවම බඩු වැඩ ඒකෙ නම්.

    බීප් කෝඩ් ටික නම් වටිනවා.

    ReplyDelete
  8. ටැන්කිවු ටැන්කිවු

    ReplyDelete
  9. හැබැයි ඉතිං සුදු නෝනට පෙනෙන්න වැඩ දාලා හදාගන්න බැරිවුනොත් පපුව ටීක් ටීක් ගානවා.

    ReplyDelete
  10. දන්න අයට වගේම නොදන්න අයටත් වටිනව...
    දන්න අයට වටිනව කීවෙ ඇයි දන්නවද...? දන්න හුගක් උං තමන් දන්න දේ අනික් අයට කියල දෙන්නෙ නෑ... ඒකයි..
    ඒ අතිං මධුරංග අය්යල පට්ට

    ReplyDelete
  11. ඔව් ඔව් ඒකත් නිකං නාඩි බලනව වගේ වැඩක් තමා. සද්දෙට එරර් කෝඩ් එකකුත් තියෙනව නේ..

    ReplyDelete
  12. තොරතුරු වලට තැන්කු..

    ReplyDelete
  13. දන්නා කවුරුවත් ඉතිං ඔව්ව කියල දෙන එකක්යැ,කිව්වම හදල යනවා මිසක්ක,තෑන්ක්ස් මධු.

    ReplyDelete
  14. දන්නවා නම් මදුරංග අයියාටම කියලා මගේ com එකත් හදාගන්න තිබුණා.. හදලා හදලා එපා වෙලා එක විසික් කරලා ලැප් එකට මාරු උනා.. :D

    ReplyDelete
  15. දන්න නොදන්න අයට හරිම වටිනව මේක... ස්තුතියි මධුරංග.

    ReplyDelete
  16. හැලපෙ අයියගෙ කතාවට මමත් එකගයි..

    ReplyDelete
  17. Praසන්ன :
    ඒක ඊලඟ එකෙන් කියන්නම්. මම පොඩි නූල් සූත්තරයක් දැම්මේ...

    චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) :
    ඒ උනාට පොඩ්ඩක් දැනගෙන ඉන්න එක වටිනවා... !

    වැව් ඉස්මත්ත :
    මටත් ඒ දවස්වල අපභංශ... දැං තමා පොඩ්ඩක් අල්ලගෙන යන්නේ

    ReplyDelete
  18. කෝරලේ මහත්තයා :
    ගොඩක් දේවල් දන්නේ නෑ.. ටිකයි දන්නේ ඔය ගැන.. !

    හරී :
    එක එක බයෝස් වල ටීක් ටීක් සූත්තර වෙනස්.. ඒ නිසා ඒක හොයලා තමා කියන්න වෙන්නේ.

    Pathum Herath :
    අපෝ එයට ඕවා උගන්වනවට වඩා හොඳයි නිකා ඉන්නෙක... එයා ඔය ගැන දන්නේ නෑ...

    ReplyDelete
  19. Chandana :
    ඔවු ඔය බීප් කෝඩ් සෑහෙන වටිනවා... මම නම් ඔය ගැන දන්නෙ අද ඊයේ...

    Damith Gunawaredane :
    එලස්.. එලස්... !

    Wicharaka Asami Dakimi Soyami :
    වැඩ දානවා වගේ නෙමේ.. තව ටිකෙන් මම චාටර් වෙනවා !

    ReplyDelete
  20. Mahesh Rathnayaka :
    එහෙම ප්‍රශ්නයක් නෑ.. මට අහන්න දකින්න හම්බවෙන හැමදේම මම මේකේ ලියනවා...

    දේශක යා :
    අන්න වචනේ... ! නාඩි බලනවා වාගේ !

    තුශානි :
    හරියෝ... :)

    ReplyDelete
  21. Helapa kade :
    මේ ලිපියෙන් මොනවහරි යමක් දැනගත්තා නං ඒකට සතුටුයි..

    මොණරි :
    අපොයි... මම එහෙමට දන්නේ නෑ නංගි... !

    දිනිති දීපිකා :
    කියවලා කමෙන්ට් එකක් දාලා දිරිමත් කලාට ස්තූතියි දිනිති !

    ReplyDelete
  22. රජ වීදියේ උමේෂ් :
    එහෙනම් ආයේ මේ වගේ ප්‍රශ්න හම්බ උනොත් ඒ ටික ලියන්නම්කෝ....

    ReplyDelete
  23. ඔය ටීක් ටීක් ගණන් කරනවට වඩා ලේසි නැද්ද කාට හරි කියල හදව ගන්න එක? :-)))

    ReplyDelete
  24. මටනම් ඕක මතක හිටින්නේ නෑ

    ReplyDelete
  25. හරිම වටිනා හෝඩුවාවක් මල්ලී දුන්නේ. ඒක අපිට ප්‍රයෝජනයි. උඹට ජයම වේවා!!

    ReplyDelete
  26. ටීක් සූත්තරේ අද තමා ඇහුවේ අයියා :)

    ReplyDelete
  27. හැබැයි ටීක් සූත්තරේ දාන්නත් කන හුරු වෙලා තියෙන්න ඕන නේද.
    එපාම කරපු වැඩේ ෆෝන් එකෙන් කොම්පියුටර්වල ලෙඩ හොයන එක. මොකද අපි කියන දේ අනික් කෙනාට තේරෙන් නෑ. එයා කියන දේ අපිට තේරෙන් නෑ. හොඳම වැඩේ කොම්පීටරේ ළඟටම යන එක යි.

    ReplyDelete
  28. ඔය වගේ රැම් සීන් එකක් මේ ලගදි අපේ ඔපීසියෙ මැලේ කෙල්ලෙක්ටත් මම කොර දුන්නා බන්...දැන් ඒකි මගේ දිහා වෙනදට වඩා උවමනාවෙන් බලනවනෙ....

    ReplyDelete
  29. හාඩ්වෙයාර් පැත්ත නම් මටත් ග්‍රීක්.... වැඩේ ගොඩ දාගත්තා නම් එල!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.