23 November 2013

සති අන්තයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය

අද දවසට මට තියෙන ප්‍රධානම වැඩේ තමා උදේ තියෙන සාමාන්‍ය පෙළ පංතිය කරන එක. ඒ නිසා ඒකට සූදානම් උනා. අද ඉගැන්නුවේ භාග සංඛ්‍යා සුළු කිරීම !

ඒක මරු පාඩමක් ! මං අපේ අම්මගෙන් ටොකු කාපු තරමක් කෑවේ ඔය පාඩම ඉගෙන ගන්න ගිහිං. අපේ අම්මා ඒ දවස්වල ඉගෙන ගෙන තියෙන්නේ අංක ගණිතය හන්දා භාග සංඛ්‍යා සුළු කිරීම, කොටස් නාමික අගය, ලාභාංශ, පොලී වැල් පොලී වගේ පාඩම් සෑහෙන හොඳින් දන්නවා.

ජ්‍යාමිතිය වගේ පාඩම් නම් අපේ අම්මා දන්නේ නෑ.

පංතිය ඉවර වෙලා අම්මත් එක්ක මට උගන්නවපු ඒ අතීතය මතක් කර කර උන්නා. බලන්ඩ එපෑ ඒ වෙලාවේ අපේ අම්මෑ මූනේ තිබ්බ හිනාව. උන්දෑ ඇස් වලිනුත් හිනාවෙවී ඒ අතීතයත් මතක් කලා.

ඔහොම කතා කර කර ඉදලා දවල් වෙච්ච නිසා නා ගත්තා. දවාලකට නාගන්නවනම් ඉතින් සති අන්තයක්ම වෙන්ඩ එපෑ. නෑවට පස්සේ බඩගින්නකුත් ආවා. දවාලට යහමින් කාලා පොඩි නින්දක් දැම්මා. ඇහැරෙනකොට හතරයි !

ඇහැරිලා බලනකොට මේං හතරවටිං කළුකරගෙන.. වහින්ඩ වාගේ !

කිව්වත් වාගේ ඊට ටික වෙලාවකට පස්සේ ධරාණිපාත වැස්සක් පටන් ගත්තේ නැතෑ.. සීතලයි ! ඒ වගේම කම්මැලියි ! කරන්ඩ දේකුත් නෑ.නිදාගෙන නැගිට්ට හන්දා ආයේ නිදියන්ඩත් හිත නෑ.වහින හන්දා මල් කැඩිලි මැසේජ් කෙටිලිත් නෑ.. පස්සේ තමා මතක් උනේ මං මීට මාසෙකට කලිං ගෙනාපු පොතක් තියෙනවයි කියලා.

පොතේ නම තමා "දිගාමඩුල්ලේ ආශ්චර්යය". ලියලා තියෙන්නේ අපි කවුරුත් දන්න මායාරංජන් මහත්තයා ! කම්මැලිකම යන්ඩත් එක්ක කියලා ඒ පොත කියවන්ඩ පටන් ගත්තා. රස්සාවට ගිහිං අවුරුදු දෙකක් සම්පූර්ණ වෙච්ච හන්දා මතක් වෙන්ඩ කියලා මං මේ පොත ගත්තේ.

                                                 මේ තියෙන්නේ පොතේ පිටකවරය

දිගාමඩුල්ලේ ආශ්චර්යය පොත ගැන කියනවා නම් ඒක අගේ ඇති පොතක්.. ! දිගා මඩුල්ලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ජන ජීවිතය ගැන හරි අපූරුවට විග්‍රහ කරලා තියෙනවා. මේ පොත ගොඩක් පරණ එකක්. පළමු මුද්‍රණය 1957 අවුරුද්දේ කරලා තියෙන්නේ. ඒ නිසාම භාෂා භාවිතයත් ටිකක් ඉතර අමුතුයි. වෙනසක් තියෙනවා.

ඒ වෙනසත් එක්ක හරි අපූරුවට කියවගෙන යන්න පුලුවං පොතක්. මට මතකයි අපේ හතේ පංතියේ සිංහල අච්චු පොතටත් මේ පොතෙන් කොටසක් දාලා තිඋනා.

පොත කියවගෙන යනකොට මට හිතුන දෙයක් තමා මායාරංජන් මහත්මයා හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා. එහෙම හිතුනේ ඒ වගේ සරල ජීවිත ගත කරපු මිනිස්සුත් එක්ක ජීවත් වෙන්ඩ ලැබුන හන්දා. ඒ මිනිස්සුන්ගේ ජීවිත වල අවශ්‍යතා හරි සීමිතයි. සරල ජීවිත. මහ ලොකු බලාපොරොත්තු නෑ..

අන්න ඒ වගේ ජීවත් වෙන්ඩ තියෙනවා නම්........කොච්චර ශෝක් ද

විවේකයක් තියෙනවා නම් කියවලා බලන්න දිගාමඩුල්ලේ ආශ්චර්යය. ලස්සන කතාවක්.ගොඩගේ පොත් සාප්පුවෙන් පොත ගන්ඩ පුලුවං !

23 comments:

  1. ටොකු කා ගෙන ඉගෙන ගත්ත භාග සංඛ්‍යා සුළු කිරීම අද මධුරංගගෙ ගෝලයො ටික මධුරංගට අමතක කෙරෙව්ව නේද උගන්නන්න ගිහිං...
    සති අන්තෙටවත් නා ගන්න එක නං ලොකුම සමාජ සේවයක් මලයා..
    ඒක නෙමේ ගෙදර ඉන්න දවසටත් දවල්ට පෙරේත පාත්තයා වගේ බුදියන්නෙ නැතුව ගෙදර දොරේ වැඩකට උදව් වුනා නං මල් කැඩිල්ල ඉවර වෙන දාකට ප්‍රයෝජනේට හිටියි මයෙ හිතේ... හිහ් හිහ්.. :)

    ReplyDelete
  2. හොයාගෙන කියවන්න ඕනේ. මට ප්‍රශ්නයක් තියෙනෝ. ඇයි වහින වෙලාවට මල් කඩන්න බැරි?

    ReplyDelete
  3. දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන එක හරිම හොඳ වැඩක්. අම්මටත් පුතා ගැන සතු‍ටු ඇති...

    " දිගාමඩුල්ලේ ආශ්චර්යය " සිංහල පොතේ කොටසක් තිබුනා මතකයි. සම්පූර්ණ පොතම නම් කියවලා නෑ.

    ReplyDelete
  4. නිදියන එක අගුණයි පොත්කියවන එක ගුණයි....

    කොහොම වුනත් අපූරු පොතක් මටත් දැන් පොත් කියවන එක සීමා වෙලා...

    ReplyDelete
  5. මේ පොත 9 වසරෙ ලමයි සදහා රජයෙන් නිර්දේශ කරල තිබුන පොතක්.. මං අපේ ගමේ පුස්තකාලයක් පටන් අරගත්ත කට්ටියක් එක්ක එකතුවෙලා.. ඒකට ගෙනත් දම්මා මාස දෙකකට විතර කලින්. තාම බලන්න බැරි උනා .. කියවන්න ඕනි..

    ReplyDelete
  6. කොහොමත් ඔය පළාත්වලට ගියාම ආපහු එන්න අමතක වෙන තරම්ම ඇඟට වදිනවා ඒ ජීවන රටාව. ඔය පොත නම් කියවලා නෑ .

    ReplyDelete
  7. පාසල් දරුවකු ලෙස 1960 දශකයේදී දිගාමඩුල්ලේ ආශ්චර්යය කියවා මා ලබාගත් වින්දනය, දැනුම, භාෂා පෝෂණය, මෙතෙකැයි කියන්න බැරිතරම්. යුද හමුදා සාමාජිකයකු ලෙස 1980 දශකයේදී දිගාමඩුල්ල ප්‍රදේශයට ගියවිට මට එකවරම සිහියට ආවෙත් මේ අගනා ග්‍රන්ථ රත්නයයි.

    ReplyDelete
  8. මගේ කියස්වීමට වැට බැඳුනේ ජොබ් එක නිසා

    ReplyDelete
  9. ගන්න ඕනේ පොත මධු...කීයද ...?

    ReplyDelete
  10. ඇත්තටම මධූ මිනිස්සුන්ගෙ අවශ්‍යතා උවමනා සරල උන තරමට ජීවිතත් සරල වෙනවා. අපි පුහු දේවල් වලින් ජීවිතේ පුරෝගෙන නිකන් විදවනවා.

    @ ධාරා, වැස්සෙ මල් කැඩුවම කඩන මල් ටික නිරපරාදෙ තෙමෙනවා නොවැ. :-)

    ReplyDelete
  11. පොතක් කියවපු කාලයක් මතක නැහැ.ඉස්සරනම් ඔය රහස් පරීක්ෂක කතා කියවනව නැති වෙන්න.දැන්නම් පත්තරයක් ඇරෙන්න වෙන දෙයක් කියවපු කාලයක් මතක නැහැ..බලමු එහෙනම් ට්‍රයි එකක් දීල.

    ReplyDelete
  12. වහිනකොට නේ බං මැසේජ් කෙටිල්ල පටන් ගන්න ඕනි.
    මේ පොතේ පරිච්ජේදයක් සිංහල පොතක තිබුනා වගේ මතකයක් තියේ.

    ReplyDelete
  13. මේවා ඉතින් දැන් කොහොම කියවන්නද බොලන්...පොතේ කවරය දිහා අනිමිසය කරන්න විතරයි පුලුවන්...තොරතුරට ස්තූතියි ....

    ReplyDelete
  14. අර කිවුව මල් කැඩිලි ගැන අපි දන්නේ නෑ නොවැ..

    ReplyDelete
  15. පොත නම් මමත් කියවල තියනවා. ඔන්න මටත් තියනවා ධාරා ගෙ ප්‍රශ්නෙ ම අහන්න :)

    ReplyDelete
  16. මායාරන්ජන් යන ආරූඪ නමින් ලිව්වට මහානාම රාජපක්ෂ ඔහුගේ සැබෑ නම මගේ මතකයේ හැටියට. දිගාමඩුල්ලේ ආශ්චර්යය කියන්නේ පාඨකයාට එතෙක් නොදුටු අලුත් ලෝකයක් විවර කරපු පොතක්.

    ReplyDelete
  17. ස්තූතියි මධූ මල්ලී හෝඩුවාවට. මේ සැරේ ලංකාවට ගියාම ගන්න පොත් ලිස්ට් එකට ඒකත්‍ දා ගත්තා...

    ReplyDelete
  18. සිඟිති :
    පෙරේත පාත්තයා ??? ලස්සන වචනේ...හිහ්
    මම ගෙදර වැඩ වලට උදව් වෙනවා හලෝ.. කම්මැලිකමට නිදියෑවේ.. :)

    ධාරා :
    අකුණු ගහනවනේ... කියන බොරු වලට හෙනයක් ගැහැව්වොත් එහෙම..හිහ්.. :)
    වහින වෙලාවට ෆෝන් අල්ලන්ඩ හොඳ නෑ කියලා මේ දැරිවි දන්නේ නැද්ද ?

    නදී :
    නියමයි !

    තුශානි :
    ඔවු.. අපේ අම්මට සෑහෙන සතුටුයි !

    දයානන්ද රත්නායක :
    පොතක් කියවන්නත් වැඩ වලින් මිදෙන්න පුලුවන් නිදහසක් එපෑ අයියේ.. වෙලාව තියෙන හැටියකට බලමු නෙහ් !

    සමී :
    එල එල..
    කියවන්න... නියම පොතක් මේක !

    ReplyDelete
  19. ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) :
    ඒක හරි... කොළඹ ජීවත් වෙනවා වාගේ යෑ.. මෙහේ ඉතිං කටුක පරිසරයක් නෙහ්.. නාගරීකරණය වෙලා.. මිනිස්සු එක හැල්මේ දුවන ජීවන රටාවක්.. !

    Wicharaka Asami Dakimi Soyami :
    මට නම් තාම ඒ පැත්තකට යන්න බැරි උනා.. දවසකට දෙකකට හරි ගිහින් එන්න ආසයි ඒ වගේ පැත්තකට !

    කෝරලේ මහත්තයා :
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා !

    SilentSahan :
    රුපියල් 300යි. ගොඩගේ එකෙන් ගන්නවා නම් 20%ක් ඩිස්කවුන්ට් එතකොට මිල 240/=

    Chathuranga Priyashad :
    මාත් හොයන්නේ ඒ වගේ සරල ජීවිතයක්. අපේ අවශ්‍යතා සංකීර්ණ උනහම ඒවා ඉටු කරගන්න මහන්සි වෙනවා. එතකොට ඉබේටම ජීවිත සංකීර්ණ වෙනවා.

    රජ වීදිය :
    අනිවාර්යෙන්ම ට්‍රයියක් දීලා බලන්න.. කියවන්න කාළය හොයාගන්න බැරි වෙන එකක් නෑ !

    ReplyDelete
  20. Pramudi :
    ඔන්න ඔන්න ලෙඩ දාන්ඩයි යන්නේ. ඒ වෙලාවටවත් නිස්කලංකේ ඉන්න ලැබෙන එකත් නැති වෙන්ඩයි යන්නේ...

    සිරාගෙ කාමරේ :
    ලංකාවට ආපු කාලෙක බලමු සිරා !

    Dinesh :
    හෙහ්... හරි පුදුමයි !
    කෝ මදාරා ඉස්සරහට එන්න ! මේ කියන කතාව ඇත්ත ද ?

    දිලිනි :
    ඔන්න චූටි නෝනේ ධාරාට උත්තරය දුන්නා... :)

    තිසර :
    හ්ම්.. මායාරංජන් කියන්නේ අන්වර්ථ නාමයක් කියලා නම් අහලා තියෙනවා. ඒත් හරිම නම මතකයට ආවේ නෑ.. බොහොම ස්තූතියි මතක් කරලා දුන්නට.

    Chandana Gunasekera :
    අනිවාර්යෙන්ම.... කියවලා බලන්න... !

    ReplyDelete
  21. අනේ මටනම් නිදාගෙන නැගිට්ටා කියලා ප්‍රස්නයක් නෑ, ආපහු නිදාගන්න පුළුවන් හිහි

    ReplyDelete
  22. ඔය දිගාමඩුල්ල පැත්ත ගැන මගෙ හිතට කොච්චර වැදුනද කියනවනං මලේ මම මේ දවස්වල හොය හොය කියවන්නේම ඒ වගේ පොත්. ගාමීනී විජිත් මහත්තයගෙ පොත එහෙම හරි අපූරුයි. අනෙක් එක ඉගැනුම් රස්සාව. කොච්චර කරත් එපා වෙන්නෑ මටනං. අවාසනාවට දැං කාලය අඩුයි!!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.