28 September 2013

පුංචි පහේ ප්‍රශ්නයක්... !

මාස ගානක් නොලිය හිටිය නිසා මම නම් හිතුවේ මාව සිංඩි වලිනුත් විසික්කා වෙලාය කියලා. වාසනාවට එහෙම වෙලා නෑ. බැරිවෙලාවකවත් එහෙම උනා නම් ආයෙම ඇප්ලයි කරන්න වෙනවා.

අද ලියන්න යන්නේ මේ මාසෙට නියමිත දෙවෙනි පෝස්ටුව. පෝස්ටු හතරක්වත් ලියන්ඩ ඕන කියලා හිතුනට කල් මදි. අවුලක් නෑ. ඊලඟ මාසේ ඉදන්ම ලියන්න බැරුව යෑ. ලියනවා වගේම බ්ලොග් කියවන්නත් ඊලඟ මාසේ ඉදන්ම එන්න ඉන්නේ.

ගිය මාසේ.. ඒ කියන්නේ අගෝස්තු මාසේ සති අන්තයේ මට සෑහෙන වැඩ තිබ්බා. මොකද අපේ ගෙවල් ගාව පොඩ්ඩෙක් මෙදා පාර පහේ ශිෂ්‍යත්ව විභාගේ ලිව්වා.   ඒ නිසා එක එක ප්‍රශ්න පත්තර වල ගැටලුයි, තනි පදයි, යුගල පදයි ඔය විදිහේ නානාප්‍රකාර ප්‍රශ්න ගොඩකට මට උත්තර දෙන්න සිද්ධ වෙච්ච කාලයක්.

සිංහල භාෂා ප්‍රශ්න නම් කොහොමහරි කියලා තේරුම් කරලා දෙතෑකි. ඒත් ගණිත ගැටලු තේරුම් ගන්න මේකා පොඩ්ඩක් පහු බහිනවා. ගණන් බැරි කමක් නන් දැක්කේ නෑ..

ඒත් ඉතින් බෑ කියලත් බැරි හන්දා මාත් වෙලාව අරගෙන කියලා දෙනවා.ඔය අතරේ එක ප්‍රශ්නයක් තිබ්බා මොක කරලවත් මේකාට තේරුම් කරවන්න බැරි වෙච්ච ප්‍රශ්නයක්.

මෙන්න මේකයි ප්‍රශ්නේ !

මිනිස්සු 3 දෙනෙක් එකතු වෙලා දවස් 12කදී ගඩොල් 1200ක් හදනවලු. මිනිස්සු 6 දෙනෙක්ට ගඩොල් 300ක් හදන්න කොච්චර කල් ගත වෙනවද ? 

උත්තරේ දින වලින්ම දුන්නහම ඇති. කියලා තමා තිබුනේ.

අන්තිමේදි මම කිව්වා මේ වගේ ප්‍රශ්න විභාගයට එන්නේ නෑ ඒ නිසා බය නොවී හිටු කියලා. එහෙම කියල ඒකාගේ හිත හදලා විභගයට යැව්වා.

මොකද කියන්නේ අර ගාන හදලා බලමුද ?  එහෙනං ගාන හදලා උත්තරේ පහලින් කොටන්න

13 comments:

  1. ඔලුවත් අන්දොස් වෙන පුරස්නයක් බොල මේක............

    ReplyDelete
  2. පැය 16 ද බොල :D

    මම පුංචි පහේ සිසුවකු තරම් හපනෙක් නොවෙමි.. :D

    ReplyDelete
  3. අනේ මං දන්නෙ නෑ. ඕවා...මං මෙහේ කෙනෙක් නෙවෙයි....:P

    ReplyDelete
  4. දවස් එක හමාරයි

    ReplyDelete
  5. one and a half of days

    ReplyDelete

  6. මිනිස්සු 6 දෙනෙක්ට දවස් 12 කදී හදන්න පුළුවන් ගඩොල් ගාන = 2400

    මිනිස්සු 6 දෙනෙකුට දිනකට සැදිය හැකි ගඩොල් ප්‍රමාණය = 200

    මිනිස්සු 6 දෙනෙකුට ගඩොල් 300 සැදීමට ගත වන කාලය = 300/200= දින 1.5

    හොඳටම ෂුවර්ද මේ වගේ ඒවා එන්නේ නැහැ කියල ...?

    ReplyDelete
  7. දවස් එක හමාරයි..
    මිනිස්සු 3ක් දවසකට ගඩොල් 100 හදනවා,
    එතකොට,
    මිනිස්සු 6 ක් දවසකට ගඩොල් 200 හදනව.. ඒ නිසා 300ක් හදන්න දින 1.5

    ReplyDelete
  8. දවස් එක හමාරයි.

    ReplyDelete
  9. ආවේ නම් මේල් බලන්ට. ඒත් මෙ පෝස්ට් එක දැක්කාම ප්‍රශ්නයක් ආවා. ඔය මිනිස්සු දවසකට පැය කීයක් වැඩ කරනවද? :D:D

    ReplyDelete
  10. හරි...එක හමාරයි නෙව...දවස්...පෑ වලින් නං තිස් හයයි

    ReplyDelete
  11. @කෝරලේ මහත්තයා :
    ඒ කොල්ලාත් ඔහොම කිව්වා. :)

    @රෙහානි :
    නෑ රෙහානි.... දවස් එකහමාරක් ගත වෙනවා,

    @දයානන්ද රත්නායක :
    මරු උත්තරයක් නෙව :)

    @Anonymous :
    ඇනෝ හරි !! ඇනෝට තෑග්ග ලැබෙනවා.

    @ චීටා :
    චීටාත් හරි !

    ReplyDelete
  12. @Anonymous :
    උත්තරේ හරි !

    @SilentSahan :
    මේ වගේ ප්‍රශ්නයක් එන්නෙම නෑ කියන්ඩත් බෑ. විභාගේ ලඟ ලඟ ඒකගේ හිත කඩන්න බැරි නිසයි එහෙම කියලා යැව්වේ. උත්තරෙත් එක්කම පැහැදිලි කිරීමත් මරු !

    @ YASITH (dot) NET :
    උත්තරේ හරියටම හරි !

    @Chinthaka Supun :
    උත්තරේ හරි !

    @Podi Kumarihami :
    මට තේරුනේ නෑ. මොකද්ද මේල් බලන්ඩ ඇවිත් ඇත්තටම උනේ ?

    @රතීගේ දිනපොත :
    කරෙක්ට් ! හරියටම හරි !

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.