23 September 2013

කලකට පසු...

මාස අටක් විතර පාලුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් අඩවිය ආයෙම පටන් ගන්න ඕන කියලා කොච්චරවත් හිතුනට ලියන්න ගියහම කම්මැලිකමක් හිතෙනවා.එතකොට ලියන වැඩේ අතෑරලා දාලා නිකා ඉන්නවා. ආයෙම දවස් දෙකකට විතර පස්සේ ලියන්න ඕන කියලා හිතෙනවා. ඒත් දවසින් දවස ලියන වැඩේ කල් යනවා.

ඔන්න අද නම් මොනවම හරි ලියනවා කියලා හිතලා බ්ලොග් අඩවියට ගොඩ උනා.ඒ නිසාම වචන දහයක් පහලොවක් කොටලා දානවා. අද ඉදන් ලියන්න පටන් ගත්තා වගේ නෙමේ ආයෙමත් සින්ඩි වලට බ්ලොග් අඩවිය එකතු කරගන්න වෙනවා. මෙලහට්ට මාව සින්ඩි වලිනුත් එලවලා ඇති.

මේ සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ සාහිත්‍ය මාසේ. ඒ ගැනත් මොනවමහරි ලියන්න ඕන. ලියපු කවි කෑලි දෙක තුනක් එහෙමත් ඇති.ඒකවත් බ්ලොග් එකේ ලියලා අතාරින්න ඕන. :)

ආහ්.... තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මට සෑහෙන කාලෙකට පස්සේ තෑග්ගක් හම්බ උනා. ඒක පොතක් !

මොහාන් රාජ් මඩවල මහත්තයා ලියපු "මාගම් සෝලිය" කියන පොත තමා ලැබුනේ. තාම නම් කියවන්න ලැබුනේ නෑ. ගොඩක් අය නම් කියන්නේ ඒ පොතේ එන කතා තේමාව ලිංගිකත්වයට බර කතාවක් කියලා. අවුලක් නෑ මට ඉතින් හම්බ වෙච්ච පොතනේ. ඔන්නොහේ කියවලා දානවා. :)

ඔය ඉහලින් තියෙන්නේ පොතේ පිටකවරේ !

පොත ලැබිච්ච සතුට වගේ තමා මං පඩිපෙලකින් බහින්ඩ යනකොට කකුල නුහුරට ගිහින් දනිහත් පැන්නා. මතකනේ කලින් වතාවකත් දනිහ පන්නගෙන මහ පොලවේ බොරලු හූරගෙන වැටුනා. මේ දවස්වල සිංහල බෙහෙත් කරන ගමන් ඉන්නේ. ඒ හන්දම අද වැඩට ගියෙත් නෑ.

අදට මේ ඇති වගේ. ! එහෙනම් ආයෙම මොනාහරි ලියන්න එන්නම්. ඔන්න අද ඉදන් මාත් බ්ලොග් ලියන්ඩ එකතු වෙනවා.

15 comments:

  1. ඉක්මනට හොඳවේවා! රාජ් කෙනෙක් ලිව්වොත් ඉතිං ආයෙ.......

    ReplyDelete
  2. නවකයාට සුභ පැතුම්!!! හැක්

    ReplyDelete
  3. කවුද බොලේ මේ..?

    ReplyDelete
  4. හත් ඉලව්වයි බ්ලොග් රෝලේ යටම හිටපු එකෙක් උඩට ඇවිල්ල මම උදේ පාන්දර ඇස් දෙකත් පිහදලා බැලුවේ හීනයක්ද කියල හික් හික් හික් එල එල ඉක්මනට සනීප වෙන්න

    ReplyDelete
  5. මට ඒත් නිකමට හිතුන ඊයේ පෙරේදා මුන්දැ රට අතරලවත් ගිහින්ද කියලා. කෝ ඉතින් අර ලිව්වයි කිව්ව කවි

    ReplyDelete
  6. ලියන්න ලියන්න... කම්මැලි නොවී...

    ජයෙන් ජය........

    ReplyDelete
  7. අතක් පයක්ම කැඩෙන්න ඕනේ ඉතින් මේ පැත්තේ එන්න... දිගටම ලියන්න මදුරංග..

    ReplyDelete
  8. ඉක්මනට සනීපවෙලා හිටියනම් මේවා ලියන එක කරගන්ඩ පුලුවං මලේ. සනීපාවලි උන්න නං...

    ReplyDelete
  9. ආපහු ආව එකට සංතෝසයි. ඔය පොත මම බැලුවා. ඒ කියන්නේ බලන්ට ට්‍රයි කලා. හපොයි හිතන්ට බැරි දේවල් වෙන කතාවක්. මට නම් වැඩිය තේරුනේ නෑ.:(

    ReplyDelete
  10. ඉක්මනට සනීප වෙන්න

    ReplyDelete
  11. හෆ්ෆේ මේ ඇවිත් තියෙන්නේ..

    මෙයාටනම් මේ පොත හම්බුවෙලා.. අපිට හොයා ගන්න බැරි උනානේ..

    ReplyDelete
  12. උඹව ආයෙත් දැකීම ගැන හරිම සතුටුයි බන්...සිරාගේ කාමරයට නිතර ආව ගිය එකෙක් හැටියට උඹ නැති අඩුව මට හොදට දැනුනා...දිගටම ලියපන්..මම මේ හොයන්න කියලා හැදුවෙ බොට මක්ක වුනාද කියලා..

    ReplyDelete
  13. දැන් ඉතින් ආපු එක දිගටම ලියමු.

    ReplyDelete
  14. Photoshop සිංහලෙන් http://yasiruudana.blogspot.com/

    ReplyDelete
  15. කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු.. ඔය ඇවිත් තියෙන්නේ...එහෙනම් ඇරියස් එක්කම ලියමු

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.