08 July 2012

ඔබේ හඬ ඇසෙනවිට ....

නිල් අහසේ මන්දාරම්
ගිනි අව්වේ මද පවනක්

අහස් ගැබ සිනාසෙයි
හිරු කිරණ ඉඟිමරයි
මිහිකත සිනාසෙයි
පිණිමුතු දිදුලවයි

මගේ හද පිනා යයි
හසරැල් ගලායයි
ඔබේ හඬ ඇසෙනවිට
ඔබේ රුව දකින විට
අසිරිමත් ජීවිතය,
සුන්දරයි... පියකරුයි...



..........................................................
ප.ලි. -ධනූගේ කවි සිතුවිල්ලක්..

48 comments:

  1. දැන් කවි ලෝකය කියලා මම කිව්ව එක හරි වගේ :)

    ReplyDelete
  2. කවුද බොල මේ දනූ?

    ReplyDelete
  3. ලස්සනයි!

    ReplyDelete
  4. ධනූ කියන්නේ කෙල්ලෙක්ද බං..
    එහෙනං ලස්සනයි ඈ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ධනු කව්රු වුනත් නිසදෙස නම් ලස්සනයි .......

    ReplyDelete
  6. great job dhanu...

    ReplyDelete
  7. ධනු? ඈ... ඔය එන්නේ!! එල එල....

    ReplyDelete
  8. දනුගෙන් කම් නැත... කවිය ලස්සනයි...

    දනූට සුභ පැතුම්.. සමග පොස්ට් කල මධුට ස්තුතිය

    ReplyDelete
  9. සිතක සංකල්පනා...:)

    ReplyDelete
  10. shaa..maru...lassana sankalpanawak..thanks

    ReplyDelete
  11. හා හා කාගෙද මේකවි....

    ReplyDelete
  12. ධනූ කිව්වේ මධූගේ ලග්නෙද??

    ReplyDelete
  13. ධනුගේ කවියක් කලිනුත් බලලා තියෙනවනේ.. ලස්සනයි ලස්සනයි..

    ReplyDelete
  14. ඇත්තටම කවුද බොලේ මේ ධනූ? තෝරමු බලන්න ඒක. හැබැයි කවුරු වුණත් සරලව ම නමුත් අපූරුවට පද ගලපලා තියෙනවා.

    ReplyDelete
  15. //නුඹේ රුව දකින විට
    ජීවිතය සුන්දරයි//

    ම් ඒක ඇත්ත එහෙම වෙන්න ආදරය නිසාමයි..

    ReplyDelete
  16. ලස්සනයි!!! කලිනුත් ධනූ ගෙ කවියක් දැම්මා නේද අයියා?

    ReplyDelete
  17. අප්පා... දැන් කෙල්ලොන්ගේ කවිත් තියෙනවද මෙහේ... ?

    ReplyDelete
  18. ධනූ කියන්නේ කවුදෑ

    ReplyDelete
  19. @Hasitha :
    අපෝ නෑ මල්ලි. මේ පරණ කවියක් !
    ධනූ අපේ වැඩපොලෙන් යන්ඩ කලින් පෝස්ට් කලා.
    ඊලඟ සතියේ උන්දෑ යන්ඩ නෙව ඉන්නේ.

    @නදී :
    ඇයි මම් ඔයාට කිව්වේ අපේ වැඩපොලේ අක්කෙක් කියලා.
    ජස්ට් ලයික් යූ කියලත් කිව්වේ මම් !

    @හිරුහිමාවී :
    ඒයැයි ඔයාට ස්තුති කලා ඕං ! :)

    ReplyDelete
  20. @araliya :
    ටෑන්ක්ස් කියලා කිව්වා ඒයැයි ඔයාට !!!

    @අඩවි රජ :
    ඇයි කොල්ලොන්ගේ එවුවා ලස්සන නැද්ද..
    කෙල්ලෙක් තමා ධනූ කියන්නේ !

    @සචිත් :
    එල කිරි !!
    අඩේ මල්ලි අළුත් නෙව.
    පිලිගන්නවා සතුටින් මගේ අඩවියට !!!

    ReplyDelete
  21. @Anonymous :
    අන්න ධනූගේ ජොබ් එක හොදයි ලූ... ධනුවෝ.... !!!!

    @ක්සැන්ඩර් | Xander :
    අපෝ නෑ. ඒ අපේ වැඩපොලේ අක්කෙක් නෙව. පිස්සු හටමක් එයා!

    @Mee Godayaa :
    ස්තුතියි මීගොඩ !!
    මීගොඩ කිව්වම මතක් වෙන්නේ 190 මීගොඩ පිටකොටුව බස් එක !

    ReplyDelete
  22. @Podi Kumarihami :
    ටකර ටකට ටං !!! :)

    @රෙහානි :
    මේන් මේයැයිම තෑන්ක්ස් කියලා. මට කියන්ඩ දෙයක් ඉතුරු කරලම නෑ !

    @ඉන්ද්‍රජිත් :
    කියන්නම් මම් ධනුවට !
    කවිය ලස්සනයි කිව්වා කියලා.

    ReplyDelete
  23. @බට්ටි :
    ඔය මම දාලා තියෙන්නේ නම. ඇයි වදේ මම් ඔයාට කිව්වේ කාගෙද කියලා. හික්ස් :)

    @තරුවා :
    හික්ස් :) මේ ටිකේ දැක්කෙම නෑ.

    @දිනුක :
    ඒකත් ධනු තමා. ඒ ධනූ මේ ධනූ නෙමේ. මේ වැඩපොලේ ධනූ !!!

    ReplyDelete
  24. @Dinesh :
    ධනුවා ස්තූති කලා මලයට !

    @හරී :
    ධනු කියන්නේ අපේ වැඩපොලේ අපිත් එක්ක වැඩකරන ගෑල්ලමයෙක්. අක්කෙක් !

    @ලහිරු :
    ඒ අපේ වැඩපොලේ අපිත් එක්ක වැඩකරන කෙනෙක් නෙව. ධනූගේ කවි විතරයි සරල. වැඩ සේරම ඇඩ්වාන්ස් (උන්දෑ කියන විදිහට)

    ReplyDelete
  25. @රූ.... :
    ඒ කියන්නේ අක්කටත් එහෙම වෙලා තියෙනවා.
    ඔය එන්නේ.... :)

    @හිතුවක්කාරි :
    යෙප්... ඔයාලට මතකයි නෙහ් !

    @Il mondo di una povera pazza :
    නෑ නෑ. මෙච්චරම තමා ලියවෙන්නේ ! ආයේ ලියවෙන එකක් නෑ රංගි !!

    @සයුරි :
    අපේ වැඩපොලේ ගෑල්ලමයෙක් ය. !!! හික්ස් :)

    ReplyDelete
  26. දැන් උඹේ රුව දැකලාද මෙහෙම හිතිලා තියෙන්නෙ..?

    ReplyDelete
  27. @හරී :
    පික්ෂුදෑ... මේ ඒයැයිගේ කවුරුහරි ගැන ලියපු කතාවක් වෙන්න ඇති මචං !!
    ඒක නෙමේ බොල. හුග දවසකින් දැක්කේ නෑ..
    කෝල් කරන්ඩ හැදුවට කෝල් කනෙක්ට් වෙන්නේ නෑ. ඒ මොක ??

    ReplyDelete
  28. අපි ඉස්කෝලෙ යන කාලෙ මිස්ලට නික් නේම්ස් දානව... දැන් හැදෙන හොඳ ළමයි එහෙම නැතුව ඇති..) අපි එක නපුරු මිස් කෙනෙකුට කිව්වෙ ධනූ කියල...

    මේ ධනූ නම් අහින්සක කෙනෙක් වගේ... ලස්සන පද...

    ReplyDelete
  29. "ගිනි අව්වේ මද පවනක්" "නිල් අහසේ මන්දාරම්" පරස්පර විරෝධී ගැලපුමක්. ආදරෙත් එවගේද හැබෑටම ?

    ReplyDelete
  30. අක්ක කෙනෙක් වුනත් ආදරෙන් ලියලා.

    ජය හොදේ !

    ReplyDelete
  31. ධනූ ලිව්වා කියලා දැක්කමයි මම දන්නෙ මේක ලියලා තියෙන්නේ කෙල්ලක් කියලා....

    එයාට කියන්න මේක ලස්සනයි කියලා.... මේක ඔයාටදෝ ලිව්වේ??

    ReplyDelete
  32. ආයෙත් මධුරංග අයියට සිකුරා ලබලා වගේ :)

    ReplyDelete
  33. අහ් අහ් ධනු නේද :ඩ්
    වෙඩිමක් ළඟ එනෝ එනෝ වගේ
    නිසදැස ලස්සනයි කියුවා කියන්න :ඩ්

    ReplyDelete
  34. @සපතේරු උන්නැහේ :
    මේ ධනූ අහිංසක කෙනෙක් හැබැයි චුට්ටක් කට්ටයි. එච්චරම නෑ... චුට්ටම චුට්ටයි !!!

    @පැතුම් [සිතුම් පැතුම්] :
    ධනූගෙන් තමා අහන්ඩ ඕනා. මම කවි දන්නේ නෑ මලේ !

    @sAm (සෑම්) :
    හික්ස් :)
    මේ ඒ අක්කගේ කොල්ලා වෙනුවෙන් ලියපු එකක් ද දන් නෑ. අහලා බලන්ඩ ඕනා

    ReplyDelete
  35. @ගැමියාගේ පත් ඉරුව :
    අපෝ නෑ. මට නෙමේ ලියලා තියෙන්නේ.
    මේක ඒ කෙනාගේ කොල්ලට වෙන්ටෑ. හික්ස් :)

    @මඩිස්සලේ නිශාන් :
    අපෝ කට කට !!!
    මේයැයි අක්කෙක් බොල ! ලොකු අක්කෙක් ! ඒ නිසා සිකුරා වල පල්ලේ !!!

    @පුබුදු :
    වෙඩිමක් ??? අම්බෝ හෙට වැඩට ගිහින් හමාරයි වගේ මම් හික්ස් :)
    එහෙම දෙයක් නෙමේ මලේ ! මේ අපේ වැඩපොලේ කෙනෙක් !!

    ReplyDelete
  36. ඔය අක්කට නංගි කෙනෙක් එහෙම නැතුව ඇති මගේ හිතේ ..

    ReplyDelete
  37. කවුද බං ධනු???? ධනු රාශියද?

    ReplyDelete
  38. කවුදෑ ඒ අපි නොදන්න ධනූ..

    ReplyDelete
  39. //..නිල් අහසේ මන්දාරම්
    ගිනි අව්වේ මද පවනක්..//

    සිතුවිල්ල කාගේවුනත් ඒක නම් හරිම ලස්සනයි අයියේ....

    ReplyDelete
  40. ආන්න හරි. එහෙනම් ධනූටත් කවි ලියන්න පුළුවන්. මධූ.. බ්ලොග් එකක් හදල දුන්නොත් හොඳයි වගේ..

    ReplyDelete
  41. ධනු.... හා හා ලස්සනයි මධුරංග අයියේ එයාත් ලියනවා....

    ReplyDelete
  42. ධනූගේ කවිත් ලස්සනයි කිව්ව කියන්න මමත්

    ReplyDelete
  43. අක්කා කෙනෙක්ද බං..

    ReplyDelete
  44. ධනූගේ අඩවිය...

    www.danukalanka.wapka.mobi

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.