08 March 2012

හඳුන්වා දීම

මං විශ්ව විද්‍යාලයේ අන්තිම අවුරුද්දේ ඉගෙන ගන්නකොට අතිරේක විෂයක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තා. මේ විෂය සාමාන්‍ය ඉංග්‍රීසි ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ව්‍යාකරණ, නිපාත පද, වාක්‍යයක් හදන විදිහ එහෙම උගන්වන්නේ නෑ.

'සන්නිවේදනය සදහා ඉංග්‍රීසි' වගේ නමක් තමයි මේ විෂයට තිබ්බේ. තනිකරම කියන්නේ කතා කරන විදිහ, ව්‍යාපර වලදි භාවිතා කරන විදිහ වගේ දේවල් ගොඩක් උගන්වනවා.

මම ඔය සබ්ජෙක්ට් එකට රෙජිස්ටර් උනාට මොකෝ එක දේශනයකටවත් යන්ඩ උනේ නෑ. ඒ වෙලවට මට වෙන විෂයක් තියෙනවා. කොහොමින් කොහොමහරි සමාසිකය අන්තිමට විභාගෙත් ලං උනා. විභාගේ ලං වෙනකන් මේ විෂයට මොකෝ කරන්නේ කියලා හිතුනේවත් නෑ.

විභාගේ, ලියන්න තියෙන එකක් නෙමේ ලූ. තනිකරම ඉන්ටර්විවු එකක් ලූ තියෙන්නේ.යාළුවෙක්ගෙන් දැනගත්තා. මමත් විභාගෙට ගියා කියමුකෝ. මට මුලින්ම ලැබුනේ අධ්‍යාපනය පෞද්ගලීකරණය ගැන විනාඩි දෙකක් කතා කරන්න. ඊට පස්සේ සභාවක ප්‍රධාන ආරාධිත අමුත්තාට ප්‍රධාන දේශනයට ආරාධනා කරන්න. ඊටත් පස්සේ දෙන්නෙක්ට එකිනෙකා හදුන්නලා දෙන්න.

මුල් දෙක නම් බැරි බැරි ගාතේ කලා කියමු. අදුන්නලා දෙන එකත් යාන්තමට වගේ කරලා ෂේප් වෙන්න හැදුවා.

"අදුන්නලා දෙන එක එහෙම කරන්න බෑ ! ඒකට පිලිවෙලක් තියෙනවා." මිස් එහෙම කියද්දි මම් උඩ බිම බැලුවා. අන්තිමේදී මම් දේශන වලට ආවද කියලා අහලා. මාව චාටර් කරලා කියලා දුන්නා හරි විදිහට දෙන්නෙක් අදුන්නලා දෙන්නේ කෝමද කියලා.

1. යාළුවෝ දෙන්නෙක් නම් කොහොම අඳුන්නලා දුන්නත් එකයි. (මතක විදිහට)

2. වැඩපොලක බොසුයි බොස්ට පහලින් සේවකයෙකුයි ඉන්නකොට මුලින්ම බොස්ට, සේවකයාව අදුන්නලා දීලා පස්සේ තමා සේවකයාට බොස්ව අඳුන්නලා දෙන්නේ.

3. බොසුයි අනුග්‍රාහකයෙකුයි (Client) ඉන්නකොට මුලින්ම අනුග්‍රාහකයාට බොස්ව අඳුන්නලා දීලා පස්සේ බොස්ට අනුග්‍රාහකයාව අදුන්නලා දෙන්න ඕනා.


ඔන්න ඕකලු දෙන්නෙක් අදුන්නලා දෙන හරි ක්‍රමේ.බලාගෙන ගියහම දන්න දෙයක් නෙව :)

44 comments:

  1. ආ.. කාටත් වැදගත් දෙයක්නෙ...මට ඔහොම එකක් වුනානම් මාත් දැනගෙන උන්නෙ නෑ ඔය හඳුන්වාදීමෙ ක්‍රමය ගැන නම්...

    ReplyDelete
  2. ඊට පස්සෙ දෙන්නෙක්ව අඳුන්වලා දෙද්දි ඒ ක්‍රමය පාවිච්චි කලාද?

    ReplyDelete
  3. අප්පද බොල දන්නෙ නැතිව හරියට කරල නොවැ..

    ReplyDelete
  4. ඒක දැනගත්ත එක හොඳයි ..

    කොහේ ගියත් ඉහල පැලැන්තියේ එකා ඉස්සර වෙනවා .. පීඩිත පන්තියේ එකා පස්සට වෙනවා ..

    ReplyDelete
  5. ඒක බිස්නස් මැනේජ්මන්ට් වලටත් උගන්වනවා නේද?

    ReplyDelete
  6. ඕවා දන්න දේවල් තමයි බන් ඒත් කඩ්ඩෙන් කොටන කොට අගමුල මාරු වෙනවනේ , ඉස්කොලේ කඩු කථා කරන්න ගිහින් මහ දවල් 12ට ගුඩ් මෝනින් කියලත් තියේ මම

    ReplyDelete
  7. හැබෑටම දන්නා දෙයක් නේන්නම් :)

    ReplyDelete
  8. දැන් ඉතින් ප්‍රශ්නයක් නෑ. අඳුනගන්න එක කොහොම වෙතත්, අඳුනලා දෙන්ටවත් දන්නවනේ. :D

    ReplyDelete
  9. මටත් ඕක සමහර වෙලාවට පැටලෙනෙවනේ මෙහෙදී..

    ReplyDelete
  10. තමන් ඉගෙන ගත්ත දෙයක් අනිත් අය සමග බෙදා ගන්න එක ලොකු දෙයක් මල්ලී. ස්තූතියි ඔබට.

    ReplyDelete
  11. කවුද දන්නෙ ඔව්වා..... දැනගත්තු එක හොඳා... :)

    ReplyDelete
  12. නොදන්න අයට දැන ගන්න වැදගත් දෙයක්....

    ReplyDelete
  13. දැනගෙන උන්නෙ නෑ නෙ ඒ වගක් මේ කියනකන්.

    ReplyDelete
  14. අහ් ඔව්ව තිබ්බ අපිටත් මොරාල් ස්ටඩිස් ඇන්ඩ් එතික්ස් වලට.හිහ්

    ReplyDelete
  15. හැබෑවටම නොදන්නා දේකුත් නෙමෙයිනේ. ඒ වුනාට දැනන් හිටියෙත් නෑනේ..

    ReplyDelete
  16. වෙලාවට තාම මට යාලුවො ඇරෙන්න වෙන කෙනෙක්ව අදුන්නලා දෙන්න වෙලා නෑ... :))

    ReplyDelete
  17. මගේ නං කඩ්ඩ අන්තිමයි.

    ReplyDelete
  18. රාජකාරි මට්ටමෙන් හඳුනවා දීමේ ක්‍රමය හරි. ඒත් සමහර වෙලාවට තියන වැඩ හැටියට ඔය පිළිවෙල අමතක වෙනවා.

    ReplyDelete
  19. අපේ english lectures වලටත් මම ගියේ ඔන්න ඔහොම එකක් තිබුන දවසක විතරයි.. හී හී.. යාළුවො ඔක්කොම මගෙන් අහන්න ගත්තා ඔයා අපේ පන්තියේද කියලා..

    ReplyDelete
  20. හික්ස්ස් ඔහොම ඉන්ටර්විව් එක ගොඩ දාගත්ත එකම මදැයි ලෙක්චර්ස් නොගිහින්.. නියම ලිපියක් මදුරංග අයියා

    ReplyDelete
  21. කොල්ලෙක් කෙල්ලෙක්ට දෙන ඕපනින් ලයින් එකක් කියල දුන්නෙ නැති එක නං අන්තිම අඩුපාඩුවක්

    ReplyDelete
  22. මෙහෙම ලෙක්චර්ස් කට් කරලාත් ඩිග්‍රි හම්බ වෙනවද?
    දන්නැති නිසයි අහන්නේ..

    ReplyDelete
  23. සෑහෙන්න වැදගත් පන්තියක්නේ අෆ්ෆා මිස් කරගෙන තියෙන්නේ.. :)

    ReplyDelete
  24. ඒක ගොඩක් වැදගත් දෙයක් බං.

    ReplyDelete
  25. වෙලාවට දැනගත්තේ, කවදා කාපු ටකරං ද? ඒක නෙවෙයි අධ්‍යාපන පෞද්ගලීකරණයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද ?

    ReplyDelete
  26. හප්පද බොල.එහෙම එකකුත් තියේ එතකොට..

    ReplyDelete
  27. ඔව්වා ගැන හරියට හොයලා දාපන්කො හොඳ ලිපියක්..
    තිතටම තියෙන්න ඕන..ආයෙ වෙන තැනකින් ඉගෙන නොගන්නම..
    කාට කාටත් ප්‍රයෝජනවත් වෙයි..

    ReplyDelete
  28. හරි අයියා කිව්වත් වගේ සෑහෙන්න වටිනවා දාන්න පුළුවන් උනෝතින්

    ReplyDelete
  29. එල එල මෙව්වා වැදගත් වෙනවා...

    ReplyDelete
  30. බිස්නස් කොමියුනිකේෂන් වලට තිබ්බා මතකයි මට...

    ReplyDelete
  31. අහ්හ් මලා දැනගත්ත එක ගොඩාක් වටිනවා

    ReplyDelete
  32. අප්පච්චියේ ..මාත් ඔය සබ්ජැක්ට් එක කොරනවනෙ දැන්..මෙච්චර දරුණු කර්තව්‍යයක් කියල දැනන් හිටියේ නෑනෙ

    ReplyDelete
  33. @හිතුවක්කාරි :
    ලෙක්චර් ගිය නැති මම් ඕවා කොහොම දැනගන්නද ?

    @කිරිපුතා :
    මොන පිස්සුද කිරිපුතේ ? ඒ ක්‍රම මතක් වෙන්නෙත් නෑ එවෙලෙට

    @sAm (සෑම්) :
    කවුද දන්නේ නැතුව කලේ. මම ඇනගත්තා කියලා කිව්වා නේද බොල :)

    ReplyDelete
  34. @හිස් අහස :
    ඒක හරි මල්ලි. ඉහල පැලැන්තියේ එකාට කොතනත් තැන ලැබෙනවා

    @මඩිස්සලේ නිශාන් :
    බිස්නස් මැනේජ්මන්ට් නම් කරලා නෑ මලේ.

    @බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! :
    මටත් ඔය කඩ්ඩ තමා අවුල ! කඩ්ඩෙන් කොටන කොට මඟකදී හිර වෙනවා.

    ReplyDelete
  35. @සයුරි :
    අපේ අක්කා නම් දන්නවා ඇති. මම නම් දන්නේ නෑ අක්කා

    @Praveena Palipana :
    අඳුන ගන්න කෙනෙක් උන්නා නම්... ඒත් කොයි ?

    @Dinesh :
    මට නම් පැටලෙන්නේ නෑ. පැටලෙන්න ඕවා පාවිච්චි කරන්නේ නෑනේ.

    ReplyDelete
  36. @Gimhani :
    අම්බෝ කාලෙකට පස්සේ තමා අක්කා මගේ බ්ලොග් එකට ආවේ.
    මොකෝ පහුගිය ටිකේ බිසීදෑ ?

    @Shani :
    දැනගත්තට වැඩක් නෑ පාවිච්චි කොරන්නේ නැත්නම්... තේරුනාද දූ !!

    @Miyuru :
    හරියට හරි ! :)

    ReplyDelete
  37. @නවම් :
    එහෙනම් ඒ පිනත් මටමයි. ස්තුතියි :)

    @න දී :
    ඉතින් ඔහේගේ මොරාල් වැඩි උනාද මෙවුවා ඉගෙන ගෙන.හිහ්

    @පැතුම් [සිතුම් පැතුම්]:
    දැනගන්න වටිනවා !! :)

    ReplyDelete
  38. @නිසුපා :
    හොද වෙලාවට. මටත් එහෙමයි :)

    @රාජ් :
    මගෙත් කඩ්ඩ නම් අන්තිමයි. :)
    මට මතකයි "Both five of us !" කියලා කිව්වා.

    @දයානන්ද රත්නායක :
    ඒක හරි. අමතක වීම් නම් කාටත් පොදු දෙයක් නෙව. වැඩ වැඩි උනාම අමතක වෙනවා.

    ReplyDelete
  39. @ප්‍රාර්ථනා :
    එහෙනම් නංගිත් මම් ඉන්න බෝට්ටුවේම හබල් ගහන කෙනෙක්. මරු ! ආයේ එහෙම ලෙක්චර් නොයා ඉන්න එපා. එහෙම කරලා මම් ඇනගත්ත අවස්ථා බොහෝමයි.

    @කනියා :
    ඉන්ටර්විව් යන්ඩ කලින් එකෙක්ට වද දීලා මොනාද කරන්න ඕන කියලා අහගත්තා. නැත්නම් මුල ඉදන්ම නාගන්න වෙන්නේ.

    @Observer :
    මටත් ඒ අඩුපාඩුව බරටම දැනෙනවා.

    ReplyDelete
  40. @රූ.... :
    ලෙක්චර්ස් ගියා කියලත් ඩිග්‍රි ලැබෙන්නේ නෑ දරුවෝ.
    විභාගේ ගොඩ දාගන්න ඕනා. :)

    @Ice (අයේෂා කුලතුංග) :
    එහපාර ලෙක්චර් දෙකකට යන්න පුලුවන් නම් ගොඩ ! ඒත් එහෙම බෑනේ.

    @Kasun :
    අනිවාර්යෙන්ම !!! ඒත් යන්ඩ උනේ නෑනේ.

    ReplyDelete
  41. @ලහිරු :
    දන්නේ නැති එවුවා නාහා නිකා ඉදින් ! අඩේ මේකාටත් තියෙන ප්‍රශ්න ! ඔවුවත් අහන්ඩ ඕන ප්‍රශ්න ද !
    (ඔන්න නොදන්න කම වහ ගත්තා)

    @sithuwam :
    හ්ම්... තියෙනවා නේන්නම් :)

    @හරී :
    අනිත් පාර දානකොට තිතටම හොයලා දාන්නම්.

    ReplyDelete
  42. @ගැමියාගේ පත් ඉරුව :
    තව එවුවත් හොයලා දාන්නම් :)

    @prasanna86k :
    අනිවාර්යෙන්ම !!! වැදගත් වෙනෝ

    @ක්සැන්ඩර් | Xander :
    මම් ඒ විශයත් කරලා නෑනේ.

    ReplyDelete
  43. @වර්ණා :
    මලාම දැනගන්න බෑනේ. මැරෙන්ඩ කලින් තමා දැනගන්න ඕනා.

    @ගැටයා :
    නෑ නෑ. අන්තිම ඉන්ටර්විවු එකයි එසයිමන්ට් ටිකයි කොර ගත්තොත් ගොඩ ! එසයිමන්ට් ගැන ඉතින් කියන්ඩ ඕනේ නෑ නේ. ඒවා ඉතින් වන්ටු නේ :)

    ReplyDelete
  44. අප්පොච්චියේ, මම නං ඔහොම එකක් ඇහුවමයි!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.