26 January 2012

හෙම්බිරිස්සාව

මනුස්සයෙක්ට හැදෙන්න පුලුවන් සුලභම අමාරුම ලෙඩේ මොකද්ද කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි. මට නම් හිතෙන්නේ මනුස්සයෙක්ට සුලභවම හැදෙන්න පුලුවන් අමාරුම ලෙඩේ හෙම්බිරිස්සාව කියලා.

හෙම්බිරිස්සාව පොඩි ලෙඩක් උනාම හැදුනට පස්සේ පුදුම අමාරුයි. හෙම්බිරිස්සාවේ රෝග ලක්ෂන විදිහට නාහෙන් හොටු ගැලීම ! විඩින් විඩේ කිවිසුම් යාම ! ඒ මදිවට උගුරේ අමාරුව හැදිලා කෙල ටිකක්වත් ගිල ගන්ඩ බැරුව යාම ! හදුන්වන්න පුලුවන්.

අපේ මලයා කියන විදිහට හෙම්බිරිස්සාව හැදෙන්නේ ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරසයක් නිසාලු. ඒ වෛරයසට තියෙන්නේ විඩින් විඩේ වෙනස් වෙන RNA ව්‍යුහයක් නිසා ඒ වෛරයසයේ සැකැස්ම ස්ථාවර නෑලු. ඒ නිසා අනිත් ලෙඩ වගේ පොඩි කාලෙම ඉන්ජෙක්ෂන් එකක් දීලා නවත්ත ගන්න බෑලූ.

අනිත් ලෙඩ ඒ කියන්නේ කක්කල් කැස්ස, ගලපටලය, පෝලියෝ වගේ ලෙඩ පොඩි කාලෙන්ම කරන එක බේතකින් මුළු ජීවිත කාලයම ආරක්ෂා වෙලා ඉන්න පුලුවන්.එහෙම වෙන්නේ ඒ රෝග පතුරවන රෝග කාරකයට තියෙන්නේ DNA වගේ ස්ථාවර ව්‍යුහයක් නිසා ලූ!!

අපේ මලයා හෙම්බිරිස්සාව ගැන ඔය වගේ සෑහෙන දේවල් ටිකක් කියාගෙන ගියා.ඒවයින් මට මතක ඔච්චරයි.
ඒකා කියන විදිහට හෙම්බිරිස්සාවක් හැදුනම විටමින් C එකක් හරි එහෙමත් නැත්නම් සිට්‍රිසින් එකක් බොන එක හොදයි ලූ !

ඒ උනාට මට නම් කොත්තමල්ලි ටිකක් තම්බලා බිව්වම හෙම්බිරිස්සාව කම්මුතුයි ! අනිත් එක ඉංග්‍රිසි බේත් වගේ යෑ අපේ සිංහල බේත් ! ඇඟටත් ගුණයි ! අතුරු ආබාධත් අඩුයි !

59 comments:

  1. තදින පායනකොටත් වහිනකොටත් දෙකටම හැදෙන ලෙඩක්නෙ ඕක..

    අපි තෙමුනාම උණ හැදෙන්නෙ මොකද කියලා දන්නවද?

    ReplyDelete
  2. හප්පා ඔය හෙම්බිරිස්සාවනම් මහ ජරා ලෙඩක් තමයි.. කොහොමද ඕක හැදිල තියෙද්දි බිම බලන්නවත් බෑ හො‍ටු දියර ගලනවා .. ඔලුව හරි බරයි... පොඩි ලෙඩක් උනත් සෑහෙන්ට විදවන්න වෙනවනෙ ....

    ReplyDelete
  3. පස් පංගුව පැකට් එකකට වැඩිපුර ‍කොත්තමල්ලි ටිකකුයි සුදුලූනු බික් දෙක තුනකුයි දාල ගත්තාම ඉංග්‍රීසි බෙහෙත් කැලේ.. හැබැයි කඩේ තියන පස් පංගුව පැකට් හොර බඩු. සිංහල බෙහෙත් බඩු කඩේකින්ම කිරල මැනල ගත්තාම බඩුම තමා.

    ReplyDelete
  4. හෙම්බිරිසාව අපෝ ජරා ලෙඩක් .. සිට්‍රසින් නම් අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..හෙම්බි හොදයි


    @හරී
    තෙමුනම උණ හැදෙන්නේ තෙමුන නිසා වෙන්ටැති නේ

    ReplyDelete
  5. මම මේ හැඳිල ඉන්න ගමන්... හික්... කාලෙකට පස්සෙ හැදෙන එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා වගේ...

    ReplyDelete
  6. වෙදගෙදර මහ වෙදනා මේ පැත්තේ එන්නෙ නැද්ද මචං ?

    ආවනම් හොද එක්ස්ප්ලේන් එකක් කරයි !

    ReplyDelete
  7. අපෝ හෙම්බිරිස්සාව ගැනනම් මතක් කරන්න එපා.. මල්ලි කවදා හරි දොස්තර කෙනෙක් වෙයි මගේ හිතේ...

    ReplyDelete
  8. අප්පා මටත් මේ දැන් හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ .. !

    ReplyDelete
  9. මෙහෙදි නම් අපි කරන්නේ හන්දියේ තියෙන ෆාමසියට ගිහින් රු 20ක් දීලා ඒකට හරියන්න ඇමොක්සලීනුයි, විටමින් C, පිරිටන් දෙන්න කියනවා, දවස් තුනකින් විතර ගොඩක් වෙලාවට වැඩේ ගොඩ! මම අහලා තියෙන විදියට නම් ලෝකේ තියෙන ලොකුම වේදනාව විළිරුදාව සහ ප්‍රසූති වේදනාව ලු, දෙක දත් කැක්කුම ලු. එතනින් එහාට නම් දන්නේ නෑ.....

    ReplyDelete
  10. ඕකට තව හොඳ බෙහෙතක් තමා අයිස් ක්‍රීම්... අත්දුටුවයි.... බීටට නම් ලෙසටම වැඩ ඒ බෙහෙත.....

    ReplyDelete
  11. හෙම්බිරිස්සාවනං කමක් නෑ හැබැයි හො‍ටු තමා කේස් එක.....

    ReplyDelete
  12. අපෝ හෙම්බිරිස්සාව නම් මටත් පේන්න බෑ...අපිටනම් අවුරුද්දකට පාරක් ඉන්ජෙක්ෂන් එකක් හම්බ වෙනවා..ඒ අවුරුද්දේ වැඩිපුරම පැතිරීමේ සම්භාවිතාව තියන වයිරස් වලට ලු ඒක හදන්නේ...හැබැයි ඒක ශේප් එකේ වැඩ කරනවා..වැරදෙන වෙලාවලුත් තියනවා...එතකොට ඉතින් බොරුවට ඉන්ජෙක්ෂනුත් ගහගෙන ලෙඩත් හැදෙනවා..

    ReplyDelete
  13. මටත් නම් සිංහල බෙහෙත් තරං ආයේ දෙයක් නෑ.. කොත්තමල්ලි ටිකක් තම්බල පස්පංගුව එක්ක ගැහුවානම් බඩු බනිස්..

    ReplyDelete
  14. මට හෙම්බිරිස්සාව නෙවේ අනේ ඇලර්ජික් එකක් හැදෙනව හැම අවුරුද්දෙම අලුතෙන් ගස් වැල් දලු දාල මල් පිපෙන කාලෙට......
    මල්ලිගෙන් අහන්න බැරිද ඒකට ලේසි ප්‍රතිකාරයක්?..දැනට ගන්නෙ සිර්ටෙක්ස් කියන බෙහෙත බිංදු 12 ක් වතුර එක්ක...
    ලබන මාසෙ විතර පටන් ගන්නව ඒ කරුම කාලෙ..අයියෝ නහයට නිවනක් නැහැ.....!!

    ReplyDelete
  15. සිරාවටම හෙම්බිරිස්සාව කියන්නෙ ලෙඩක්ද? මට නම් එදිනෙදා පුරුදු දෙයක් වගේ. :P

    ReplyDelete
  16. හෙම්බිරිස්සාව කියන්න පොඩි කාලේ අපේ යාලුවෙක්.. ඉස්කෝලේ නොගිහින් ඉන්න ලයිසොමක්..

    ReplyDelete
  17. @පබලු :බොහොම ස්තුතියි නංගී/අක්කා. මම කාලෙක ඉඳන් හොය හොය හිටියෙ අදයි උතතරේ ලැබුනෙ..

    ReplyDelete
  18. බලාගෙන හිටපන් මල්ලී.. මේ දවස්වල තියෙන්නෙ නිකන් එක නෙමේ typhoid.

    ReplyDelete
  19. hemba hadunama nam epa wenawa thama. apooo

    ReplyDelete
  20. බලමු වෙද මහත්තය මොකද කියන්නෙ කියල

    ReplyDelete
  21. දැන්නම් හෙම්බිරිස්සාවකටයි හිසරදේටයි හැම එකටම බෙහෙත් දෙන්න ගෙදරම දොස්තර මහත්තයෙක් ඉන්න නිසා හොඳයි නේද?

    ReplyDelete
  22. මටත් හැදිලා තියෙන්නෙ මේ දවස් වල..උගුර අමාරුව තමා ඉවසන්නම බැරි!

    ReplyDelete
  23. එක එක විදිහට වෙනස් වන නිසා තමා හෙම්බිරිස්සාව එක පාරක් හැදිලා හොද නොවෙන්නෙ.

    ReplyDelete
  24. අපෝ මටත් නම් මහා එපා කරපුම ලෙඩක්. ඒත් කොත්තමල්ලි හොදා තමයි.

    ReplyDelete
  25. ඔය කියන එකා මගෙත් සෑහෙන්න කලෙක ඉඳල ප්‍රාණ සම මිත්තරයෙක්, ඌ එලෝගන්න බැලුව සෑහෙන්න කල්, මක්කරලවත් බැරි උනා. දැං ඕං ඌ ඇලජික් එකක් වෙලා අපේ දිහාවෙමයි ඉන්නෙ. මේ දවස් වල නං නෑ කොහේද ගිහිල්ල, ආයෙ එන්නෙ දුවිලි, මල් පරාග එහෙම වැඩිපුර තියන කාලෙට තමා. එතකොට ඉතිං එක එක හිස්ටමීන් ජාති දුං අල්ලල යන්තං ඈතිං තියාගන්නව.

    ReplyDelete
  26. අපොයි මටත් පේන්න බැහැ.
    පස් පංගුව තමයි මටත් හොඳම. කඩෙන් ගන්න සමහර පස් පංගු පැකට් නම් මට වැඩ. හැබැයි හැදීගෙන එනකොටම බොන්න ඕනේ.

    මට ඕක හැදෙන්නේ කාලගුනේ මාරු වෙන කාලෙට. වින්ටර් එක පටන් ගන්න කොට, සමර් එක පටන් ගන්න කොට...

    ReplyDelete
  27. අයියා දවසෙම එ.සි එකේ ඉන්න නිසා.. හවසට ටිකක් දුවන්න එතකොට හරි

    ReplyDelete
  28. නියම කතාව. මේකත් බලන්නකො එහෙනම්. http://sithama.blogspot.com/

    ReplyDelete
  29. කතා කරල වැඩක් නෑ හෙම්බිරිස්සාව තරං භයානක ලෙඩක්නං මම දැකලා නෑ.අර කතාවටත් කියන්නෙ කිඹුලා කන එක ඉවසන්න පුළුවං උනාට කොහිල කටු ඇණෙන එක ඉවසන්න බෑ කියලා.එග්සෑම් කිට්ටුව හැදුනම තමයි ආතල් එක එන්නෙ.ඔලුව පාත් කරං පොත කියවද්දි ඔන්න එන්න ගන්නවා හොටු.පිහ දාල පිහ දාල අන්තිමට නහය ළඟ තුවාලත් වෙනවා.පිස්සුම තමයි එතකොටනං

    ReplyDelete
  30. අනේ මධුරංග ඔයා ගොඩක් ලියනවා නේද?....මට හැම එකම බලන්න එන්නත් බැරි වෙනවා... ඊමේල් වෙන්න දා ගත්තා නම් හරි

    ReplyDelete
  31. හපෝ... එපාම කරපු ලෙඩක් නෙ.

    ReplyDelete
  32. හපෝයි ඔව්.. මටත් එපාම කරපු ලෙඩේ,. හැදෙන වෙලාවක් දන්නෙත් නෑ, හොඳවෙන වෙලාවක් දන්නෙත් නෑ,. වැඩි වෙලා උණකට ආවොත් එතකන් දන්නෙත් නෑ,. හී හී

    ReplyDelete
  33. mamath විටමින් C saamjikayekmi

    ReplyDelete
  34. හෙම්බිරිස්සාව.. මම ආසාම ලෙඩේ.
    ටිකක් විතර නහය කරදර කලාට මොකද ඇඟට මහ වද දෙන ලෙඩක් නෙමේනෙ.අනේ මට බනින්නෙපා හෙම්බිරිස්සාව හොඳ කලාට.

    කමෙන්ට් කරලා තියන ඇත්තො ඔක්කොමලා වගේ හෙම්බිරිස්සාවට කැමති නෑ වගේ.

    ReplyDelete
  35. හෙම්බිරිස්සාව.... හෆෝ...කතා කරන්න එපා..මහා කරුමයක්. ඔක්කොමත් හරි ඔලුව නමාගෙන පොතක් දිහාවත් බලන්න පුළුවන්ද?

    ReplyDelete
  36. හපොයි මතක් කරන්න එපා ඔය හෙම්බිරිස්සාවනම්....

    ReplyDelete
  37. අඹර දඹර නාඹර කියවන්න .

    ReplyDelete
  38. විටමින් C බොන්න ඕන හැදෙන්න ඉස්සර නැත්නම් වැඩක් නැහැ මයේ හිතේ

    ReplyDelete
  39. හෙම්බිලිත්තාව නැතුව වෙන ඕන දෙයක්

    ReplyDelete
  40. ආයෙ අහවල් පස් පංගුවක්.

    එක පංගුවෙන් එක වඩියෙන් හොඳ කොලෑකි.

    මල් විතරක් අරන් බලපන් හොඳ වෙන්නැද්ද කියලා.

    ReplyDelete
  41. මට නම් කාලයක් තිබ්බ ඕල්වේස් හෙම්බා.... දැනුයි කියලත් වැඩි වෙනසක නෑ.. උඩට ඇද ඇද ඉන්න එක තම කොරන්නේ...

    ReplyDelete
  42. මම ගෙදර ඇවිත් තාම හරිහැටි නිදාගනත් නෑ. ටිකක් හෙම්බිරිස්සාවත් වගේ. පස්සේ ආයම එන්නම්. :D

    ReplyDelete
  43. ඒකනම් ඇත්ත. මටත් කොත්තමල්ලි සීනි දාලා උණුවෙන් බිව්වාම මාර සනීපයි!!! හච්චීන් යන එක තමා හෆ්ෆා එපා වෙන්නෙ..:( :( :( හෙම්බිලිස්සාව කියන්නෙත් මහ ජරා ලෙඩක්..චික!!! ඕකටත් ස්ථාවර DNA ව්යුහයක් තිබ්බනම් මොකෝ වෙන්නෙ මං අහන්නෙ..

    ReplyDelete
  44. හෙම්බිරිස්සා වෛරස් එකට අධික ශීතල ඔරොත්තු නොදෙන නිසා සයිබීරියාවෙ හෙම්බිරිස්සා කාරයො නැහැලු.

    ReplyDelete
  45. @හරී :
    දන්නේ නම් නෑ. මලයගෙන් තමයි අහන්න ඕනේ.
    අහලා කියන්නම් හරි.

    @Sammani :
    ඒක හරි. පොඩි දේවල් වලින් තමයි කරදර !

    @දයානන්ද රත්නායක :
    ඔවු. කඩේ තියෙන බෙහෙත් බඩු ඇත්තටම එවුවා කියලා කවුදෑ දන්නේ. ඊට වඩා හොදයි බේත් බඩු කඩේකින් කිරලා ගන්න එක.

    ReplyDelete
  46. @පබලු :
    පබලුව මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.
    ජය වේවා පබලු ! (වැටුනොත් හොයාගන්ඩ බැරිවේද මන්දා)

    @Pathum Herath :
    හපෝ.....යි මට නම් එපාම කරපු ලෙඩේ තමා ඕක !

    @sAm (සෑම්) :
    නැහැනේ. වෙදනා අයියා මේ පැත්තේ එන්නේ නෑනේ.

    ReplyDelete
  47. @Dinesh :
    තව අවුරුද්දකින් දොස්තර කෙනෙක් වෙනෝ. :)

    @හිස් අහස :
    කොත්තමල්ලි ටිකක් බොනු.
    ඕක ඉක්මනටම ඇරිලා යයි !

    @ලහිරු :
    ඒ කියන්නේ හෙම්බිරිස්සාව ඊට පස්සේ තියෙන ලෙඩක් !
    හපෝ.... මං හිතන් හිටියා වැරදියි වගේ

    ReplyDelete
  48. @බීටා :
    අයිස්ක්‍රීම් ??? අඩේ මාත් ටැස් කොරලා බලන්නෝන.

    @ඔබ නොදු‍ටු ලොවක් :
    හොටුත් වර්ග දෙකක් තියෙනවා. :)

    @සයුරි :
    මෙහේ නම් නාසයකට සැරයක් දෙකක් ඕවගේ රජයෙන් ඉන්ජෙක්ශන් ගහනවා.බඩුමිල, ගෑස් මිල, බස් ගාස්තු වගේ ඒවා තමා සුලභ !
    ඒවා ගැහුවම පලාතම හිරිවැටිලා යනවා. හැඟීම් දැනිම් ඇත්තෙම නෑ.

    ReplyDelete
  49. @ක්සැන්ඩර් | Xander :
    ඒක හරි ඒක හරි !
    සිංහල බේත් වගේ යෑ.

    @වින්චැට්කිරිල්ලි. :
    හප්පා..... කුරුල්ලන්ටත් ලෙඩ හැදෙනවා කියලා මම් මේ ඇහුවාමයි !
    හරි හරි මම අහලා කියන්නම්. :)

    @විසිතුරු :
    මටත් ඕක පුරුද්දට ගිහින් !

    ReplyDelete
  50. @සරත් ලංකාප්‍රිය :
    කාලයක් මගෙත් ලයිසොම වෙලා තිබ්බා.

    @හරී :
    හරීට හරි උත්තරේ ලැබිලා වගේ.

    @පැණි දොඩම් :
    දැන් නම් අඩු ය. හෙම්බිරිස්සාවක් නැති තරම් ය....

    @න දී :
    අපෝ අපෝ අපෝ !!!!

    ReplyDelete
  51. @Observer :
    මාත් බලාගෙන ඉන්නේ උන්දෑ මේ යහා එනකන් !

    @රූ.... :
    හරියට හරි අක්කා !
    අපේ මලයා ඉන්නවා නේ. :)

    @Sabith :
    අපොයි ඔවු. උගුරේ අමාරුවත් එපා වෙනවා.

    ReplyDelete
  52. @නිසුපා :
    ඔය දන්න කට්ටියත් කියන්නේ !

    @malmi :
    කොත්තමල්ලි ටිකක් බොනවා වගේ යෑ නේ !

    @nawammawatha :
    මටත් ඔය බේත් ජාති ටික කිව්වා නම්.... මටත් මල් තියෙන කාලෙට හෙම්බිරිස්සාව වැඩි වැඩියෙන් හැදෙනවා.

    ReplyDelete
  53. @niroshini :
    මෙහේ ඉතින් ඔයාලට වගේ සෘතු භේදයක් නෑ. ඒත් හැම කාලෙකම වගේ තියෙනවා හෙම්බිරිස්සාව !!!

    @.....ෆයින්ඩර්....(රහස් පරික්:) :
    මාත් එක්ක වැඩ කරන එවුනුත් ඕකම කිව්වා !

    @නිර්මාල් :
    හාකෝ හාකෝ !
    කලිනුත් ඔහොම ලින්ක් දදා ගියපු මල්ලි කෙනෙක් හිටියා.

    ReplyDelete
  54. @දිනුක ජයකොඩි :
    නහය රතු උනාම තමා වැඩේ. එතකොට නහය පිහිනවාත් බොරු !

    @නෙරංජි සුලක්ඛනා :
    මගේ විකාර කියවන්න නංගිත් එන්ඩද හිතන්නේ. හික්ස් :)

    @Ice (අයේෂා කුලතුංග) :
    අනිවාර්යෙන්ම !!

    ReplyDelete
  55. @ප්‍රාර්ථනා :
    නංගිගේ කමෙන්ට් එක කියවලා ඇති වෙන්ඩම හිනා උනා. :)

    @වර්ණා :
    විටමින් C නම් නියමයි !
    පෙති බොන්න වතුර ඕනෙත් නෑ. හපලා කෑවෑකි !

    @අපි වගේ... :
    ඕන එකක් කියන්ට මලේ ! අපි අපි නේ.
    අනිත් එක කමෙන්ට් කරනවා කියලා කියන්නේ හොද කියන එක විතරක්ම යෑ.

    ReplyDelete
  56. @Shani :
    බැහැනේ ! ඒකනේ හෙම්බිරිස්සාව කියලා කියන්නේ.

    @~~තරූගේ ලෝකය~~; :
    ඒ මොකෑ ඒ ??

    @අසරණයා :
    ඒක කියන්ඩත් අමාරුයි !

    ReplyDelete
  57. @ChammA :
    කවුදෑ දන්නේ මලේ !

    @අපේ කනියා :
    අපොයි ඔවු !!!

    @sithuwam :
    මලක් ගහපුවාම සෙම 'කර' කරවනවනේ.

    ReplyDelete
  58. @නදුන් උයන :
    මාත් වැඩිම කාලයක් කරන්නේ උඩට ඇද ඇද ඉන්න එක තමා.

    @Podi Kumarihami :
    හෙම්බිරිස්සාව හොද කරන් එන්ටකෝ.
    ඔයා එනකන් මග බලාගෙන ඉන්නවා හොදේ !

    @හිතුවක්කාරි :
    අනේද කියන්නේ. එතකොට පොඩි කාලෙදිම ඉන්ජෙක්ශන් එකක් ගහලා හොද කරගන්න පුලුවන් !

    @රාජ් :
    ලංකාවත් සයිබීරියාවක් කලා නම් හරි. අපරාදේ සිංගප්පූරුවක් කරන්න යන සල්ලි !!!

    ReplyDelete
  59. If уou would liκе to grow yоur famіlіaritу just keep vіѕiting this web sіte
    and be updateԁ with the hotteѕt news posted
    herе.
    my page :: how to keep my man from cheating

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.