19 January 2012

ඩොල්බි, ඒ මොනවද බං ?

විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්නැද්දි අපේ පරිගණක සංගමයට අරමුදල් රැස් කරගන්න චිත්‍රපටි උළෙලක් සංවිධානය කලා. අපේ බැච් එකේ හැමෝම වගේ මේ වැඩේට මුල් වෙලා කටයුතු කලා. කට්ටියම කතා උනේ චිත්‍රපටිවලට ඩොල්බි ශබ්ද පද්ධතියක් ගේන්න ඕනෙයි කියලා.

ඩොල්බි ??? ආයෙමත් නොදන්න දෙයක් ඇහුවා. වචනේ අහලා තිබුනට තේරුම දැනන් හිටියේ නෑ.වෙනදා වගේම මගේ ඔලුව උඩ ප්‍රශ්නාර්ථයක් මැවුනා.

චිත්‍රපටි උළෙලේ පලවෙනි දවසත් උදා උනා කියමුකෝ. එදා හවස දේශන ඉවර වෙච්ච හැටියෙම චිත්‍රපටි පෙන්නන්න සූදානම් කරලා තිබ්බ අපේ කලාගාරය පැත්තට දිවුවා මොකද්ද මේ ඩොල්බි කියලා බලන්න.

"මචං මොනවද මේ ඩොල්බි කියන්නේ ??" බෆල් ටිකට වයර් අමුන අමුන හිටපු හාවාගෙන් ඇහුවා.

"ඩොල්බි කියලා කියන්නෙ මචං ෆිල්ම් එකේ අපට ඇහෙන ශබ්දය චැනල් හයකට(right front, center, left front, rear right, rear left) එහෙමත් නැත්නම් කොටස් හයකට වෙන් කරලා ප්‍රේක්ෂකයාට අහන්න සලවන්න පුලුවන් ක්‍රමයක් !! "

"ඉතින් ඒකේ තියෙන වාසිය මොකද්ද බං ?"

"මෙහෙමනේ බං. එතකොට ලඟ ඉදලා ඇහෙන ශබ්ද ලඟ ඉදලා එන විදිහටත් දුර ඉදලා ඇහෙන ශබ්ද දුර ඉදලා ඇහෙන විදිහටත් අහන්න පුලුවන්. උබ හිතපන් කාර් එකක් තිරයේ වම් පැත්තේ ඉදන් දකුණෙ පැත්තට ගියා කියලා. මේ සවුන්ඩ් සිස්ටම් එක නිසා ෆිල්ම් එක බලන එකාටත් හිතෙන්නේ කාර් එක තිරය හරහා ගියා කියලා.ඒක හරියට ෆිල්ම් එක ෂූට් කරන තැන ඉදන් ෆිල්ම් එක බැලුවා වගේ ෆීලින් එකක් එනවා ! "

අපේ හාවගේ සරල පැහැදිලි කිරීම නිසා නොදැනගෙන හිටපු දෙයක් දැනගන්න පුලුවන් උනා. ඕනම දෙයක් නොදැනගෙන ඉන්නවට වඩා චුට්ටක් හරි දැනගෙන ඉන්න එක වටිනවා.එදා තිබ්බ චිත්‍රපටිය එක බලනකොට ඒකා කියපු කතාව ඇත්ත කියලා හිතුනා.

පස්සේ දවසක මට වර්චුවල් බාබර් ෂොප් කියලා ඕඩියෝ එකක් ලැබුනා. ඒකත් මේ වගේ සවුන්ඩ් සිස්ටම් එකකට හදපු එකක්. ඒක ඩොල්බි වගේ චැනල් 6කට කඩලා නෑ. හෙඩ් සෙට් එකෙන් අහන්න පුලුවන් විදිහට චැනල් දෙකකට වෙන් කරලා හදපු එකක්. අහලා නැති කෙනෙක් ඉන්නවා නම් ඩවුන්ලෝඩ් කරගෙන අහලා බලන්න.

මතක ඇතුව හෙඩ් සෙට් එකකින් අහන්න. නැත්නම් අහලත් වැඩක් නෑ.

41 comments:

  1. අහල බලමුකො එහෙනම්.

    ReplyDelete
  2. ඔන්න බාගෙන ඇහුව ...
    අඩේ මරු බං
    අද තමා බොහොම සරළ විදිහට ඩොල්බි කියන තේරුම දැනගත්තේ .. තැන්කු තැන්කු.

    ReplyDelete
  3. අහ් මම් අහල තියනව හරියට කනත් කපාගන යනව වගී දැනෙනව වෙලාවකට.හෙඩ් සෙට් දාලමයි අහන්නෙ ඔනේ.මරු.

    ReplyDelete
  4. ශෙහ්..ඒක නම් නියමයි, ඇත්තටම හෙයාර් කට් එකක් ගන්න ගියා වගෙයි !..හෙඩ් ෆෝන් එකට තමයි නියමෙට වැඩ කරන්නෙ.. ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..

    ReplyDelete
  5. මමත් දැනං හිටියෙ නෑ..බාබර් ෂොප් එකේ කතාව නම් මල්ලි ගෙනත් දීලා අහලා තිබුනා..මාරයි කන කොයි වෙල් කැපෙයිද දන්නෑ වගේ..

    ReplyDelete
  6. හප්පා හෙඩ් ෆෝන් දෙකක් දාගෙන අහපු නිසා මම මයෙ කොනෙඩේ අතගාලත් බැලුවා සිරාවටම කැපිලද කියලා .. ෆට්ටයි ඈ

    ReplyDelete
  7. සිරාවටම කියන්නේ මාත් ඕකෙ තේරුම දැනගත්තේ දැන්....:)

    ReplyDelete
  8. ස්තුතියි!
    සවුන්ඩ් සිස්ටම් එක ගැන දැන ගත්තාට නම දැනගත්තෙ අද..

    මමත් කලින් කොණ්ඩෙ නම් කපලා තියේ...

    ReplyDelete
  9. හික්ස්.... මං අහලා තියෙනවා ඕක. නියමයි...

    ReplyDelete
  10. අම්මෝ... 5 වසරෙන් පස්සේ බාබර් සාප්පුවකට ගියාමයිද කොහෙද? කොන්ඩේ කපද්දී නිකන් කිචි කිචි වගේ.. මරු අයියේ....

    ReplyDelete
  11. එළ එළ ඔය "... හෙයා කට් එක මමත් අහලා තියනවා"

    ReplyDelete
  12. යන්තම් ඩොල්බි දැනගත්තා. ගොඩාක් ස්තූතියි. ඒ ගමන්ම අර ගොඩාක් අය එපා කියද්දිම කොන්ඩෙත් කපා ගත්තා. :D

    ReplyDelete
  13. මධූ ටයි හාවා ටයි දෙන්නටම ස්තුතියි ඩොල්බි ගැන කියල දුන්නට..

    ReplyDelete
  14. එළ ට්‍රයි එකක් දාලා බලන්නං....

    ReplyDelete
  15. නිකම් මාලු කපන කතුරක සද්දෙ වගේ මට නම් ඇහෙන්නෙ...හික්ස්..

    ReplyDelete
  16. ඩොල්බි කිවුවම මතක් උනේ.. ඔන්න දැන් 4D චිත්‍රපටිත් එනවලු.. ඒවයේදි සුවද දැනෙනවා කියන්නේ...

    ReplyDelete
  17. කොණ්ඩේ එක්ක කණත් කැපුවද ෂුවර් නැතුව හිටියේ. මරු ක්ලිප් එක..

    ReplyDelete
  18. වචනෙ අහල තිබ්බට තේරුම හරියටම දෑන ගත්තෙ අද . ස්තූතියි .

    ReplyDelete
  19. සිරා මචං මම ඕක අහුවේ ෆෝන් එකෙන්. ෆෝන් එකේ හැන්ඩ්ස් ෆී දාගෙන අහපං පට්ට !

    ReplyDelete
  20. එල එල.....මමත් ඕක අහලා තියෙනවා...දැන් එන අළුත් games සෙල්ලම් කරද්දීත් ඔය සද්දේ වෙනස අහන්න පුළුවන්...

    ReplyDelete
  21. අවංකවම මමත් අද තමයි ඩොල්බි ගැන දැන ගත්තෙ .......

    ReplyDelete
  22. අහ් ඕක මරු යො කට් එක...

    ReplyDelete
  23. හප්පටසිරි.. මූ මගේ කණත් එක්කම කැපුවදකොහෙද....

    ReplyDelete
  24. ආ......... මගේ ලඟත් තියෙනවා ඔය ඕඩියෝ එක...
    ඒක නම් ෆස්ටයි ඈ......
    කාලෙකින් කොන්ඩේ කපල නැති නිසා ඔළුවම හිරිවැටෙනවා ඒක අහනකොට.. :DD

    ReplyDelete
  25. ඔක කාලෙකට ඉස්සෙල්ල මම ඇහුව මතකයි යාළුවෙකුගෙ ෆෝන් එකක තිබිල. හොලෝග්‍රෑම් කියල යූ ටියුබ් එකේ සර්ච් කලාම ඔයවගේ කෑලි තිබුන මට මතක විදියට. ඒවයෙන් සාර්තකම එක තමයි ඕක.

    ReplyDelete
  26. බොරු කියන්නේ මොටෝ.. අදයි මන් දන්නේ ඔකේ තේරුම.. බොහොම ස්තුතියි බෙදාගත්තාට..

    ReplyDelete
  27. අද මම අහම්බෙන් විදුසර පත්තරෙ බැලුවා. ඒකෙ මේ සතියේ ලෝකෙ සිද්දඋන විශේෂ සිදුවීම් වල තිබ්බ මේ තාක්ෂණය හොයාගත්තු Ray Dolbyගෙ උපන්දිනේ 1933 ජන්වාරි මාසෙ 18 වෙනිද කියල. මදුරංග කොහොමහරි ඊට දවසකට පස්සෙ මේ පෝස්ට් එක දාල.

    http://en.wikipedia.org/wiki/Ray_Dolby

    ReplyDelete
  28. වැඩ කොරන තැන ඉඳන් කියෙව්වෙ, ගෙදර ගියාම හෙඩ් සෙට් එකක් දාගෙනම අහල බලන්නං

    ReplyDelete
  29. මම ඕක පලවෙනි පාර ඇහුවෙ කන් දෙකට ගහන ඕනෙ දෙක මාරු කරගෙන...

    වම් ඉයර් පීස් එක දකුණට දකුණ වමට...
    ඉතිං වම දකුණ විතරක් නෙවෙයි.. උතුර දකුණත් මාරු උනා...

    මට මතකයි ගාල්ලෙ කුවීන් සේ අභා බැලන්න ආපි ස්කෝලෙක පොඩි උන් වගයක් අස්වයො එනකොට නැගිටල පිටිපස්ස බැලුවා... :D

    ReplyDelete
  30. මමත් අදමයි ඕකෙ තේරුම දැනගත්තෙ...

    ReplyDelete
  31. දැන් ගොඩක් ෆිල්ම් හෝල් වලත් සවුන්ඩ් සිස්ටම් එක ඩොල්බි වෙලා! හැබැයි ඒකත් දැන් පරණ වේගන යන එකක් මම දන්න විදියට! ෂැහ්....හාවොත් දන්න දේවල්!

    ReplyDelete
  32. උඩටයි යටටයි දෙකටමමත් ඕක හරිද?
    රොකට් එකක චලිතයකටත්

    ReplyDelete
  33. හෙඩ් සෙට් 1ක් නැති හින්දා බාන්න හිතක් තිබුනේ නැ. එත් කමෙන්ට්ස් දැකලා බාන්න හිතුනා. පස්සේ දවසක අහනවා.

    ReplyDelete
  34. MC eke 3D cinema eka Dolby 7.1 ,අද වෙනකන් චිත්‍රපටියකදි අහපු හොඳම සවුන්ඩ්(චිත්‍රපටිය ගැන වැඩි විස්තර හෙට ආලකමන්දාවෙන් ) , ගෙදර චිත්‍රපටි බලන්නෙත් Dolby සපොර්ට් කරන සවුන්ඩ් කාඩ් එකකින් ඒ නිසා මගේ ජිවිතේට නම් Dolby සැහෙන්න සමීපයි . ඔය කොන්ඩෙ කැපිල්ල අහපු වෙලාවේ නම් සඳරුවා වගෙ මාත් කොන්ඩෙ අතගාල බැලුවා !

    ReplyDelete
  35. මාත් ඕක අහල තියෙනවා. කතුරෙ සද්දෙට ඇත්තටම හිතෙන්නෙ කොණ්ඩෙ කැපුනද දන්නෑ කියලා.

    ReplyDelete
  36. ඔය DOLBY කියන ඒක තේරුම දැනගෙන හිටියේ නැති උනාට හාවා කියපු තේරුම අදාල වෙන්නේ සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකකට කියල නම් දැනගෙන හිටියා..තව ටිකක් හොයල බලන්න ඕන.
    එල
    ජයවේවා!!!

    ReplyDelete
  37. මම නම් මෙලෝ දෙයක් දන්නේ නෑ මලේ. සොයාබලන්න ඕනේ

    ReplyDelete
  38. ඇදෙ අයියේ අද තමයි ඩොල්බි ගැන හරියට දැන ගත්තේ

    ReplyDelete
  39. මමත් ඔය ගැන දැනගත්තේ අද

    ReplyDelete
  40. සිද්දිය හරියට දැනගත්තේ අදයි ...

    ReplyDelete
  41. ඔන්න අද තමා ඔය සෙල්ලම ගැන දැනගත්තේ. තැන්කු අයියා

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.