14 December 2011

ආදරය සහ කාළය

ඔන්න චූටි දුවේ පුතේ එකෝමත් එක කාලෙක අපූරු රටක් තියෙනවා සියළුම මනුස්ස හැඟීම් සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙන. සතුට, දුක දැනුම, ආදරය වගේ මානුෂික හැඟීම සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා. ඔහොම කලක් ගත වෙනකොට මේ අය හිටපු එකෝමත් එක රට, ගිලෙන්න යනවා.

මෙහෙම මේ රට ගිලෙන්න යනකොට ආදරය ඇරෙන්න අනිත් හැමෝම බෝට්ටු වල නැඟලා වතුර පාර දිගේ පාවෙවී යනවා. ඉතින් මේ ආදරය, තමන්ගේ උපරිම වෙර වීරිය දානවා කොහොමහරි බේරෙන්න. ඒත් ආදරය, ටිකෙන් ටික දිය පහරේ පහලට ගහගෙන යනවා.

ඉතින් මෙහෙම ගහගෙන යනකොට ආදරය, ධනවත්කම කියන කෙනාගේ බෝට්ටුව ගාවට කිට්ටු වෙනවා.තමන්ව බෝට්ටුව ඇතුලට ගන්න කියලා කිව්වත් මේ ධනවත්කම කැමති නෑ ආදරය බෝට්ටුව ඇතුලට ගන්න. මොකද තමන්ගේ බෝට්ටුව සල්ලි වලින් රත්තරන් මුතු මැණික් වලින් පිරිලා. ඒ නිසා ඉඩක් නෑ.

ඊට පස්සේ ආදරය ආයෙමත් දිය පහරේ පහලට ගහගෙන යනවා.මේ වෙලාවේ කිට්ටු වෙන්නේ ලස්සන බෝට්ටුවක නැඟලා යන ආඩම්බරයාගේ බෝට්ටුව ලඟට. කලින් වතාවේ වගේ මේ වතාවෙත් තමාව බේරගන්න කියලා ඉල්ලුවත් ආඩම්බරයා නෙමෙයි ආදරය දිහා ඇහැක් ඇරලා බැලුවේ.

මේ විදිහට සතුටගේ බෝට්ටුව ලඟටත් දුකගේ බෝට්ටුව ලඟටත් ගහගෙන යනවා. මේ එක්කෙනෙක්වත් ආදරයව බේරගන්න කැමති නෑ.

ආදරයා තමන් ජීවත් වෙන බලාපොරොත්තු අතෑරගන්නවා.ඔහොම තව ටිකක් දිය පහරේ පහලට ගහගෙන යනකොට අහම්බෙන් වගේ වයසක මනුස්සයෙක් ජල පහරේ ගහගෙන ගියපු ආදරයාව බෝට්ටුව ඇතුලට ගන්නවා. ආදරයාත් මේ මනුස්සයා එක්ක ගොඩබිමක් හොයාගෙන යනවා.

මේ දෙන්නා හිටපු බෝට්ටුව ගොඩබිමේ නැවැත්තුවාම අර වයසක මනුස්සයා බැහැලා යනවා. කලබලේට තමන්ට උදවු කලේ කවුද කියලා අහගන්න බැරුව යනවා.

මේ ආදරයා තමන් ලඟ හිටපු දැනුම ගාවට කිට්ටු වෙලා,

"මට අර උදවු කරපු කෙනා කවුද ?"

"ඒ තමා කාළය !!" දැනුම උත්තර දෙනවා.

"ඇයි එයා විතරක් මට උදවු කරන්න ආවේ ?" ආදරයා ආයෙමත් ඇහුවා.

"කාළයට විතරයි ආදරය තේරුම් ගන්න පුලුවන් ! ඒකයි එයා ඔයාට උදවු කලේ !!" දැනුම උත්තර දුන්නා.

ආදරය තේරුම් ගන්න කාළයට ඉඩ දෙන්න !!
-----------------------------------------------------------------------
ප.ලි. - වැඩ කරන අතරතුරේ කියවන්න ලැබුන අපූරු සිතුවිල්ලක් සිංහලයට පරිවර්තනය කලා.

49 comments:

  1. මාර කතාව අයියේ.... එක නෙවෙයි වැඩ කරන ගමන කිව්වේ නයිට් ඩියුටි ද? O.o

    ReplyDelete
  2. කපීකේකිDecember 14, 2011 at 9:01 PM

    *කාලය

    ReplyDelete
  3. හරි අපූරු කතාවක්. හරියටම හරි...
    ආදරය තේරුම් ගන්න කාළයට ඉඩ දෙන්න !!

    ReplyDelete
  4. //කාළයට විතරයි ආදරය තේරුම් ගන්න පුලුවන් //

    හ්ම්ම් ඒකත් එහෙමයි එහෙනම්...කතාවනම් ඇත්ත මටත් හිතෙන්නේ...ලස්සන ඇබ්ස්ට්‍රැක්ට් කතාවක්..:)

    ReplyDelete
  5. ඇත්ත. කාලයට තමා ආදරය තේරුම් ගන්න පුළුවන්. ආදරය ඇත්ත එකක් ද බොරුවක්ද කියන එකත්. ආදරයේ විටිනාකමත්. පොඩි උනත් හොඳ පෝස්ට් එකක්..

    ReplyDelete
  6. හ්ම්ම්.එකෙත් ඇත්තක් තියනවා.හොද කතාවක් ..

    ReplyDelete
  7. ඒත් කාලය රන් හා සමානයි නොවැ?

    ReplyDelete
  8. ප්‍රයෝජනවත් ලස්සන කතාවක්...ඒත් ප්‍රශ්නයක්...!...කාලයත් එක්ක ගිහින් ආලය තෙරුම් ගනිද්දි ''පෙරහැර ගිහිල්ල'' තිබ්බොත්??

    ReplyDelete
  9. ඇත්ත අයියේ ආදරය තේරුම් ගන්න කාලය ඕන..

    කතාව ලියපු විදිහනම් ගොඩක් ලස්සනයි අයියේ...

    ReplyDelete
  10. කපීකේකිDecember 14, 2011 at 9:32 PM

    බබලමුකො එහෙනම් කාලයට ඉඩදීලා මොකද වෙන්නෙ කියල :)

    ReplyDelete
  11. හුඟ දවසකින් මධුරංග අයිය එන්න ලැබුනේ..හරිම අපුරු සිතුවිල්ලක්..මේක සහතික ඇත්ත..කාලයට විතරයි ආදරේ තෙරුන් ගන්න පුලුවන්..කාලයට විතරයි ආදරේට උදව් කරන්න පුලුවන්

    ReplyDelete
  12. කාලයට ඉඩ දෙන්න. නමුත් ඒ අතරේ බුද්ධියටත් ඉඩ දුන්නානම් තමයි හොඳ..

    ReplyDelete
  13. කතාව ලස්සනයි..ඒත් ආදරය බලාපොරොත්තු අතෑරගන්න එක නම් අන්තිම නරකයි..

    ReplyDelete
  14. ලස්සන අර්ථවත් කතාවක් බං .. නියමයි

    ReplyDelete
  15. මධුරංගත් දන්න ජාති. කාලයට ඉඩදෙනවා කියන්නේ ඉවසන එකනේ. ඒත් ඉතින් පොඩ්ඩිට නම් ඉවසන්ට බෑනේ.:(

    ReplyDelete
  16. ඔය දෙකම වාස්තවිකයන් නෙවෙයි නෙ, අපූරු කතාව...

    ReplyDelete
  17. හරිම ලස්සනයි යාලු....හ්ම් හ්ම් ආදරේ තේරුම් ගන්න කාලෙට ඉඩ දෙන්න ඕනා...ඉක්මන් කොටයිළුනේ....

    ReplyDelete
  18. ලස්සනයි.. කාළය ඇරුනාම තව ආදරයට උදවු කරන අය ඉන්නවා කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  19. හ්ම්ම් ඇත්ත සහතික ඇත්ත..

    ReplyDelete
  20. අපූරු කතාව... ඒත් කාලයට ඉඩ දෙන්න ගිහින් වෙන කවුරු හරි ඒ කාලය ඇතුළත ආදරය ඇතුළට රිංගුවොත් තමයි වැඩේ!

    ReplyDelete
  21. ඇත්තටම ආදරය පිලිබඳ ප්‍රශ්න හුඟක් කාලයට විතරයි විසඳන්න පුලුවන් ......

    ReplyDelete
  22. මේකෙ ෆැලෑශ් වීඩියෝවක් තියෙනවා මල්ලි.ඒක හම්බ වුනේ නැද්ද? ඒකත් ශෝක්.

    ReplyDelete
  23. ආදරයට ගොඩක් හොඳ වටිනාතමක් දුන්නට මල්ලිට ගොඩක් ස්තූතියි.. හරි ලස්සනයි..

    ReplyDelete
  24. කාලයට ඉඩ දෙන්න.. වටිනා කියමනක්

    ReplyDelete
  25. godak lassanai aiya.. man echchara loku kenek nevei..eeth denuna.

    ReplyDelete
  26. කාලයට විතරයි ආදරය තේරුම් ගන්න පුළුවන්......ඔව් එහෙම වෙන්න පුළුවන්...ඇත්තටම වෙන්න පුළුවන්

    ReplyDelete
  27. ""කාළයට විතරයි ආදරය තේරුම් ගන්න පුලුවන් !"
    හරිම ලස්සන පුදුම විදියෙ අපූරු ගැඹුරු අර්ථයක් තියන කතාවක්...ඇත්ත.කාලයට විතරයි පුළුවන් ආදරේ තේරුම් ගන්න..

    ReplyDelete
  28. කතාව ඇත්ත මාත් කාලයට බාරදීලා බලන්න ඕනේ

    ReplyDelete
  29. ඇත්තමයි අයියේ කාළයට විතරයි ආදරය තේරුම්ගන්න පුලුවන්. හරිම වටිනා අදහසක්.. කාලෙකට පස්සෙ බ්ලොග් කියවන්න ආවෙ.

    ReplyDelete
  30. ෂෝයි කතා පොඩ්ඩක් නේ... අයියටත් ලැබෙන්නේ මරු කතා තමයි.. :) :)

    ReplyDelete
  31. කොච්චර කාලයක්නං කියල බලාඉන්නද යකෝ....

    ReplyDelete
  32. මරු මචං... නියමයි...

    ReplyDelete
  33. කියවන්න වෙලා මදි වුනා වැඩට ගියාම ආයෙමත් එහෙදි ගොඩවෙන්නම්....දැනට ටටා

    ReplyDelete
  34. කාලය තමයි ප්‍රශ්නේ....................

    කාලය කවුලු දොරින් පෑනයනවනේ?

    බලමු බලමු :D

    ReplyDelete
  35. ඔන්න කියෙව්ව දැන්. අපි ආදරේ කරල කසාද බැන්දත්, ආදරේ නියම වටිනා කම තේරෙන්න පටන් අරන් තියෙන්නෙ දැන් කියල කිව්වොත් නිවැරදියි.

    ReplyDelete
  36. උඹත් හොයාගන්න දේවල්. නියම කතාව.

    ReplyDelete
  37. @ ඔබා මාමා :- ඈ..... ලපටි එකකට හිත ගියාද ?? :O

    ReplyDelete
  38. ලස්සන අර්ථවත් කතාවක්.ඒ කාලය එනකන් මං තවම බලන් ඉන්නවා එත් තවම ආවේ නැහැ

    ReplyDelete
  39. කොච්චර අමාරුවෙන් උන්ත් ඔරලෝසුවට ටිකකට ඉඩ දුන්නොත් ගොඩක් දේවල් විසදල දෙයි....
    ලස්සන කතාව අයියේ...

    ReplyDelete
  40. කාලය කියන්නේ අපුරු ඖෂධයක්...

    ReplyDelete
  41. අම්මේ.. ගොඩ කාලෙකට පස්සේ මේ පැත්ත ට ආවේ....

    අහ්හ්.. "කාලය!!!"
    ඇත්ත.... කාලය අපි ට ගොඩක් දේවල් තේරුම් කරවනවා.
    ඒත් කාලය ආදරය තේරුම් කරවනකොට ප්‍රමාද වැඩියි. මං හිතන්නේ ඒක තමයි ප්‍රායෝගික තත්ත්වය......

    ReplyDelete
  42. මරු මරු..... මාරම අර්ථයක් තියන කතාවක්.....
    ජය වේවා!!!!

    ReplyDelete
  43. "ඔන්න චූටි දුවේ පුතේ......."


    මුලු කතාවෙන්ම මට මීටර් උනේ ඉතිං ඔය ඩිංග තමයි!!එතකොට දැන් මේ මධුරංග මාමාද? සීයද? අත්තද? මුත්තද? නත්තද? පනත්තද? කිත්තද? කිරිකිත්තද?

    ReplyDelete
  44. සහතික ඇත්ත...ආදරයට උදව් කළ හැකි එකම කෙනා කාලය තමයි... මරු කතාව අයියෙ....

    ReplyDelete
  45. ඔය කියන කාල තියරිය ගොඩක් ඒවට හරි මයෙ හිතේ..

    නියමයි.. ජය ර්‍ශ්‍ර..

    ReplyDelete
  46. ඔහොම ඉඩදුන්නොත් පෙරහැර ගිහින් බලන්න ආපු වුනුත් ගෙදර ගිහින් කියලයි සමහරු කියන්නෙ....

    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
    මෙය කිව් එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් උන එකා අත බඩු හත අටය
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය

    සමහරු කියන්නෙ ඔය විදිහට....

    ReplyDelete
  47. අත්දැකීමෙන් කියන්නෙ.. කතාව ඇත්ත බං මලේ. අනිත් දේවල් වලදී වගේ නෙමෙයි ආදරය "වෙන්න ඉඩ දීල බලාගෙන ඉන්න ඕනෙ" ජාතියෙ දෙයක්.

    ReplyDelete
  48. ඒ වුණාට අයියේ කාලය අනුවනේ අපිට තෙරෙන්නේ..? ඇත්තටම ආදරය කියන එක කාලයට තෙරෙන්නෙත් නෑ..!

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.