08 December 2011

ආදරය අන්ධයි(ද)

"මචං ආදරේ අන්ධයි නේද බං ?" යාළුවා දිහාට හැරිලා මම් කිව්වා.

"ඈ යකෝ !!! මෙච්චර වෙලා හොදට හිටපු උඹට එකපාරට මොකෑ උනේ ? උඹට ඔල්මාදෙ ද ?" යාළුවා උත්තර දුන්නා.

"එහෙම එකක් නෙමේ බං. අර කෙලවරේ වාඩි වෙලා ඉන්න කපල් එක නහුතෙට තොල් විකා ගන්න එක උන් හිතන්නේ අපට පේන්නේ නෑ කියලා නේ !!"

"කෝ .... බං !!"

"අර පෙම් මුල්ලේ වාඩි වෙලා ඉන්නේ. උඹ ඇස් කටේ දාගෙනද ඉන්නේ ?"

"අඩේ හැබෑමයි නේ බං. උඹට ඉතින් කොහෙං හරි කැරිකිලා ඕවා නම් පේනවා !!!"

වෙනදා වගේම නුගේගොඩ ඉදන් බස් එකේ ඇවිත් ආමර් වීදියෙන් බහිනකොට මට අතීජාත මිත්‍රයෙක් හම්බ උනා. ඌත් එක්ක කදේ වැටිලා ටික වෙලාවකින් අපේ ගමට යන බස් එකට ගොඩ උනා. එතකොට තමයි ඔය කියන ජෝඩුව දැක්කේ.

ඒ වෙලාවේ බස් එක පිරෙන්නම වගේ සෙනඟ හිටියත් අන්තීම සීට් එකේ කෙලවරක වාඩිවෙලා හිටපු ජෝඩුවක් ඔය විදිහට ආදරෙන් අන්ධ වෙලා හිටියා (පවු නේ.) මාත් ඔය සිද්ධිය අහම්බෙන් වගේ දැකලා මං ලඟ හිටපු යාළුවාට පෙන්නුවා.


මේ සිද්ධිය දැක්කම හිතුනේ ඒ කොල්ලයි කෙල්ලයි පුරුදු කාරයෝ දෙන්නෙක් කියලා.

ඔහොම ටික වෙලාවක් යනකොට බස් එකේ හිටගෙන හිටපු එක එකාගේ ඇස් අර ජෝඩුව දිහාවට යොමු උනා. ඒත් උන් දෙන්නට නෙමෙයි ගානක්වත් තිබුනේ.
මේ සිද්ධිය දැකපු සමහර මැදි වයසේ අය නම් "මුන්ට විලි ලැජ්ජ නෑ" කියලා තමන්ට විතරක් ඇහෙන්න බැන ගත්තා.

තවටික වෙලාවක් යනකොට මේ සීන් එක ඉහින් කනින් ආරංචි වෙලා සීට් වල වාඩිවෙලා හිටපු එක එකා චුට්ට චුට්ට ඉස්සිලා ඒ දෙන්නා දිහා බලන්න ගත්තා.
කොටින්ම බස් එකේ හැම එකාගෙම අවධානය ඒ දෙන්නා පැහැර ගත්තා කිව්වොත් මම වැරදි නෑ.

මේ වගේ දේවල් පිටරටවල් වල අරුමයක් නැති උනාට අපට නම් අළුත් දේවල්. AC බස් වල මෙහෙම ඒවා වෙනවා කියලා දැනගෙන උන්නට සාමාන්‍ය බස් වලත් මෙහෙම වෙනවා කියලා මම් දැනගත්තේ අදමයි.

කොහොමහරි මේ දෙන්නා පෑලියගොඩ පහුවෙනකොට බැහැලා ගියා. මේ දෙන්නගෙ නිදහස නේ කියලා හිතලා වෙන්නැති කවුරුවත් මුකුත් කියන්න ගියේ නෑ.
ඊට පස්සේ මමයි අරුයි බස් එකෙන් බහිනකම් දවසේ විස්තර කතා කර කර ගියා.

වෙනදට වාහන තදබදයට අහුවෙලා සෙනඟ අතරේ තෙරපිලා යන ඒකාකාරි අතෘප්තිකර බස් ගමන සුන්දර කලාට මේ දෙන්නට ස්තුතියි කියමු !!!

-------------------------------------------------------------
ප.ලි. - අපේ දිල් අක්කා හිටියා නම් මෙලහකට බැනලා පෝස්ට් එකක් දාලා. ඔන්න මම මේ වැරැද්ද සිද්ධිය සාධාරණිකරණය කළා. :)

60 comments:

  1. මල්ලි නොමිලේම ෆිල්ම් එකක් බැලුව නේද? හික්ස්...

    ReplyDelete
  2. මධු මල්ලිගේ ගමන් වෙහෙස නැති කරාට ඔන්න මාත් ස්තුතියි කියනවා අර කපල් එකට..හික් හික්...

    අයියෝ මම දැකල නැහැනේ බස් වල ඔහොම සීන්

    ReplyDelete
  3. නහුතෙට තොල් විකා ගන්න එක??

    //ඇයි ඒ

    ReplyDelete
  4. "උද්වේගකර ධාවකයක්"

    ඒ කියන්නෙ

    ReplyDelete
  5. කපීකේකිDecember 8, 2011 at 9:30 PM

    මමත් ඔය වගේ ඒවනම් දැකලා තියනව ගොඩක් ඒසී බස් වල යද්දි.ඒත් නොර්මල් බස් වල නම් ඔහොම ඒව දැකලා නෑ.ආ දවසක් දැක්කා හික්z හූ.

    ReplyDelete
  6. මධුරංග බෙල්ලේ මොනා හරි ගා ගන්න ...නැත්තනම් හෙට වැඩට ගිහිල්ලත් හමාරයි..

    ජිරාෆ් වගේ නොවැ ඔය සිද්ධි මෙව්වා එක බලන්න ඇත්තේ..

    ReplyDelete
  7. වෙනදට වාහන තදබදයට අහුවෙලා සෙනඟ අතරේ තෙරපිලා යන ඒකාකාරි අතෘප්තිකර බස් ගමන සුන්දර කලාට මේ දෙන්නට ස්තුතියි කියමු !!!

    නුවර කොළඹ බස් වලත් , කොළඹ මාතර බස් වලත් මේ වගේ ජෝඩු හිටිය නම් මටත් සුන්දරව බස් එකේ යන්න තිබුන බං

    ReplyDelete
  8. අපෝ මෙව්වා ඕනෑ තරම් තියේ. බලන්ට බැරුවා මිසක්. ඒ දිහා බලලා ඊලගට ලග ඉන්න එකාගේ මුහුන බලන්ට බැරි එකයි පුරස්නේ. ඔහොම යං ඔහොම යං.

    අනේ මලේ මගේ බ්ලොග් එකෙත් අර මොකද්ද එක අප්ඩේට් වෙන්නේ නෑ නොවැ. මොකෑ ඒකට කොරන්නේ

    ReplyDelete
  9. ආදරේට බ්‍රේක් නෑ

    ජීවිතේට රිවස් නෑ

    ReplyDelete
  10. දෙළුම් කොල ටිකකින් ඇස් දෙක තවාගනින්... ඇහේ පොට ගිහින් ඇති...

    ReplyDelete
  11. AC බස්වල මීටත් එහා ගිය දේවල් වෙනවා කියලයි AC බස්වල යන එන නිත්‍ය මගියෙක් වෙන මගේ යාලුවෙක් කිව්වේ :))

    ReplyDelete
  12. මංචි ඉන්න රටේ නං ඕවා එච්චර ලොකු දේවල් නෙවෙයි වුණාට...අපට නම් ලැජ්ජාවෙ බෑ අහම්බෙන් හරි එහෙම සිද්ධියක් දැක්කම... ඒ වුණත් ලංකාවට නම් ඔය වගේ දේවල් හරියන්නෙ නෑ...කොහොමත් ඒ වගේ පුද්ගලික දේවල් දෙනෝ දාහක් යන එන තැනක කරන්න තරම් හැදියාව නැති කරගන්න එක හොඳ දෙයක් නෙවෙයි... :((

    ReplyDelete
  13. ලිංගික අසහනය - ඔය කපල් එකට නෙවෙයි බලන් ඉඳන් හිත යටින් බනින් අනිත් උන්ට. උන්ට නැති චාන්ස් එකක් අර කොල්ලට/කෙල්ලට තියෙනවා කියන කුහක හැඟීම.

    "ඒත් මධුරංග අයියා නම් ඇහැ දාගෙනම හිටියලු නේද කට කන ටෙක්නික් ඉගෙන ගන්න" :-P

    ReplyDelete
  14. ආදරය අන්ධවෙලා තියෙන්නේ ඔච්චර කට්ටිය බලන නිසා වෙන්ටැති.:D

    ReplyDelete
  15. අන්දයි බං අන්දයි! :D

    ReplyDelete
  16. මං හිතුවෙ ටිකට් එකේ ගාන ඩබල් කරල ගන්න ඒ.සී. වල විතරයි මේව පෙන්නන්නෙ කියල. බොලේ දැං නෝමල් වලත් පෙන්නන එක කොච්චර දෙයක්ද.

    ReplyDelete
  17. දිල් අක්කගේ පොස්ටුව දැක්කේ ඔයා ගේ ලින්ක් එකට..එකේ සමහර කමෙන්ට් දැකලා මම එලොව ගිහින් මෙලොව ආවා වගේ.. එ නිසා සංවාද ඇති වෙන විදිහේ දේවල් නොලියා ඉන්නම්.. මෙතනත් කෙළ ගන්න ගියොත් උත්තර දෙන්න වෙන් නේ ඔයාටම නේ..:D
    "තවටික වෙලාවක් යනකොට මේ සීන් එක ඉහින් කනින් ආරංචි වෙලා"
    ඔය දෙන්නගේ කතාව බස් එකට ඇහෙන්න ඇති..:D :D

    ReplyDelete
  18. හික්ස්...අනේ මන්ද මොනවා කියන්න කියල...:ඩි

    ReplyDelete
  19. අයියාට කැම්පස් කාලේ මතක් වෙන්න ඇති නේ...? අන්දම නෑ ආදරේ ,. ඒ ආදරෙ හැටි
    නැත්නම් කෙල්ලෙ කියයි .. මූට මෙහෙම වැඩක් වත් කරගන්න බැ කියලා

    ReplyDelete
  20. මේවගේ සුන්දර දසුන් අපිට බලන්න වෙන්නෙ නෑති එක ගෑන දුකයි .

    ReplyDelete
  21. අපේ නංගි ඉස්සර පොඩි කාලෙ ෆිල්ම් වල එහෙම යනකොට අහනවා අර මොකක්ද කරන්නෙ කියලා. :D

    ReplyDelete
  22. මුලින්ම කියන්න ඕනා අයියගේ පොස්ට් එක මගේ බ්ලොග් එකේ අප්ඩෙට් වෙලා නැහැ,
    හික් හික් මමත් තාම ඕවගේ සීන් එකක් දැකලා නැහැනේ ලංකාවේ මගේ ඇස් දෙකට අෆ්ෆා :((.. හික් හික්

    ReplyDelete
  23. ආදරය කරන අය කෙසේ වෙතත් අවට ඉන්න අය නං අන්ධ නෑ වගේ!

    ReplyDelete
  24. ආදරේ අන්ධයි කියල කිව්වට පේන්නෙත් නැහැ, බැලුවට පේන්නෙත් නැහැ, අතට අහුවෙන්නෙත් නැහැ. අවබෝධයෙන්ම දකින කල් ඒක දැනෙන්නෙ නැහැ. මෙතන තමයි ප්‍රශ්නය. සමහර වෙලාවට අඳුරේ කෙටූ විදුලිය මෙන් යන්තම් මාත්‍රයක් පේනවා. එච්චරයි. හරියට අවබෝධ වෙනකල් ඒක දැනෙන්නෙ නැහැ. ඊට පස්සෙ තමයි, තනිවයි උපන්නේ, තනිවයි මැරෙන්නේ කියල ගීතය ගායනා කරමින් පාරෙ යන්නේ..

    ReplyDelete
  25. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. ආදරේ අන්ධයි තමා..;) හෆ්ෆා මධුරංග අයියාත් හෙන ඕපේ නේද හිමිජ්ජා වගේ හිටියට, හිකිස්ස්ස්ස්ස්ස්...:D

    දිල් අක්කාගෙ පෝස්ට් එකට ගියේ මේකෙන්. හනේ අම්මෝ..ඒකෙ තිබ්බ කමෙන්ට්ස් කියෙව්වාහම රත් වෙනවානෙ...o_O

    ReplyDelete
  26. කතන්දර කියපු එක තමා මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
  27. මෙහෙ නං ඕව නෝර්මල් සීන් කෝන්...අපි කොයි තරං ලකීද?

    ReplyDelete
  28. ඔයිට හපන් සීන් එකක් මිනුවන්ගොඩදි CTB බස් එකක් දැක්ක..
    කට කෑම ටිකක් හරි ෂේප්...

    ReplyDelete
  29. අනේද කියන්නේ? එකේ මං නම් ඒ තරම් වරදක් දකින්නේ නෑ. එත් එහෙම කියල එක සැහැල්ලුවට ගන්නෙත් නෑ.

    ReplyDelete
  30. අනේ අනේ මේ ඔබා මාමා,,, :D :D

    ReplyDelete
  31. "මේ වගේ දේවල් පිටරටවල් වල අරුමයක් නැති උනාට අපට නම් අළුත් දේවල්. "

    ඔය ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ.. කියන්න තියෙන්නේ මේ දෑස මගේ පින්වන්ත්යි කියලා තමයි..

    ReplyDelete
  32. ඇයි අයියා තොල් විකන්නෙ? බඩගින්න හැදිලද?

    ReplyDelete
  33. අඩේ ඒ වෙලාවයි බස් එකයි මට මැසේජ් කරපංකෝ.:D පොඩි පොඩි ජිල්මාට් නම් දැකලා තියනවා. ඔය වගේ සීන් එකක් නම් මාත් තාම දැකලා නෑ.

    ReplyDelete
  34. ඔය වගේ සිදුවීම් ගැන නම් කියලා වැඩක් නෑ. දැන් නම් වසංගතයක් වගේ.

    ReplyDelete
  35. උඹ බෙල්ලෙ පොට යවා ගත්තා නේද...

    ReplyDelete
  36. මචෝ... උඹෙ බෙල්ලෙ පොට ගිහින් ඇති....

    ReplyDelete
  37. ඔය කාලෙට ඔය දේවල් නවත්ත ගන්න අමාරුයි තමයි, ඒත් අනුමත කරන්න නම් බැහැ .....

    @විසිතුරු | visituru,
    ඔයා දාලා තියන අදහසට නම් මම එකඟ නැහැ, මම දරුවො දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මගේ ලමයෙක් ඔය සිද්ධිය දැකලා මගෙන් ඇහුවොක් ඒ ගැන මට දෙන්න උත්තර නැති වෙනවා. ලංකාවෙ සංස්කෘතියෙ හැටියට අපිට තාම ඔය දේවල් සාමාන්‍ය දේවල් හැටියට ගන්න බැහැ ........

    ReplyDelete
  38. @රූ.... :
    බැලුවා නෙමෙයි දැක්කා. :)

    @සයුරි :
    ඇයි අප්පා ඔය රටවල් වල නේ ඕවා සුලබම තියෙන්නේ. එහෙම එවුවා දැකලා නෑ කිව්වම පුදුමයි නේ.

    @Anonymous :
    ඔවු බං. තොල් හපාගෙන හපාගෙන ගියා. අර උද්වේගකාරි ධාවකයෙක් කියන කෑල්ල අයින් කලා. ඒක පහදන්න ගියොත් කට්ටිය හිතයි වල් කතවක් කිව්වා කියලා. නිකන් තියෙන -කේ ටිංකිරි ගාගන්නේ මොකෑ.

    ReplyDelete
  39. @කපීකේකි :
    ඒසී බස් වලනම් මම් දැකලා තියෙනවා. ඒත් මෙහෙම බස් වල දකින්න ලැබෙනවා අඩුයි.

    @අසනි :
    එහෙම ඕනේ නෑ අසනි. මුන්ට කොච්චර ලැජ්ජාවක් නැද්ද කියලා කියනවනම් සාමාන්‍ය විදිහට වාඩි වෙලා තමයි ඕවා කලේ.

    @රවින් :
    මම නම් නුවර කොළඹ බස් වලදි දැකලා තියෙනවා. ඒත් මාතර කොළඹ නම් දැකලා නෑ.

    ReplyDelete
  40. @malmi :
    ඔහොම යං ඔහොම යං කියලා තමයි මටත් කියන්න වෙන්නේ. මම දන්න දන්න අයගෙන් අහලා කියන්නම් අක්කේ. මාත් හරියටම ඔය ගන දන්නේ නෑ.

    @හිස් අහස :
    හික් හික් :)
    ත්‍රීවිල් එකකත් ඔහොම ගහලා තිබ්බා.

    @සාතන් :
    මේවා සුපිරි ඇස්. !!!
    ඒ නිසා ඕනේ නෑ. :)

    ReplyDelete
  41. @Hasitha :
    ඒසී බස් ගැන නම් කතා කරලා වැඩක් නැත.

    @මකුළු පැංචි :
    නංගි හරි නංගි. මේවා දකින අපට තමා ලැජ්ජ හිතෙන්නේ. ඒ උනාට ඒවා කරන එවුන්ට ගානක්වත් නෑ.

    @විසිතුරු | visituru :
    ඒ උනාට ළමයි ඉන්න අම්මලා බනින එක නම් සාධාරණයි මල්ලි. දරුවෙක්වත් හදාගන්න අමාරුයි මෙහෙම දෙයක් දැක්කම. පොඩි එවුන්ගේ පුංචි හිත් කැත වෙනවා.

    මම නම් අවුලක් නෑ. ඔහේ බලාගෙන හිටියා. :)

    ReplyDelete
  42. @Podi Kumarihami :
    වෙන්ඩැති වෙන්ඩැති. අපි අන්ධයි කියලා හිතුවද දන්නේ නෑ.

    @තනි අලියා :
    ඒක හරි ඒක හරි !!!

    @රාජ් :
    අනේද කියන්නේ. කොච්චර නම් දෙයක් ද ?

    ReplyDelete
  43. @Anjali :
    අපොයි ඔවු. මාත් මෙහෙම දේවල් බස් වල වෙනවට කැමති නෑ.

    @ගිනි කුරුල්ලා :
    මුකුත් කියන්න ඇත්තෙම නැද්ද මල්ලි ? :)

    @රහස් පරික්ෂකයා :
    ඒ උනාට බැන්දට පස්සේ කරන්න දේකුත් තියෙන්න එපැයි කියලා කෙල්ල කිවුවොත් ???

    ReplyDelete
  44. @ මධූ : අනේ බොරු නෙමෙයි...මේ අවු. 2 ට මම ඔහොම එකක්නම් දැකලා නැහැ...මේ පැත්තේ හැටිද දන්නෙත් නෑ ඉතින්...සමහරවිට එයාලා කෙලින්ම ගෙදරටම ගිහින් ඕවා කරගන්නවා ඇති...

    ReplyDelete
  45. ආදරය අන්ධ නෑ අයියා.... ආදරවන්තයොයි අන්ධ................... :D

    ReplyDelete
  46. @Gimhani :
    ඒකනේ අක්කේ. බලන්නකෝ නේ :)

    @නිසුපා :
    අම්මට හිනාව නවත්තගන්න බැරිව යන්න ඇති නේ. :)

    @වර්ණා :
    මම අප්ඩේට් අවුල මොකද්ද කියලා බලන්නම්.
    මේ වගේ සීන් නොදකින එකම තමා හොද. :)

    ReplyDelete
  47. @කතන්දර Kathandara :
    ඒක හරි කතන්දර අයියා.

    @සරත් ගුණතුංග :
    ඔබ තුමාගේ කතාවත් හරි. මේ ලෝකෙට එන්නේ තනියම නම් යන්නෙත් තනියම නම් ඉන්න ටිකේ මේවට නහින්න ඕන යෑ.

    @හිතුවක්කාරි :
    ඕපේ නෙමේ හලෝ !!! දැක්ක දෙයක් කිව්වේ. මොකෝ අපි ඇස් වහන් බස් වල යනවා යෑ.

    ReplyDelete
  48. @පිණිබිඳු... :
    කතාව ඇත්ත තමා. :)

    @Observer :
    ඔබා මාමත් ලකී තමා.මේවා බලනවා කියලා ඔබා නැන්දා වැලමිටෙන් එහෙම අනින්නේ නැද්ද මාමා ? හික්ස් :)

    @තාරක Dilsh@n :
    එහෙනම් මේවා ෂේප් නේ. මම හිතුවේ නෝමල් බස් වල ඔහොම දේවල් නෑ කියලා.

    ReplyDelete
  49. @ක්සැන්ඩර් | Xander :
    වරදක් කියන්නත් බෑ නොකියන්නත් බෑ. මේවගේ දේවල් තියෙනකොට කොහොමද ළමයෙක්ව හරි මඟට ගන්නේ කියලා හිතෙනවා.

    @හරී - පිණිපළස :
    ඒක නේද අක්කේ. මේ මාමා නම්.....

    @Dinesh :
    තේරුනේ දැන් තමයි.....:)

    ReplyDelete
  50. @සීතල අයියා :
    බඩගින්නේ තමා මල්ලි නැත්නම් මොකෑ.

    @Kasun :
    බය වෙන්න එපා දකින්න ලැබෙයි. ඕවා දැන් සාමාන්‍යකරණය වේගෙන යන දේවල් නේ. ඒ නිසා බොහොම ඉක්මනටම දකින්න ලැබෙයි. :)

    @Music girl :
    වසංගතයක් නේන්නම්. :)
    මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  51. @පැණි දොඩම් :
    බෙල්ලේ පොට යවාගත්තෙම නෑ. බෙල්ල ඇමට්ටි කර ගත්තා කිව්වොත් හරි. :)

    @නෝටියා | Naughty's Impression :
    නෑ නෑ. පොට ගියේ නෑ. :)

    @පන්සල් හංදිය :
    දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් විදිහට මේ දේවල් අනුමත කරන්නත් එපා.

    ReplyDelete
  52. @සයුරි :
    අම්මෝ ඒක හොදයි අක්කේ. ඔය පැත්තේ බස් වල ඕවා නැති එක හොදයි. නැත්නම් අක්කගේ දරුවෙක්ව උනත් හදාගන්න අමාරුයි. බැරි වෙලාවත් ඔයැයිගේ දරුවෙක් එහෙම අර මොකද අම්මේ කියලා ඇහුවොත්...
    ඔයා ඉන්නේ වාසනාවන්ත පැත්තක නේ
    ඒ අය ගෙවල් වලට ගිහින් ඕන මඟුලක් කරා ගත්තට අපේ මොකෑ ... :)

    @මහි :
    නංගිගේ කතාව 100%ක් ඇත්ත. මම පිලිගනිමි.

    ReplyDelete
  53. ඉතිං මොනාහරි කන්න අරං දුන්නනම් හරිනෙ අයියා. :))

    ReplyDelete
  54. අය්යේ හොදම සටන බැන්දයින් පස්සෙනේ පටන් ගන්නේ..

    ReplyDelete
  55. මධුරංග,
    මම අනුමත කරන්නෙ නැහැ, 

    මම කියලා තියෙන්නෙ,

    “ඔය කාලෙට ඔය දේවල් නවත්ත ගන්න අමාරුයි තමයි, ඒත් අනුමත කරන්න නම් බැහැ .....“

    ඔය දේවල් කරන්න ඕන නම් ඕන තරම් තැන් තියනවා, ඔය කාලේ අපිත් පාස් කරලනේ ආවෙ ......

    ReplyDelete
  56. මාත් දැකල තියෙනවා.උන්ට ලැජ්ජ නෑ.දකින අපිට තමයි ලැජ්ජාව.

    ReplyDelete
  57. @ මධුරංග
    නෑ මල්ලි අනුමත කරන්න බෑ. එත් පන්සල් හන්දිය කිව්වා වගේ ඕවට ඕනෙතරං තැන තියනවා. ප්‍රසිද්ධ ස්ථාන වල අශෝභන ලෙස හැසිරීම කියන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ හැටියට වරදක්. එක හින්ද තමයි මම කිව්වේ මම වරදක් දකින්නෙත් නෑ එත් සැහැල්ලුවට ගන්නෙත් නෑ කියල.

    ReplyDelete
  58. මං හිතන්නේ ඒ දෙන්න දත් සුද්දකරගන්න ඇති

    ReplyDelete
  59. ෂික්: අපරාදේ මටත් ඒ බස් එකේ ඉන්න තිබුනේ.......

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.