03 December 2011

කාර්ය බහුල සතියක්

පහුගිය සතියේ පුදුම වැඩ කන්දරාවක් තිබුනේ. අනිත් එක තමා රස්සාවට ගොඩක්ම අළුත් නිසා දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩක් වැඩියි කියලා හිතුනා.ඒ නිසා ඒ දේවල් ඉගෙන ගන්නත් කාළය යොදවන්න සිද්ද උනා. කැම්පස් එකේ උගන්නපු සීමාවෙන් එහා දේවල් තමයි වැඩ කරන කොට ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්න තියෙන එකත් නියමයි.

ඒත් සමහර එවුවා තේරුම් ගන්න සෑහෙන වෙලාවක් යන එක තමා අවුල.

ඒ වැඩ අතරෙම හදිස්සියේ නුවරඑළියේ මලගෙදරක යන්න සිද්ධ උනා. අපිත් එක්ක වැඩට ආපු අපේ බැච් එකේ කෙනෙක්ගේ අප්පච්චි තමයි නැති වෙලා තියෙන්නේ. කාලයක් තිස්සේ වකුගඩු අමාරුවකින් වේදනා විඳලා අන්තිමේදි ජීවිතය දාලා ගිහින්.

අපිත් එක්ක ඉගෙන ගත්තු අපේ බැච් එකේ කෙනෙක්ගේ නිසා අනිවාර්යෙන්ම යන්න එපැයි. ඒ නිසා අපි ලොක්කට කියලා නිවාඩුවකුත් අනුමත කර ගත්තා. ලොක්කාත් අත දිග ඇරලා 'දවසක්ම' නිවාඩු දුන්නා ගිහින් වර කියලා.

කැම්පස් එකේ හිටපු දවස් වල නම් මලගෙයක් උනාම නයිටක් ගහන එක අනිවාර්යෙන්ම කරනවා. ඒත් දැන් එහෙම නිවාඩුවක් නෑ. ඒ නිසා එක දවසින් ගිහින් අනිත් අතට එන්න හිතන් අපි නුවරඑළි ගියා. AC බස් එකක යන්නම පැය හයක් ගියා. ඔය AC බස් වල ගමන මරු. මරු මරු සීනුත් දැක්කා.(ඒවා පසුවට)

නුවරඑළි ටවුමෙන් බැහැලා ඊට පස්සේ මල් ශාලාවක් හෙවුවා ලොක්කා දීපු සල්ලි වලින් මල් වඩමක් ගන්න. කිව්වට විශ්වාස කරන එකක් නෑ. අච්චර මල් තියෙන නුවර එළියේ එක මල්වඩමක්වත් හොයාගන්න තිබ්බේ නෑ. මල් හොයලා අපි මලා !!!

ඊට පස්සේ මලගෙදර ගියා. ගිහින් අපිට එහේ ඉන්න උනේ විනාඩි විස්සයි. අනෙක් අතට එන්න පිටත් උනා. මොකද පහුවෙනිදා වැඩට එන්න එපැයි.

යන්න පෑ හයයි එන්න පෑ හයයි. ඔක්කොම පැය දොලහක්. !!!! ගෙදර එනකොට පාං කියා ගන්න බෑ.

පහුවෙනිදා වැඩට ආවම මැෂින් එක ඉස්සරහා නින්දත් යනවා. නිදි කඩ කඩ තමා වැඩ කලේ. ඔහොම තමා පහුගිය සතියම ගෙවුනේ.

කට්ටිය බිසී බිසී කියලා කිව්වට බිසී කියන වචනේ තේරුම හරියටම දැන ගත්තේ ගිය සතියේ. ඒ සතියේ බ්ලොග් කියෙව්වෙත් හරි අඩුවෙන්. කියවන්න හිතුනට මහන්සි වැඩියි. :)

47 comments:

  1. දැන් ඉතිං යතා තත්වයට පත් වෙලාද ඉන්නේ?

    ReplyDelete
  2. බිසි කියන එකේ නියම අරුත වටහා ගන්න ඕනි නම් ඔහොමම වෙන්න ඕනි..මමත් ඉස්සර බිසි කියන අයට හිනා වුනා.. ඒත් මන් බිසි වෙනකොට.. ඒකෙ අමාරුව දැනෙන්න ගත්තා ලෙසටම !

    ReplyDelete
  3. අනේ පව් අප්පා...දැන් නම් ළමයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බිසී වෙලා වගේ..මිට පස්සේ ඉතින් ජීවිතේම බිසී තමා...දැන් msc එකකුත් පටන් ගත්තනම් හරි :)

    ReplyDelete
  4. පව් අෆ්ෆා මෙයා ගොඩක් බිසී වෙලා.රස්සාවට ගිය අලුත,ටිකක් හුරු වෙනකම් ඔහොම තමා.මේ අර මරු මරු සීන් ටිකත් දාන්ඩකො බලන්ඩ. හිහි.

    ReplyDelete
  5. හති ඇරල ඒ.සී. බස් ගමනත් කියමු බලන්න

    ReplyDelete
  6. මමත් හොඳට ම බිසී වුණ දවස් තියෙනවා. ඒකෙ නියම තේරුම දෙන ගත්ත දවසේ ඉදන් මමත් බිසී කියලා කියන කාටවත් හිනා වෙන්නේ නම් නෑ..........

    අර A/C බස් එකේ දැක්කා කියපු සීන් කියමුකෝ බලන්න.......

    ReplyDelete
  7. AC බස් එකේ නම් දකින්න ඇත්තේ ප්‍රේම ජවනිකා එහෙම වෙන්න ඇති. දොළොස්බාගේ පහුවෙලා වංගු ටික ටික එන්න ගත්ත ගමන් ඒවා නිදිමත ජවනිකා ඊට පස්සේ වමනේ ජවනිකා එහෙම වෙන්න ඇති මයේ හිතේ?

    ReplyDelete
  8. අනේ මේ යසට බ්ලොග් එකක් ලියාගෙන කියවගෙන හිටපු කොල්ලට ගිය කලක්. සංසාරේ කිව්වලු....!

    ReplyDelete
  9. හහ් හා .. මල්ලිත් කට්ට කනව වගේ.. මරු මරු... පුරුදුවෙලා වරෙන්..

    ReplyDelete
  10. කාර්ය බහුල නැති වෙලාවල A/C බස් සීන් එක කියමුකෝ.
    මම හිතන්නෙ ඔය කියන සීන් දෙක තුනක් මාත් දැකල තියෙනවා.

    ReplyDelete
  11. දැන් ඉතින් අර ඒසී බස් එකේ කරපුවා කියන්ටකෝ. කවුද එහා පැත්තේ ඉඳගෙන හිටියේ....:D

    ReplyDelete
  12. මට දන්න අදුරන පුන්චි බබෙක්ගේ උදාන වාක්කිය මතක් වුනා.."බබා බය...යි"
    මේ කතා අහද්දි මටත් එහෙම්මමයි අනේ...
    අනේ හෆොයි..(අසනිගෙන් මේ ලිපිය ලගදීම බලපොරොත්තු වන්න....)

    ReplyDelete
  13. රාජකාරි කරන්න ගියාම ඔහොම තමයි.. ඒවා මේවා ඔක්කොම අතරේ ඉතින් මේකත් හෙමීට කරගෙන යමු...

    ReplyDelete
  14. හෆ්ෆා... හොද ගනන් ඇති අයියාට...:) රස්සවක් කරන එකත් ලේසි නෑ නේද අයියේ???

    ReplyDelete
  15. මම නම් ඉතින් හැමදාම බිසි තමා... ඒ ඉතින් මගෙ රස්සාවෙ හැටි... මල්ලිල තාම පටන් ගත්ත විතරනෙ .. ඔහොම යං .. ඔහොම යං...

    පොඩි ට්‍රෙන්ඩ් එකක් දැක්ක නිසා මම නිකමට ගනන් කරල බැලුව කොමෙන්ට් 14 න් 6 ක් ම තියෙන්නෙ අච්චර දිග පෝස්ට් එකේ එක ලයින් එකක් ගැන... :D

    ReplyDelete
  16. මල ගෙවල් පට්ට ආතල්ය මධුරයෝ, ධර්මේ සහ කැරම් බෝඩ් එකේ මල ගෙවල් වල ඇති ආතල් මා සටහන් කලෙමි..

    ReplyDelete
  17. රස්සාවක් කරන්න පටන් ගත්තම ඔහොම තමා...අපි හිතනවට වඩා හුඟාක් කාර්‍යබහුල වෙන්න වෙනවා...ඒත් ඉතින් හැමදේටම වඩා රැකියාවට මුල් තැනක් දෙන්න ඕනෙනේ....ඉගෙන ගෙන ඉවර වෙලා ජීවිතේ පටන් ගන්න හදන පළවෙනි පියවරනෙ...කට්ට කාල ගොඩ ආවම සතුට වැඩියි....උඹට ජය මල්ලි !

    ReplyDelete
  18. රස්සා කරන්න ගියාම ඔහොම තමයි මල්ලි.මොනවා කරන්නද?ඉස්සර තිබුන නිදහස නැහැ නොවැ.වෙලාවකට එපා වෙනවා.උවමනාවකටවත් යන්න විදිහක් නෑ නෙ.ඔයා තාම ප්‍රොබේශන් නේද ඇත්තෙ?මාත් එහෙමම තමා.

    ReplyDelete
  19. යාලුවගෙ තාත්තට නිවන් සුව...!! අපෝ මෙයාල මාර කුතුහලයක් නෙ බස් එකේ උන දේ අහගන්න.....චිකේයියා...!!

    ReplyDelete
  20. ආහ්හ්...හනේ සාධු...මෙච්චර කල් කැම්පස් එකේ වහලවල් උඩට වෙලා අයිස් ගැහුවට හොඳම හොඳම වැඩේ... :P

    ReplyDelete
  21. මධු අය්යා ගොඩක කාලෙකට පස්සේ ආවේ...... දැන් කුල් වෙලානේ

    ReplyDelete
  22. දැන් මෙහෙම බිසී කියනව නම් මේ ගොල්ලො පවුල් පන්සල් වෙච්චි කාලෙක මොනව කියයිද මන්දා?

    ReplyDelete
  23. හප්පේ තව ඔය බිසී නෑ බං....

    ReplyDelete
  24. මම නම් ඉතිං බිසී නැත්තෙත් නෑ. ඇත්තෙත් නෑ. ඒක නෙමෙයි මලේ අර ඒ.සී. කතාව කවද්දෑ දාන්නේ.

    ReplyDelete
  25. දැන් ඉතින් ජොබ් කරන ලොකු මහත්තුරුනේ ඉතින් පොඩ්ඩක් බ්සී වෙන්ඩත් වෙනවා නේද ?

    මම අකමැතිම දෙයක් තමා ඔය බිසී වීම .. බිසී වෙන තැනදී මම එතනින් හෙමීට ලිස්සලා යනවා ඔන්න ඕක නිසා මම බොහෝ අවස්ථා වල බිසී බවින් තොරයි .

    ReplyDelete
  26. හපොයි..කොළඹ ඉදලා නුවරඑළි ගිහිල්ලා එදාම ආපහු එන එක නම් එපාවෙන වැඩක් තමා...යාළුවාගේ(!) පියාට නිවන් සුව පතනවා..

    ReplyDelete
  27. ඔහොම තමා ජීවිතේ. වැඩ කළ හැකි කාලයේ වැඩ කර සතුටු වෙන්න :)

    ReplyDelete
  28. රස්සාවෙ වගකීමත් එක්ක ඔහොම හිතෙනවා නම් මලේ, පවුලක් පන්සලක් වෙලා දරු මල්ලො ඉන්න කස්ටිය මේකට ඇවිත් කමෙන්ට්ස් දාල යන එක විතරක් නෙවේ, බ්ලොග් ලියන එකට වෙලාව හොයාගන්නෙ කොහොමද කියලා පුදුමත් හිතෙනව නේද.... :)

    ReplyDelete
  29. මම නම් හිතන්නේ තරුණ කාලේ ටිකක් මහන්සි උනාට කමක් නෑ.රාජකාරි කරන කොට උනත්
    තරුණ කාලේ තමන්ගේ අනාගතේ ගැන හිතලා මහන්සි වෙලා වැඩ කරපු අය අද සැප විදිනවා.

    මම නම් තාම නම් සැනසීමෙන් ඉන්නවා.ඉස්සරහට දුශ්කර ක්‍රියා කරන්න වෙයි!

    ReplyDelete
  30. මමත් මේ දවස්වල වැඩක් නොකරම බිසී වෙලා නොවෑ..හිකිස්‌..
    නුවරඑළියේ මල් වඩම් නැති සීන් එකනම් සැලකිය යුතු කාරණයක්

    ReplyDelete
  31. //ඔය AC බස් වල ගමන මරු. මරු මරු සීනුත් දැක්කා//
    හැක් හැක්.

    ReplyDelete
  32. යන්න පෑ හයයි එන්න පෑ හයයි. ඔක්කොම පැය දොලහක්. !!!! ගෙදර එනකොට පාං කියා ගන්න බෑ.

    ඔයිට වැඩිය නරක නැද්ද බං මිනිය කොළඹට ගෙන්නුවනම් ;)

    ReplyDelete
  33. අපිත් පහුගිය දවසක තිස්සමහාරාමෙ මල ගෙදරක ගියා. ඔය අත්දැකීම එහෙම්මම වින්දා. යන්ඩ පැය ගානයි. එන්ඩ පැය ගානයි. මළ ගෙදර පැය බාගයයි.

    ReplyDelete
  34. @prasanna86k :
    නෑ අයියා. සති අන්තයේ තමයි යථා තත්වයට පත් වෙන්නේ.

    @Weni :
    ඒකනේ අයියා. බිසී වෙලාම බලන්න ඕනා.

    @සයුරි :
    අම්මෝ ඔය කිව්වේ කතාවක් !!!
    එතකොට මැරිල යයිද මන්දා. අම්මෝ :)

    ReplyDelete
  35. @නදී :
    මරු මරු සීන් ටික හිමිහිට ලියන්නම් අක්කා. පොඩ්ඩක් වැඩ හුරු වෙනකම් ඔහොම වෙයි මහිතේ.

    @Observer :
    කියන්නම් මාමේ.

    @මහි :
    මාත් මින් පස්සේ එහෙම කියන අයට හිනා වෙන්නේ නෑ. ඇත්තමයි දඟයෝ

    ReplyDelete
  36. @ක්සැන්ඩර් | Xander :
    ඔය කියන්නේ..... එහෙම වගේ ටිකක් තමා අයියා. කියන්නම්

    @Kasun :
    සංසාරේ සංසාරේ සංසාරේ !!!
    නිදහස් උන ගමන් ආයෙම ලියනවා. ඒ නැතත් ලියනවා

    @පැණි දොඩම් :
    අයියලා කාපු කට්ටම තමා මාත් කන්නේ.

    ReplyDelete
  37. @නදීර සඳරුවන් ලියනගේ :
    ඕ ඕ එහෙම සීන් වගයක් තමයි. කියන්න තියෙන්නේ.

    @Podi Kumarihami :
    ඔය ඉතින්..... අක්කත් එක්ක බෑ අප්පා. කොහේ හරි සායක් ගෙනත් මයේ ඉස්සරහා තියන්නමයි හදන්නේ. හික්ස් :)

    @අසනි :
    අසනි බය වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. පොඩ්ඩක් කට්ට කාලා ජීවිතේ ගොඩ දා ගම්මු !!!

    ReplyDelete
  38. @Dinesh :
    අනිවාර්යෙන්ම මේ බ්ලොග් එක දාල යන්නේ නෑ. මේක නිකන් ජීවිතය වගේ. :)

    @හිතුවක්කාරි :
    ඒක හරි ඒක හරි !!!

    @සපතේරු උන්නැහේ :
    අයියලාට ඉතින් බිසී වෙලාම පුරුදු වෙලා ඇති. මම් තාම අළුත්. කාලයක් යනකොට මාත් පුරුදු වෙයි.

    ReplyDelete
  39. @sAm (සෑම්) :
    එහෙනම් මම් කියවන්නම්. මාත් ඒවා කියවන්න ආසයි.

    @දිල් :
    අපේ අක්කා ඔහොම කියනවනම් මම් ඕනම අහියෝගයකට මූන දෙන්න සූදානම්....

    @නිසුපා :
    අක්කත් දැන් වැඩ කරන තැනට අළුත් ද.

    ReplyDelete
  40. අප්පා නුවර එලියේ මල් වඩම් නැද්ද...???

    ReplyDelete
  41. එකනම් ඇත්ත බන් ඉස්සර ගෙදරට වෙලා ඉන්න කලේ කොච්චර ආතල්ද, ඒ උනාට ජොබ් කරන්න ගත්තම අපිට හිර කරලා වගේ ටමයි , මලගෙක නයිටක් ගහල, තැබිලි වල්ලක් කෙසෙල් කැනක් ඉතින් ආයේ කවදා බාන්නද

    ReplyDelete
  42. ඔයා කියනවනම් ඉතින් ආයේ මන් බය නෑ යාලු..හික්ස්...ඇත්තම කිව්වොත් අසනි මේ දැනුත් බයායී..යියී වගේ ඉන්නේ...හැබැයි විභාගෙට හරිය...පඩම් කරා කිව්වට පාඩම් වෙලා නෑ අප්පා...

    ReplyDelete
  43. @වින්චැට් කිරිල්ලී. :
    ඒකනේ නංගි. මේ කට්ටියට මාර ම උනන්දුවක් තියෙන්නේ.

    @මකුළු පැංචි :
    මොනා කරන්නද ඉතින් මයේ නංගිම මෙහෙම කියනකොට. අහුවෙයකෝ ලොකු නංගි !!

    @රහස් පරික්ෂකයා :
    ඔවු ඔවු කූල් වෙලා.

    ReplyDelete
  44. @හරී - පිණිපළස :
    එදාටත් මෙහෙම කියයි කියලා මට හිතෙනවා. :)

    @sithuwam :
    අම්මෝ කාලෙකට පස්සේ ඇවිත්. :)

    @malmi :
    ඉක්මනටම ලියන්නම් අක්කේ.

    ReplyDelete
  45. @හිස් අහස :
    මාත් මල්ලිගේ ක්‍රමේ අනුගමනය කරලා බලන්න ඕනා. බිසී උනාද ලිස්සලා ගියා. මරු ක්‍රමේ.

    @රූ.... :
    ඇයි යාළුවා කියලා තියෙන තැනට විශ්මයාර්ථයක් !!

    @Hasitha :
    සතුටු වේ. ඉහටත් උඩින් සතුටු වෙනවා.

    ReplyDelete
  46. වැඩ වැඩි උනාම එපා වෙනවා, මලයට දැම්ම නෙමේ තේරෙන්නෙ, පොඩි එකෙක් දෙන්නෙක් හරි ගියාම, ඒ අයත් එක්ක ගත කරන්න කාලයක් නැති උනාම, ජීවිතේ මොකක්ද කියලා හිතෙනවා .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.