19 November 2011

හැනොයි කුළුණ

අද කියන්න යන්නේ සෙල්ලමක් ගැන. සෙල්ලමේ නම තමා පෝස්ට් එකේ හෙඩිම.මේ සෙල්ලම ගැන අපට විශ්ව විද්‍යාලයේ දේශනයකදි කියලා දුන්නා. කට්ටිය නම් මේ සෙල්ලම ගැන මෙලහකටත් දන්නවා ඇති.

මෙහෙමයි සෙල්ලම කෙරෙන්නේ.

මේ තියෙන්නේ හැනොයි කුළුණක් (Tower of Hanoi)

තරඟ කොන්දේසි
වම් පැත්තේ තියෙන තැටි සේරම ටික දකුණු පැත්තේ කුළුණට ගිහින් දාන්න ඕනේ. හැබැයි එකවරකට එක තැටියයි කුළුනකට දාන්න පුලුවන් වෙන්නේ. තව එකක් තමා පොඩි තැටියක් උඩ ලොකු තැටියක් වැටෙන්න බෑ.


මේ සෙල්ලම ගොඩාක් පරණ එකක්. ඉන්දියාවේ පන්සලක තියෙනවලු මෙහෙම රත්තරන් තැටි 64ක් තියෙන හැනොයි කුළුනක් !!!! ඒ කුළුණේ වම් පැත්තේ තියෙන තැටි සේරම දකුණු පැත්තේ කුළුණට දාන්න ඕනේ. මෙහෙම තැටි එකින් එක අර මම් උඩ කියපු නීති වලට එකඟව දකුණු පැත්තේ කුළුනට දාලා අන්තිම තැටිය කුළුණට වැටෙනකොට ලෝකය විනාශ වෙනවලු !!

අන්තිම තැටිය කිව්වේ පොඩිම තැටිය !!!!

මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264 -1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!

වම් පැත්තේ තැටි සේරම අනිත් පැත්තට වැටෙනකොට 18,446,744,073,709,551,615 වාර ගානක් අවශ්‍ය වෙනවලු.

ඉතින් හිතාගන්න පුලුවන් නේ සෙල්ලමේ තරම කෝමද කියලා. අපිට කැම්පස් එකේ උගන්නපු දේශකවරයා කිව්ව විදිහට මේ සෙල්ලම කරන්න කම්පියුටර් එකකට බාර දුන්නොත් ලෝඩ් එක වැඩිවෙලා රැම් එක ගිනි ගනී ලූ.

----------------------------------------------------------
ප.ලි. - ගෙදර විවේකිව ඉන්න වෙලාවක සෙල්ලම කරලා බලන්න. තැටි තුන හතරක් ගත්තොත් වැඩේ ගොඩක්ම ලේසියි. මෙන්න තැටි හතරක හැනොයි කුළුණේ සෙල්ලමේ විසදුම !!


(තැටි තුනක් හොයාගන්න බැයි නම් එක එක සයිස් වල පොත් තුනක් හොයාගෙන කරලා බලන්න.)

66 comments:

  1. හප්පේ හරිම අමාරු සෙල්ලමක් නොවැ.. මමත් මේ සෙල්ලම ගැන අහල තියෙනවා උනාට මෙච්චර විස්තරයක් දැනගත්තේ අද.. මරු ලිපිය..

    ReplyDelete
  2. අපි ඕක කරා අයියේ , ජාවා ඉගෙන ගන්න කාලේ..අසයිම්න්ට් එකක් තිබ්බ ඕකෙන් :)

    ReplyDelete
  3. මල්ලි සිරා සෙල්ලමක් මචං... මේ වගේ අයිටම් කඩේ ගන්න තියේද බං....

    ReplyDelete
  4. මේ ලෝක විනාශ වෙන කතාවත් අර මයාවරුන්ගේ දින දර්ශනය වගේ එකක්ද දන්නෑ?
    මම නම් මේ ගැන අදයි දැන ගත්තේ?

    ReplyDelete
  5. ශෝක් ශෝක්....මමත් තැටි 3 හොයාගෙන කරල බලන්නම්....
    Thanks

    ReplyDelete
  6. මමත් කරලා තියෙනවා මේ සෙල්ලම.මේක ෆෝන් එකක තිබ්බා.ඒකෙ තිබ්බ අමාරුම ලෙවල් එකෙත් තිබ්බෙ තැටි 5ක් විතරයි.ටිකක් අමාරු උනාට මම හිතුවෙ නෑ එච්චරම ලොකු කතාවක් මේක පිටිපස්සෙ තියෙනවා කියලා.මරු

    ReplyDelete
  7. අප්පා මෙව්වා කොරන්න වෙලාවක් කෝ බන් . .

    මක්ක උනත් හිත එකලස් කර ගන්න කරන්න ඇහැකි හොඳ සෙල්ලමක් වගේ

    ReplyDelete
  8. ලේසි නැහැ වගේ........

    ReplyDelete
  9. Rise of the Planet of the Apes film eka meka gana kiyanawa....

    ReplyDelete
  10. මේක Haskell වගේ Lazy Evaluation Language එකකින් කරන්න හැකි. ජාවා වලින් තැටි 64කට විසඳන්න පුලුවන්ද මන්දා?

    ReplyDelete
  11. හික්ස්...පට්ට පට්ට....

    ReplyDelete
  12. එලනේ අයියා , අයියා මගේ ‍රැම් එකත් පිච්චුවා... මන් ඔක කරන්නම් සුළු වැඩක් නේ

    ReplyDelete
  13. මරු නේ...අදයි දැන ගත්තේ අර හැනොයි කුළුණ ගැන...

    //තව එකක් තමා ලොකු තැටියක් උඩ පොඩි තැටියක් වැටෙන්න බෑ.//

    මධූ, මේකේ අනිත් පැත්ත නෙමෙයිද හරි ?

    ReplyDelete
  14. මරු ගේමක්නේ. ඒත් මට ඔය වගේ සෙල්ලම් කරන්න ඉවසීමක් නෑ. චෙස් දාම් වගේ සෙල්ලම් වුනත් මම වැඩිය කරන් නැත්තෙ ඒකයි

    ReplyDelete
  15. ''මේ තැටි හැටහතරෙන් එක තැටියක් අනිත් කුළුණට දාන්න එක තප්පරයක් ගත වෙනවා නම් තැටි සේරම අනිත් කුළුණට වැටෙන කොට දළ වශයෙන් තත්පර 264-1 ක කාලයක් ඒ කියන්නේ අවුරුදු බිලියන 585ක් විතර වැය වෙනවලු !!''.............mata meika terenne nahane....

    ReplyDelete
  16. මම නම් අදමයි දන්නේ මේ ගැන, හරිම අමාරු වැඩක් වගේ...

    ReplyDelete
  17. අනේ අම්මේ...වීඩියෝව දැක්කාමයි තේරුනේ..හපොයි....

    ReplyDelete
  18. හප්පා...ටිකක් මඤ්ඤං වෙන වැඩක් වගේ.... ඒත් ට්‍රයි කරන්න ඕනෙ...ලේසි වෙන එකක් නෑ වගේ....

    ReplyDelete
  19. අනේ මන්ද මෙහෙමත් තැටි සෙල්ලම්..අපිත් කොහේ හරි ඕක අත ගහල තිබ්බ මධුරංග..ඉතින් කොහොමද දැන් වැඩ කටයුතු ?

    ReplyDelete
  20. ලොවෙත් නැති සෙල්ලමක් නේ බං ඒක. අනේ අම්මේ මට නම් තැටි හතරක එකක් හොඳටම ඇති.

    ReplyDelete
  21. මාත් යන්තම් ඔය ඉන්දියාවෙ කෝවිලේ කතාව අහල තියෙනව... මම අහල තියෙන විදිහට එතන පූජක පරම්පරාව දවස තිස්සෙම නොනවත්වා ඔය තැටි මාරු කරනවලු...

    මේකට "හැනෝයි" කුලුන කියන්නෙ මොකද කියල බින්දි ගෙන් අහන්න ඕන...

    ReplyDelete
  22. හප්පේ.... නියම සෙල්ලම.... :D

    ලිපියෙන් කිව්ව හරුපෙ තේරුණේ වීඩියෝ එක බැලුවම තමයි.... :D :D

    ReplyDelete
  23. මරු සෙල්ලමක්නේ අයියේ.. අදයි මං ඇහුවේ..

    ReplyDelete
  24. මට නම් පේන්නේ හරිම ලේසි ගේම් එකක් වගේ. බලමු ට්‍රයි එකක් දීලා...:D

    ReplyDelete
  25. දැනගෙන හිටියට කරන්න ආස හිතුනේ මේක දැක්කම.
    හෙටම එකක් හදා ගන්න ඕනේ... කම්මැළි වෙලාවට මරු...

    ReplyDelete
  26. @වර්ණා :
    වර්ණා නංගිව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා. නොදන්න දෙයක් මේ ලිපියෙන් දැන ගන්න ලැබුන එකට සතුටුයි.

    @ChammA :
    එහෙනම් මල්ලි මේ ගැන දන්නවා. අපිත් මේක කලා. මරු ඇල්ගෝරිතම් එකක් !!!

    @ගෝල්ඩ් ෆිෂ් :
    එහෙම නම් දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බැලුවා නම් දනගන්න තිබ්බා.

    ReplyDelete
  27. @රූ.... :
    එහෙම එකක් වෙන්නැති අක්කා. මේක පුරාවෘතයක් !!

    @වැලිමැඩියා :
    එහෙනම් මේක කරලම බලන්න. වැලිමැඬියා අයියවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    @දිනුක ජයකොඩි :
    මේකේ තැටි ගාන වැඩි වෙනකොට සංකීර්ණත්වය වැඩි වෙනවා. මාත් මේක ඇපල් ෆෝන් එකක දැකලා තියෙනවා.

    ReplyDelete
  28. @දුකා :
    අයියලාට වෙලාවක් නැති උනාට පුතාට වෙලාවක් තියෙයි නේ. ලංකාවට එන කොට මෙයින් එකක් පුතාට ගෙනත් දෙන්න. :)

    @Hasitha :
    ලේසි නෑ. තැටි ගාන වැඩි වෙනකොට සෙල්ලම අමාරුයි.

    @Anonymous :
    මම නම් ඒ ෆිල්ම් එක බලලා නෑ. කියපු නිසාම හොයලා බලන්න ඕනා.ස්තුතියි

    ReplyDelete
  29. @Chanaka Aruna Munasinghe :
    ජාවා වලින් නම් කොහෙත්ම බෑ අයියා. මේක ලොකු ට්‍රී එකක් වෙනවා. එතකොට නෝඩ්ස් ඩිෆයින් කරන්න ඕනා. එහෙම කරනකොට රැම් එකේ ඉඩ ගන්නවා. ඒ නිසයි එහෙම වෙන්නේ. හැස්කල් වලින් නම් පුලුවන් වෙයි. මොකද පාවිච්චි නොකරන මෙමරි ආයෙම යූස් කරන්න පුලුවන් නිසා.

    @~~තරූගේ ලෝකය~~; :
    ස්තුතියි ස්තුතියි !!!

    @රහස් පරික්ෂකයා :
    කාලෙන් කාලෙට බුද්ධිමත් අය බිහිවෙනවා කියලා කතාවක් තියෙනවා. මල්ලිත් එහෙම කෙනෙක්ද දන්නේ නෑ.

    ReplyDelete
  30. @සයුරි :
    ඔවු අක්කා හරි. ගොඩක් ස්තුතියි නිවැරදි කිරීමට.

    @විසිතුරු | visituru :
    මේකට පොඩ්ඩක් ඉවසීමත් තියෙන්න ඕන. :)

    @වින්චැට් කිරිල්ලී. :
    264 නෙමෙයි නඟා !!! දෙකේ 64වෙනි බලය. (2 to the power of 64) ඒකෙන් තමා එකක් අඩු කරන්න ඕනා. html වල superscript tag එක දැම්මට ඒක පේනකොට අවුලක් වෙලා.

    ReplyDelete
  31. @ලහිරු :
    තැටි ගාන වැඩි වෙනකොට ගේම අමාරුයි.

    @නිසුපා :
    වීඩියෝ එකක් නෙමේ අක්කා. ඒක GIF ඉමේජ් එකක්. මම් විඩියෝ පෝස්ට් දාන්නේ නෑ කියලා තීරණය කරලා ඉන්නේ. එවුවා දැම්මම ඔයාලගේ ඩේටා ඉවර වෙන නිසා.

    @දිල් :
    මාව මඤ්ඤං උනා අක්කා මඤ්ඤං කියලා වචනේ ලිව්වේ කෝමද කියලා හිතුනම. :)

    ReplyDelete
  32. @පැන්ඩා :
    කැම්පස් එකේ එහෙම කියලා දෙනවා. ඒකේ ඇල්ගෝරිතම් එක මරු !!! මම නම් මේ දවස්වල ජොබ් එකක් කරනවා. කොළඹ තමා වැඩි හරියක් ඉන්නේ.

    @Kasun :
    මටත් ඔය තැටි හතර හොදටම ඇති.

    @සපතේරු උන්නැහේ :
    අන්න වැඩේ බින්දි අක්කා හැනොයි වල ඉන්න නිසා හොයලා බලයි. මාත් අහලා බලන්නම්.

    ReplyDelete
  33. හමිමි....
    අර ලෝක විනාස කතාව ඇරෙන්න,මේක සිරා ගේම් එකක් බවයි පේන්නේ..
    ලෝක විනාසෙ ගැන කතා කරද්දි මගේ යකා 34500ටම නගිනවා හෆ්ෆා...
    හැබැටම..මේ මගේ පළවෙනි කොමෙන්ටුව...
    ජය වේවා!...

    ReplyDelete
  34. @මහි :
    ලිපියෙන් කියපු හරුපේ !!!! හපෝ :)
    ඒක වීඩියෝ එකක් නෙමේ නංගි. ඒක ඉමේජ් කෑල්ලක්. චලනය වෙන ඉමේජ් එකක් !!!

    @Dinesh :
    එහෙනම් සෙල්ලම කරලා බලන්න මල්ලි.

    @Podi Kumarihami :
    ලේසියි කියලා හිතුනට මේක හෙනම සංකීර්ණයි !!!:)
    කරලා බලන්න්කෝ !!!

    ReplyDelete
  35. @නාකියා :
    ඔවු ඉතින් ගෙදෙට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්නකොට මේක මරු !! හදගෙන බලන්න.

    @ඹාලු ෆිට් එක :
    ලෝක විනාසෙට ඔච්චරම බය මොකෑ !!
    සෙල්ලම සිරා නම් කරලා බලන්න මල්ලි !!! :)
    මල්ලිවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    ReplyDelete
  36. අඩේ මේක ෆට්ට ගේම් එකක් වගේ. කොහෙන් හරි හොයාගන්න ඕන.

    @ සපතේරු.
    'එතන පූජක පරම්පරාව දවස තිස්සෙම නොනවත්වා ඔය තැටි මාරු කරනවලු...'
    ඇයි ඒ කට්ටිය ලෝක විනාසෙට එච්චරම ආසද?

    ReplyDelete
  37. This is a typical example used in Dynamic Programing,

    ReplyDelete
  38. පට්ට සෙල්ලම අයියා....

    ReplyDelete
  39. කඩ සාපු වල දැකලා තිබුණා. ඒත් ක්‍රීඩාවක් වග දැනගත්තෙ අද. කෙසේ වෙතත් තැටි හතරක් ,පහක් හොඳටම ඇති.:D :D

    ReplyDelete
  40. ඕව කරන්න ගිහින් මොලේ ලෝඩ් එක වැඩි වෙලා රැම් එක ගිනි ගත්තොත් මධු අයියා තමයි හරිය?? :P :P

    ReplyDelete
  41. හෆ්ෆා.... o_o මාර සෙල්ලමක්නෙ මේක....

    ReplyDelete
  42. හප්පේ මේ සෙල්ලම ගැන දන්නෙ අදනේ... ඔය ක්‍රම ගණන ගන්න සූත්‍රයක් එහෙම ඇතිනේ...

    ReplyDelete
  43. මෙහෙම සෙල්ලමක් නම් මම ඇහුවමයි අය්යේ.. කරලා බලන්නම ඕනා... තුන හතරක්වත් අරගෙන

    ReplyDelete
  44. කරලාම බලන්න ඕනා අය්යේ.... 4කට ඒතරම් ලොකු දෙයක් නැ වගේ හිතුනත් හිතන්න දෙයක් තියනවා නේද අය්යේ..

    ReplyDelete
  45. මේ ඉංදියාවේ කොහෙද ඒ පන්සලක තියෙන්නෙ?
    (හරි ගියොත් 1%ක් දෙන්නම්) ;)

    ReplyDelete
  46. හප්පට සිරි නියම භාන්ඩෙ. ගෙයි ඉස්සරහ වඩු මඩුවට දුන්න නම් හදාගන්න ඇහැක් වෙයි වගේ. බොහොම ස්තූතියි මධුරංග මල්ලී.

    ReplyDelete
  47. ඕන් නැහැ මං වෙන සෙල්ලමක් හොයා ගන්නං, ඔය පොකට් බිලියර්ඩ් වගේ එකක්

    ReplyDelete
  48. අනේ මංදා මටත් මේකේ ඒ හැටි අමාරුවක් නම් පේන්නේ නෑ...
    කරලම බලන්න ඕනේ.....
    කරලා බලාලාම අමාරු ලේසි කියන්න ඕනේ,.....
    සමහරවිට අමාරු වෙයි!

    ReplyDelete
  49. ඔය සෙල්ලම වෙන විදිහට ප්‍රොග්‍රෑම් එකක් ලියන්න දුන්නා අපිට කැම්පස් එකේදි අසයින්මන්ට් එකකට.

    ReplyDelete
  50. මූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.

    ReplyDelete
  51. අද තමා බ්ලොග් කියවන්න සෙට් උනේ.. අර ඉන්දියාවේ තියන දේවාලේ තැටි ටික උස්සමුද? ලෝකේ බේරගන්න පුළුවන් එතකොට

    ReplyDelete
  52. ඇත්තටම නියම සෙල්ලමක් තමයි අයියා....

    ReplyDelete
  53. @Praසන්ன :
    අනිවර්යෙන්ම කරලා බලන්න. මරු සෙල්ලමක් මේක.

    @කතන්දර Kathandara :
    යා. ඉස්ට් ටෲ

    @පිස්සු පුසා :
    හ්ම්. මරු සෙල්ලමක් තමා. :)

    ReplyDelete
  54. @හරී - පිණිපළස :
    ඔන්න එහෙනම් අක්කෑ දූ පොඩ්ඩට ගෙනත් දෙන්න මෙයින් එකක්.

    @Ice (අයේෂා කුලතුංගා:
    අම්මෝ එහෙනම් සෙල්ලම් කරන්න එපා. නැත්නම් මට විසුමක් වෙන්නේ නෑ.

    @හිතුවක්කාරි :
    මාර සෙල්ලමක් නේන්නම්. :)

    ReplyDelete
  55. @ප්‍රසංග :
    හෙමෙ එවුවත් ඇති. ඒවා නම් මම දන්නේ නෑ. හොයලා බලන්න වටිනවා.

    @හිතුමතේ :
    අනිවාර්යෙන්ම මේ සෙල්ලම කරලා බලන්න.

    @දේවා ගේ අඩවිය :
    ඔවු. හිතුවේ නැත්නම් කරන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  56. @සීතල අයියා :
    ඒ රත්තරන් තැටි හොරකම් කරන එවුන්ට වස් වදිනවලු මල්ලි. පවු නේද මල්ලි ඒ හොරු ??? :)

    @nawammawatha :
    එහෙනම් හදාගෙන සෙල්ලම් කරලා ගුණාගුණ මටත් කියන්න අයියේ.

    @Observer :
    මොකෑ මාමා මේ සෙල්ලමට එච්චර ආසාවක් නෑ වගේද ?

    ReplyDelete
  57. අර කිවුවත් වගේ මොලේ ලෝඩ් වෙලා ඔළුව ගිනිගනීද දන්නෙත් නැහැ. පට්ට පට පට කිවුවලු. කරල බලමු නරකම නෑ

    ReplyDelete
  58. @ගලයා :
    අපෝ නෑ මලේ. අමාරු වෙන එකක් නෑ. විසදුම දන්නවා නේ ?

    @පිණිබිඳු... :
    අපිත් ඉගෙන ගත්ත නිසා තමා මතක. නැත්නම් කොහෙද පිණි මේවා මතක හිටින්නේ ?

    @Podi Kumarihami :
    එහෙනම් ඒ පොඩ්ඩිව හොයාගෙන බ්ලොක් කරන්න තියෙන්නේ අක්කේ.

    ReplyDelete
  59. @ක්සැන්ඩර් | Xander :
    එවුවා ටික ඉස්සුවා නම් අපෙත් කල්ල මරේ !!!
    ඔන්න ගේමක් දෙනවනම් මාත් එනෝ.

    @මධුරංග :
    ඒක හරි !!! ඒක හරි !!

    ReplyDelete
  60. රයිස් ඔෆ් දි ෆැලැනට් අර්ත් ෆිල්ම් එකේ චිම්පන්සියෙක් මේ ක්‍රීඩාව කරනවා මම මීට සති දෙහෙකට විතර කලින් ඒ ෆිල්ම් එක බලනකොට දුටුවා . මම එතකොට හිතුවේ මේ නිකම් ජොලි සෙල්ලමක් වෙන්ඩැති කියලා . දැනුයි සෙල්ලමේ රඟ දැනගත්තේ

    ReplyDelete
  61. මට මග ඇරිලා අයියෝ..ඒවා කොහෙද මගෙත් එක්ක...මන් මේ ස්ටඩි ලීව් එකේ කරන්න දෙයක් නැතුව හිටියේ ඕන්...පොත් ටිකෙන් ඕකවත් කරලා බලන්ට ඕනා...හිකිස්

    ReplyDelete
  62. ඔය කියන සෙල්ලම මම මේ ‍ෆිල්ම් එකේ දැක්කා.
    Rise.of.the.Planet.of.the.Apes.2011.

    ReplyDelete
  63. අහ් මේක අර ‍ෆිල්ම් එකෙත් තිබ්බා...

    මේකේ පඩි වැඩි වෙනකොට පිස්සු හැදෙයි නේ..??

    ReplyDelete
  64. වෙන සෙල්ලමක් බලනවා, මේක බරපතල් වැඩියි වගේ ......

    ReplyDelete
  65. Hey I know this is off topic but I was wondering if you
    knew of any widgets I could add to my blog that automatically tweet
    my newest twitter updates. I've been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.
    Feel free to visit my page : vietnam airlines

    ReplyDelete
  66. Does your site have a contact page? I'm having trouble locating it but, I'd like to send you an e-mail.

    I've got some recommendations for your blog you might be interested in hearing. Either way, great website and I look forward to seeing it improve over time.

    my website ... creative group

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.