15 November 2011

බැංකු පොත

කාලෙකට පස්සේ ඊ මේල් එකකින් කතාවක් කියවන්න ලැබුනා. ඉතින් මට හිතුනා ඒක කාට කාටත් කියවන්න පුලුවන් වෙන්න කියලා බ්ලොග් එකේ පෝස්ට් කරන්න. මේ කතාවේ ගෑනු ළමයා සහ පිරිමි ළමයා අනුපිලිවෙලින් නදීශානි සහ චරිත ලෙස ගනිමු.

කතාව මේකයි.

මේ කතාවේ නදීශානියි චරිතයි කසාද බඳින දවසේ නදීශානිගේ අම්මා නදීශානිට අළුතෙන්ම පටන් ගත්තු බැංකු ගිනුමක් ඩොලර් 1000ක විතර තැන්පතුවක් එක්ක නදීශානිට දෙනවා. මේ බැංකු පොත නදීශානිගේ අතට දෙන ගමන් අම්මා මෙහෙම කියනවා.

"නදීශානි දුවේ, මේ බැංකු පොත අරගෙන තමන්ගේ ඉදිරි ජීවිතේ මතක හිටින දෙයක් සිද්ද උනොත් ඒක මතක් වෙන්න මේ පොතට ගානක් බැර කරන්න. ඒ රූලෙම සිදුවීම මොකද්ද කියලා ලියන්න අමතක කරන්න එපා !!! ඒ සිදුවීම ගොඩක් සුවිශේෂ එකක් නම් පොතට දාන ගාන වැඩි කරන්නත් අමතක කරන්නෙපා."

ඉතින් මේ සේරම තමන්ගේ හිතේ ධාරණය කරගෙන නදීශානි බැංකු පොත අතට ගන්නවා. නදීශානි මේ කතාව තමන්ගේ ස්වාමි පුරුශයා වෙච්චි චරිතටත් කියනවා.

කාලයක් ගත උනා....

ඒ බැංකු පොතේ මෙහෙම සටහන් වගයක් තිබුනා.

පෙබරවාරි 7 - විවාහයෙන් පස්සේ චරිතගේ පළවෙනි උපන්දින සැමරීම. (ඩොලර් 100යි)

මාර්තු 1 - නදීශානිගේ වැටුප් වැඩි වීම. (ඩොලර් 300 යි)

මාර්තු 20 - විනෝද චාරිකාවක් ගියා (ඩොලර් 200යි)

අපේල් 15 - නදීශානිට දරුවෙක් ලැබීමට සිටියි. (ඩොලර් 2000යි)

ජුනි 1 - චරිතට රැකියාවේ උසස්වීමක් ලැබුනා. (ඩොලර් 3000යි)

තව තවත්.......


කාලයක් ගත වෙනකොට මේ දෙන්නා පොඩි දේටත් රණ්ඩු වෙන්න ගහ මරා ගන්න ගත්තා. කොටින්ම මේ දෙන්නට කසාදේ එපා වෙන තරමට මේ රණ්ඩු දුර දිග ගියා.

"අම්මේ මට නම් මේ මනුස්සයා එක්ක තවදුරටත් ඉන්න බෑ. මම් ඉක්මනටම දික්කසාද වෙනවා." දවසක් නදීශානි අම්මට කිව්වා.

"අනිවාර්යෙන්ම. ඒක එච්චර දෙයක් නෙමේ දූ. ඔයා කැමති දෙයක් කරන්න. නමුත් ඔක්කෝටම කලින් අර බැංකු පොතේ තියෙන සල්ලි සේරම වියදම් කරලා ඉන්න.!!!" අම්මා කිව්වා.

දවසක් නදීශානි මේ බැංකු ගිනුමේ තිබ්බ සේරම සල්ලි ගන්න බැංකුවේ පෝලිමේ හිටියා.එයා ඉන්න ගමන් බැංකු පොතේ සටහන් එකින් එක කියවලා බැලුවා. තමන් සතුටින් හිටපු දවස් වල සටහන් එකින් එක නදීශානි කියෙව්වා. මේ සටහන් දැකලා නදීශානිට දුක හිතිලා බැංකු පොතේ සල්ලි ගන්න එක අතෑරලා දාලා යන්න යනවා.

නදීශානි ගෙදර ගිහින් තමන්ගේ ස්වාමි පුරුෂයාව බැංකුවට එවුවා මේ පොතේ සල්ලි සේරම ටික ගන්න කියලා. එයත් අර විදිහටම සටහන් ටික කියවලා යන්න යනවා.

ටික දවසක් ගත උනාට පස්සේ බැංකු පොතට තවත් ඩොලර් 5000ක් බැර කරලා තියෙනවා කියලා නදීශානි දකිනවා.

අගෝස්තු 4 - "ඔයා මට මේ අවුරුදු කිහිපය ඇතුලත මට දීපු සතුට වෙනුවෙන් සහා මේ අවුරුදු කිහිපය ඇතුලත මම් ඔයාට කරපු ආදරේ වෙනුවෙන්" (ඩොලර් 5000)


ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) .

-----------------------------------------------------------------------
ප.ලි.- මේ කතාවේ තිබ්බ ඉංග්‍රිසි නම් දෙක, ලිවීමේ පහසුවට සිංහල නම් දෙකක් කරලා ලිව්වා.

52 comments:

  1. පට්ට පට්ට පට්ට....සුපිරි කතාවක්

    ReplyDelete
  2. hmmmm... niyama kathawak.. randu unath kamak ne..
    aye ekathu wela wisanda gannawa nam..

    ReplyDelete
  3. ලස්සන කතාවක් අයියා.....

    ReplyDelete
  4. කපල් එක ලංකාවේ
    අම්මා දීලා තියෙන්නේ රූබල
    දුව දාලා තියෙන්නේ ඩොලර් නේ?

    අවුලක් නෑ... හොද කතාව :)

    ReplyDelete
  5. ෂි තාම නැන්දම්මා කෙනෙක් හොයා ගන්න බැරි වුනානෙ. හොයා ගත්ත ගමං ඔය කාරනාව ගැන කියන්න ඕන. :D

    ReplyDelete
  6. අහා ලස්සන කතාවක්.. ප්‍රශ්න ජීවිතේට එනවා කොච්චරවත්,, එත එවලින් පැනල යන කෙනා පරාදයි...

    ReplyDelete
  7. ඔය ක්‍රමය ලංකාවෙ අයට පුරුදු කරන්න බැරි වේවිද?..මාත් ඉතින් මෙහෙම කිව්වට,තරහ ගියාම කරන්නෙ ශොපින් යන එක...ඇඳුම් මල්ලක් ගත්තාම තරහ නිවෙනවා....හික්ස්...

    ReplyDelete
  8. බොහොද අපූරු සංකල්පයක් හ්ම්ම්ම්ම් සිත පහන් උනා

    ReplyDelete
  9. අයියා අයියාගෙ පරණ රසවත් ලිපි මඟ හැරෙනවනේ. දාන්නකෝ Popular Posts ගැජට් එක...

    ReplyDelete
  10. ලංකාවේ නම් තව ඔහොම වෙනවා මම දැකලාම නැ දවසකට මම ඉතින් පොත් 250ක් 300කට එහා බලනවානේ.. අනිවා ගොඩාක් වටින වැඩක් කරන්න පුලුවන්නම්

    ReplyDelete
  11. මම දැක්කා මුලින් එක තැනක රූබල් කියලා සඳහන් කරලා තියනවා වගේ. දැන් ඇවිත් බලපුවාම ඒක ඩොලර් වෙලා.

    ලස්සන, ආදර්ශයට ගන්ට වටිනා කතාවක්. ගොඩාක් ස්තූතියි ඒක බෙදාගත්තට.

    ඔයත් බැඳපු මුල් දවසෙම 'මට කරපු ආදරේ වෙනුවෙන්' කියලා රුපියල් 50.000 විතර බැංකු පොතක දාලා වැඩේ පටන් ගන්ටකෝ...:D

    ReplyDelete
  12. ඉන්ග්‍රීසි කතාව කියවල තිබ්බට සින්හලෙන් මේ කියෙව්වමයි.. මුදල් ඒකකය රුපියල් කලා නම් කතාව මීට වඩා අපිට ලන් වෙන්න තිබ්බ කියලයි මට හිතෙන්නෙ !

    ReplyDelete
  13. ඊට පස්සෙත් සතුටින් හිටියා නම් ඉතින් ගොඩ

    ReplyDelete
  14. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) :)
    හික්z

    ReplyDelete
  15. කොහෙන්ද ඔච්චර සල්ලි ඔහොම බැංකුවට දාන්න.

    ReplyDelete
  16. නියම කතාවක් අපි කාටත් ආදර්ශයක් ගන්න පුලුවන්..

    ReplyDelete
  17. හොඳ උපදේශයක්, ඒ වගේම ඉතිරි කිරීමත් හොඳ පුරුද්දක්

    ReplyDelete
  18. වටිනා කතාවක්...

    ReplyDelete
  19. අනේ මන්දා මල්ලි..
    කසාද බැන්දම මේවා අමතක වෙනවනේ..හික්ස්
    අද ඉදන්වත් පටන් ගන්න ඕනි..

    ReplyDelete
  20. මරා ගත්තත් ඉතුරු කරන එක නම් හොඳ පුරුද්දක්.

    ReplyDelete
  21. මාත් මේ කතාව කියවලා තියෙනවා.ඇත්තටම ඔහොම කරන්න පුලුවන් නම් හැමදාම සතුටෙන් ඉන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  22. පට්ට කථාව....අපි මේ රන්ඩු වෙන්නෙ මේ ජීවත්වෙන පුංචි කාලෙට නේද?

    ReplyDelete
  23. සිරා කතාව මධුරංගයෝ. කොහොමද අම්මගේ ටිකිරි මොලේ.....!

    ReplyDelete
  24. ඔබීට කියන්න ඕනෙ ඩොලර් දෙකකින් විතර වැඩේ පටන් ගන්න කියල...නෑ එක්කො ඕනෙ නෑ...දැන් අපි රණ්ඩු වෙන්නෙම නැති තරං

    @ වෙනි,
    රුපියල් කලා නං සල්ලි බෙදා ගන්න වෙනම රණ්ඩුවක් බං

    ReplyDelete
  25. පොඩි පොඩි වැරදි වලින් ලොකු විනාශයක් වෙනවා වගේම... පොඩි පොඩි හොඳ දේ එකතු වීමෙන් යහපතක්ම වේ..

    ගොඩක් ස්තූතියි කතාව බෙදාගත්තට..!!! :)

    ReplyDelete
  26. නියම කතාවක් අයියේ.. අම්මා දුන්න උපදෙස නිසා ඔවුන් හැමදාම සතුටින් ජීවත් උනා...

    ReplyDelete
  27. මාත් අරිනවා බැංකු ගිණුමක්... වැඩේ ඉවරනේ...

    ReplyDelete
  28. හි හි.. මධුරංග අයියටත් හම්බවෙන කතා... නියමයි ආ....... :) :)

    ReplyDelete
  29. @මකුළුවා..... :
    ඔන්න කතාව නම් මගේ නෙමෙයි. මම් පරිවතනය කලා විතරයි මලේ.

    @Red Riding Hood :
    ඒක හරි ඒක හරි !!!

    @පිස්සු පුසා :
    මම නම් නෙමේ මල්ලි මේක ලිව්වේ.

    ReplyDelete
  30. @Anonymous :
    ඔය කතාවේ තිබුන නම් දෙක දැම්මා නම් ඔය ඇනෝම අහයි කොල්ලා කවුද කෙල්ල කවුද කියලා. අර රූබල් කතාව නම් ලියනකොට වැරදුන තැනක්. ඒක පිලිගනිමි.

    @සීතල අයියා :
    එහෙනම් මලේ ඉක්මනටම හොයාගෙන කියන්න. මම් මේ පෝස්ට් එක මේල් කරන්නම් එයාට.

    @වර්ණා :
    ප්‍රශ්න වලින් පනලා යන එක ප්‍රශ්න ගොඩ ගහන ක්‍රමයක් කියල අපේ කලු ලෑල්ලේ දවසක් කවුද මන්දා ලියලත් තිබ්බා.

    ReplyDelete
  31. @වින්චැට් කිරිල්ලී. :
    ඇඳුම් මල්ලක් ???
    හා හා එහෙම හරි කමක් නෑ තරහා නිවෙනවා නම්....

    @සුදු හංසි :
    අප්පටසිරි !!!
    වෙද මහත්තයෙක් හම්බ වෙන්න යන්න වෙයිද මන්දා

    @විසිතුරු | visituru :
    මම කොහෙද මලේ රසවත් ලිපි ලියන්නේ !!
    හරි මල්ලි මම් දාලා දෙන්නම්. :)

    ReplyDelete
  32. @දේවා ගේ අඩවිය :
    පොත් 250ක් 300ක් !!!!
    අම්මෝ මල්ලි මාරම කපවීමෙන් වැඩ කරන කෙනෙක් නේ !!!

    @Podi Kumarihami :
    ආහ් අක්කේ ඒක මයේ අතින් උන මිස්ටේක් එකක් !!!
    හොද වෙලාවට ඩොට් එක තියලා තිබ්බේ. නැත්නම් ඉතින් ....

    @Weni :
    එතකොට කතාව ගොඩක් වෙනස් කලා කියලා කවුරු හරි කියයි කියපු නිසයි මෙහෙම ලිව්වේ :)

    ReplyDelete
  33. @ChammA :
    ඒ උනාට ඊට පස්සේ කී පාරක් එකවුන්ට් එක කන්සල් කරන්න ගියාද කියලා ආරංචි නම් නෑ.

    @Chanaka Aruna Munasinghe :
    මකරයියට නම් මොකෑ ඉතින් ගිනි පිඹ පිඹ ඉන්න බැරුව යෑ.

    @``` Outsider``` :
    ඒක තමා ප්‍රශ්නේ. මේක උනේ සල්ලිකාර දෙන්නෙක්ට වෙන්ටෑ.

    ReplyDelete
  34. @cjgayan :
    එහෙනම් අයියා ඉතුරු කරන්න පටන් ගන්න.

    @හරී - පිණිපළස :
    අම්මෝ මේයැයිව දැක්ක කල්. මාත් පලවෙනි පඩියේ ඉදන්ම ඉතුරු කරන්න කියලා ඉන්නේ.

    @දිල් :
    ස්තුතියි අපේ අක්කා !!!

    ReplyDelete
  35. @රූ.... :
    එහෙම එපා. අක්කගේ දරුවන්ට කියලා දෙමු ඉතිරි කරන හැටි. එහෙම හොදයි නේ.

    @පිණිබිඳු... :
    ඔන්න කරනවනම් වැඩ !!!
    ඔවුවා ඉති කාට කාටත් හොද ආදර්ශ !!! :)

    @නිසුපා :
    මම් හිතුවා අක්කා කියවලා ඇති ය කියලා. එහෙනම් අක්කේ ඔන්න අනිවාර්යෙන්ම ඉතුරු කරන්න හරිද !!!

    ReplyDelete
  36. @ලහිරු :
    ස්තුතියි :)

    @ප්‍රසංග :
    ඒක නම් ඇත්ත බං. මේ පොඩි කාලෙට නේන්නම් ගහමරා ගන්නේ.

    @Kasun :
    අම්මගේ මරු මොලේ නේහ් !!

    ReplyDelete
  37. @Observer :
    දැන් ඉතුරු කරන්න එපා මාමා !! :)

    @නන්දු :
    ඒ වගේම නන්දුටත් ස්තුතියි මම් ලියපුවා අමාරුවෙන් හරි කියෙව්වට

    @Dinesh :
    අම්මලා කවදත් දෙන්නේ හොද උපදෙස්නේ මල්ලි. ඔන්න මල්ලිත් ඉතුරු කරන්න එහෙනම්...

    ReplyDelete
  38. @රහස් පරික්ෂකයා :
    බැංකු ගිනුමක් අරින්න එහෙනම්. ඉතුරු කරන්න පුලුවන් නේ.

    ReplyDelete
  39. මේ කතාව මටත් ලැබුනා. හොදයි හොදයි බලමු.

    ReplyDelete
  40. කොහෙන් ආවත් ඒක හොඳ කතාවක් .

    මට නෑනේ ඔය බැංකු පොත් ! . මගේ සල්ලි සේරම මම අරගත්තා

    ReplyDelete
  41. හ්ම් මටත් ආවා ඔය ඊ මේල් එක...ඒක අදටත් මගේ ෆේවරිට් ඊ මේල් ගොඩේ තියනවා....

    ReplyDelete
  42. ඉතිරි කිරිම හොද පුරුද්දක්නෙ

    ReplyDelete
  43. හොඳට සල්ලි තියෙන්න ඇති නේද බං ඒ ජෝඩුවට?

    ReplyDelete
  44. සිරා මචන්... කලින් අහල තුබුණත් අයෙත් කියෙව්වා,,

    ජය...

    ReplyDelete
  45. මම් මේක කලින් අහල තිබ්බ වගේ මතකයි.ඉතුරු කිරීම නම් හොද පුරුද්දක්.

    ReplyDelete
  46. මතකයන් ජීවිතේ වෙනස් කරන තරමක්...

    ReplyDelete
  47. ආහ් මේක මමත් ඊ මේල් එකකින් කියෙව්වා. මම හිතන්නේ අයියාම තමා මට මේක එව්වේ :))

    ReplyDelete
  48. එල එල...
    ඊට පස්සේ ඒ දෙන්නා කවදාවත් රණ්ඩු වුනේ නැත්නම් ඒ පවුල් ජීවිතේ හරිම නීරස වෙන්ටැ......

    ReplyDelete
  49. "ඊට පස්සේ ඒ දෙන්නා ගොඩාක් සතුටින් එකිනෙකාව ආදරෙන් වැලදගත්තා කියලා ඊ මේල් එකේ අන්තීමට තිබ්බා. ඊට පස්සේ කවමදාකවත් මේ දෙන්නා රණ්ඩු උනේ නෑ (ලු) ."

    ඔව් එහෙමම වෙන්න ඇති..?

    ReplyDelete
  50. ලංකාවේ ආර්ථිකේ හැටියට කවදාවත් කරන්න බැරි වැඩක් .....

    ReplyDelete
  51. ලස්සනයි කියවන්න ආසයි ....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.