23 October 2011

නැටුම

රූ සිරිනි අක්කාගේ බ්ලොග් එකේ පරණ ලිපියක් කියවන්න ලැබුනා. ඒක රැග් එක ගැන ලියවෙච්ච ලිපියක්. ඒ ලිපිය කියෙව්වම මටත් රැග් කාලේ පොඩි කතාවක් මතක් උනා. ගොඩක් කට්ටිය මේ දවස්වල රැග් කතා ලියන නිසා මාත් ඔන්න ඔහේ එකක් ලියනවා.

ගොඩක් වෙලාවට අපට රැග් එක සෙට් වෙන්නේ හොස්ටල් එකේ කාමර වල. මොකද ගොඩක් කට්ටිය හොස්ටල් ඉන්න නිසා රැග් දෙන්නත් ලේසියි.

මේක නැටුමක් !!!! ආහ් නෑ... නැටුම් වර්ග තුනක් !!!

පලවෙනි එක තමයි පොල් ටැප් ඩාන්ස් එක !!

ගොඩක් වෙලාවට මේ නැටුම පාවිච්චි වෙන්නේ DJ වලට එහෙම. මොකද මේක පොෂ් නැටුමක් !!

මෙහෙමයි ඒක කරන්නේ.අපේ වම් අත ටිකක් උස්සනවා. වැලමිට හරියෙන් ඉස්සුවාම හරි. ඊට පස්සේ ඒ අතින් පොල් වල්ලක පොල් ගෙඩියක් කරකවලා කඩනවා වගේ අත මැණික් කටුව හරියෙන් කරකවනවා.

දැන් දෙවෙනි ස්ටෙප් එක.දකුණු අත පහලට දාලා අපේ ඉන ගාවට උස ටැප් එකක් අරිනවා (හෝ වහනවා) වගේ දකුණු අතේ මැණික් කටුව හරියෙන් අත කරකවනවා.

දැන් අන්තිම ස්ටෙප් එක !!! බිම දාපු සිගරට් කොටයක් තමන්ගේ වම් කකුලෙන් පාගනවා වගේ කකුළේ මැනික් කටුව හරියෙන් පොඩ්ඩක් කරකව කරකවා පාගන්න ඕනා !!! ඔන්න ඔය ස්ටෙප් තුනම එකපාර කලාම තමයි පොල් ටැප් ඩාන්ස් එක හරියට කෙරෙන්නේ. ස්ටෙප් තුනයි !!! වැඩේ හරි ලේසියි !!!

පොල් ටැප් නැටුම කියලා කියන්නේ පොල් ගෙඩියක් කඩන විදිහයි ටැප් එකක් වහන විදිහයි නිරූපණය කරන නිසා.

දෙවෙනි නැටුම තමා සවල් නැටුම !!!

මේක කරන්නේ මෙහෙමයි. තමන්ගේ ඉස්සරහා ලොකු වැලි ගොඩක් තියෙනවා කියලා උපකල්පනය කරනවා. ඊට පස්සේ තමන්ගේ අතේ සවලකුත් තියෙනවා කියලා හිතලා ඒ සවලෙන් වැලි ටික ටික අරගෙන තමන්ගේ උරහිස්සට උඩින් විසි කරන්න ඕනා. තේරුනාද වැඩේ ???

එහෙනම් අන්තිම නැටුම !!! මේක තමයි ඔරු නැටුම !!!

මේක කරන්න පුලුවන් සරමක් ඇඳගෙන ඉන්නකොට විතරයි. සරමේ පහල කෙලවර අත් දෙකෙන් අල්ලගෙන බෝට්ටුවක් විදිහට එක අතක් තමන්ගේ ඉස්සරහට වෙන්නත් අනිත් අත පිටිපස්සට වෙන්නත් සරම අල්ලගන්න ඕනා. දැන් බෝට්ටුව යන විදිහට සරම පද්ද පද්ද නටන්න ඕනා.
(පහල රූපය බලන්න)


යන්තන් නෙට් එක පීරලා එකම එක පින්තූරයක් හොයාගත්තා. මේ නැටුම ගවුම් ඇඳගෙනත් කරන්න පුලුවන් ඇති. බලාගෙන ගියාම මේවා ජන නැටුම් නේ. හික්ස් :)

------------------------------------------------------------------
ප.ලි.- රූ සිරිනි අක්කගේ බ්ලොග් එක කියවන්න යනවා නම් මෙන්න පාර. මෙතනින් ගිහින් කියවන්න. ගොඩක් වටින බ්ලොග් එකක් !!!

54 comments:

  1. හිකිස්.. පොල් ටැප් නැටුම නම් නියමයි.. ඒත් ටිකක් විතර කරන එක අමාරුයිනේ.. මාත් මේ නටන ගමන්.. හෙ හෙ හෙ

    ReplyDelete
  2. හොක් හොක් ..මතකයි ආපු මුල් දවස්වම ඩාන්ස් එක කොලා ...හප්පා මතක් වෙද්දිත් :D :D :D

    ReplyDelete
  3. ආහ්... දැන් "රෑ සිරිනි" අක්කා කියලා උඹ දැනගත්තා නේද... හොඳ මල්ලි...

    මේ මට ඔරු නැටුම නම් නටන්න බැරි වෙයි බං. දෙපාරක් සරම පද්දද්දි සරම බිම තියෙයි...

    ReplyDelete
  4. මම අහලා තියෙනවා බෝට්ටු නැටුම බොහෝවිට මාලදිවයිනේ උත්සව වලදි පාවිච්චි වෙනවා කියලා..

    ReplyDelete
  5. හිකිස් පොල් ටැප් නැටුම මරු මමත් කරලා බැලුවා අපේ අම්මා අහනවා උඹට පිස්සුද කියලා

    ReplyDelete
  6. අපි නං ඒ කාලේ කුඹුරු කෙටීමේ, පැල සිටුවීමේ සිට වි හුලං කිරීම දක්වා සෑම නැටුමක්ම කරනවා සීරීස් එකක් වගේ එක දිගට!

    ReplyDelete
  7. මරු මරු...මාත් අත ඇරියේ නෑ මේ ට්‍රයි කරන ගමන්..පොල් ටැප් නැටුම උඩරට නටනවට වඩා අමාරුයිනේ අනේ...හිකිස්..

    දවස් ගානකට පස්සේ මූන පුරා හිනාවක් ඇදුනා...ස්තූති..

    @තාරා
    කාලෙකට පස්සේ යාලූ ඔයාව දැක්කේ...

    ReplyDelete
  8. මේගොල්ලොත් මාර නැටුම් තමයි නටලා තියෙන්නේ...:D

    ReplyDelete
  9. හෙහ්.. මමත් ඔය පොල් ටැප් නැටුම ගැන අහලා තියෙනවා.. ඔය සවල් නැටුම නම් දෙමළ ෆිල්ම් වල දැකලා තියෙනවා...

    ReplyDelete
  10. හි හි.......

    ඔය කියන ඔරු නැටුම තිබුනා නේද "වාංග මචා" සින්දුවේ? මගෙ හිතේ ඒක දෙමළ නැටුම් වර්ගයක් :)

    ReplyDelete
  11. කකුලෙ කොහෙද බොල මැනික් කටු? :D

    ReplyDelete
  12. පොල් ටැප් නැටුම අත්හදා බැලුවෙමි!. සාර්ථකයි..

    ReplyDelete
  13. ඔරු නැටුම නං මාත් නටල තියනව.තව තියනව බයිසිකලේට පොම්පයකින් හුලං ගහන නැටුමක්.

    ReplyDelete
  14. poltap ඩාන්ස් එක නම් මමත් කරල බැලුව.එච්චරම අමාරුවක් නෑනේ :)

    ReplyDelete
  15. අර කිව්වත් වගේ කකුලේ කොහෙද මැණික් කටු තියෙන්නේ?

    ReplyDelete
  16. මෙහෙත් තියනව නියම නැටුම්....ඔයා කියන ඔය සවල් නැටුම නම් මට ලේසියි...

    ReplyDelete
  17. මෙහෙම හරියන්නේ නෑ ඔයා මේක නටල්කා වීඩියෝ එකක් පෝස්ට් කලා නම් තමයි මම නම් කැමති ඔන්න.

    ReplyDelete
  18. මාත් මේ පොල් ටැප් එකට ට්‍රයි කරන ගමන්. කොයිකටත් කියලා ගමේ වෙද මහත්තයා ගෙදර ඉන්න වෙලාවක එපැයි මේවා කරලා බලන්න නේද? ඒකයි මේ වෙලාවෙ පටන් ගත්තේ

    ReplyDelete
  19. දැන් කැම්පස් යනකොට ඕවත් පුරුදු වෙලාද යන්න ඕන .....
    හොඳයි අපේ කැම්පස් යන්න ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට, ඔන්න පුරුදු වෙලාම පලයල්ලා ......

    වෙලාවට කැම්පස් ගියේ නැත්තෙ .........

    ReplyDelete
  20. contrary to common opinion, ලංකාවෙ විශ්ව විද්‍යාලවල ලමයි හරි ක්‍රියේටිව් නෙ බලනකොට...

    ReplyDelete
  21. අපිත් හොඳ හොඳ නැටුම් නැටුවා රැග් කාලේ, දැන් ඉතින් අපි ඒවා මතක් කර කර බඩ අල්ලන් හිනාවෙනවා, කැම්පස් එකෙන් යද්දි මතක තියෙන්නේ ඕවා විතරයි මට නම්!

    ReplyDelete
  22. කපීකේකිOctober 23, 2011 at 11:01 PM

    අනේ මෙයා නටන නැටුම්?මේ ඔයාගෙ කාර්ඩ් එක මොකද්ද අය්යා?

    ReplyDelete
  23. එල එල මමත් ඔය එවුවා එකින් එක හෙමින් ට්‍රයි කරලා බැලුවා සරමේ වැඩේ නම් මම නිතරම කරනවා . මේ ලඟදී අවසාන මෝත් මාගේ ඔන්න ඔය සීන් එකට අපේ අල්ලපු ගෙදර බුවා ඔරු සරොං නර්ථණය රඟදක්වනවා මම දැක්කා

    දැන් ඔයා ඔතනින් වැඩියෙන් රඟදැක්කුවේ කෝකද

    ReplyDelete
  24. එළ නැ‍ටුමක් නේ ,,,ට්‍රයි පාරක් දාන්නං .....

    ReplyDelete
  25. සරුංගල් නැටුම දන්නෙ නැද්ද?? :) :D

    ReplyDelete
  26. අන්තිමට කිව්ව නැටුම නම එල වගේ,,,

    ජය..

    ReplyDelete
  27. පොල් ටැප් නැටුමෙන් හැදෙන විකලාංග භාවයට වෙද ගෙදර මහ වෙදන ගාව ප්‍රතිකර්ම තියේද කියල ඉස්සෙල්ල අහල ඉන්න ඕනෙ. එහෙම නැත්තන් නලිනි චන්දිමා දොස්තර නෝනගෙන් ඇහුවත් හරි

    ReplyDelete
  28. ඔරු පැදීම, බයිසිකලේට හුලන් ගැසීම, පොල් කැඩීම, පොලව කෙටීම
    නයි නැටවීම
    කොහොඹ කලේ
    කාවඩි
    ඊජිප්තු නැටුම්
    රූකඩ නැටුම්

    තව කොයි තරම් තියේද dancing steps
    :D

    ReplyDelete
  29. හික් පොල් ටැප් නැටුම නම් මරු කාටත් හොරෙන් තමයි ට්‍රයි කරන්න ඕනේ නැත්තන් පිස්සු කියල හිතයි..

    ReplyDelete
  30. තැන්කූ මගේ පෝස්ටුවත් මතක් කලාට..

    මට නම් මධුරංග මල්ලි පොල් ටැප් ඩාන්ස් කරනවා මැවිලා පේනවා.!!
    අපට නම් හොස්ටල්වල රැග් එක තිබුනෙ නෑ. ඉදලා හිටලා කැට්වෝක් එකක් දාන්න කිව්වොත් මිසක්...!!

    අපි මේ රැග් එකේ රසකථා බෙදාගෙන කැම්පස් යන්න ඉන්න අයගේ සතුට ස්පොයිල් කරනවද දන්නෑ...?

    ReplyDelete
  31. පොල් ටැප් එක කරලා බැලුවා.. මෙලො රහක් නැනෙ.. කොම උනත් මං නටන්න කැමති නැ..!! :D
    අර සරන් ඇදන් නටන එකට නම් මට පන යනකම් හිනා යනවා.. කවුරු හරි කරනවා දැක්කොත් :D

    ReplyDelete
  32. ඔෆිස් එකේ ඔයාගෙ නැටුම් කරන්න ගිහින් තව පොඩ්ඩෙන් වටේ ඉන්න අය හිනා වෙනවා.හෆොයි....

    නියම නැටුම් ටික හැබැයි.අපිට ඕවා තිබුනේ නෑ නෙ.

    ReplyDelete
  33. මාර නැ‍ටුම් ටික නොවැ...
    මමත් 3ම ට්‍රයි කරා..ටැප් එක තමා ටිකක් අමාරු...
    කොන්ද අඹරවගෙන හරි ඒකත් කරනවා....
    හික්Z ‍රැග් කියන්නේ මාර සුන්දර අත්දැකීමක් වගේ...

    ReplyDelete
  34. එහෙනම් උබත් හොඳ හොඳ නැටුම් නටල තියෙන හැඩයි.... :D

    ReplyDelete
  35. @ප්‍රාර්ථනා :
    පුරුදු උනාම ගානක් නෑ නංගි. ටික දවසක් යනකොට ඉබේටම වගේ පුරුදු වෙයි. හික්ස් :)

    @ගැටයා :
    ඒකනේ මල්ලි. දන්නෝ දනිති.

    @prasanna86k :
    රූ සිරිනි, අක්කා කෙනෙක් කියලා පස්සේ තමා ආරංචි උනේ.

    බොලාට ඉතින් ඉනක් කියලා නාමයක් නෑනෙව. තිබ්බා නම් සරම ඔහොම වැටෙන්නේ නෑනේ. :)

    ReplyDelete
  36. @RoshanHerath :
    මාලදිවයින් කට්ටියත් නටනවා කියලා නම් දන්නේ නෑ. අපේ රටේ පුත්තලම් පැත්තේ ඉන්න ගෝත්‍රික කට්ටියක් නම් (අප්‍රිකානු වගේ සම්භවයක් තියෙන ඈයෝ) නම් නටනවා කියලා දන්නවා.

    @ශානු :
    අම්මා බැන්නට ගනන් ගන්නෙපා. ඔයා ඔයාගේ ප්‍රැක්ටිස් ටික ගානට කරගෙන යන්න. :)

    @තාරා :
    අම්මෝ දක්ක කල්. ඔයාලගේ විභාග ඉවරද ?

    ReplyDelete
  37. @කතන්දර Kathandara :
    හප්පා !!!! අපට ඔය නැටුම් ටික කරන්න ලැබිලා න නෙ.

    @අසනි :
    මම නම් උඩරට නටලා නෑ. මට හිතෙන්නෙ දවසක් දෙකක් පුරුදු උනාම ගානක් නැතුව යයි. පුරුදු වෙන්න. හික්ස් :)

    @Podi Kumarihami :
    තව ගොඩක් දේවල් නැටුවා !! :)

    ReplyDelete
  38. @Dinesh :
    එහෙනම් මල්ලිට ඒ නැටුම පුලුවන් ඇති. :)

    @සයුරි :
    ඔවු අක්කා. ඒ සිංදුවේ තිබ්බා ඔය මම් කියපු ඔරු නැටුම. අක්කත් එහෙනම් ඒ නාට්ටිය බලලා තියෙන හැඩයි. :)

    @nawammawatha :
    ආහ්... වැරදුනා. වැරදුනා. මැණික් කටුව නෙමේ වලලු කර

    ReplyDelete
  39. @වජිරදේවි :
    ඔබේ සාර්ථකත්වය ගැන මා සතුටු වෙමි !!!

    @රාජ් :
    ඒක නම් නටලා නෑ. පුරුදු වෙන්න ඕනා.

    @නදී :
    මට මැවි මැවි පේනවා. අක්කා නටන හැටි !!! හික්ස් :)

    ReplyDelete
  40. @ක්සැන්ඩර් | Xander :
    පොඩි වැරදීමක් අයියා. මැණික් කටුව නෙමේ හරි වචනේ වලලුකර

    @Whinchat Kirilli. :
    සවල් නැටුම විතරක් ලේසියි කියලා කියන්නේ අනිත් නැටුම් ටික අමාරුයි වගේ. ටිකක් පුරුදු වෙන්න. අමාරු නෑ

    @Il mondo di una povera pazza :
    ඔවු ඉතින්. රංගිත් බලන් ඉන්නේ මම් නටනකන් නේ !!! හික්ස් :)

    ReplyDelete
  41. @malmi :
    මුල්ම වතාව නිස වෙද මහත්තයා ඉන්න වෙලාවක පටන් ගත්ත එක හොදා. පස්සේ පස්සේ පුරුදු උනාම ඕවා ගානක් නැතුව යයි. :)

    @පන්සල් හංදිය :
    ඕන් නෑ ඕන් නෑ. කැම්පස් ගියාම බේසික් කෝස් එකේ ඉදන්ම පුරුදු කරනවා. :)

    @සපතේරු උන්නැහේ :
    ඒකනේ අයියා. මාර ක්‍රියේටිව් කට්ටිය ඉන්නේ

    ReplyDelete
  42. @ලහිරු :
    ඒක හරි බං. අන්තිමේදි මතක් කරන්න කියලා හරි ඉතුරු වෙන්නේ මෙහෙම දේවල් ටිකක් විතරයි. මොකද පාඩම් කරපුවා එහෙම මතක තියෙන එකක් යෑ.

    @කපීකේකි :
    අම්මෝ කාට මගේ කාඩ් එක කිව්වත් ඔයාට නම් මම් කියන්නේ නෑ නෑ නෑමයි. :)

    @හිස් අහස :
    පොල්ටැප් එක තමා මට වැඩියෙන්ම නටන්න උනේ. ඒකත් මරු වැඩේ ඈ.

    ReplyDelete
  43. @ඔබ නොදු‍ටු ලොවක්..... :
    එහෙනම් ට්‍රයි කරලා මටත් ප්‍රතිඵල කියන්න. :)

    @මන්තරකාරි :
    සරුංගල් නැටුම කියලා කියන්නේ නිච්චි ගහන නැටුම වෙන්ටෑ.

    @Gayan Rupasinghe :
    අනිත් නැටුම් ටිකත් එල තමා !!!

    ReplyDelete
  44. @Observer :
    දොස්තරලා ඉන්නවද කියලා බලලාම නටන්න පටන් ගත්තම හරි. එතකොට වෙන අතුරු ආබාධ වලට ටක් ගාලා ප්‍රථිකාර ගන්නත් ලේසියි නෙ

    @Asanka Udara :
    අම්මෝ නානප්‍රකාර නැටුම් තියෙනවා නෙව. :)

    @cjgayan :
    ගොඩක් නැටුම් නටන අය කරලියට එන්න කලින් හොරෙන්තමා නටන්නේ. ඒ නිසා හොරෙන් පුරුදු වෙන්න. :)

    ReplyDelete
  45. @රූ.... :
    ඔන්න අක්කට මම් ලින්ක් තුනක්ම දැම්මා. අර කිව්වත් වගේ මේ අය කැම්පස් යන්න අකමැති වේද මන්දා.:)

    @Bunny :
    පොල්ටැප් එක අතෑරලා දාලා එහෙනම් ඔරු නැටුම නටන්න ගන්න.

    @නිසුපා :
    හා හා දරුවෝ !! ඔෆිස් එකේ එහෙම නටන්න යන්නෙපා. කවුරුවත් නති වෙලාවක නටන්න පටන් ගන්න. :)

    ReplyDelete
  46. @ගලයා :
    කොන්ද රුවිතෙට යයිද මන්දා. හික්ස් :)
    අවුලක් නෑනේ ගලයා දොස්තර කෙනෙක් වෙන්ට නේ යන්නේ.

    @ප්‍රසංග :
    අනිවා !! අනිවා !! හොද හොද නැටුම් නටලා තියේ !!

    @Ice (අයේෂා කුලතුංග) :
    මැවිලා පෙනේවි රූපේ හදේ !!!
    අහලා තියේද ඔය සිංදුව

    ReplyDelete
  47. ඔතනින් පටන් ගන්න නැටුමේ ආරම්භය තමා කැම්පස් ඉවර වෙනකල්ම නටන්නෙ නේද. අපේ එකෙක් හිටියා ඒරියල් ඩාන්ස් එකමයි දාන්නෙ.

    ReplyDelete
  48. ම්ම්ම් මමත් දැකලා තියෙනවා ඔහොම නටනවා..මට මතකයි මම් පොඩිකාලේ කවුදෝ නටනවා දැකලා ඔය විදිහට නටන්න ගිහින් අම්මාගෙන් ගුටිකාපු හැටි . .:))

    ReplyDelete
  49. ඔරු නැටුම මාත් නැ‍ටුව

    ReplyDelete
  50. අපරාදේ කියන්න අපිට රැග් එකට නටන්න නම් ලැබිල නෑ. ආහ් හැබැයි අපේ සෙට් එකක් අහු වෙලා මට "ඔබ මා හමුවුන මේ ඉරහඳ යට" සින්දුව කියන්න කියල අනිත් උන්ට එකට නටන්න කිව්වා. අපේ උන් දුන්න r&b, reggae, hip-hop, break ඔක්කොම එකතු කරලා ලොවෙත් නැති වෙන්න. සින්නටත් පට්ට ආතල් ඒක දැකල.

    ReplyDelete
  51. මේකත් යකාගෙ නැටුමක් තමයි මධූ

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.