16 September 2011

පාං කතාව

පාං යනු අපේ ගෙදර අයගේ ප්‍රියතම කෑමය. කොච්චර ජනප්‍රියද කියලා කියනවනම් පාං නොගෙනෙන දවසක් නැති තරම්ය. සමහරක් දාට බත් මදිවේයැයි කියා අපේ අම්මා පාං බාගයක් ගෙන එන්නීය. එදාට ඒ පාං බාගේ කන්න මල්ලියි මායි පොර කන්නේය. මල්ලිට කලින් මං පාං බාගේ කන්න ගත්ත දාට "අපේ අම්මා අයියට තමයි වැඩියෙන්ම ආදරේ !!! ඒකනේ අයියට පාං දෙන්නේ !!!!" යැයි මල්ලී දෝස්මුර නගන්නීය. 

 

 පානුයි ආදරෙයි සම්බන්ධ වෙන්නේ කෙසේද කියා මං තවමත් සිතන්නේය. පාං වර්ග ම මහ ගොඩක් තිබේ. එනම්,  

(1) අච්චු පාං - මෙම පාන් වල වැඩිපුරම ඇත්තේ වතුර වේ. තවද මේ පාං කනවිට කිබුලා කිරිමැටි කන අයුරු සිහි කරවයි.මෙම පාන් වර්ගයට අධික ප්‍රත්‍යාස්ථ ගුණ පවති. මෙම වර්ගයේ පාං ගෙඩියක් එක මිටකට ගත හැකිවන ලෙස සංකෝචනය කළ හැකි අතර අතහැරිය විට යලි තිබුන තත්ත්වයටම පත්වීමේ ගුණය පවති. 

(2) තැටි පාං - මෙම පාං වර්ගය පාං තැටියක ගණකමකින් යුක්ත වන අතර කෙලවරකින් අල්ලා සිටින විට කඩා හැලෙක ගුණයක් පෙන්වයි. 

 (3) අයිං පාං - මේ පාන් දර පොලු වැනිය.මෙම පාං ආහාරයට ගැනීම සදහා වෙනම දත් කුට්ටමක් අවශ්‍ය වේ.ඒ තරමටම මේ පාං ජාතිය සවි ශක්තියෙන් ඉහලය. 

 මේවා ප්‍රධානම පාං වර්ග වන අතර එතනින් ගියහම රෝස් පාං, පරලු පාං, ජෑම් පාං, හුන්ඩු පාං, බිත්තර පාං ද පාං කුලයය අයත් උප විෂේශ වේ. පාං වල ඇති විෂේශම ගුණය වන්නේ පවතින ආණ්ඩුවක් උඩු යටිකුරු කිරීමේ හැකියාවය.මහජන ඡන්දෙන් පත්වෙන ඕනම ආණ්ඩුවක් උත්සහ කරන්නේ අඩුම මිලට ජනතාවට පාං ගිල්ලවීමටය. 

කලක් පාං ගෙඩියක මිල රු3.50 විය. දැන් නම් එහෙම පානක් හොයා ගැනීමට නම් කටුගෙට යා යුතුය. එකල පාං කාලක මිල 1.25 විය. රුපියල් 3.50 හතරෙන් බෙදූ විට 1.25 වන්නේ කෙසේද කියා මම් තාම සිතමි. 

ගෙදරින් රුපියක් සොයා ගත හැකි උවත් සත විසි පහක් සොයා ගැනීම අසීරු කටයුත්තකි. එවිට ගෙදර බුදු පානේ, තෙල් වල ගිල්වා ඇති සත විසි පහ මතක් වන්නේ නිතැතින්මය. 

එහෙත් දැන් පාං යනු ත්‍රස්තවාදියෙකි.පාං ආහාරයට ගන්නා තැනත්තා හදුන්වන කෙටි යෙදුම දේශදෝහියා වේ. අනාගත පරපුර වෙනුවෙන් පාං රැක ගැනීම අප සතු යුතුකමකි. 


 

49 comments:

  1. අච්චුපාන් වලට කුණු කතා කියන්න එපා බන්... කාලයක් කැන්ටිමෙන් දෙන අච්චු පාන් බාගෙයි ඇට හොයන්න පීනන්න වුන පරිප්පු හොද්දයි රජ කෑමක් වෙලා තිබුනෙ....

    ReplyDelete
  2. අපෝ ඔයාලටනම් හොදා පාන් කන්න ලැබෙනව.අපි ගෙදර හිටියොත් තුන් වේලම බත් ගිලින්නේ :(

    ReplyDelete
  3. මේ කමෙන්ට් එක අපේ බනිලගේ තාත්තා වෙනුවෙනි. ''පාන් සහ පරිප්පු '' ඔහුගේ ප්‍රියතම කෑමයි. හදිසියේ මේ ලෝකේ පාන් හදන්නේ නැති වුනොත් ගෙඅර සෑදීමට මැෂිමක් ද ගෙනත් දී ඇත . අපේ රටේ පාන් නිකන් පිටි ගුලි වුනාට පාන් ප්‍රධාන කෑම වන රටවල සුද්ධ නොකරන ලද තිරිඟු පිටි ..රයි පිටි ආදී පිටි වලින් නිකන්මත් ඒ වගේම විවිධ දේ එකතු කර [වොල්නට් වැනිදේවල්] රස රස පාන් සාදයි.

    කෙසේ වුවත් සෙනසුරාදා අපේ ගෙදර නොවෙනස් උදේ ආහාරය ''පාන් සහ පරිප්පු'' වේ.

    මට ඉස්කෝලේ කාලේ කිව්ව සින්දුවක් මතක් වුනා ..''පාන් පාන් පපර පාන් ..නිකන්පාන් ..ජෑම් පාන් ..බටර් පාන් .

    පාන් කෑම දේශද්‍රෝහී කිරීමට වඩා පෝෂ්‍යදායි පාන් සෑදීම තමයි හොඳ .

    ReplyDelete
  4. මාත් ආසයි පාන් කන්නනම්. ඒත් නිතර නෙමේ. පෝරණුවෙ පුච්චන පාන් තමයි රස.. එහෙම බේකරි තාමත් තියනව .. ඒ පාන් ගෙදරට ගෙනාවම මුළු ගෙදරම සුවඳයි.. පාන් කනකොට මිරිස් මාළු එක්ක පොල්සම්බල් හරි රසයි. එහෙම නැත්නම් මගේ ප්‍රියතම ආහාරයක් තමයි. පාන් සමග බැදපු බිත්තර,පොල්සම්බල් හා බටර්.

    ReplyDelete
  5. තාපේ ගෙදර පාන් කෑවත් කන්නේ රෑට විතරයි පාන් කාපු දාට මට නින්ද යන්නේ නෑ ආයෙම බත් කන්නම ඕනි අනිවාර්යෙන්ම ;)

    ReplyDelete
  6. අතීතයේදී නිවසකට නෑ ගමන් යන් විට පැරැන්නෝ කේක් මෙන් පාං ගෙන ගොස් ඇත
    වර්තමානයේදී ද පාං යනු කේක් මෙන් සුඛොපභෝගී ආහාරයකි

    ReplyDelete
  7. පාන් පිටි, වතුරත් එක්ක මිශ්‍ර වුනාම ප්‍රෝටීන් එකක් හැදෙනවා ග්ලූටන් කියලා.ඒ ප්‍රොටීන් එක නිකන් දැල් දැල් වගේ.ඒව අස්සට කාබන් ඩයොක්සයිඩ් හිර වෙනවා.ඒක නිසා තමයි පාන් පිපෙන්නෙ.

    මේකත් ප්‍රෝටීන් එකක් නිසා දිරවනකොට ඇසිඩ් හැදෙනවා.එතකොට බඩේ තුවාල එහෙම තියෙනවානම් ආයෙත් බඩගිනියි වගේ දැනෙනවා.කාබන් ඩයොක්සයිඩ් තියෙන නිසා බඩේ වාතයත් පිරෙනවා.

    ඒත් ඉතිං ඒක නැත්නම් පාන් රසත් නෑ....:))

    ReplyDelete
  8. මාත් පාං වලට හෙන ලයික් බං.

    පාං වලටත් තව තව කම්බිනේෂන් එකතු වුනාම මරේ මරු. රෝස් පාං හොඳ ප්ලේන්ටි එක්ක. අච්චි පාං වලට වඩේ එල. තැටි පාං වලට හරියන්නේ රම්පේ කරපිංචා දාපු පරිප්පු හොදි... ජෑම් පාං වලට කෙසෙල් ගෙඩි...

    ReplyDelete
  9. මම නං ආසා උදේට බටරුයි, උම්බලකඩ ලුනුමිරිසුයි, චීසුයි එක්ක පාන් කාලා හොඳට සීනි දාපු කලු කෝපි කෝප්පයක් බොන්ට. අර ගිම්හානිගේ වට්ටෝරුවත් නරක නෑ. ඒත් ඉතින් තියන විදියට කන්ට එපායැ නේද?

    ඒ උනාට මොන රටක වත්, අපේ රෝස් පාන්වලට ගහන්ට පානක් නෑ...:)

    ReplyDelete
  10. මෙහේ ප්‍රධාන පාං වර්ග දෙක අච්චු පාං හා වැල් පාංය.අච්චු පාං කියන්නේ තැටියේ එක අච්චුවක එකක් බැගින් හදන පාංය. වැල් පාං කියන්නේ අච්චු වලට වෙන්කර නොමැති තැටියේ සෑදූ පාං වන අතර පෝරණුවෙන් බාගත් පසු එකිකනකට ඇලි(වැල් මෙන්) පවතින මේවා ගලවාගැනීම සිදුකරයි.
    (පාන් යන්න පාං ලෙස සටහන් විම හුදෙක් මුද්‍රණ දෝශයක් පමණක් බව සලකන්න)

    ReplyDelete
  11. පාන් නිසා අපේ ගෙදර උන් නම් මහ කට්ටක් කයි....

    මොකද ඔය තැන් තැන් වල පාන් අපේ අම්මාට නොඅල්ලයි...ඉතින් හැතැම්ම ගනනක් පුටාර් එක පාගා හොඳ බේකරියක් සොයා පාන් ගෙන ආ යුතුය...

    ඔහොම ටික දවසක් යනවිට ඒ ගෙනාපු පානෙත්... එක්කෝ මැස්සෙකි.. එක්කෝ ගෝනි කැල්ලකි... එක්කෝ බීඩි කොටයකි... එක්කෝ කූඹි ගුලකි...

    ඉතින් ආයෙත් කොලොම්බස් රට රටවල් සොයා යන්නා සේ අලුත් බේකරි සොයා යායුතුය...

    පස්ටම කට්ටකි...

    එහෙම හොයන් එන පානත් මට කන්නට වරම් නැත... මම පාන් නොකා බත් කෑමට කැමති නිසා ඒ පාන් කන්නේ අනිත් උන්ය...

    අන්තිමේදී කියන්න ඇත්තේ උදේ කාපු පරිප්පුයි පානුයි තාම බඩේය...

    ReplyDelete
  12. පාන් පාන් කියලා දැන් අයියත් ත්‍රස්‌තවාදියෙක් කරයිද දන්නේ නැහැ කට්ටිය

    ReplyDelete
  13. මාත් පාං කා දෑමීමට අකමැත්තක් නැතිය. එහෙත් දැන් පාන් දවසගානේ කන්නට නම් වෙනම රැකියාවක් සොයා ගත යුතුය. එසේත් නැතිනම් රෑට හොර පොල් කඩා උදේට කඩේට විකුණා ඒ කඩයෙන්ම පාන් ගෙඩියක් ගත යුතුව ඇත. වේලකට එක පාන් ගෙඩියක් ගෙදරකට මදි බැවින් ද දැන් දැන් ඒ සදහා දැරීමට වන පිරිවැය ගැන සීතීම නිසාද මට නම් පාන් කියා ගන්නටවත් නොහැකිය මන්දයත් පාන්ද දැන් සුඛෝපභෝගී ආහාරයක් බවට පත්වී ඇතිය.

    ReplyDelete
  14. අපිත් බොහෝ දුරට තුන් වේලම බත් තමයි.
    මටත් බත් තරම් පාන් දිරවන් නේද නැත.

    ඉදලා හිටලා උනුවට නම් පාන් කන්න ආසයි.

    ReplyDelete
  15. @සාතන් :
    අපෝ මට නම් එපාමකරපු පාං ජාතියක් තමා ඕක. ඈ...ක් !!!!
    එහෙම කියන්න හොද නෑලු. ඒත් කිය උනා.

    @නදී :
    මාත් ආසයි බත් ගිලින්න. බත් හොදා අක්කා.

    @Bindi :
    ලස්සන සිංදුවක් නේ බින්ඩි අක්කේ !!!
    අපිත් ඔහොම එකක් කිය කියා හිටියා. ඒත් මතක නෑ.

    ReplyDelete
  16. @Gimhani :
    අම්මෝ බඩගින්නත් වැඩි උනා. මාත් හරි ආසයි ඔය කියන මිරිස් මාලු වලට. නියමයි.

    @ශානු :
    එතකොට වියදම් දෙගුණ වෙනවනේ. හික්ස් :)

    @sameera :
    පානුත් සෑහෙන ගණන් යයි වගේ නේද අයියා. :)

    ReplyDelete
  17. @නිසුපා :
    ඔය ටික නම් මම් දන්නේ නෑ අක්කා. ඔයාගෙන් තමාඅ ඕ ටික දැන ගත්තේ. තැන්කූ !!!

    @prasanna86k :
    ඔවු ඔවු. හොදි මාලු ටිකක් එකතු උනාම ඕන තරමක් කෑවහැකි.

    @Podi Kumarihami :
    ඒකනේ. අපේ රෝස්පාන් ඉස්තරම් !!!
    චීසුත් එක්ක අපි පාන් කන්නේ කොයින්ද අක්කා. ඔයැයිට නම් මොකෝ ඉතින්. එහේ චීස් ලාබ ඇති නේ. හික්ස් :)

    ReplyDelete
  18. @රාජ් :
    වැල් පාං කියා මම් ඇහුවේ අදමය. මීට කලින් එහෙම අහලා නැත. හික්ස් ය :)

    @හරී :
    එහෙනම් අපේ ගෙදර වගේය. මම බත් කන්නට ප්‍රිය ය. මල්ලි පානෙකි. මල්ලිට පාන් ය. මම බත් ගුල්ලෙක්ය.

    @ChammA :
    ඒක තමා මල්ලි. මාවත් ඔඅය ගොඩට දායිද මන්දා.

    ReplyDelete
  19. @malmi :
    එය එසේය අක්කණ්ඩි ය. පාන් දැන් හරි ගණන් ය. කෑමට තිය පාං කියා ගන්නතවත් නොහැකි ය. ආයෙම පාන් කන්නට එපාය. නැත්නම් අක්කා හොරෙක් වනු නියතය. මාත් ඊට ගස් යනු ඇත.

    @කතන්දර Kathandara :
    කියවලාම බලන්න ඕනා.

    @- නිල් අහස - :
    පාං උනුවෙන් නම් මරු අයියා. මාරම රහයි.

    ReplyDelete
  20. රෑටනම් මට බත් බඩගිනි හැදෙනවාමයි. මේ පාං කතාව කියවලා දැන් මට පාං බඩගිනියි.

    ReplyDelete
  21. පාන් හොඳයි.. බත් හොඳායි...

    ReplyDelete
  22. හාල් පිටි වලිනුත් පාන් හදනවලු කියල මම දවසක් පත්තරේක දැක්කා.
    කවුරු හරි කාල තියනවද?

    ReplyDelete
  23. මෙයා පාන් ගැන දන්න එව්වා..මන් නම් එතරම්ම කැමැත්තක් නැති කෑමක්...අනේ..

    ReplyDelete
  24. පාන් ගැන සාරගර්භ බ්ලොග් ලිපියක් දැක්කමයි මේ. රෝස් පාන් එක්ක කිරි හොදිත් හොඳායි,

    ReplyDelete
  25. පානුයි පරිප්පුයි.. මං කැමතිම කෑමවලින් එකකි. ඒ කියන්නේ මම සිරාම දේශද්‍රෝහිහෙකි.

    ReplyDelete
  26. පානුයි පරිප්පුයි කියන්නෙ ඉතිං ආයෙ කියල වැඩක් නෑ තමයි....

    ReplyDelete
  27. මටනම් පාන් කන්න ඕනෙ පරිප්පු නැත්තම් බටර් එක්ක සම්බෝල. :D හික්ස්ස්ස්...
    පාන් නිකන් තේ එක්ක පොගවල කද්හ්ඩිත් රහයි.. මට දැන් උණු පාන් බඩගින්නක් ආව..

    ReplyDelete
  28. මට පාන් කන්න බෑ.හිත කැමති උනාට ආමාශය කැමති නෑ.මොනව කරන්නද දුක තමා.....

    ReplyDelete
  29. මොනා කෑවත් පාන් කෑල්ලක් කනව වගේ කොහෙද....

    ReplyDelete
  30. පාන් වර්ග ගැන ලියල තිබුන ටික නම් පට්ටයි. අපේ ගෙදර නම් පාන් කන්නෙ ගොඩක් කලාතුරකින්. නිතරම කන්නේ නැති නිසා කන්න ආසයි. ඒත් කැන්ටිමේ පරිප්පු බාජනේ හෝදපු වතුර එක්ක පරිප්පු කන්න ගියාම තමයි සසර කලකිරෙන්නේ.

    ReplyDelete
  31. මමනම් පස්ට කැමතියි පානුයි පරිප්පුයි කොටාබාන්න .

    පානුයි පරිප්පුයි දව්සක බුදු වේවා !!

    ReplyDelete
  32. පාන් හින්දා ආන්ඩු පෙරලුන බවක් බුරු බබාටත් මතකයිනේ...

    මම නම් පාන් වලට කැමති නෑ වැඩිය. ඒත් ඉතින් පාන් නැතුවත් බෑ....

    ReplyDelete
  33. අපි දේශප්‍රේමී.. ඒ නිසා පාන් කන්නේ නෑ..

    ReplyDelete
  34. උඹට කියන්න අපේ ගම පාං ගමක්ද මංදා.. බේකරි 11 ක් තියෙනවා.. ගේ වටේට බේකරි 2 ක්.. හැන්දැවට සුවද එනවා.. ආයෙ පික්සු හැදෙනවා :D

    ReplyDelete
  35. @මධුරංග / බින්දි
    අර සින්දුව නිහාල් නෙල්සන්ගේ "ලස්සනට පිපුණු වන මල්".

    මම නං ආසම පානුයි පොල්සම්බෝලයි. අපේ අම්ම හදන පොල්සම්බෝලත් එක්ක පාන් කන එක තරං රහ කෑමක් වෙන නැහැ. රෝස් පාන් නං වඩා හොඳයි. හැබැයි දැන් නං පාන් කන එක හුඟක් දුරට අඩු කරලා තියෙන්නේ. අර නිසුපා පැහැදිලි කරලා තියෙන්නෙ. සෞඛ්‍යයට අන්තිම අහිතකරයි.

    සිංහල මිනිස්සු පාන් අඳුරගෙන දැන් අවරුදු පන්සීයක් විතර ගෙවිල.
    අපේ රටේ වවන්න බැරි භෝගයකින් හදන කෑමකට ඇයි අපි මේ තරං කැමති?

    ReplyDelete
  36. @මන්තරකාරි :
    බඩජහරි මන්තරයක් !!!! හික්ස් :)

    @මාරයාගේ හෝරාව :
    මොකො මාරේ අයියා එහෙම කිව්වේ.හික්ස් :)

    @රූ සිරි :
    ඔය හලාවත පුත්තලම් සයිඩ් එකේ තියෙන්නේ ඔය පාං වෙන්ටෑ.

    ReplyDelete
  37. @හරී - පිණිපළස :
    කටට කෙලත් ඉනුවා :)

    @පැණි දොඩම් :
    මාවත් ඕ ගොඩට දැම්මනම් හරි. :)

    @ප්‍රසංග :
    අම්මෝ මම නම් රාත්තලක් උනත් කනවා.

    ReplyDelete
  38. @හිතුවක්කාරි :
    බඩගිනි වලත් එක එක වර්ග තියේ නේද. උඩ එක්කෙනෙක්ට බත් බඩගින්නක්. මෙන්න මෙයැයිට පාං බඩගින්නක්. හික්ස් ය :)

    @දිනුක ජයකොඩි :
    ආමාසේ අයින් කලොත් බැරි වේද පාං කන්න.

    @``` Outsider``` :
    එක නේ අයියා.

    ReplyDelete
  39. @Kasun :
    අපොයි ඔවු. මටත් ඔය කැන්ටිං පරිප්පුව ගැන මතක් කරන්නම එපා

    @හිස් අහස :
    මාත් ඕකම කියන්නම් මල්ලි.

    @Il mondo di una povera pazza :
    අපරාදේ බූරූ බබා අක්කා පාන් කෑවනම් හරි නේ.

    ReplyDelete
  40. @Dinesh :
    මල්ලි හරි මල්ලි. :)

    @Bunny :
    ඔන්න ඔය උඩ අක්කා කෙනෙකුත් ඔයිට සමානම අදහසක් කිව්වා. හික්ස් :)

    ReplyDelete
  41. යකෝ, බලං ගියාම මාර ත්‍රස්තවාදියො තොගයක්නෙ ඉන්නෙ!!! මම හිතන් හිටියෙ මං වගේ පාන්පිටි ත්‍රස්තවාදියො දැං ලංකාවෙ නෑ කියලා... බි.පෙ.සි.

    මම නං රෝස් පාන් ත්‍රස්තවාදියෙක්! රෝස්පාන් සමඟ බටර් ෆට්ට!!!

    ReplyDelete
  42. අම්මෝ..... පාන් කියන්නේ මගේ ජාතික ආහාරය වගේ නේ... ම්න් හරි ආසයි පාන්වලට.... :D :D :D

    ReplyDelete
  43. පාන් නැතුව නම් මටත් හරිම අමාරුයි :D පාන් වල බටර් ගාලා චිලි පේස්ට් දාලා සීනි ත් පොඩ්ඩක් දාලා ටොස්ට් කරලා කාලා බලන්න :)

    ReplyDelete
  44. මගෙත් ප්‍රියතම කෑමක් තමා පාන්, කනවානං ගෙඩියක්වත් ඕන ...

    ReplyDelete
  45. මෙහෙ අපේ බේකරියේ ද ( මම වැඩ කරන සුපර් මාර්කට් එකේ ) පාන් සාදයි. උන් හදන පාන් මාරයි. එත් අපිනම් ඒ පාන් නොකයි.. ඒ මොකද යත් පානේ වරදක් නැති මුත් හැමදාම දකින කුකුළාගේ තියරිය ඇප්ලයි වීම නිසා අපිට ඒවා රස නැති වීමයි. අපි කන්නේ පිට පාන්ය.. අපේ උන් අපිට බනින්නේ දේශද්‍රෝහියෝ කියා පිට පාන් කන හින්දාය.. ( මේ ටික ලිව්වේ අපේ බේකරියාටය) ..

    ReplyDelete
  46. අපේ ගෙදරත් ඔය වගේ.. පාං ගෙනාවොත් යුද්ධයක්

    මෙ යන විදියට ගියොත් අයියේ මිනිස්සුන්ට පාං කියා ගන්නවත් බැරි වෙනවා. පාං වලට ගිය කලක්,

    ReplyDelete
  47. ශා නියම පෝස්ට් එකක් මධුරංග අයියේ හිනාව නවත්ත ගත්තෙත් බොහොම අමාරුවෙන්. හැබැයි හිනා වෙන්න ඕන කතාවක් නෙවෙයි කියලා නම් තියෙන්නෙ.

    ReplyDelete
  48. *********************
    පාන් 3.50 යි.. XXXXX බුදු වේවා... !!! කියා 1994 දී අපේ ගෙවල් ලඟ හන්දියේ ගසා තිබූ බැනරය මට තවමත් මතකය....
    *********************
    ඉස්සර පාසැල් යද්දී උදේට කැන්ටිමෙන් කන පාන් කාල වරදින්නේම නැත .... (හොද්දේ පරිප්පු හොයන්නට ඒක බෙදපු ඇන්ටිටවත් බැරිය... ). පොඩි කැන්ටිමේ කාලවල් දුන්නාට ලොකු කැන්ටිමේ දුන්නේ බාගේ ඒවාය.. කොල්ලා ලොකු වෙද්දී ලොකු කැන්ටිමට ආවේ ඒ නිසාය.. :පී
    *********************
    මට නම් පාන් එපා වුනේ චෙන්නායි වල මැටි පාන් කෑවායින් පසුවය.. ඒවා නම් මක් කරලාවත් කන්න බැරිය... යලිත් මවු රට ගිය විට පාන් කෑමට හුරු වුනි....
    *********************
    මේ කොමෙන්ටුව දැම්මේද පරිප්පු හොද්දක් සාදා පාන් බාගයක් රැට කෑමෙන් පසුය... පරිප්පු හොද්ද තවත් ඉතුරුය... ඒ කියන්නේ හෙට උදේටත් පාන් කන බවමය.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.