14 September 2011

අලි ගැට පේර බීම

මම පොඩි කාලේ ඉදන්ම ආසම නැති පලතුරක් තමයි අලිගැටපේර කියලා කියන්නේ. ඒ උනාට ගෙදර කට්ටිය ගේන්නේම අලිපේර. එදාට ඉතින් මාරම කේන්තියි. මොකද කට්ටියම මට පෙන්න පෙන්න රහ කර කර තමා ඕක බොන්නේ. වෙලාවකට අපේ තාත්තා මට එයැයිගේ වීදුරුවෙන් මට පොවන්න හදනවා. අම්මෝ මම නම් කට අහලකටවත් ගන්නේ නෑ.

"උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ " තාත්තා හැමදාම මන්තරේ වගේ එහෙම කියනවා.

නමුත් මම් ගොඩ ගියාට පස්සේ මම් ආදරේ කරපු කෙනා ආසම බීමත් අලි පේරම තමා. දවසක් ඒයැයිගේ උපන්දිනේ දාක අපි ෂොපින් ගිහින් එන ගමන් කඩේකට ගොඩ වැදුනා. මෙන්න මෙයා අලි පේර දෙකක් ගන්න හදනවා.මට අප්පිරියාවේ බෑ.

කොහොමහරි එදා නම් අලි පේර එකකුයි මට ෆලූඩා එකකුයි ගත්තා. එදා මම් ෆලූඩා එක බොන අතරේ "මේකෙන් චුට්ටක් බීලා බලන්නකෝ සුදූ !!!!" කියලා කිව්වා. මම් ඉතින් අලිපේර වලට ආස නෑ කියලා කිව්වා.

"අනේ මම් කියන නිසා අදට විතරක් බොන්න.!!!" මාත් අමාරුවෙන් අමාරුවෙන් චුට්ටක් විතර බීවා. අම්මෝ මම් කලින් බීපු ෆලූඩා එකත් එක්කම ඔක්කාරෙට එන්න ආවා. යන්තන් වමනේ යෑම නවත්ත ගත්තා.

කොහොමින් කොහොමහරි මාත් ඒයැයි වගේ අලිපේර බොන්න පුරුදු උනා. මුලදි මුලදි ආසාවක් නැති උනාට පස්සේ ගොඩක් ආස කල බීමක් තමා අලිපේර කියලා කියන්නේ.

නමුත් එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින්. ඒ ආදරේ හිතේ විතරක් ඉතුරු වෙන්න ඒයැයි යන්නම ගිහින්.

අදටත් උඩින් අයිස් ක්‍රීම් දාපු අලිපේර බීම එකක් බොනකොට මට එයාව මතක් වේවි.


57 comments:

  1. රුවිතෙට කියලා සුපියලක් පරාදයිලු..හික් හික් මගෙත් ආසම නැති පලතුරක්.
    "මේකෙන් චුට්ටක් බීලා බලන්නකෝ සුදූ"හි හි ලස්සන ආමත්‍රනයක් නේ.

    හ්ම් කාලය හැමදේම වෙනස් කරනවා තමයි අයියා...

    ReplyDelete
  2. අන්තිමට කියල තියෙන කාරණාවත් එක්ක කොහොමද ඉතිං කලින් හිතාපු කමෙන්ටුව දාන්නෙ... :(

    ReplyDelete
  3. මේ පෝස්ට් එක දැකලා මට පුදුම දුකක් පහල උනේ මා ගැනම....
    ජීවිතේට ඔය වගේ ආදරනීය වචනයක් මම අහලා නෑ.

    'සුදූ'....පුදුම ලස්සන වචනයක්...:D:D:D

    අනෙක අයික්‍රීම් දාපු අලිගැට පේර බීම...හපොයි...:)))

    ReplyDelete
  4. / මට එයාව මතක් වේවි. / දැනටත් අවිස්වාසයි වගේනේ ... ටික දවසක් යනකොට මතක් නොවේවි...

    ReplyDelete
  5. අනේ මන්ද ඔය කියන පලතුරු බීම කඩේ තිබ්බේ නුවර ටවුම මැද්දට වෙන්නදෝ කියල මට නිකමට වගේ හිතෙනවා.. එහෙම හිතෙද්දි මගේ හිතට එන්නේ අර "මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි..." කියන සින්දුව.

    ReplyDelete
  6. //"අනේ මම් කියන නිසා අදට විතරක් බොන්න.!!!" මාත් අමාරුවෙන් අමාරුවෙන් චුට්ටක් විතර බීවා.//
    ඕං බලපංකො ඒකෙත් හැටි! අම්මල තාත්තලා දුන්නොත් තමයි බොලාට බොන්න බැරි. කෙල්ලෙක් දුන්නොත් වහ උනත් බොයි!:D
    කොහොම උනත් අලිපේර දූරියං වගේ පළතුරු පළවෙනි සැරේ කනකොට බොනකොට අප්පිරිය උනත් පස්සෙ ෆේවරිටිම ඒවා වෙනවා.

    ReplyDelete
  7. අලි ගැට පේර මට නම් ශේප්. අඹ වලට මම ඊට වඩා කැමතියි.

    ReplyDelete
  8. මමනම් ආසම බීමක්. අර සුදු කියන වචනෙටත් ආසයි.
    ඒත් ඒක දැන් අහපු කාලයක් මතක නෑ...

    ReplyDelete
  9. අලි ගැට පේර පට්ට කෑමක්නේ.... මම නම් බොන්න එච්චර ආසා නැති වුනාට කන්න නම් ආසයි....අලි ගැට පේර ගෙඩිය දෙකට පැලුවා... මැද්දට පැණි දැම්මා.. කලවම් කරා කෑවා... මාර රහයි....

    හැබැයි මචෝ මේකෙ අලිගැටපේර main character එක නෙමේ ඒක සුලු චරිතයක්..... :P

    ReplyDelete
  10. "මේකෙන් චුට්ටක් බීලා බලන්නකෝ සුදූ"

    අනේ එහෙම කිව්වම පුන්නක්කු උනත් නොබී ඉන්නෙ කොහොමෙයි සත්තලනේ.

    අලිපේර මගෙයි චූටි මැණිකෙගෙයි නොම්මර එක. ඉස්සර බො‍රැල්ලෙ හරස්පාරෙ ජූස් බාර් එකේ මුල් ඇදල හිටියෙ.

    ReplyDelete
  11. අනේ බං මම මේ සන්තෝස වෙන්න හැදුවා විතරයි ..

    ReplyDelete
  12. මට නම් තද බඩගින්නක් දැනුනම මගේ පැරණි පෙම්වතිය සිහිවෙනවා.අපි කලාතුරකින් තමයි හමුවුනේ.මට නිවාඩු ලැබුනේ මාස දෙකකට වරක් වගේ නිසයි එහෙම වුනේ.ඇය අප හමුවූ විට ඇය කිසිවිට කෑම බීම ගත්තේ නැහැ.ඇය කීවේ ඇයට කුසගින්නක් නොදැනෙන බවයි.එයට ප්‍රතිවිරුද්දව මා නම් කුසගින්නේ දැවුණ බව කිවයුතුයි.අපි සමු ගන්න වෙලාව කිට්ටු වෙද්දී මට කලාන්ත වෙන්න වගේ දැනෙනවා.ඇය කිසිදිනක මේ අමුතු පුරුද්ද ගැන මට පැහැදිලිකිරීමක් කලේ නැහැ.කාලයත් සමග මට බොහොදේවල් අහිමි වුණා ඒ අතරේ මගේ පෙම්වතියත් සිටියා.ඒත් කුසගින්න නම් මාව කවදාවත් අතහැරලා ගියේ නැහැ.

    ReplyDelete
  13. බොල තාත්ත ට කරන්න බැරි උන කෙලිය අර කෙල්ල වචන දෙකෙන් කොරල නේ.... හෙහ් හෙහ් ඔය සමාන්‍ය පෙල උසස් පෙල ට කලින් අපේ උන්ව කෙල්ලෙක් ට සෙට් කරල දුන්නනම් අනිවා සාමාන්‍ය පෙල උසස් පෙල 100% ගනී හැම එකාම. මොකෝ කෙල්ල පාඩම් "කරන්න මගෙ පැටියෝ" කිව්ව ගමන් අපේ උන් පාඩම් කරනව නේ.. (ඔය කිව්වට සිංහයත් ඒ කාලේ ඔහොමයි ලු )

    ජය...

    ReplyDelete
  14. අලි ගැට පේර නම් මගෙත් ආසම කෑමක් සහ බීමක්...

    මේ පෝස්ට් එක වැදුනා බන් හිතට... ලස්සන මතකයක් අද මතකයක්ම විතරක් උනහම දැනෙන විදිය....

    ReplyDelete
  15. අලි ගැට පේර නම් මගෙත් ආසම කෑමක් සහ බීමක්...

    මේ පෝස්ට් එක වැදුනා බන් හිතට... ලස්සන මතකයක් අද මතකයක්ම විතරක් උනහම දැනෙන විදිය....

    ReplyDelete
  16. බීම කොහොම උනත් පිටියි සීනියි දාලා හොඳට කලවම් කරලා අලිගැට පේර කන්න නම් මමත් ගොඩක් ආසයි. මතක් කරාමත් කන්න හිතෙනවා. කොහොම උනත් හොඳ දෙයක් කන්න පුරුදු කරපු එකත් එයාට ජාති ජාතිත් පලදෙන පිනක්. :D

    ReplyDelete
  17. අලිපේර හබය මොකද්ද බලන්නයි මමත් ආවේ. පෝස්ට් එක මුලින් බලනකොට තිබ්බ සතුට අන්තිමට ඉතුරු වුනේ නැහැ. මොකද්දෝ හේතුවක් නිසා මගේ හිතට ලොකු දුකක් දැනෙනවා මල්ලි

    ReplyDelete
  18. ඔහොම තමයි මල්ලි...කෙල්ලෝ.
    අපි නොදන්න, නොකරපු ගොඩක් දේවල්... අපට කියලා දිලා, අපට පුරුදු කරවලා, එයාලා අපේ ජිවිත වලින් නොඑන්නම යනවා.

    අලි පේර මගෙත් favorite කෑමක් තමයි.

    ReplyDelete
  19. ඕවා වෙනස් වෙයි යාලූ...කාලය ගොඩක් දේවල් අපිට අමතක කරන්න උදව් කරනවා...උරුම නැති දේවල් මතක් වෙන්න එපා කියලා හිතන්න...එතකොට දුක අඩුයි..

    අලි පේර නියමයි...කන්න බොන්න...මූනේ ගාන්න..හික්ස්...ලස්සන වෙනවා....

    ReplyDelete
  20. මොකක් කියන්නද මන්දා මල්ලි.අන්තිම ගැන හිතුවාම දුක හිතුනා.

    මං නම් අලිගැටපේර බොන්න ආස නෑ.කන්න නම් මාර පෙරේතයි.

    ReplyDelete
  21. " නමුත් එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින් ".
    මෙන්න මේ ටික බොක්කටම වැදුනා

    අලිගැට පේර බීපු කඩෙත් දවසක කාලයත් එක්ක වෙනස් වෙලා යයි , එතකොට අපි

    ReplyDelete
  22. දැං ඉතින් කොහොමද හිතට මුලින් ආපු කමෙන්ට් එක දාන්නේ?? දුක් වෙන්න එපා අයියේ... ළගදිම අයියට හොද කෙනෙක් මුණගැහේවි...

    ReplyDelete
  23. මටත් මතක් වෙලා කඳුලක් ආව බන්.සත්තයි.

    ReplyDelete
  24. ම්ම්ම්ම්ම්ම්.... මගෙත් ප්‍රියතම බීමක් අලි පේර. අයිස්ක්‍රීම් දාලා නියමයි...

    හයියෝ..... මේකෙ අන්තිමට ටික මට අප්සට්..:( :( :(
    මාවත් අකමැති මතක ගොඩකට අරන් ගියා.. විදුලි වේගෙන්...

    ReplyDelete
  25. උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ

    //සහතික ඇත්ත.අලිපේර බීම රහයි.හැබැයි සීතලයිලු.ගිය දේ ගියා මලේ.ඔවා ඔහොම තමා.

    ReplyDelete
  26. කපීකේකිSeptember 14, 2011 at 8:31 PM

    මමත් කැමතිම බීමක් තමා අලිපේර බීම.

    කියව කියව ඉන්නෙ නැතුව හොයාගන්නකො කෙනෙක්.දැන් කාලේ හරි බොලේ.

    ReplyDelete
  27. යකෝ අලිගැටපේරවලට අකමැති එකා මොකාද???? ඕකනෙ බං කියන්නෙ හොඳ දේවල්වලට කලිංම පුරුදුවෙලා හිටියනං කාගෙංවත් පුරුදුවෙන්න වෙන්නෙත් නෑ, සැරින් සැරේ මතක් වෙන්නෙත් නෑ.........

    කෙල්ලො හරි ආසයි නේද 'සුදූ' කියන්න සහ කාට හරි කියලා කියව ගන්න.අනේ බොලවු උඹලා කලු කොල්ලන්ට සුදූ කියනවා විතරක් නෙමෙයි අම්බානට කලු උඹලටත් සුදූ කියන්න කියලා කොල්ලන්ට මුසාවාද කියන්න ඔඋරුදු කරවනවනෙ.....

    බූට් එක ගැනනං කියන්න තියෙන්නෙ ඕවා ඔහොම තමයි බං.තව එකක් පටංගනිං.....

    ReplyDelete
  28. @පිස්සු පුසා :
    මල්ලි සුපියලයි පරාද. මම් සෑහෙන ගානක් පරාදයි. මල්ලි හරි මල්ලි. කාලය ගොඩක් දේවල් අපේ ඈතට අරං යනවා.

    @සාතන් :
    ඕවා හිත හිතා හිටියොත් කමෙන්ට් කරන්න වෙන්නේ නෑ අයියා. හිතට එන ඕන එකක් කමෙන්ට් කරන්න. මොකද මම් බනින එකක් යෑ. හික්ස් :)

    @Podi Kumarihami :
    ඒකනේ අච්චර සුදු අක්කත් සුදූ කියලා වචනයක් අහලා නෑ. හික්ස් :)
    අක්කත් ආසද අලිපේර වලට ?

    ReplyDelete
  29. @Tanikada :
    එහෙම වෙනවනම් කොච්චර ශෝක්ද !!!! එහෙම වෙන්නේ නෑනේ.

    @ක්සැන්ඩර් | Xander :
    මාත් ඔය සිංදුව කිය කියා තමා හිටියේ කාලයක්. දැන් නම් එහෙම කියන්නේ නෑ. කියන්නේ හිදීවි කොතැනක හෝ.... කියලා.

    @රාජ් :
    මං දූරියන් කාලා නෑනේ. ඒකනේ අච්චර අපේ තාත්තා කවන්න හැදුවත් කෑවේ නෑ.

    ReplyDelete
  30. @පිණිබිඳු... :
    අලි පේර වලට වඩා අඹ බීම එක ශෝක් !!!!

    @Gimhani :
    ගොඩක් කට්ටිය ඔය වචනෙට ආසයි වගේ. හික්ස් :)

    @හරී :
    හරියට හරි. මේ කතාව මතක් වෙන්න අලිපේර උදව් උනාට මේ ලිව්වේ අලිපේර ගැන නම් නෙමේ. උබටත් මගේ හිත කියවන්න පුලුවන් නේ. මරු මරු මරේ මරු. :)

    ReplyDelete
  31. @nawammawatha :
    ඒකනේ අයියා. එහෙම කිව්වම නොබී ඉන්නේ කොහොමෙයි. ඔන්න ඔහේ ඕන මගුලක් කියලා ගහලා දැම්මා.

    @හිස් අහස :
    සතුටත් එක්කම දුකක්. සතුටු වෙන්න කාලයක් ඒවි මලේ.

    @Anonymous :
    ඒක හරි. බඩගින්න ඔයාව දාලා ගියේ නෑ වගේ මේ මතක මාත් එක්කම හැමදාටම තියේවි. නියම කමෙන්ට් එකක්. හිත ගොඩක් හැදුනා මේ කමෙන්ට් එකෙන්.

    ReplyDelete
  32. @Gayan Rupasinghe :
    ඔය කියන්නේ තම තමන්ගේ අත්දැකීම් වලින්. ඕකට තමයි කියන්නේ තම තමන්ගේ කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග තියෙනවාය කියලා. කතාව හරිද මන්දා.

    සිංහයාටත් ජය !!!!

    @පිස්සා පලාමල්ල :
    ඒකනේ. සතුටු වෙන්න පුලුවන් මතක වගේම මතක් වෙද්දිත් දුක හිතෙන මතක අපි කා අතරත් චුට්ට චුට්ට තියෙයි.

    @හංසි :
    අම්මෝ ඔවු. ලොකු පිනක් තමා. ඒකනේ මට පුරුදු කලේ.

    ReplyDelete
  33. @malmi :
    මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අක්කා. දුක සතුට.... මේ දෙකම අපේ ජීවිත වල ලියවිලා තියෙනවා.

    @- නිල් අහස - :
    තව ගොඩක් හොද දේවල් එයා පුරුදු කරලා යන්නම යන්න ගියා.

    @අසනි :
    අලිපේර මූනේ ගාන්නේ අපරාදෙනේ. ඔයා ඒවා මූනේ ගාලා තියේද ? අම්මෝ අනාගතේ කිරි හට්ටිත් මූනේ උලන්න ගනී.

    ReplyDelete
  34. @නිසුපා :
    ආහ්... අලිපේර කන්නත් පුලුවන් නේ.

    @sameera :
    අපිත් කාලයත් එක්කම වෙනස් වේවි අයියා.

    @Dinesh :
    දුක් උනේ නෑ. මතක් උනා විතරයි. අපරාදේ මුලින්ම හිතුන කමෙන්ට් එක දැම්මනම් ඉවරයි. මොකද ඒකනේ මල්ලිට මුලින්ම හිතුනේ.

    ReplyDelete
  35. @sithuwam :
    රම්බාට මොකද්ද මතක් උනේ. දුක් වෙන්න එපා බං. අපි ඔක්කොම එකම බෝට්ටුවේ වගේ

    @හිතුවක්කාරි :
    අපි අසම දේවල්ම කියවන්න ලැබෙන්නේ නෑනේ නංගි. අකමැති දේවලුත් කරන්න වෙනවා.

    @නදී :
    ඒක හරි අක්කේ. ගිය දේවල් ගියාම තමා. මොනා කරන්නද.

    ReplyDelete
  36. @කපීකේකි :
    මම් ආසම කමෙන්ට්ටේටර් කපි කේක් ය !!!! හික්ස් :)
    හොයාගන්න ඕනා නංගි.

    @දිනුක ජයකොඩි :
    පට්ට කමෙන්ට් එක. ඇත්ත තමා. අපිත් මුසවාද කියනවා. මම නම් මුසාවාදා වේරමණි සික්ෂා පදය සමාදන් වෙන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  37. අන්න මලයා .. මරු මරු.. ඔහොම යං ඔහොම යං...

    ReplyDelete
  38. වැදුනා හිතට ... නියමෙට ලියල තියෙනවා...

    ReplyDelete
  39. තාත්තා අච්චර ආදරෙන් දුන්න අලිගැට පේර බොන්න මෙච්චර දවසක් බෑ කිව්ව කෙනා කෙල්ල බොන්න කියලා කියපු ගමන් බිවුවා නේද කියලා තමයි මම මුලින් කමෙන්ට් කරන්න හිතුවේ...

    ReplyDelete
  40. උබලට ඉතින් හොද දෙයක් කන්න පින තියේ යෑ...

    ReplyDelete
  41. @ක්සැන්ඩර් | Xander :
    හික්ස් :)
    ඒකනේ අයියා. මං ඕවා ගණන් ගන්නේ නෑ.

    @පොඩි මෑන් :
    තෑන්ක්ස් පොඩ්ඩා. පොඩ්ඩා මට හොදක් කිව්වමද කොහෙද මේ.

    @Dinesh :
    ඉතින් මල්ලි අච්චර ආදරෙන් කලු එකෙක් වෙච්ච මට සුදූ කිව්වම නොබී කොහොමද. ඉතින් ඕන ජරාවක් කියලා බීවා. හික්ස් :)

    @මන්තරකාරි :
    ඒකනේ මන්තරේ. අම්මෝ ගොඩ කාලෙකට පස්සේ මන්තරේගේ පෝස්ට් එකක් කියෙව්වේ.

    ReplyDelete
  42. දෙමාපියෝ අමුර්තේ දුන්නත් බොන්න මොකක්ද වගේ . ඒත් කෙල්ල හරි කොල්ල හරි මි පාසානම් දීල ''බොන්න සුදු '' කිව්වනම් ඒක හුස්මට ඇදල අරියි. අපිත් ඔහොම තමයි ඔය කාලේ .
    අලි පෙර දැක්ක හින්ද ආවේ මේ පැත්තේ . මට ඕකේ අනික් පැත්ත . පොඩි කාලේ පේන්න බැහැ. එයා නම් හරි ආසයි . මෙන්න බැඳලා ගියහම් දැක්කේ . ගේ පිටිපස්සේ තඩි අලි පේර ගහක් . හදන කොට කටේ ගාලම දැන්මමත් හරි කැමතියි ඔය බීමට. පිටි කිරි ටිකක් දාල හදල බලන්න හරි රසයි. හැබැයි අපේ ළමයි නම් ''ඊයා'' කියන අවස්ථාවේ තවම .

    ReplyDelete
  43. අලිගැටපේර..! ඊක්! :(

    ReplyDelete
  44. @Bindi :
    ඇති යාන්තන් අක්කත් අලිගැට පේර වලට හුරු උනා. රහ බලනවා කිව්වේ අර හැන්දට චුට්ටක් අරන් සීනි ලුනු ඇඹුල් අඩුවැඩිය බලන එකට වෙන්ටෑ. දරුවනුත් ඒකට පුරුදු වෙයි. හික්ස් :)

    @කල් :
    මොකෝ ඊක් කියන්නේ ? ඇයි ආස නැද්ද අලි පේර වලට.

    ReplyDelete
  45. අපෝ මම එදත් ආස නැති අදත් ආසනැති පලතුරක්.අපේ අම්මත් නිතරම ඕක මට කියනව "ගුණ දෙයක් කන්න පින නෑ පේර ගැටයක් දුන්න නම් කාවි" ලු

    මටත් ඔය වගේ මතකයක් තියෙනව හැබැයි අලි පේර නෙමෙයි මයියොක්කා..හ්ම්ම් ස්තුතියි ඔයා මාව ආයෙත් ඒ ලස්සන අතීතෙට යැව්වා

    ReplyDelete
  46. හ්ම්ම් මම නම් කැමතිම කෑමක් සහ බීමක් තමා.. හැබැයි කවදාවත් ගෙදරින් මිසක් කඩවලින් නම් බොන්න හිතෙන්නේම නෑ..

    ReplyDelete
  47. අලිගැටපේර මම ආසම පලතුරක්. කන්න හරි, බොන්න හරි ඕන විදිහක ට කැමතියි.....

    ඒත් අන්තිම ටික කියවනකොට නම් දුක හිතුණා.
    " එදා අපි අලිගැට පේර බීපු කඩෙයි අලි පේර වල රසයි එදා අපි ආදරෙන් වාඩිවෙලා හිටපු මේසයයි පුටු දෙකයි ඇරෙන්න අනිත් හැම දේම කාලයත් එක්කම වෙනස්වෙලා ගිහින්." කාලයත් එක්ක ගොඩක් දේවල් අපිට අහිමි වෙනවා. මගේ මගේ කියලා කොයි තරම් ළං කරගත්තත් හිමි නැති දේවල් හිමි නෑ ම තමා. ඒක තමයි යථාර්තය.

    ReplyDelete
  48. මමත් හරි ආසයි අලිගැට පේර බීම බොන්න.. හැබැයි කන්න නම් කැමති නෑ. || අයියා සැලෙන්න එපා... ජීවිතේ තව දුර තියෙනවා. ජය!

    ReplyDelete
  49. අපි නාකියි පුදුම වෙන දේවල් ඔක්කොම අහල තියෙනව කියල හිතන් හිටියට ඔන්න මට අද පුදුම දවසක්... මම මේ ජිවිතේට ඇහුවමයි කවුරුහරි අලිගැටපේර වලට ආස නෑ කියල... එහෙම හිතාගෙන කොමෙන්ට් බලනකොට බාගෙට බාගයක් කැමැති නෑනෙ... තව කොච්චර පුදුම දේ අහන්ට ලැබෙයිද.....

    ReplyDelete
  50. කාලයත් එක්ක හැමදේම වෙනස් වුනත් මතක අමතක වෙන්න නම් සෑහෙන කාලයක් යනවා. ඒ කොහොම වුනත් හැමදේම වෙන්නේ හොඳට වෙන්න ඇති. ඊට වඩා හොඳ දෙයක් ඉස්සරහට අත් විඳින්න ලැබේවි ඉක්මනටම!
    …අලිපේර නම් මම ආසම පලතුරක්... ඒත් එකදිගට 30ක් 40ක් කෑව ම නම් එපා වෙනවා! ඒත් ඊටපස්සේ ලබන අවුරුද්දේ අලිපේර හැදෙනකල් ආයෙත් බලාගෙන ඉන්නවා....! අසව් අසව්.... මේ අලිපේර කාලයයි..... පමා නොවන්න....අදම රස විඳින්න...!

    ReplyDelete
  51. මොකද බං ආයෙත් පරණ දේවල් මතක් වෙන්නෙ? ඕව මතක් කරන්නවත් එපා බං. හිත හදාගෙන ඉඳපන්. මතකනේ සින්දුව. අපිටත් කවද හරි හරි යන්නෙ නැතෑ. බැරිම උනොත් ඉතින් ප්‍රපෝසල් එකකින් බඳිමු. :P

    මට 'සුදූ' කියල නම් කවුරුවත් කියන්නෙ නෑ. කොල්ලො නෝන්ඩියට 'සුද්ද' කියල නම් කියනවා.

    ReplyDelete
  52. @ආඩම්බරකාරී :
    ඇයි ඒ තරමටම පේර කන්න ආසද ? මාත් හරිම ආසයි පේර කන්න.
    ඔයාට ලස්සනයි කියලා හිතෙන අතීතය මට දුකක් !!!

    @පැණි දොඩම් :
    ගෙදරින් කනවා මිසක් පිටින් කනකොට ගුණ නෑනේ.

    @මහි :
    ඒක හරි නංගි. අහිමි දේවල් වලට දුක් වෙලා වැඩක් නෑ. දුකම විතරයි.

    ReplyDelete
  53. @විසිතුරු | visituru :
    අපෝ සැලෙන්නේ නෑ මල්ලි. :)

    @සපතේරු උන්නැහේ :
    ඒක තමයි අයියා. කට්ටියම බාගෙට බාගයක්ම කැමති නෑ. ඔන්න මම නම් ඉස්සර වගේ නෙමේ දැන් නම් අලිපේර කන්න හොර නෑ. :)

    @ලහිරු :
    හික්ස් :)
    අලිපේර ඇඩ් එකක්.ඔන්න මමත් අලිපේර කන්න ඉන්නේ.

    @Kasun :
    ප්‍රොපෝසල් එකකින් තමා බඳින්න වෙන්නේ. හික්ස් :)

    ReplyDelete
  54. ඕවා ඔහොම තමයි පුතා.
    අර සින්දුවක් තියෙන්නේ හිඳිවි කොතැනක හො... කියලා. හිත හදාගෙන ඉඳන් බන්.
    අලිපේම බීම කෑම දෙකමනං එක වගේ මරු. හිනාම යන වැඩේ කියන්නේ තාත්තා කියලත් නොකරපු වැඩේ කෙල්ල එක වචනෙන් කරපු එකයි. :D

    ReplyDelete
  55. මධුරංග අයියා - මගෙත් ආසම බීම ඔක තමයි.. වතුරට පස්සේ..
    මට නම් නියමයි, මතක් වෙනකොටත්..

    නියම කතාව , ලස්සනට ලියලා තිනවා

    ReplyDelete
  56. මල මඟුලයි! මොකද්ද යකෝ මේ අන්තිමට වෙලා තියෙන්නෙ?

    අලිගැටපේර කියන්නේ මගේ නම් ප්‍රියතම "කෑමක්"! අංක 1 කිව්වත් වරදක් නෑ... ඉස්සර අපේ බලංගොඩ ගෙදර වත්තේ මහ විසාල අලිපේර ගහක් තිබ්බා. හැබැයි අලිගැටපේර බීම නම් මං කටේ තියන්නෙ නෑ.... ඔවෑක්!

    ReplyDelete
  57. ජීවිතේ කියන්නෙ මහ අමුතු දෙයක් මලයා, ඉස්සරහට ඔයිට වඩා දේවල් නැති වෙන්න පුලුවන්, සැලෙන්නෙ නැතුව ඉන්න එක තමා හොඳම දේ ......

    අලි පේර කියන්නෙ මගෙ ආසම කෑමක් .....

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.