03 August 2011

කොල්ලන්ට කොස්සෙන් ගහනවා එහෙම නෙමෙයි !!!

වෙනදා වගේ දවල් වෙනකම් ඉන්නේ නැතුව උදෙම්ම ඇහැරුනා.ඇත්තටම ඇහැරුනා නෙමෙයි ඇහැරුවා. එහා ගෙදර පොඩි කෙල්ල මල්ලිට කොස්සෙන් ගහලා. මලයා ලතෝනි තිය තියා අඬනවා. එකම ගාලගෝට්ටියයි. ඒ සද්දෙට කන තියාගෙන නිදියන්නේ කොහොමද. මම් ඇහැරුනා.

ඊට පස්සේ එවුන්ගේ අම්මා ඇවිත් අර පොඩි කෙලීට කෝටුවකින් පාරවල් දෙකක් ගහලා.

"චුටි දූ මොකද මල්ලිට කොස්සෙන් ගැහුවේ !!!! කොල්ලන්ට කොසු වලින් සෙරෙප්පු වලින් ගහන්න හොද නෑ කියලා දන්නැද්ද !!!!" කියලා කියපි. මටත් මේක හරි ප්‍රශ්නේ. ඇයි එහෙම කිව්වේ කියලා.පස්සේ අපේ ආච්චි අම්මගෙන් ඇහුවම තමා හරිම කතාව කිව්වේ.

ආච්චි කියපු දේ සාරංශ කරලා ගත්තම තියෙන්නේ මේම දෙයක්.

ගෑනු කෙනෙක්ට සමාජයේ තනියම ජීවත් වෙන්න බෑ. (පුලුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ.)පිරිමි කෙනෙක්ගේ සහය අනිවාර්යෙන්ම ඕන කරනවා. ගෑනු කෙනෙක්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් විවිධ අකාර වලින් එනවා. වෙලාවකට පියෙක්, සහෝදරයෙක්, ස්වාමිපුරුෂයෙක්, පුතෙක් විදිහට.කොස්ස කියන්නේ අතුගාන්න ගන්න උපකරණය නේ. අන්න එහෙම කොස්සෙන් ගහනවා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් පිරිමි සංහතිය අතුගාලා දානවා වගේ වැඩක් !!!! කවදාවත් තමන්ගේ ජීවිතයට පිරිමි කෙනෙක් එන්නේ නැති වෙයි ලූ.

ප්‍රශ්නයකදි ගෙදර ඉන්න පිරිමියාට කොස්ස උස්සන් එන ගෑනු උන්දලා මේක කියවලාවත් හැදෙන්න. බඳින්න ඉන්න එහෙමත් නැත්නම් යාලුවෙලා ඉන්න බවලත් උදවිය මේ කාරණා හොදට හිතේ ධාරණය කරගන්න ඕනේ !!!!

---------------------------------------------------------------------

ප.ලි. - මේවා ලියලා මට පාරක බැහැලා යන්න බැරි වේද මන්දා.

79 comments:

  1. අහ් හා.... නොදන්න කාරණාවක් දැනගත්තෙ....මමනම් කාටවත්ම කොස්සකින් ගහලා නෑ...ගහන්න බලාපොරොත්තුවකුත් නෑ...
    ඒත් දැනගත්ත එකනම් වටිනවා මේ කාරණාව ගැන... :)

    ReplyDelete
  2. තාම නම් ගහන්න අවස්ථාවක් ලැබුණේ නෑ... හොදයි කොස්සෙන් නොගහා ඉන්නම් කෝ.. :P

    ReplyDelete
  3. කොසු ඕනි නෑ බං දැන් කාලෙ...ඔය මායම් 64ට අහුවුනාම ඉතිං මකුළු දැලේ පැටලුනා වගේ තමා....

    ReplyDelete
  4. එතකොට ගෙදර ඉන්න බල්ලො පූසොන්ටත් ඔහොම ගහන්න එපා කියනව,පයින් ගහන්නත් එපා කියනව ඒ මොකද?

    කාටවත් ගහන්න හොද නෑ

    ReplyDelete
  5. හි හි.එතකොට සෙරෙප්පුවෙන් ගහන්න හොද නෑත්තෙ ඈයි?ඒකත් අහලම බලන්නකෝ අය්යෙ

    ReplyDelete
  6. මානම් පිරිමියෙකුට ගොඩාක් ගරු කරන කෙනෙක්. ඒක මා අසුරුකරන හැමෝම දන්නවා.පිරිමියෙක් කියන්නේ මටනම් හරිම හය්යක්. අද සමාජයේ කොහොමත් පිරිමියෙක්ගේ රැකවරනය නැතුව ජීවත් වෙන්න අමාරුයි. ඒත් ඔයා කිව්ව වගේ එහෙම ඉන්න අයත් ඉන්නවා පිරිමි නැතුවට අපිට හිටිය හැකියි කියලා සිතන ගෑනු උදවිය....

    ReplyDelete
  7. ඒකනේ කියන්නේ ඕක බවලත් උදවියට තේරෙන්නේ නැති එකනේ වැඩේ.. මට සැකයි කවුරුවත් ඔය කොස්සෙන් ගැහුවෙ ඔබ තුමාටවත්ද කියලා ..? :P

    ReplyDelete
  8. හි හි.... දැන් මධුරංග කී දෙනෙක්ගෙන් කොසු පාරවල් කාලා තියෙනවද????

    හ්ම්ම්ම්ම්.... ඇත්ත තමයි මොනව උනත් පිරිමි අයට අපි ගෞරවයෙන් සලකන්න ඕනෙ.. :) මම දන්න සමහර කෙල්ලො යාලු වෙලා ඉන්න කොල්ලට බනිනකොට අපිටත් අහන් ඉන්න අමාරුයි.... ඒ තරමට ආදරබර වචන පාවිච්චි කරන කට්ටියත් ඉන්නවා.... අපිත් එයාට වෙලාවකට කියලා තියෙනවා, ඔහොම බනින්න එපා බන් මොනා උනත් ඌ කොල්ලෙක් නේ කියලා... එයා නම් කියන්නෙ බනින්නෙ හදාගන්න කියලා... අනේ මන්දා ඔහොම බැනලා කොල්ලන්ව හදන්න පුලුවන්ද කියලා...

    ReplyDelete
  9. පිරිමි කෙනෙකුගේ ජීවිතේටත් ගෑනියෙක් විවිධ ආකාරෙන් එනවලු. මවෙක්, සහෝදරියක්, බිරිඳක්, දුවෙක් විදියට. ඉතින් කොස්සෙන් නැතුව වෙන මොකකින් හරි ගැහුවට කමක් නැද්ද? ......:)

    ReplyDelete
  10. අන්න කෙල්ලො ටිකක් බොට කොසුවලින් ගහන්න සෙට්වෙලා ඉන්නවලු :D

    ReplyDelete
  11. අන්න කොල්ලො දාපන් පහක්.ඕං යෝධියේ කොස්සෙන් හැහුවොත් ජාති ජාතිත් පිරිමි පුළුටක්වත් සැට් කොරගන්න වෙන්නෑ.

    ReplyDelete
  12. ගහයි කියලා බයට , ආත්මාරක්ශාවට නේද මල්ලි මේ ලිව්වෙ?? :D

    ReplyDelete
  13. හික් හික්!! මොනවා වුණත් මමනං මේකට එකඟ නෑ. පිරිමින්ට විතරක් නෙවෙයි, ගෑනුන්ට වුණත් කොස්සෙන් ගහන්න හොඳ නෑ. වැඩේ කියන්නෙ ගෑනුම තමයි මේ වගේ දේවල් අදහන්නෙ

    ReplyDelete
  14. අම්මප වැඩේ ඇත්ත... ඔය ගෑණු කොස්ස උස්සගෙන බෙලිකටු මල්ල හොලවගෙන ඇවිත් කොස්සෙන් පාරක් දෙකක් ගැහුවාම පිරිමිය අකුලගෙන ඉන්නකොට හිතන්නෙ බයට ඉන්නව කියල... පිරිමිය ගැහුවොත් ගෑනි මැරෙනවනෙ...

    ඔය ගෑනු කෙනෙක්ට තනියෙන් ඉන්න බෑ කියල කියන්නෙ විද්‍යාත්මක පදනමක් ඇතුවයි... පිරිමියා කායිකව ශක්තිමත්ව හා මොලදාරිතාවෙන් වැඩිව පරිණාමය වෙන්නෙ ගැහැනියට රැකවඅය සපයන්නයි..
    ගැහැනිය ඒ කායික ශක්තිය තමන්ගෙ හදවතට දරාගැනීමේ ශක්තිය විදියට දෙන්නෙ දරු ප්‍රසූතියේදි විනාඩියට එකසිය විසිවතාවකට ගැහෙන එක දරාගන්නත් අඩුවන මොලදාරිතාව තම පලල්වන උකුලට දෙන්නෙත් (මට විද්‍යාත්තම වචන මතක නෑ)දරුගැබ දරාගන්න...

    ඉතිං ගැහැනියා හා පිරිමියා එකතුවෙලා තමවර්ගයා බෝකිරමින් තම පවුල් සංස්තාව ගොඩනාගෙන ජීවිතය ඉදිරියට අරගෙන යද්දි ගැහැනියට අවශ්‍ය රැකවරණය හා අනෙකුත් අවශ්‍යතා සපයා දීමට පිරිමියා ජීවවිද්‍යාත්මකව බැදී සිටිනවා...
    මෙත්නදි ගැහැනිය පහත් පිරිමිය උසස් කියල කියනව කියල මෝඩ තර්ක අරගෙන රෙදි උස්සගෙන එන්න එපා.. ගැහැනියට හා පිරිමියාට පරිණාමයේදී ඒ ඒ අවශ්‍යතා අනුව අනුවර්තනය වෙලා තියෙනවා ඒ වෙලා තියෙන්නෙ පිරිමියා විසින් ගැහැනියව ආරක්ෂා කරන්නයි.. ඒකයි පිරිමියෙක් ඕනෙ කියන්නෙ ගැහැනියකගෙ ජීවිතේට....

    ReplyDelete
  15. උඹ කනවා අද.... හෙට msg එකක් දාපං වාට්ටුව කියලා...

    ReplyDelete
  16. කාලීන ලිපියක් මසුරන් වටිනවා නළලේ තියන් ඉන්න එවුන් මේක කියවනවනම් තමා වටින්නේ..කොහොමද පාරේ බැහැලා යනකොට වටෙන්ම කොසු පාරවල් වදිනකොට සැප............. නේද...?

    ReplyDelete
  17. i have no commentz on the gender equality.since i believe both(men & women) have equal rights.why are you taking small children for discuss the gender issues.in SriLankan Contest we have given a idea from our childhood that men are always smarter and greater than the women,and the women always has to respect the men ,I know many people will disagree with this.but we have used to that belief and we cant change the mindset ,however personally i respect both men and women who have the humanity in their heart.but this article is misdirecting the society.there are many examples i can give you all that women suffering within there families ,school at workplace not physically all the time but mentally and verbally.still we were unable to change our mind set,that is the utter mess in this society.sorry i didn't had sinhala fonts.all the comments are welcome

    ReplyDelete
  18. ඕන තරන් ගෑනු ඉන්නව කොසු වලින් විතරක් නෙමේ මිනිස්සුන්ගෙන් පා පහරවල් පවාකන. උන් ගැන කතා කරන්න කවුරුත් නෑ.ඔන්න ඒ වගේ පිරිමින්ට නම් හතර හන්දි කැඩෙන්න ගහන්න ඕනෙ.මොල් ගහෙන් හරි කමක් නෑ.

    ReplyDelete
  19. පිරිමියෙක් නිසා ගැහැණියකට පුදුම තරම් ආරක්ෂාවක් ලැබෙනවා. ඒක හරියට විසාල ගහක හෙවණක් වගේ. පිරිමියාට ගෞරවය දිය යුතුයි. ඒත් ඒ අතරම පිරිමියා දැනගත යුතුයි ගැහැණියකට ලැබිය යුතු ගෞරවයත් දෙන්න.

    ReplyDelete
  20. කොසු පාරක් කන්න වෙයි කියල බයට ලිව්ව එකක්දෝ මන්ද?... පරිස්සමෙන් මලේ.. ඉස්සර වගේ දැන් සුකුමාල අහින්සක කෙල්ලො හොයාගන්න නෑ...

    ReplyDelete
  21. "බවලත් උදවිය මේ කාරණා හොදට හිතේ ධාරණය කරගන්න ඕනේ"

    බවලත් උදවියට හොඳට ඇහුණ නේද?

    ReplyDelete
  22. පිහියක් හරි මන්නයකින් හරි.......?

    ReplyDelete
  23. අන්න හරි අපේ ගරුත්වය අපට හරි ව්දිහට ලැබෙන්න ඔනේ පින් අයිති කරවන කතාවක් මේක.....

    ReplyDelete
  24. ඔව් . ඒකනම් ඇත්ත අපි පිරිමින්ට ගරු කරන්න ඕනේ තමයි. හැබැයි ගරු කල යුතු පිරිමින්ට. ගරු කරන්න බැරි අයට ගරු කරන්න ගියොත් සමහරු ඒක වෙන පැත්තකට හරවන්න බලනවා.

    හැබැයි මාත් පුංචි කාලේ කොල්ලන්ට සපත්තුව ගලවලා ගහල තියෙනව ඒ අය අහිංසක කෙල්ලන්ට ගහපු නිසා. :D

    ReplyDelete
  25. රාව‍‍ණAugust 3, 2011 at 2:24 PM

    කාට උනත් මොකෙන් උනත් ගහන එක නම් වැරදි. හැබැයි ඉතිං ඒ ගුටි කන එකා පිරිමියෙක් නිසා නෙවෙයි. පණ ඇති සතෙක් නිසා. ගහටත් වැලටත් සත්තුන්ටත් මිනිස්සුන්ටත් ගරු කරන්න ඔනෙ. ගෑනු පිරිමියාට වගේම පිරිම ගෑනුන්ටත් ගරු කරන්න ඕනෙ. මේ කතාවෙ අක්කා මල්ලිට කොස්සෙන් ගහපු එක වැරදි කියමු. ඒත් දුවට කෝටු පාර දෙන්න කලින් අම්මා බැලුවද මේ මල්ලි (හෙවත් පිරිමියා) වරදක් කළා ද කියලා? අක්කා ගුටි කාලා ආයි පිරිමින්ට නොගහ ඉඳියි. මල්ලි ඒ ගැලවිල්ලත් හිතට අරන් කවදහරි ගන්න ගෑනිට කොස්සෙන් නෙවෙයි මේස පුටු වලිනුත් ගහන්න තරමට එයි.නැත්නම් පිරිමියෙක් නිසා අම්මලා සුද්ධ කරල කරලා කොල්ලා හොරෙක් ස්ත්‍රී දූෂකයෙක් වෙයි. එදාට මිනිස්සු අම්මලාටයි මහපොළවටයි බණියි. එතකොට කවුද වග කියන්නෙ??

    අපි දේවල් ලියන්න ඔනෙ ලෝකෙ වඩා යහපත් කරන්න මිසක් කර කර ඉන්න වැරදි හෝ පවතින අන්තගාමී මත ප්‍රමෝට් කරන්න නෙවෙයි.

    ReplyDelete
  26. උඹත් හොයන් එන දේවල්! මට ඉස්සෙල්ලම හිතුනෙ එහා ගෙදර කෙල්ල උඹේ මල්ලිට කොස්සෙන් ගහල කියල. මම සෑහෙන කල්පනා කලා ඒ ගැන. පස්සෙනෙ ක්ලික් වුනේ.

    ReplyDelete
  27. ඔව්වා හණමිටි අදහස්.කවුරු කවුරුත් කාට කාටත් කරදරයක් නොවී ඉන්න ජීවත් උනොත් හොඳයි.
    @ප්‍රාර්ථනා : ඔය සම අයිතිවාසිකම් කතාවනං බොරු.ගෑනු ඕක තමන්ගෙ වාසියට පාවිච්චි කරන්නෙ.උන්ට වාසියක්නම් සම අයිතීන්, මොකක් හරි චාටර් දේකට යන්ඩ තියෙනවනං "ඔයා පිරිමියෙක් නේද? ඇයි මට කියන්න්නෙ? මම කෙල්ලෙක්නෙ " කියලා කියනවා.මට ඕක ඕනෙ තරං වෙලා තියෙනවා.හැබැයි මම හැමතිස්සෙම සම තැන තමයි දෙන්නෙ උන්ට.....

    ReplyDelete
  28. බවලත් උදවිය නෙමේ ඔයාට ටැපලිලා බලවත් උදවිය!

    ReplyDelete
  29. ඔන්න අසනි නම් තනියෙන් ඉන්න පුලුවන් කියලා හිතන් නෑ.. අනිවාර්යෙන්ම පිරිමි කෙනෙක්ගේ හව්හරණක් ඕනා මටනම්..මෙච්චර කාලයක් තාත්තා මාව ආරක්ෂා කරා..අනගතෙදිත් පිරිමි කෙනෙක්මනේ මගේ ජීවිතේ ලස්සන කරන්නේ..අම්මෝ මැරුවත් කොස්සක් උස්සන්නේ කොහොමද..ඒක හරිම පව්..අපේ අම්මා කියන්නේ කකුල උඩින් පනින්නවත් එපා..වැඩිහිටියෙක්ගේ කියලා..

    ගොඩක් අය හිතන්නේ පිරිමි කෙනෙක්ට ගෞරව කරනවා කියන්නේ පුරුෂාදිපත්යට යට වෙනවා කියලා..ඒත් එහෙම නෑ..අපි එයාලට ගෞරව කරොත් බිරිදක් හරි පෙම්වතියක් හරි නංගි කෙනෙක් විදියට හරි ඒ ගෞරවේ අපිට නිතැතින්ම ලැබෙනවා..එහෙම නේදා යාලු..

    ReplyDelete
  30. පිරිමි කෙනෙක්ගේ රැකවරණය සහ ආරක්ෂාව ආදරය නැතිව ගැහැණු කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයි. පිරිමි අයටත් එහෙමයි. එයාලට අම්මා කියන චරිතය කොච්චර වැදගත් ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ...කාටවත් ගහන්නේ නැතිව හිටියම වැඩේ ඉවරයි

    ReplyDelete
  31. කාට උනත් ගහන්න හොද නැහැනේ..ගැහැණු කෙනෙක් උනත් එකයි පිරිමි කෙනක් උනත් එකයි

    ReplyDelete
  32. @හිතුවක්කාරි :
    අන්න හරි. කාට උනත් ගහන එක වැරදියි.

    @චතුමිතු :
    ඔය කිව්වට මට කොස්සක් උස්සන් ඒවිද දන්නේ නෑ. හික්ස් :)
    අම්මෝ මේ යාලුවා දැක්ක කල්.

    @ප්‍රසංග :
    මට නම් හිතෙන්නේ දැන් ඉන්න අයට 64ට වඩා වැඩියෙන් ඇති කියලා.

    ReplyDelete
  33. @නදී :
    අක්කා හරි අක්කේ. කාටවත් ගහන එක පව්. සත්තුන්ට ගහන එක වැරදියි කියන එක මම් අහල කියන්නම්.

    @හිම හංසි :
    හරි නංගි. මම් අහලා කියන්නම්. හික්ස් :)

    @Gimhani :
    ඒක හරි. ඒ වගේම දෙගොල්ලන්ට දෙගොල්ලෝ ගරු කරගෙන ජීවත් වෙන්න ඕනා. මොකද මේ ඔක්කොම මනුස්ස ජීවිත නේ. මනුස්ස ජීවිත දුර්ලභයි !!!!

    ReplyDelete
  34. @චතුර.... :
    අම්මෝ තාම එහෙම වෙලා නෑ. තාම ගෙදරනේ. ගෙදරින් එලියෙදි වෙන අනතුරු තාම උනේ නෑ.

    @තාරා :
    තාම නම් කෑවේ නෑ. මට හිතෙන්නේ මේකෙන් පස්සේ නම් කන්න වේවි කියලා. ගොඩක් ස්තුතියි අදහස් වලට. පිරිමි අයත් ගෑනු අය ගැන මෙයිට වඩා ගෞරවයෙන් සලකන්න ඕනා.

    @Podi Kumarihami :
    හිටින් අක්කා මම් ආච්චි අම්මගෙන් අහලා කියන්නම්. අක්කා කීව කතාවත් ඇත්ත පිරිමි කෙනෙක්ගේ ජීවිත වලට ගෑනු අයත් විවිධ ස්වරූප වලින් එනවා.

    ReplyDelete
  35. @කිඩෝ :
    අඩේ එහෙනම් මම් දවස්ගානකට කොහේ හරි වහන් වෙලා ඉන්නම්.

    @sithuwam :
    පහට විසි පහක් දාමු !!!! ඒක තමා පිරිමි පුලුටක්වත් සැට් වෙන එකක් නෑ ඕං !!!

    @හරී - පිණිපළස :
    තාම නම් එහෙම කරදරයක් නෑ අක්කා. එහෙම එකක් එන කාලෙට මේ ලිපිය පෙන්නන්න පුලුවන් නේ.

    ReplyDelete
  36. @blog gadol :
    ඒක හරි මේ සිද්ධිය දෙපාර්ශවේටම පොදුයි.

    @පොඩි මෑන් :
    ගොඩක් වටින අදහස් ටිකක්. මම් නොදන්න ගොඩක් කරුණු ඔය කමෙන්ට් එකේ තිබුනා. ඒකට ගොඩක්ම ස්තුතියි.

    මල්ලි බයෝ කරන කෙනෙක්වත් ද !!!!

    @prasanna86k :
    ඉස්පිරිතාලේ නම් දැම්ම කියන්න පුලුවන් රාගම කියලා. වාට්ටුවේ අංකේ මම් දැනගන්න ඉඩ හරින්නම්.

    ReplyDelete
  37. @♣ආසියා♠ (♥AseS♦) :
    අම්මෝ කමෙන්ට් එක කියවලා ඇඟේ හීගඩුත් පිපුනා.

    @ප්‍රාර්ථනා :
    ඒ උනාට අක්කා අපේ ආච්චි අම්මලා අපට පොඩි කාලේ දන් පුරුදු කරල තියෙන්නේ එහෙම. මොකද ඒ කාලේ තිබ්බේ පිරිමි මූලික සමාජයක්. ඒ නිසයි ඔහොම කියන්න ඇත්තේ.

    නමුත් ඇත්ත කතාව තමයි දෙපාර්ශවයම ගොඩක් වටිනවා. මොකද ලෝකය පැවැත්මට දෙගොල්ලන්ම ඕන නිසා. ඒකට තමයි සමානාත්මතාව කියලා කියන්නේ. ඒක අද සමාජයේ ගොඩක් කතාබහට ලක් වෙන කාරණාවක්.

    මම් මගේ ලිපියේ කොහේවත් කියල නෑ කාන්තා පාර්ශවේ පහත් ය කියලා. නමුත් මෙතනදි ඒ අම්මා කියපු දේවල් වැරදියි. ඒක මම් පිලිගන්නවා.

    @Anonymous :
    අන්න එහෙමනම් සාධාරණයි. මාත් එකඟ වෙනවා. මොකද උයලා කන්න දෙන එකියට ඔහොම කරන එක වැරදියි !!!!

    ReplyDelete
  38. @පිණිබිඳු... :
    ඔයා හරි පිණිබිඳු. මොකද ගැහැණිය කියලා කියනේ පහත් ජාතියක් යෑ. ඒ නිසා එයාලටත් ගෞරව කරන්න ඕනා. දෙගොල්ලොම සමගියෙන් ඉන්නවනම් මේ ප්‍රශ්න මුකුත් නෑ.

    @සාතන් :
    දැන් ඉන්නේ පොෂ් කෙල්ලෝනේ !!!! හික්ස් :)
    අම්මෝ කට්ටියම කියන එකේ මට ඇත්තටම කන්න වේවිද දන්නේ නෑ.

    @පැණි දොඩම් - [නුවන් කුමාරනායක] :
    අහගෙන හිටියට මොලේට ගියාද මන්දා !!!! :)

    ReplyDelete
  39. @Anonymous :
    ආහ්.. ඒක අවුලක් නෑ. එකපාරයි නේ.
    ඒවගේ ගෑනියෙක් එක්ක දීග කනවට වඩා මැරෙන එක සැපයි. :)

    @වේලාව ලගයි :
    දෙගොල්ලන්ටම ඒ ගරුත්වය ලැබෙන්න ඕනා.
    පින් අයිති වෙන්නේ කාටද ? මටද ?

    @Nisupa :
    අක්කා හරි අක්කේ. පිරිමි උනත් දැන ගන්න ඕනේ ගෑනියෙක් ගෙන් ඒ ගරුත්වය ලබා ගන්න විදිහේ වැඩ කරන්න.

    අම්මෝ අක්කත් එක්ක කතා කරන්නත් බයයි. :)

    ReplyDelete
  40. @රාව‍‍ණ :
    අන්තගාමි මත කියන්නේ මම් කවදාවත් කියලා නෑනේ මෙතන ගෑනු කෙනාට ගහන එක හරිය කියලා. මෙතන ඒ අම්මා වැරදි වෙන්න පුලුවන් ඒ අවස්තාවේදි ක්‍රියා කරපු විදිහ.

    දෙගොල්ලන්ටම සමානාත්මතා අයිති තියෙනවා. අදහස් වලට ගොඩක් ස්තුතියි. මොකද මම් කැමති නෑ හැමවෙලේම මගේ මතේම හරිය කියලා කියන්න.

    @Kasun :
    අම්මෝ ඇති යන්තන් පස්සේ හරි ක්ලික් උනා. නැත්නම් ඔය සේරම මගේ එකවුන්ට් එකටනේ බැර වෙන්නේ. හික්ස් :)

    @දිනුක ජයකොඩි :
    සමතැන දෙන්න ඕනා. නමුත් අර කිව්වත් වගේ ඕනම බලු වැඩකට පිරිමියාව ඉස්සර කරගෙන යන එක නම් වැරදියි.

    ReplyDelete
  41. @කතන්දර Kathandara :
    ඒක නම් හරි තමා. මොකද හැමවෙලේකම බලවත් වෙන්න නේ හදන්නේ. :)

    @අසනි :
    අසනිගේ අදහස් වලට මම් 100%ක් එකඟ වෙනවා. ගරු කරන්න ඕනා ගරුත්වයක් ලබෙන්න.

    @deeps :
    ඒක හරි නංගි. කාට උනත් ගහන්නේ නැතුව හිටියනම් ඉවරයි.

    @ChammA :
    මල්ලි හරි මල්ලි. කවුරුත් මනුස්සයෝනේ. ඒ නිසා කාට උනත් ගරුත්වයක් තියෙනවා.

    ReplyDelete
  42. මේකනම් මධුරංග අයියා බයටම ලියපු එකක් තමයි.
    කවුරු හරි ඩයල් එකක් කොසු පාරක් නෙලන්න ඉන්නවා වගේ..

    ReplyDelete
  43. දෙගොල්ලන්ටම දෙගොල්ලම ඕන.
    ඒක තේරුම් අරන් ජීවත් වෙනවා නම්..ඒක තමයි වෙන්න ඕන.

    අපි කාටත් තනියම ජීවත් වෙන්න අමාරුයි.

    ReplyDelete
  44. අපේ උන්දැ ඉපදෙන්නත් කලින් නෙව උන්දැගෙ ආච්චි මළේ... මෙයෙම කරුමෙ අප්පා.....

    ReplyDelete
  45. @ප්‍රාර්ථනා
    අක්කේ ඔයා ඔය නොකියා කියන්න හදන්නේ මේ ලිපිය වැරදිය කෙස්සෙන් නෙමෙයි ඕන එහෙකින් ගහලා දාන්න පුළුවන් කියලද? අනේ අක්කේ අක්කාව අපේ අත්තම්මාට අහු උනානම් උන්දෑ අක්කට ගහන්නේ ඉලපතෙන්ය. අපේ ගමේ බුරම්පි ආතා කියන්නේ ගෑණුන්ට ගහන එක පිරිම කමට නින්දාවක් කියලාය. බුරම්පි ආතාගේ හාමිනේ නම් කියන්නේ අපේ උන්දෑ නැතුම මට බේත් කුප්පියේ මූඩියවත් ඇරගන්ට බෑ කියලාය.

    අක්කලා සිදාදියේ ඉඳන් ගෑණුන්ට සමතැනක් ගන්න දගලනවාය. අනේ අක්කේ අපේ ගමේ ගෑනු උන්දැලා ඔහොම කතාවක් අහලාවත් නැතුව ඇතිය. හැබැයි උන්දැලා හේනේ කුඹුරට බැහැලා කැත්ත උදැල්ල එක්ක අපූරුවට වැඩ කරනවාය. අක්කේ ඔය සමතැනක් ඉල්ලා දඟලන්නේ සිදාදියේ ඉන්න අක්කලා වැනි අයය. අපේ ගමේ කෙල්ලන්ටනම් සමතැනක් ගැන දැනීමක් නැතිය. හැබැයි එයාලාට ලැබිය යුතු තැන නම් ලැබී තියනවාය. ඔය සමතැන සංකල්පය ගෙනාවේ සුදු නෝනලාය. ඒ ඒ කාලේ උදැලාගේ සුදු මහත්තුරු උන්දැලාට සලකපු නැති නිසාය. හැබැයි අපේ රටේ ගෑණුන්ට ඉස්සර ඉදං නිසි තැන ලැබුණාය. ලෝකේ ප්‍රථම වතාවට අගමැතිනියක් සිටි රට බවට අපේ රට පත් වුනේ ඒ නිසාය. ඉස්සර රජ කලේ යුද්ධෙට ගිය බිසෝ වරු ගැන අපේ අත්තා අපිට කියා දී ඇත. ඉතිං අක්කේ අක්කාගේ කොල්ලාට කොස්සෙං ගහන්න සමතැන ඉල්ලන්න දඟලන වෙලේ අක්කාට ලැබුණු තැන ආරස්සා කොරගන්ට තනන්න.
    මීට චූටි මල්ලි

    ReplyDelete
  46. අන්න නියම කතාව.කෙල්ලන්ට අපි නැතුව ජීවත් වෙන්න බෑ.ඒත් ඒක එයාල තේරුම් ගන්නෙ නෑනෙ.

    ReplyDelete
  47. දැන් කොහෙද බන් කොසු හොයන්න තියෙන්නෙ ? දකින දකින තැන වැකුම් ක්ලීනර්නෙ. ඇරත් දෙකේදෙකේ පොල්ලකින් නොගහ කොස්සෙන් ගැහුව එක කොච්චර හොඳඳ?

    ReplyDelete
  48. රාවණ කියපු දේ එක්ක මාත් එකඟයි... ඒ අම්ම ක්‍රියා කරපු විදිහ වැරදියි...

    @ මධුරංග
    මේ පැත්තෙන් හෙම ගියොත් කියන්නකෝ... කොසු ඉදල් ලෑස්ති කරගෙන ඉන්න..... :D

    ReplyDelete
  49. ammooo...e wagema pirimi ayath ganu ayata gahanna hoda na..mokada ehema ayata kiyanne ponnayo kiyala..
    P.S ponnaya kiyanne kunuharapayak newai

    ReplyDelete
  50. රාවණ කියපු දේ එක්ක මාත් එකඟයි... ඒ අම්ම ක්‍රියා කරපු විදිහ වැරදියි...

    @ මධුරංග
    මේ පැත්තෙන් හෙම ගියොත් කියන්නකෝ... කොසු ඉදල් ලෑස්ති කරගෙන ඉන්න.....

    ReplyDelete
  51. පොල්ලක් පිහියක් උස්සන් එනවට වඩා නම් ඕක හොදයි.. :D

    ReplyDelete
  52. මධුරංග අයියේ ටික දවසක් යනකම් වැඩිය එළිය පහලට යන්න එපා. මේක දැකපු බවලත් (බලවත්) උදවිය කොසු ප්‍රහාර එල්ල කරයිද දන්නේ නෑ...

    ReplyDelete
  53. හෙහ් හෙහ්! කොසු පාර කෙසේ වෙතත් ගෑනු ළමයි ගොඩක් කතාවට එකඟයි වගේ! අන්න ඔහොම තමයි ඉන්න ඕනා.. දෙපාර්ශවයටම සමතැන නෙවෙයි නිසිතැන!

    ReplyDelete
  54. ඒක එහෙනම් හොඳ නෑ කියමුකෝ.... පියාඹන පීරිසි එහෙම යවන ඒවට ආච්චි මොනාත් කිව්වේ නැද්ද? මේ කතාව නම් මමත් දැනගෙන හිටියේ නෑ. කොහොම උනත් ගහගන්නේ නැතුව හිටියම කොස්සෙන් වුනත් කාලයක් වැඩ ගත්ත හැකි!

    ReplyDelete
  55. කොස්සෙන් ගහන්න හොඳ නැහැ කියල වෙන මොනවයින්වත් ගහනව එහෙම නෙමෙයි... :P

    ReplyDelete
  56. හැම වෙලේම කොස්ස හංගල තියන්න පිරිමි දැන ගන්න ඕනි.

    ReplyDelete
  57. මමත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.ඇත්තටම මධුරංග අයියටවත්ද එහා ගෙදර පොඩි කෙල්ල ගැහුවෙ?

    ReplyDelete
  58. ඔන්න ඕවා ලියන්න ඕන මචං නැත්තං කාන්තාවෝ කවදාවත් හැදෙන්නෑ .මීට මාස කීපයකට කලින් සැකයක් මත අපේ අල්ලපු ගෙදර ගෑනි තමන්ගේ මිනිහව ඉස්කූටරෙන් හප්පලා .. බලන්න ඉතින් නේද .. ඉස්කූටරෙත් අරං දීලා තියෙන්නේ මනුස්සයාමයි ..

    ඒ අතින් බැලුවම කොස්ස සැපයි බං

    ReplyDelete
  59. "මේවා ලියලා මට පාරක බැහැලා යන්න බැරි වේද මන්දා."
    කොසු මිටියක් කරේ තියන් උඹ පස්සෙන් ගියොත් ගානක් හොයා ගන්න පුළුවන් වෙයි වගේ..:)

    ReplyDelete
  60. කියන්න ඕනෙ ටික අනිත් අය කියල තියනවා.
    සම තැනට වඩා නිසි තැන සුදුසුයි කියල මට හිතෙනවා.

    ReplyDelete
  61. @ මධුරංග - අයියෝ බය වෙන්න එපා මල්ලී. දැන් ගහන්නේ නෑ බැන්නොත් තමයි බැරි වෙලාවත්. ඒකත් අසාධාරනයකදි තමයි.:)

    @RKS - ඒකනම් ඇත්ත සම තැන නෙවෙයි නිසි තැනයි හම්බ වෙන්න ඕනේ. සම තැන් දුන්නොත් මාර වැඩේ තමයි වෙන්නේ.

    ReplyDelete
  62. ප්‍රාර්ථනා අක්කේ ඔන්න නිසූපා අක්කාගෙන් අහගන්න
    චූටි මල්ලි

    ReplyDelete
  63. කාන්තාවන්ට තමන්ගේ ජීවිතේ හැමදාටම පිරිමියෙක්ගේ ‍රැකවරණය ඕනි තමයි.ඒ නිසා එයාලට ගෞරව කරන්න එක සාදරණයි. ඒ වගේම අනිත් අතට කාන්තාවන්ට ලැබෙන්න ඕනි ගෞරවෙත් ලැබෙනවා නම් අද තියෙන ගොඩක් සමාජ ගැටලු විසදේවි.සම තැන නැතත් නිසි තැන ලැබෙනවානම් හොදයි.

    ReplyDelete
  64. මම මේකෙදි මදූත් එක්ක 50%යි එකඟ. මොකද කියනවනම් ගෑණු අයටම විතරක් නෙමෙයි කාගෙ හරි උපකාරයක් ඕන. පිරිමි අපිටත් අනිවා කාගෙ හරි පිළිසරණක් ඕන වෙනවා. ඒක හරියට නිදිකුම්බා ගහයි, අර මොකක්ද බැක්ටීරියාවක් අතර තියෙන සම්බන්දෙ වගේ. ගහට බැක්ටීරියාව නැතුව බෑ, බැක්ටීරියාවට ගහ නැතුව බෑ. ඒ වගේ සීන් කෝන් එකක් නේද? පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    ප.ලි.= බැක්ටීරියාවද? ක්ෂුද්‍ර ජීවියාද? මට හරියට මතක නෑනේ. :(

    ReplyDelete
  65. ගැහැණු පිරිමි කියලා වෙනසක් නෑ කාටවත් මොකකින් වත් ගහන්න හොඳ නෑ. ගැහැණියකගේ ජීවිතයට විවිධ ආකාර වලින් පිරිමි කෙනෙක් සම්බන්ධ වෙනවා වගේම පිරිමි අයගේ ජීවිත වලටත් ගැහැණු අය සම්බන්ධ වෙනවා. එහෙම නම් පිරිමි අය ගැහැණු අයට ගහනකොට කියන්න ඕන ලබන ආත්මෙ අම්මා කෙනෙක් වත් ලැබෙන එකක් නෑ කියලා. පිරිමි අයට මුල් තැනක් ලැබෙන සමාජයක යම් තැනකදී පිරිමි අයට ගැහැණියකට යටත් වෙන්න තියන ඉඩ දුර්මතයක් ඉදිරිපත් කරලා නැති කරන්න හදපු වෑයමක් කියලයි මම ඔය කියමන දකින්නෙ. ඒ කියන්නෙ පිරිමින්ට ගහන එක හොඳයි කියලා නෙවෙයි. පිරිමියෙකුට වත් ගැහැණියකට වත් කිසිම සතෙක්ට සර්පයෙක්ට වත් ගහන්න හොඳ නැත් නම් හොඳ නෑම තමයි කියන එක.

    සමහර විට ගැහැණු අය වත් මේකට එකඟ වෙන එකක් නෑ. මොකද ගැහැණියක් සමාජයේ මුලින්ම වැරදිකාරියක් කරන්නෙත් පිරිමියාට වඩා දුර්වල කෙනෙක් යැයි සම්මත කරගන්නේත් තවත් ගැහැණියක් මයි.

    ReplyDelete
  66. මධුරංගයෝ... පරිස්සමිං හොදේ... හී හී...
    හෙට අනිද්ද මල්ලිට විතරක්ම බ්ලොග් එක ලියන්ඩ වෙයිද දන්නෑ...
    හී හී..

    ReplyDelete
  67. කොස්සෙන් ගහන එක හොඳයි කියල මම කියන්නේ නෑ. එත් ගෑනු කෙනෙක්ට තනියම සමාජේ ජීවත් වෙන්න බෑ කියන එක නම් මම අනුමත කරන්නේ නෑ. පිරිමින්ටත් වඩා සමාජේ ඉහල තැන් වලට තනියම ආව ගෑනු අය ඕනි තරම් ඉන්නවා..

    ReplyDelete
  68. @මි හරක් පිඩියා :
    මට කලින් නම් හිතිලා නෑ. ඒත් මල්ලිලා කියන නිසා හිතෙනවා කවුරුහරි නෙලයි කියලා. :)

    @- නිල් අහස - :
    අයියා කියන කතාව හරි අයියේ.

    @nawammawatha :
    ඒකනේ අයියා. අපරාදේ පව් ආච්චි අම්මා.

    @චූටී මල්ලි :
    ප්‍රර්ථනා අක්කට උත්තට දීපු එකට ගොඩක් ස්තුතියි. ඒවගේම අදහස් වලටත් ඒ වගේම ස්තුතියි.

    ReplyDelete
  69. @නදීර සඳරුවන් ලියනගේ :
    ඒක නේ. කතාව ඇත්තනේ :)

    @RoshanHerath :
    අම්මෝ ඔවු. දැන් ඉතින් තියෙන්නේ වැකුම් ක්ලීනර් නේ !!!!

    @Maneka :
    මාත් පිලිගනී. ඒ අම්මා කියපු කතාව වැරදියි.

    @දිලීප :
    ඒක හරි. දෙගොල්ලන්ටම එකවගේ ගරු කරන්න ඕනා.

    ReplyDelete
  70. @චතුවා (ළමයා) :
    හික්ස්.:)
    ඒක නම් හොදා තමයි.

    @නිර්මල :
    ඒක නම් කියන්න බෑ මල්ලි.

    @විසිතුරු :
    නිසිතැන ලැබෙන්න ඕනා තමයි කාටත්.

    @ලහිරු :
    ඔවු නේ. නැත්නම් කොසු කැඩෙන්නේ නෑනේ.

    ReplyDelete
  71. @``` Outsider``` :
    ඒකත් හොද ක්‍රමේ තමයි.අතුගාන වෙලාවට විතරක් එලියට ගත්තා නම් හරි.

    @rmpmcreation :
    අඩේ ඇයි බොලව් එහෙම කියන්නේ. :)

    @හිස් අහස :
    ඒක හරි මල්ලි. එහෙම බලපුවාම කොස්ස සැපයි තමයි.

    @නාකියා :
    එහෙම හරි ජොබ් එකක් කරන්න තියෙනවනම් එල නේ. හික්ස් :)

    ReplyDelete
  72. @RKS :
    මාත් ඒක තමයි කියන්නේ. ඒත් කාන්තා සංවිධාන ඉල්ලන්නේ සම තැන නේ.

    @Nisupa :
    එහෙනම් අක්කා හොදයි නේ අක්කේ.

    @Anonymous :
    චූටී මල්ලි කිව්වා වගේ පරා අක්කා නිසූපා අක්කගෙන් අහගනියි. හික්ස් :)

    @MANIK :
    ගොඩක් වටින අදහස් ටිඅකක්. මාත් ඔය කියන කතාවට එකඟයි.

    ReplyDelete
  73. @සීතල අයියා :
    අන්න හරි. ඒකට කියන්නේ සහජීවනය කියලා. මතකේ හොද නම් රයිසෝබියම් කියන නයිට්‍රජන් තිර කරන්න පුලුවන් බැක්ටීරියාවක් තමයි ඒ.

    @හංසි :
    නෑ නංගි මම දුර්මතයක් ඇති කරලා ඒක නැති කරන්න හදපු වෑයමක් නම් නෙමෙයි. මේක ඒකාලේ ඉදන් තිබ්බ මතයක්. මොකද ඒ කාලේ නම් තියෙන්නේ පිරිමි මූලික සමාජයක්. පිරිමියා තමයි රස්සා කරලා ගැහැණියට කන්න අඳින්න දෙන්නේ. ඒ නිසා වෙන්ටෑ එහෙම කියන්න අත්තේ.

    කාලේ හැටියට ඒක වෙනස් වෙන්න ඕනා. අද බලාගෙන යනකොට ගෙදර ආර්ථිකයට දෙන්නම් දායකත්වයක් දෙනවා. ගහනවා කියන කතාව නම් දෙගොල්ලන්ටම පොදුයි. මොකද කාටවත් ගහන්න හොද නෑ.

    @සනා :
    අම්මෝ පරිස්සම් වෙන්න ඕනා බං !!!

    @StArry aNgeL :
    තනියම නැඟිහිටින කට්ටිය ඉන්නවා තමයි. මම් කියන්නේ ජීවත්වෙනකොට ගෑනු අයට පිරිමි කට්ටියගේ උදව් අවශ්‍ය වෙනවා කියන එක.

    ReplyDelete
  74. අම්මේ.. ගුටි කන්න වෙන පෝස්ට් එකක්නෙ බං මේ.. ඔන්න කෙල්ලනේ කොසු වලින් එහෙම බොලාගේ මිනිස්සුන්ට ගහන්න එපාආ..

    ජය..

    ReplyDelete
  75. අයියා එහෙම දුර්මතයක් ගෙනාවා කියලා නෙවෙයි මම කිව්වෙ. ඔය කතාව මේ සමාජයට ඉදිරිපත් කරපු අය එහෙම දෙයක් කියන්න ඇත්තෙ ඇයි කියලයි මම කිව්වෙ. අයියා ලියපු දේට වරදක් මම කිව්වෙ නෑ. මම ඒක කියපු විදිහ වැරදි ඇති. සමාවෙන්න අයියේ.

    ReplyDelete
  76. ඕන තරම් ගෑනු පිරිමින්ව තලා පෙලා ගෙනියන පවුල් ජීවිත තියනවා, ඒ වගේම ඒකේ අනික් පැත්තත් තියනවා. වෙනස තියෙන්නෙ ගෑනු පිරිමින්ව තලා පෙලා ගෙනියන පවුල් ජීවිත ගැන ප්‍රසිද්ධ වෙනවා අඩුයි ........

    කොහොම උනත් ගැහැනියක දිය යුතු නිසි තැන (සම තැන නොවේ) පිරිමියා විසින් දෙනවා නම් පිරිමියාට ගැහැනිය ගෞරව කිරීමේ ඇති වැරැද්ද මොකක්ද ........

    ReplyDelete
  77. මටනම් හිතෙන්නේ ,, ගැහැණිය පිරිමියටත් ,, පිරිමියා ගැහැනියටක්‌ ගෞරව කර යුතුයි ,, එතකොට ප්‍රශ්න අඩුයි ..

    ReplyDelete
  78. හිකිස් අපරාදේ හොඳ වලියකට චාන්ස් එකක් මිස් වෙලානෙ...මම නම් කොල්ලෙක්ට කොස්සකින් ගහලා නෑ..හැබැයි එහෙම ගහන්න වටින වැඩක් හෙම කලොත් නිකා ඉන්නෙත් නෑ.. :D
    ගහන්නෙත් ආයෙනං මේ යකා මගේ ජීවිතේ පැත්ත පලාතෙ එන්ඩ එපා කියලා හිතාගෙනම තමා... :D

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.