04 July 2011

මල් හිටවන අයට උපදෙස්

කලින් පෝස්ට් එකේ දුටු සතුටු මල් ගැන කිව්ව හන්දා මල් පැල හිටවන නංගිලා අක්කලාට උපදෙස් ටිකක් දෙන්න හිතුවා. නංගිලා අක්කලා විතරක් නෙමේ සමහර අයියලා මල්ලිලාත් මල් හිටවනවා. කොටින්ම අපේ බාප්පා කෙනෙකුත් ඔහොම මල් හිටවනවා. උන්දෑ ලඟ නැති මල් පැළයක් අපේ ගෙදර තියෙනවා එහෙම දැක්කොත් පෝච්චිය පිටින්ම උස්සන් යනවා කිසිම සාක්කියක් ඉතුරු නොවෙන්නම. ඒ හින්දා බාප්පා එනවා කියලා ආරංචි උනාම අපි මල් පැළ ටික කලු ඉටි රෙද්දකින් වහනවා. ඒකෙන් කමක් නෑ. අද කතාවට එමු.

මම අද පාඩමෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අඩු වියදමකින් වටිනා මල් පැළ ලබා ගන්න විදිහයි. සමහරු නානාප්‍රකාර මල් පැළ ජාති වලට අස්ප ගනන් වියදම් කරනවා. මගේ ක්‍රමය අනුගමනය කලාම ඒ මුදල ඉතුරු කරගන්න පුලුවන්.ක්‍රමය මේකයි.

ඔය ගොඩක් මල් පැළ ජාති කඩෙන් ගෙනත් පැළකලාම පැලවෙන්නේ එහෙමත් එකක් විතරයි. ඒ කියන්නේ පැලවෙන ප්‍රතිශතය ගොඩක්ම අඩුයි. මල් උනත් එන්නේ කඩෙන් ගෙනාපු ගමන් විතරයි. ඊට පස්සේ එක මලක්වත් එන්නේ නෑ.නිකන් සාත්තු කරනවා විතරයි.කරන්න තියෙන්නේ මල් හිටවන්න ආස යාලුවන්ගේ ගෙවල් වලට යන්න. ගිහින් එයාලත් එක්ක ටිකක් කතා කරන්න. එලිමහනේ මිදුලේ කතා කරනවනම් වඩාත්ම හොදයි. තමන් ආස කරන මල් පැළයක් එහෙම දැක්කොත් කර කර හිටපු කතාව වෙනස් කරලා මල් ගැන කතා කරන්න පටන් ගන්න.

කොහොමහරි තමන් අස කරන මල් පැලය වර්ණනා කරන්න.තමනුත් මල් හිටවන බව ඒ අයට අගවන්න. සමහර විට මේ මල්ගහෙන් අතු කෑල්ලක් දෙන්න හිතේවි. එහෙම හිතෙන්නේ නැති යකඩ හිතක් නම්, මේ මල් පැලය පැලවෙන ක්‍රම ගැන අහන්න. ඊට පස්සේ අදාල යාලුවාව වතුර එකක් ගේන්න කියලා හරි ගේ ඇතුලට යවලා අර මල් පැලෙන් කෑල්ලක් කඩාගෙන තමන්ගේ බෑග් එකට දාගන්න. මේ සදහා ගෑනු අයගේ 64 මායම් ප්‍රයෝජනයට ගන්න.

තමන් ආස කරන මල් පැළය තියෙන ගෙදර අය උදේට වැඩට යනවා නම්, දවල් වරුවක වත්තට හොරෙන්ම පැනලා ගහ පිටින්ම උගුල්ලලා අරගෙන එන්න. තමන්ට රෙද්දක් ඇඳගෙන ඒ වැඩේ කරන්න අමාරුම නම් ගමේ ඉන්න නන්නත්තාරේ යන කොල්ලෙක්ට රුපියල් 20ක මුදලක් ගෙවා ඒ වැඩේ කරවගන්න.

තමන් ආස කරන මල් පැළ ටික වැටට හිටවලා තියෙනවනම්, යක්කු එලි බහින ගොම්මන් වෙලාවක කාටවත් නොපෙනෙන්නම ගිහින් ගහේ අතු ටික කපාගෙන එන්න. මේ සදහා තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ සහය ලබා ගන්න. මේ වැඩේට තම ස්වාමි පුරුශයා අකැමති නම් "තෝ හෙට කඩෙන් කාපිය !!!!!! මම හෙට කෑම එක දෙන්නේ නෑ !!!!" කියලා තර්ජනය කරන්න. වැඩේ සුටුස් ගාලා කරලා දෙයි.

මේ ක්‍රම සියල්ලම සාර්ථකව අත්හදා බලා ඇති බැවින් සාර්ථකත්වය පිලිබද කිසිදු සැකයක් තබා නොගන්න.

-------------------------------------------------------------------------------------
ප.ලි. - මෙහෙම ලබා ගන්නා මල් පැළ ටික සිටවිය යුතු ආකාරය ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.ඊලඟ ලිපිය ලියන තෙක් මල් පැළ ටික වියලී යාමෙන් වලක්වා ගැනීමට වතුර බේසමක ගිල්වා තබන්න.

35 comments:

  1. අහා.. මම කලින් හිතුවේ මල් කඩන නංගිලා මල්ලිලා ට අයියා මල් හිටවන්න කියලා දෙන්න කතා කළා කියලයි..:P :P හොදයි මධුරංග මටත් ඔයාලාගේ ගෙවල් පැත්තේ එන්න පාර කියන්නකෝ.. ඔය ටික නොමිලේම අත්හදා බලන්න.. :D

    ReplyDelete
  2. මෙන්න හොරකම් කරන්න කියලා දෙනවෝ...හිකිස්‌
    මොනවා උනත් ඉතින් මල් නේ...අර අයියලාගේ බාප්පා වගේ කෙනක් ඉන්නවා අපේ ගෙවල් පැත්තෙත්, ආවොත් ඉතින් මල් පැල,ලස්සන මල් එහම ඉවරයි

    ReplyDelete
  3. ඔන්න බලහල්ලකෝ දෙන අවවාද.. මෙට වඩා හොද නැද්ද අගට පතට නොදැනී හොරකම් කිරීම වගේ මාතෘකාවක් යටතේ මේ ටික දැම්මනම්.. හිකි.. හිකි..

    හැබැයි උබ කියල තියන දේවල් නම් සහතික ඇත්ත...

    ReplyDelete
  4. අම්මෝ මෙන්න මල් හොරෙක් .. මට තෝ හෙට කඩෙන් කාපිය කිවුවොත් මන් කියනවා නෑ නෑ මන් අදම කන්නම් කියල.. එතකොට කොල්ලයි කෙල්ලයි කියයි ආ.. අපිත් තාත්තී එක්ක කඩෙන් කනවා කියල..

    ReplyDelete
  5. ඇත්තටම ඔය හොරෙන් කඩාගෙන එන මල් අතු හොඳට පැලවෙනවා සල්ලි දීලා අරන් එන ඒවට වැඩිය.

    ReplyDelete
  6. අත්තක් පැල කරගන්න Rooting booster හෝමෝන වර්ගයක් යොදන්න. ගස් සරුවට හදා ගන්න Albert's Solution යොදන්න. මල් හටගන්වන්න 6-30-30 හෝ 3-30-30 යොදන්න.

    ReplyDelete
  7. අයියල හිටවන මල් ගොඩක් වෙලාවට නෙළන්නෙ පොලීසියෙන් නෙව

    ReplyDelete
  8. :D
    මම හිතුවෙ මෙ තියෙන්නෙ වෙන මලක් ගැන කියලනෙ ;)
    බලන කොට ඔරිජිනල් මල් ගැන නෙ :D

    එන්න ඕනෙ මදුරංගගෙ ගෙ පැත්තෙ..
    free trial එකක් යන්න ඇහැකිනෙ ;)

    ReplyDelete
  9. ඔය අවවාද පිලි අරගෙන මල් පැල හොයාගන්න අය අපේ පැත්තෙත් ඉන්නවා. හැබැයි ඉතින් ඒ වගේ අය නිසා මල් අයිතිකාරයින්ට දැනෙන දුක නම් වචනයෙන් කියන්න බැරි තරම් ලොකුයි....

    ReplyDelete
  10. ඒ බං හොරකම් කරපු මල් පැල ටික තියා​ගෙන තෝ ඊගාව පෝස්ට් දානකං හිටියොත් මැරුම් කන්නනේ බොල වෙන්නේ....

    ReplyDelete
  11. ෂා මාර අයිඩියා ටික තවතෙකක් මමත් එකතු කරන්නම්, මේක නම් අනුගමනය කළේ අපේ අක්කා, පන්ති යන එන ගමන් මල් අතු ගේන්න එයා නම් කළේ පෑන් පැන්සල් දාගෙන යන පර්ස් එකේ බ්ලේඩ් එකකුත් දාගෙන යන එක,අත්තට හානියකුත් නෑ කඩන්න ගියාම වගේ ගහේ පොත්ත ගැලවෙන්නෙත් නෑ.. ලේසියි පහසුයි කැපුවා දා ගත්තා බෑග් එකට ආවා ගෙදර හිටෙව්වා අත්ත..
    බලන්න කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද?

    ReplyDelete
  12. මම මේ කල්පනා කලේ උඹලගෙ බාප්ප වැරදිලාවත් උඹලගෙ දිහා සතියක් විතර නවතින්න ආවොත් මක් වෙයිද කියලා :D

    ReplyDelete
  13. Gimhani
    මගෙත් යාලුවෙක් ඉන්නවා එයගේ බෑග් එකෙ නිතරම පොඩි කතුරක්
    තියෙනවා. තාප්ප වලින් එලියට අවිත් තියන මල් අතු කපන්න.
    එයා කියනවා ඒ ක්‍රමේ හරි ලේසිලු.

    ReplyDelete
  14. අදහසනම් නරකම නැහැ. කොහොම නමුත් ලස්සනට හොරකම් කරන්න පාඩම කියලා දිලා තියෙනවා. මට මතකයි කලකට ඉහත මමත් ඔයවගේ හොරේන් මල් අතු කඩාගෙන ඇවිත් හිටෙවුවා. ඇත්තම කිවොත් ඒ අතු සල්ලි වලට ගත්තු මල් වලට වඩා හොදට පැලවුනා . . . :P

    ReplyDelete
  15. අපුරුවට හොරකම් කරන්න කියලා දිලා තියෙනවා. අදහස් ටික නම් මරු. කලකට ඉහත මමත් හොරෙන් කඩාගෙන ඇවිත් මල් අතු හිටවලා තියෙනවා. පුදුමේ කියන්නේ කඩෙන් සල්ලි දිලා ගෙනාපුවට වඩා හොරෙන් කඩාගෙන ඇවිත් හිටවපු අතුවල අපුරුවට මල් ආවා . . .

    ReplyDelete
  16. අලේ...ඔයාට කියන්න මල්ලි ඉස්සර මම් මූණුපොතේ, බාන්බඩියෙත් අමාරුවෙන් හිටවගත්ත මල් කවුදෝ එකෙක් හොරෙකන් කරන් යනව.පස්සෙ මම් ඒ මල් හදන කෙරුවාව නැවැත්තුව.බාන්බඩියත් වහල දැම්මා.

    ReplyDelete
  17. මධුරංග අයියේ මම නම් කියන්නෙ ඔයාගෙ ගෙදර තියන ඔක්කොම මල් පැල පාරට පේන්නත් එක්ක වැටට හිටවන්න. අපි හැමෝම ඉන්නවා මල් පැළ බලාගන්න. ගෙවල් තියන හරියත් කියන්නකො.

    ReplyDelete
  18. ඔන්න මම හොරකම් කරපු මල් පැල ටික බේසමක දැම්මා... ඒ හින්දා ඉක්මනින් මේක හිටවන හැටි කියන්න...

    අර අත්දැකීමෙන් කියපු නිසා අහන්නේ.. මධුරංග අයියට "තෝ හෙට කඩෙන් කාපිය !!!!!! මම හෙට කෑම එක දෙන්නේ නෑ !!!!" කියලා බනින්නේ කවුද ?? :D

    ReplyDelete
  19. හප්පච්චියෝ!!!!! මෙන්න මෙයා පැලත් පැල කරන්න ගත්තද blog එකේ. :O

    ReplyDelete
  20. ඔය කියල තියෙන්නෙ කතාවක්. ගුටි කන්නෙ නැතුව මල් වවාගන්න විදියක් දන්නෙ නැද්ද?

    දිනේශ් අයිය අහපු ප්‍රශ්නෙම මටත් තියනව. උඹට කොහොමද එහෙම අත්දැකීම් තියෙන්නෙ?

    ReplyDelete
  21. මලා............... දැන් එතකොට හොරකම් කරන්නත් වෙනවනේ නේද??......... ඔක්කොම කරන්න කලින් සෙරම දැන ගෙන ඉන්නවෙනවානේ... නැත්නම් ඉතින් අන්තිමේ කිවොත් හොරකම් කරපු ගෙදර අයිති කාරයට කියලම හිටව ගන්න කියල..............

    ReplyDelete
  22. මේක නම් ගස් යන වැඩක් . මධුරංග අයියා උපාධිය ලබාගන්නත් කලින් මේ මල් වැඩක් හින්දා හිරේ විලංගුවේ වැටෙන්නයි යන්නේ .මධුරංග අයියාගේ ගෙවල් ලඟ ඉන්න උදවියෙගේ මල්ගස් නිතරම අතුරුදන් වෙනවා ඇති .

    මල් හිටවන හැටිනම් මම දන්නේ නෑ මම හොඳටම දන්නේ එකම එක මල් ජාතියක් වැන විතරයි , මම ඒ මල් ගැන එක්පර්ට් .

    ReplyDelete
  23. ඉදපං.. අපේ වත්තෙ එක මල් පැලේක කෑල්ලක් හරි නැතිවෙලා තිබුන වෙලාවට මම උඹව තමයි අල්ලගන්නෙ මදුරංගයෝ....

    ReplyDelete
  24. @චතුමිතු :
    මම මල් නොකඩා කොහොමද අනිත් අයට කියලා දෙන්නේ. අවවාදයට වඩා ආදර්ශය උන්ටුම් නේ. :)

    @ChammA :
    හපෝ මම් හොරකම් කරන්න කියලා දෙනේ නෑ. මම කියන්නේ අඩු වියදම් මල් හිටවන ක්‍රමයක්.

    @ADK කොලුවා :
    හොරකම් කරන එකට පව් සිද්ධ වෙනවා. :)

    ReplyDelete
  25. @සරත් ලංකාප්‍රිය :
    මාත් හරි ආසයි කඩ කෑම කන්න තියෙනවනම්. ඒ උනාට හම්දාම එහෙම කරන්න බෑ. අම්මලාට වියදම් නේ

    @පිණිබිඳු... :
    ඒකනේ අක්කා. එහෙම අරගෙන එන ඒවා පැල උනේ නෑ.

    @radicaladahas :
    මම් එහෙනම් ඔය හෝමෝන ගහලා හිටවන්නම්.

    ReplyDelete
  26. @nawammawatha :
    ඒ උනාට මලක් දෙකක් පන්න ගන්න පුලුවන් නම් නියමයි නේ.

    @ThoppiYa :
    ඔරිජිනල් මල් ගන තමා කිව්වේ. තණමල්විල වැවුනත් ඉතින් ඒවත් මල් නේ.

    @deeps :
    ඒ අයගේ දුක අපිට පේන්නේ නෑනේ. :(

    ReplyDelete
  27. @prasanna86k :
    ඒකට ඒ අතු කෑලි ටික හංගලා තියාගෙන හිටු !!!!! :)

    @චතුර.... :
    අන්න ක්‍රම !!! ඒ කියන්නේ මටත් කලින් මේ ක්‍රම පාවිච්චි කරපු අයත් ඉදලා තියෙනවා.

    @..ChAnDiKa.. :
    අපි සහරා කාන්තාරෙට ගියා වගේ වෙයි.

    ReplyDelete
  28. @Gimhani :
    ලේසියි නේන්නම්. කොච්චර ලේසිද

    @සිතුමි ප්‍රියංගා :
    ආයෙත් අහලා. නියමෙටම පැළ වෙලා මලුත් හිටන් එනවා. කඩෙන් ගේන ඒවා පැළ වෙන්නෙත් නෑ.!!!!

    @නදී | ගලායන ජීවිතය :
    මම් බාන් බඩියේ මල් හිටවලා නෑ. හිටවන්න බලන්න ඕනේ. මාර වියදමක් නේ. ඔන්න මල් නොරෙන් කඩලා නම් තියෙනවා.

    ReplyDelete
  29. @හංසි :
    හරි මම එහෙම කරන්නම්. බැරි වෙලාවක වත් මල් ගස් ටික නැති උනොත් ඒ ටික නංගිලාගේ ගෙදරින් ගන්න බැරියෑ.

    @Dinesh :
    එහෙනම් ලන්නගදිම ඒ පෝස්ට් එකත් බලාපොරොත්තු වන්න.
    ඔය අත්දැකීම ඇරෙන්න අනිත් අත්දැකීම් නම් තියෙනවා.

    @සීතල අයියා :
    නෑ නෑ සීතල අයියා. මේ ටික විතරයි පැළ කරන්නේ. :)

    ReplyDelete
  30. @Kasun :
    ගුටි කන්න වෙන්නේ නෑ. පොඩ්ඩක් ට්‍රයි කරලා කියහන්කෝ !!!
    මේ සේරෝම මගේ අත්දැකීම් කියලා කිව්වට ඔය අන්තිම එකනම් මගේ අත්දැකීමක් නෙමේ.

    @දේවා ගේ අඩවිය :
    හොරකම් කරන්න ඕනේ නෑ මලයෝ. මම කියන්නේ නෑ හොරකම් කරන්න ඕනේ කියලා. :)

    @හිස් අහස :
    ඒක මල් ගැන මම මල්ලි ලියපු පෝස්ට් වලින්ම දැන ගත්තා.

    @පොඩි මෑන් :
    ඇයි වදේ මම් උබලෑ දිහෑ එනවෑ මල් හොරකම් කරන්න. හිටුකෝ අපේ වත්තේ එක පෝච්චියක් හරි නැති උනොත් උබ තමා !!!! :)

    ReplyDelete
  31. හිටපන්කෝ මමත් ඕව ඔක්කොම කරලා බලන්න....එහ්ට් ඉතින් මම මල් ඉබිනවා රොන් ගන්නවා විතරයිනේ..

    ReplyDelete
  32. හිකිස්... මරු වැඩේ තමයි, ඇත්තමයි හොරෙන් කෑ දේ රහයි කියනවලුනේ ;) . ඔහොම හොරෙන් ගේන මල් පැල හොඳට පැල වෙන එකනේ හොඳම වැඩේ.. හී හී...

    ReplyDelete
  33. මට නම් හිතෙන්නේ බාප්පත් හොරෙක් වෙලා තියෙන්නේ මේ මෙයාගෙ උපදෙස් පිළිපදින්න ගිහින් වෙන්න ඇති.

    ReplyDelete
  34. @නරක සමනලයා :
    එහෙනම් උබ හොඳ සමනලයෙක්.

    @ප්‍රාර්ථනා :
    රහයිද කියලත් අහනවා. අහු උනාම රහයි ගුණයි දෙකම ලැබෙනවා. :)

    @batti :
    අපෝ මම එක එක්කෙනාව හොරු කරන්නේ නෑ. හොරෙක් වෙන්න කියලා දෙන්නෙත් නෑ. සත්තයි. :)

    ReplyDelete
  35. මේක ටෙස්ටින් කරන්න ගිහිං නාන්න වෙයිද දන්නෙ නැහැ, කොහොම උනත් හොඳ ක්‍රම ටික .........

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.