27 June 2011

කොන්දොස්තර මහත්තයෙක්

පහුගිය සෙනසුරාදා දවසේ කිරිබත්ගොඩ ඉදලා රාගමට යන්න ඕනකමක් තිබ්බා.කිරිබත්ගොඩ ඉදලා රාගමට යන 900/1 කියලා බස් එකක් තියෙනවා. ඒක ලංගම බස් එකක්. මේ පාරට තියෙන්නේ බස් දෙකක් විතරයි. ඒ බස් දෙකම ලංගමයෙන් දාපු ඒවා. මමත් බස් එකට ගොඩ උනා. කොහොමහරි ටික වෙලාවකින් බස් එක පිටත් උනා.

මේ බස් ගමන හරිම සුන්දරයි. ගමක් මැද්දෙන් වෙල් යායක් මැද්දෙන් හරි සුන්දරව යන ගමනක්. කොහොමහරි වෙල පහුකරලා ටික දුරක් යද්දි අපට ඈතින් පේනවා ත්‍රී වීල් එකක් ප්‍රධාන පාරෙන් විසික් වෙලා තියෙනවා.ටිකෙන් ටික ලඟට යද්දි තමයි සීන් එක හරියටම දැක්කේ. ත්‍රිවිල් එක එහෙමත් නැත්නම් වීල් එක පපඩමක් වගේ වෙලා. පාරෙන් විසික් වෙලා.

වීල් එක තිබ්බ තැනට පොඩ්ඩක් එහාට්ට වෙන්න ඒ වීල් එකේ ආපු ගෑනු කෙනා (අවුරුදු 25ක 27ක කෙල්ලෙක්) නැගිටගන්න බැරුව අඬනවා. අහල පහල කට්ටිය වට වෙලා මැජික් වගේ බලාගෙන ඉන්නවා. බලපු හැටියෙන්ම තේරුනා කෙල්ලගේ කකුල තමා ඩැමේජ් වෙලා තියෙන්නේ කියලා. අච්චර වේදනාවෙන් කෑ ගහනවා උනත් කවුරුත් උනන්දු උනේ නෑ මේ කෙනාව ඉස්පිරිතාලෙට ගෙනියන්න. අපි ආපු බස් එකත් මේ ලඟම නවැත්තුවා. කොන්දොස්තර අයියා බැහැලා ගියා

"යකෝ මේ ගිනි මද්දහනේ මේ ගෑනු කෙනාව මෙතන තියාගෙන ඉන්නේ !!! ඉස්පිරිතාලෙටවත් අරගෙන යන්න උබලට ඕනකමක් නැද්ද ?" කියලා කොන්දොස්තර අයියා ඇහුවා. මුන්ගේ කටවල් වලට ස්ටේපර් කටු ගහලා වගේ එකෙක්වත් කතාවක් නෑ.

"ආ....කවුද දන්නේ නෑනේ අයියේ. ඒ හින්දා එහෙම එක්කන් යන්න බෑ...නේ. " මැදි වයසේ ගෑනු කෙනෙක් දිව රෝල් කරලා හුරතල් වෙවී කිව්වා.

කොන්දොස්තර අයියගේ කේන්තියේ රතු කට්ට පැනලා.

"ඈ බොල <ටීක්> <ටීක්>.... උබලට තේරෙන්නේ නැද්ද කවුරු උනත් මනුස්සයෙක් බව !!!!. මල්ලි, පොඩ්ඩක් අල්ලහන් මේ කෙල්ලව බස් එකට දාගන්න. අපි හරි ඉස්පිරිතාලෙට ගිහින් දාන්නම් !!!" කියලා කියනවත් එක්කම වගේ අහල පහල සෙට් එක එකතු වෙලා වාහනයකට දාලා රාගම ඉස්පිරිතාලෙට අරන් යන්න පොරොන්දු උනා.

ඇයි යකෝ ඒ ලෙඩාව මෙච්චර වෙලා තියාගෙන හිටියේ කැවුම් කන්න යෑ. පණ ඇද ඇද හිටපු කෙනෙක් නම් මෙලහකටත් පණ ගිහින්.ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැන් හරි බයයි මේ කේස් වලට අත දාන්න. මොකද ඒ අයටත් පොලිසි ගානේ යන්න වෙනවා. මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. එහෙම මිනිස්සු අතර මෙහෙම හොද අයත් ඉන්නවා කියන එක සතුටට කාරණාවක්.

කොහොමහරි ලෙඩාව අරන් යන් පොරොන්දුව ඒ මිනිස්සු දීපු හන්දා බස් එක පිටත් උනා. බස් එකේ සාමන්‍ය ගමන් කාළයට වඩා විනාඩි 15ක් විතර බස් එක ප්‍රමාද උනා. බස් එක රාගම පාරට දැම්මට පස්සේ රාගම පාර අයිනේ තිබ්බ පොලිස් මුරපොළටත් මේ අනතුර දැනුම් දීගෙනම ගියා.

ලංකාවේ පොලිසියේ හැටි දන්නවනේ. දඩ කොළයක් ලිය ලියා හිටපු එකත් පැත්තකට දාලා අනතුර සිද්ධ වෙච්ච තැනට යන්න හිටියා....ලු. ගියේ (නෑ)......ලු. පාරේ වාහන නවත්තලා දඩ ගහනවා වගේ යෑ මේ වගේ ඒවා. ඒ වගේ අනතුරු වලට යන්නම එපැයි.

54 comments:

  1. කොන්දොස්තර කියද්දි මතක් වෙන්නේ මහා එපා කරපු මිනිස්සු කොට්ඨාශයක්.ඒ උනත් මචෝ අර කියමනක් තියනවනේ "වන සිවුපාවුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුනුත් ඉන්නවා" කියලා.... කොන්දොස්තර මහතාට මගේ ප්‍රණාමය......

    ReplyDelete
  2. ඒ වගේ අයට තමා කොන්දොස්තර මහත්තයා කියලා කතා කරන්න පුලුවන්.අනිත් අයගෙ නම් මහත්මා ගති පැත්තක..සත්තුන්ට කතා කරනවා වගේ මිනිස්සුන්ට කතා කරනවා

    ReplyDelete
  3. අනේ මන්දා බන් අපිට ඔයවගේ දෙයක් වුනත් ඕකම තමා තත්වෙ වටේ උන් මැජික් වගේ බලන් ඉදීවි අර කොන්දොස්තර වගේ හිතක් පපුවක් තියන උන් හැමතැනම නෑ... අර වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිස්සුත් ඉන්නවලුනේ...

    ReplyDelete
  4. මමත් නම් අත්දැකීමෙන් දන්න විදියට මිනිස්සු මොනා කිව්වත් කොන්දොස්තරල හොද මිනිස්සු ( ඉදල හිටල කුප්පයොත් ඉන්නව ) ඔය බස් වල මහ ලොකු මහත්තයල වැරැද්දක් නැතුව කොන්දස්තරලට ලොකු ටෝක්ස් දෙනකොට අපෙත් රතු කට්ට පනිනවා..
    මේ කොන්දොස්තරට මාගේ බලවත් ප්‍රමානය!!!!!

    ReplyDelete
  5. "කොන්" උනත් නියම දොස්තර
    ඉස්පිරිතාලෙට ගියත් වෙලාවට ප්‍රතිකාර නොකරන දොස්තරලත් ඉනනවනේ...
    මටත් කියන්න තියෙන්නේ කොන්දොස්තරට අපගේ ප්‍රණාමය කියලා තමයි..

    ReplyDelete
  6. අනේ සංසාරේ මෙහෙමත් මිනිස්සු.
    කොන්දොස්තර මහත්තයට ප්‍රාණාමය!

    මොකෑ බොල අර ගෑවෙ?වෙලාව බැලුවද ?

    ReplyDelete
  7. මේ වගේ කට්ටියත් තාම ඉන්නව නේද...!! අහන්නත් සතුටුයි.. :D :D

    ReplyDelete
  8. ඉස්සර තිබ්බ ලංකාව නොවේය් නොවැ දැන් තියෙන්නේ..

    ReplyDelete
  9. "ඈ බොල ... කිව්වේ හත්තට (හතු ) පුටුව දාලා තොප්පියක් දාපු වචනේ ද කිව්වේ.. හික්ස්

    ReplyDelete
  10. මෙන්න මහත්වරු..නැත්නම් හැමතැනම ඉන්නේ මහත්හොරු නේ...අනික කිසිම අනුකම්පාවක් නැතුව මනුස්සෙක් අසරණ උනාම ඔහෝම බලන් ඉන්න පුලුවන්ද..පුදුම මිනිස්සු..

    ReplyDelete
  11. ල0කාවෙ ඉන්න ඔක්කොම කොන්දොස්තරල එක වගේ නෑ.....එකෙක් දෙන්නෙක් නිස හෑම කොන්දොස්තර කෙනෙක්ම චාටර් වෙනවා.....

    ReplyDelete
  12. #1 to 10
    සහතික ඇත්ත සහෝ...

    +

    උන් මාටිය ගහන ගැහිල්ල නිසා තමා මේ බස් ගාස්ත වැඩිවිල්ලත්...

    :D

    ReplyDelete
  13. සිරාම කතාව...දැන් ඉන්න මිනිස්සු දැක්කම පිස්සු හැදෙනවා. පොසොන් පෝය දවසේ බස් එකේ වමනේ දාන්න යන අක්ක කෙනෙක්ට බෑග් එකක් දෙනවා වෙනුවට බස් ඒකෙන බහින්න කියපු කොන්දොස්තරයෙක් මැරුම් නොකා බේරුනේ නූලෙන්...

    ReplyDelete
  14. මට නම් හිතෙන්නේ මෙහෙම දෙයක් අය්යේ.පලවෙනි දේ තමයි කොන්දොස්තර ලා අතර හොද අය වගේම නරක අයත් ඕන තරම්.මාරු සල්ලි රුපියලට මරාගන්න අයත් ඉන්නවනේ.
    අනිත් දේ තමයි අය්යා ගිහින් තියෙන්නේ ලංගම බස් එකක.මොනවා උනත් අර කතාවට කියනවා වගේ ප්‍රය්වට් බස් කාරයොන්ට වඩා සී.ටී.බි එකේ අයගේ මනුස්සකම තියෙනවා ( සල්ලි පස්සෙ යන්නනේ නැහැ (ලු) )

    ReplyDelete
  15. කොන්දොස්තර එල පොරක් නේ.ඔයත් බස් එකට වෙලා බලාගෙන හිටියානේද ලෙඩාව උස්සන්න උදව්වක්වත් නොදී. :D :D

    ReplyDelete
  16. ඔහොම මිනිස්සුත් ඉන්නවා අයියා මේ රටේ....ඒ අතරේ අන්ත කුපාඩිත් ඉන්නවා....ඒකනේ අවුල....

    ReplyDelete
  17. මනුස්සකම තියන කොන්දොස්තර කෙනෙක් .....

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද ........
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ........

    ReplyDelete
  18. කොන්දොස්තරලා කියන්ත් මිනිස්සු .. හැම මිනිහාම එක වාගේ නෑ .වෙනස් .

    බහුතරයක් අති පන්ඩිත කොන්දොස්තරලා . පොලිස් මාමලා . මැති ඇමතිතුමන්ලා . නලුවෝ එහෙම අය අතරේ හොඳ එවුනුත් එකා දෙන්නා ඉන්නවා . හැම තැනකම එහෙමයි .නොවටිනා එවුන් ගොඩකට වටිනා උන් එකයි දෙකයි ..

    ReplyDelete
  19. පට්ට මචං... සිරා ම සීන් එකක්... මිනිස්සු අතරේ නියම මනුෂ්‍යයෝ (මනසින් උසස් ඇත්තෝ) ඉන්නව කියල දැනෙන්නෙ මේ වගේ දේවල් උනාම තමයි...

    ReplyDelete
  20. නියම මනුස්සයෙක්..
    අපේ රටට දැන් වෙලා තියෙන්නේ ඕකනේ.. ඉස්සර වගේ නෙමෙයි කාටවත් කරදරයක් උනාට බලන්නේ නෑ.. ඈයි පස්සේ වෙනත් ප්‍රශ්ණ වලට පැටලෙන නිසා.. හැබැයි ඉතින් දැන් වැඩ කෙරෙන විදිහ බැළුවම ඒකත් ඇත්ත.. ලෙඩාව අරන් ගිය මිනිහා වරුවක් විතර ඉන්න ඕන පැමිනිල්ල ලියනකම්..

    ReplyDelete
  21. වැඩි දෙනෙක් දැන් තමුන්ගේ පාඩුවේ ඉන්න හදනවා මිසක් අනිත් අයගේ අමාරුවක් කරදරයක් ගැන වෙහෙස වෙන්න කැමති නැහැ. ඉස්පිරිතාලෙට ගියාම මුණ දෙන්න වෙන තත්වය නම් ඉතින් කියල වැඩක් නැහැ.. ගෙනිච්ච මිනිහ වැරදිකාරයෙක් වගේ වෙනවා. මට එහෙම උන නිසයි දන්නේ. ඒ උනත් මනුස්සයෙක් අනතුරකට පත්වෙලා ඉන්නකොට උදවු නොකරන එකා මනුස්සයෙක්ද ?

    ReplyDelete
  22. කොන්දොස්තර රස්සාවෙ විතරක් නෙමේ..ඔය හැම ක්ෂේත්‍රයක්ම අපේම සමාජයේ කැඩපතක්.. අපේ සමාජෙ ඒ ඒ ගතිලක්ෂණ තියෙන අය ඒ ප්‍රතිශත වලින්ම හැම ක්ෂේත්‍රයකම ඉන්නවා.. ඔය කාට වෙන වෙනම බැන්නත් අන්තිමට බැනගන තියෙන්නෙ අපිටම තමා..

    ReplyDelete
  23. අද මිනිස්සු ඔතනට පත්වෙලා ඉවරයි ...මල්ලි.
    බොහෝම ටික දෙනයි තව කෙනෙක් වෙනුවෙන් කාලය මිඩංගු කරන්න ඉදිරිපත් වෙන්නේ...ඒ වගේම අනුන්ගේ දුක වේදනාව තේරෙන්නේ.
    කොහොම උනත් ඒ හිත හොද මනුස්සයෙක්...අනුන්ගේ වේදනාව තමන්ගේ කර ගත්ත.

    ඒක නෙවෙයි .. මොක ද මේ රාගම පැත්තේ රවුම් ගහන්නේ...D

    ReplyDelete
  24. හපොයි කලින් කමෙන්ටුව පැටළුනා.මෙන්න හරි එක.
    කොන්දස්තරල අතර හොද අයත් ඉන්නවා.මෙඩිසින් කරල දොස්තර වෙන්නත් සයන්ස් කරල කොන්දොස්තර වෙන්නත් කියල මේ ඊයේ පෙරේදා බන්ධුල ඇමතිතුමා කියල තියෙන්නේ.

    ReplyDelete
  25. කොන්ද පණ තියෙන කොන්දොස්තර මහත්තයෙක්.

    ReplyDelete
  26. මටනම් කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්. පොදුවේ ඕනෙම මිනිහෙක් ලෝකෙට එන්නේ හිස අතින්. ඒ මිනිහ ජිවත් වෙන පරිසරය, ඇසුරු කරන අය, ඉගෙනීමේ මට්ටම වගේ බාහිර සාධක නිසා මිනිස්සු විවිධා කාර වෙනවා. අපිට කිසිම ජන කොට්ටාසයක් පොදුවේ හොදයි කියන්නත් බා, නරකයි කියන්නත් බෑ...

    ReplyDelete
  27. මිනිස්සු කියන්නෙ හොඳයි නරකයි දෙකම තියෙන ජාතියකට, ඔය කොන්දොස්තර ඕනෙ තරම් මිනිස්සුන්ට පස්සට යන්න කියල මිනිසුන්ට කෑගහල ඇති. ඒ වෙලාවට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නත් ඇති. මිනිස්සුන්ගෙ ප්‍රතිචාර අවස්ථාවට අනුව වෙනස් වෙනවනෙ. කොහොම උනත් මේ වෙලාවෙ හොඳ ප්‍රචිචාරයක් දැක්වූ ඒ කොන්දොස්තර මහතාට ප්‍රණාමය.

    [අද මහතා කිව්වට ඔය මනුස්සයට හෙට ඊට සහමුලින්ම විරුද්ධ වචනත් අගහන්න ඕනෙනම් පුළුවන්]

    ReplyDelete
  28. @අපරාජිතයා :::: Aparajithaya :
    ඒක හරි මෙහෙමවත් හොද මිනිස්සු නිසා තමයි මේලොකේ මෙහෙමවත් රැකිලා තියෙන්නේ.

    @කඩේ හාමිනේ :
    ඒවගේ කොන්දොස්තරලා ඉන්න බස් වල යන්නත් එපා වෙනවා.

    @කිඩෝ :
    සමහරු ඉන්නවා. මැරෙනකන් බලාගෙන ඉදලා ඉස්පිරිතාලේ ගෙනියන.

    ReplyDelete
  29. @චාටර් කොල්ලා :
    කුප්පයෝ තමා වැඩි. හොද එවුන් අඩුයි.

    @චතුමිතු :
    ඒක හරි. සමහර දොස්තරලත් ඉන්නවා සල්ලි මත්තෙම නැහෙන.
    ඔන්න එහෙනම් චතුමිතුව මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    @නදී :
    නෑ නෑ අක්කා. ඒ කොන්දොස්තර අයියා පොඩි වචන දෙකක් කිව්වා. හික්ස්. ඒකයි. :)

    ReplyDelete
  30. @සුපර් මාරියෝ :
    අනිවාර්යෙන්ම අහන්නත් සතුටු හිතෙන කාරණාවක් තමා මේක.

    @sameerausa :
    කොහෙත් එකයි අයියා. මිනිස්සු නොමිනිස්සු වෙලා දැන්.

    @සූර සරදියල් :
    ඔව් ඔව් ඒක තමා. අන්තිමේදි මොනවද කෑමක් කන්න එපා කියලත් කිව්වා. :)

    ReplyDelete
  31. @නිම්ශා :
    පුදුම මිනිස්සු තමා නංගි. අපි එතනට එනකොට විනාඩි 45ක් විතර ගිහින්. ඒ වෙනකල්ම ඒ අක්කව එතන තියාගෙන ඉදලා.

    @....{පිෂ්ෂු කොල්ලෙක්‌ක්‌}.......... :
    ඒක හරි පිස්සු උනත් ඇත්ත මොකද්ද කියලා තේරෙන කොල්ලෙක්. :)
    ඔන්න මගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.

    @buwa :
    ඇත්ත. නියම මනුස්සයෙක් තමා.

    ReplyDelete
  32. @සංකල්පනා - රුවන් :
    අම්මෝ අයියා බස් ගාස්තු වැඩි වෙන එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. මාරම වැඩි විල්ලක් තමා වැඩිවෙන්නේ.

    දවසක් මං කොන්දෙක් එක්ක ඇර ගන්න ගියා ඔහොම ගාස්තු සීන් එකකට. හොද වෙලාවට වැඩේ සමනය උනා. නැත්නම් මාව වෙලේ ඔබලා යන්න හිටියේ.

    @චාම් :
    ඒ කොන්දොස්තරයට නම් ශොට් එක දෙන්නම තමා තිබ්බේ. යකෝ පෝය දවසේ ඔහොම කරනවැයි !!!

    @ChammA :
    මල්ලි කියන කතාව 100%ක්ම ඇත්ත. ලංගමේ තමා ටිකක් හරි හොද මනුස්සයෙක්ට ඉන්නේ.

    ReplyDelete
  33. අනේ බං පොලීසිය ගැන නැතුව වෙන ඕනේ මගුලක්.

    මොනවා වුනත් අර කොන්දානම් නියම දොස්තරකෙනෙක්.

    ReplyDelete
  34. @පාල :
    පිස්සුද මල්ලි කෙල්ලෙක් එහෙම වැටිලා ඉන්නැද්දි අපි අහක බලාගෙන ඉදියි !!! මාත් බැහැලා ගියා මල්ලි.

    @මකුළුවා..... :
    අන්ත කුපාඩි ඉන්නවා නේන්නම්.

    @පන්සල් හංදිය :
    ඒක හරි අයියා. මහත්මා ගති තියෙන මනුස්සයෙක්

    ReplyDelete
  35. @හිස් අහස :
    මම නම් පොලිස්කාරයෝ ගැන කතා කරන්න කැමති නෑ. අපෝ. එහෙම එවුන්. ජරාවක් කන්න තියේ නම් ආයේ වෙන මොනවෙයි. ඒ අතර හොද මිනිස්සුත් ඉන්නවා.

    @Anonymous :
    ඒක හරි ඇනෝ. එහෙම දෙයක් දැනෙන්නේ මේ වගේ වෙලාවට තමා.

    @Dinesh :
    ඔව් මල්ලි. මිනිස්සු නොමිනිස්සු වෙලා දන්. ඔක්කොටම මුල සල්ලි පස්සේ හබා යෑම තමා.

    ReplyDelete
  36. @සරත් ලංකාප්‍රිය :
    ඒක තමා අයියේ. මනුස්සයෙක්ට කරදරයක් උනාම උදව් නොකර ඉන්න එක මහා පජාත වැඩක්.

    @ගයන්ත :
    ඒක හරි මලයෝ. කොයි තැනත් අපතයෝ වගේ උන් ඉන්නවා. උන්ව අදුනගෙන පරිස්සමින් ඉන්න එක තමා ඇගට ගුණ.

    @- නිල් අහස - :
    යාළුවෙක් හම්බ වෙන්නයි බේත් ටිකක් ගන්නයි තමා රාගම ගියේ.

    ReplyDelete
  37. @JHOTHISHALANKA :
    බය වෙන්න එපා අයියා. ඒක බලධාරියා විසින් කපා හරින ලදි. හරි කමෙන්ටුව විතරක් පබ්ලිශ් කරන ලදි.

    @පිණිබිඳු... :
    අක්කා හරි අක්කේ. මේවගේ හොද කොන්දොස්තරලත් අතරින් පතර ඉන්නවා.

    @ADK කොලුවා :
    ඔව් ඒකත් හරි තමා. මනුස්සයාව වෙනස් කරන්නේ ඒ මනුස්සයා හැදෙන සමාජය තමයි. හොද තැනක හිටියොත් හොදට හැදෙනවා. නැත්නම් නරකට යොමු වෙනවා.

    @nawammawatha :
    ඔව් අයියා. අපි කරන කියන දේ අනුව මිනිස්සුන්ගෙන් අපට ලැබෙන ප්‍රතිචාර වෙනස් වෙනවා. ඒ නිසා අපි හිතාගන්න ඕනේ මිනිස්සුන්ගෙන් හොද අහන්න පුලුවන් විදිහේ වැඩ කරන්න.

    ReplyDelete
  38. මිනිස්සුන්ගේ අනුකම්පා නහරේ Disable වෙලා .. ලග බලනවට වඩා දුරබලනවා වෑඩියි.. ඒ නිසා ගොඩක් ආත්මාර්ථකාමී වෙලා..

    ReplyDelete
  39. ෂික්.. අර ටීක් ටීක් කෑල්ල අහගන්න තිබ්බා නං. :D

    ReplyDelete
  40. එක අතකට මිනිස්සුන්ට බනින්නත් බෑ, අද කාලේ වදින්න ගියාම දේවාල කඩා වැටෙන්නේ ඔලුවටමනේ.

    ReplyDelete
  41. කොන්ද එල පොරක්නෙ

    ReplyDelete
  42. මමත් දැකපු කොන්දලගෙන් 5%ක් විතර දැකලා ඇති හොඳ උන් . .අනිත් උන් නම් චා මැක්ස් . . .

    මේ කොන්දා අර 5%ට අයිති එකෙක් . . .

    මෙහෙම වත් එකෙක් දෙන්නෙක් ඉන්න එක ලොකු දෙයක් නේද . .

    ReplyDelete
  43. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. පහුගිය දවස් වල ටිකක් බිසි.

    ඔහොම කතාවක් ඇහුවමයි බං. ඇක්සිඩන්ට් එකක් වෙලා තුවාල වුන මනුස්සයෙක් දිහා වටවෙලා බලාගෙන ඉන්න පුලුවන්ද බං? දැන් ඉතින් එන්න එන්න මනුස්සකම නැති වෙනවනෙ.

    ReplyDelete
  44. මෙක කියෙව්වම මතක් උනෙ මෙ දවස් වල අනතුරු වැඩිද මංදා?
    අපෙ පැත්තෙ 2න්නෙක් මලා මොටර් සයිකලෙ හප්පා ගෙන.... ??

    ReplyDelete
  45. @prasanna86k :
    ඒක හරි අයියා. පොලිසි නොයා ඕන මඟුලක් !!!!

    @Kiri :
    මිනිස්සුන්ට අනුකම්පාවක් කියලා දෙයක් තේරෙන්නේ නැත්තේ ඒක වෙන්න ඇති. මොනා කරන්නද අපි එවුන්ට අනුකම්පා කරමු.

    මගේ බ්ලොග් අඩවියට කිරීව සාදරයෙන් පිළිගනිමු !!!!

    @Kanishka | කණියා :
    කණියා මල්ලි කිව්වානම් මම චැට් එකේ ටයිප් කරලා එවනවානේ.

    ReplyDelete
  46. @bckurera :
    ඒක හින්දම වෙන්න ඇති මිනිස්සු ඔයවගේ දේවල් වලට ගොඩක්ම බය. බූඩි මල්ලිවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමි !!!

    @පොඩි මෑන් :
    එල පොරක් තමා මල්ලි. සිරාම ඩයල්z එකක් !!!

    @දුකා :
    අපොයි ඔව් අයියා. මෙහෙමවත් උන ටිකක් ඉන්න එක ලොකු දෙයක්.

    ReplyDelete
  47. @Kasun :
    ඒක තමා කසුනව හුග දවසකට දැක්කේ නැත්තේ. කතාවේ ඉතුරු ටිකත් ලියලා දාන්න මේ ආපු ටිකට.

    @ThoppiYa :
    ගොඩක් වෙලාවට අනතුරු වැඩි ඇති.දැන් ඉස්සරටත් වඩා වාහන වැඩියි නේ. ඒක නිසා අනතුරුවල වැඩිවීමක් ඇති.
    තොප්පියා අයියවත් මගේ බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු !!!

    ReplyDelete
  48. අන්න නියම මහත්වරු

    ReplyDelete
  49. "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.."

    කියන්න තියෙන්නෙ ඒ ටිකම තමයි.

    ReplyDelete
  50. ඔයාටත් දඩිබිඩි ගාල බැහලා යන්නයි තිබ්බේ එතන උන්න එවුන්ට දෙකක් තුනක් කියන්න....!!!

    හැබෑට මොකද මේ රාගම පැත්තේ???? :පී

    ReplyDelete
  51. @නදීර සඳරුවන් ලියනගේ :
    අනිවාර්යෙන්ම නියම කොන්දොස්තර කෙනෙක්.

    @හංසි :
    ඒහ හරි නංගි. මෙහෙමවත් මිනිස්සු ටිකක් ඉන්නෙක ගොඩක් වටිනවා.

    @Maneka :
    ඒක ඉතින් ඔයා දන්නවනේ මනෙකා. මමත් බැහැලා ගියා. :)

    ReplyDelete
  52. මචන් උඹේ කතාවකට කොමෙන්ට් එකක් දාන්නත් බස් එකේ යන්න වෙනවනේ.... හික්ස්... මටත් ලංකාවට එන හැම පාරම තේරෙනවා මිනිස්සු එන්න එන්නම ආත්මාර්ථකාමී වෙනවා කියලා.. අනේ මන්ද? මෙහෙ උන් ළඟ නැති මනුස්සකම ලබන්න බලාගෙන ලංකාවට ආවහම අපේ උන්ගේ අමනුස්සකම මෙහෙ උන්ට වඩා වැඩියි.... හිතට දුකයි... දැන් දැන් ලංකාවට එන එකත් අඩු වෙලා ඒ නිසා.... ආවහම කලකිරෙනවා..... මොනවා වුනත් මෙහෙම රත්තරන් පපු තියන මිනිස්සු තාමත් ඉතුරුයි කියලා දැක්කහම සතුටුයි.......

    ReplyDelete
  53. මමනම් දන්න විදියට බොහොමයක් කොන්දො(ස්තර)ලා ජරා මිනිස්සු ඒත් මධුරංග අයියා කියන විදියට මෙහෙම කොන්දොස්තර මහත්වරුත් ඉන්න එක අහන්න ලැබීම සතුටක්

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.