20 June 2011

පොඩි හාමුදුරුවන්ට මොකද උනේ ?

මේ දවස් ටිකේ ගෙදරට වෙලා ඉන්න හන්දා පොසොන් පෝය දවසේ පන්සල් ගියා.ඇත්තටම පන්සල් ගියා නෙමෙයි දන්සල් වැදගෙන එනකොට දුර වැඩි හන්දා ශෝට්කට් එකකට පන්සල් වත්තෙන් පැනගෙන ආවා. කැම්පස් එකේ විභාග සෙට් වෙන හන්දා අවුරුදු හතරක්ම මට වෙසක් පොසොන් එකට හරියට දන්සලකටවත් යන්න ලැබුනේ නෑ. ඒකටත් එක්ක මෙදාපාර වැන්දා.

පන්සල් වත්තට ඇතුල් වෙනකොට පේන්න තියෙන්නේ හද එලියට සුදුපාටින් බැබලෙන චෛත්‍යය රාජයා.මේ චෛත්‍ය හදන්න දැනට ඉන්න කඩිගමුවේ වජිරනන්ද අපේ නායක හාමුදුරුවෝ පුදුම සේවයක් කරලා තියෙන්නේ. අපි දන්න කියන කාලේ ඉදන්ම පන්සලට චෛත්‍යයක අඩුවක් තිබුනා. කලින් හිටපු නායක හාමුදුරුවනුත් ලොකු උත්සහයක යෙදුනා පන්සලේ මේ අඩුව පුරවන්න. නමුත් ඒ නායක හාමුදුරුවෝ අපවත් වෙච්චි නිසා ඒක කරන්න උනේ නෑ. අන්තිමේදි පන්සලට නායක හාමුදුවෝ කෙනෙකුත් නැති උනා.ඊට පස්සේ පන්සලේ හිටපු පොඩි නමක් උපසම්පදා කර්මයෙහි පිහිටවලා නායක හාමුදුවන්ගේ තනතුරට පත් කලා.කඩිගමුවේ වජිරනන්ද කියන්නේ අන්න එහෙම උපසම්පදා කරවපු පොඩි හාමුදුරුවෝ.

මේ චෛත්‍යයේ බුදු හාමුදුවන්ගේ සර්වඥ ධාතු නිදන් කරවලා තියෙනවා. රන් ආලේපිත කරපු කරඩුවක නෙලුම් මල් පෙත්තක උඩ තැන්පත් කරවලා තමයි තිබ්බේ. චෛත්‍යයේ ධාතු තැන්පත් කරන්න කලින් ඒවා මහජන ප්‍රදර්ශනයට තියලා තිබ්බා.ඉතාම කුඩා ප්‍රමාණයක් තිබ්බ හන්දා බුදු හාමුදුරුවන්ගේ කුමන ධාතුවද කියලා නම් හොයන්න බෑ. කොහොම උනත් ජීවමාන බුදුන් දකින්න පින් කරලා නැති උනත් උන්වහන්සේගේ සර්වඥ ධාතු සියැසින් දකින්න මං පින් කරලා තියෙනවා.

චෛත්‍යයේ හැදුවා වගේම උන්වහන්සේගේ අතින් කරපු අනිත් වැඩේ තමයි අලුත් බුදු මැදුරේ වැඩ නිම කරපු එක. මේ බුදු මැදුරේ අත්තිවාරම විතරක් ගොඩ නංවලා අවුරුදු 10කටත් වඩා වැඩියි. මේ පොඩි හාමුදුරුවන්ගේ මැදිහත් විමෙන්ම තමයි මේ බුදු මැදුරේ වැඩ ඉවර කරලා තියෙන්නේ.

අච්චර සේවයක් කරපු පොඩි හාමුදුරුවන්ට වැඩි කාළයක් පන්සලේ රැදෙන්න උනේ නෑ. පොඩි හාමුදුරුවන්ව ආදර සම්බන්ධයකට පටලවලා ඒ හාමුදුරුවන්ට ගමෙන් යන්න වැඩ සලස්වන්න ගමේ දායක සභාව කටයුතු කරලා තිබුනා. මේවා නම් මහම මහා පව් වැඩ !!!

අපි බෞද්ධයෝම අපිට අපහාස කරගන්නවා. මම් පොඩි කාලේ ඉදන්ම දන්න විදිහට මේ හාමුදුරුවෝ බොහොම සිල්වත් හාමුදුරු නමක්. ඕනම ගමක ඉන්නවනේ 'ඇම්ම' තියෙන කෙල්ලෝ. අන්න ඒ එකියක් එක්ක කතා කළා කියලා තමයි මේ පොඩි නමට මේ අපහාසය විදින්න උනේ. බෞද්ධ සාසනේ බේරගන්න ඕන නම් මේ වගේ එවුන්ව දර කෑල්ලක් කඩාගන්න උනත් පන්සල් වත්ත පැත්තට එන්න දෙන්න හොද නෑ.

32 comments:

  1. ඔය වගේ case වලට ගන්න පුළුවං උදාහරණ හා ආදර්ශ බුද්ධ චරිතයේම තියෙනව. හාමුදුරුවො කලබල වෙලා ඇති කියල මම නම් හිතන්නෙ නැහැ.

    ReplyDelete
  2. කෙනෙක් හොඳ දෙයක් කරනකොට ඒ කෙනාට වල කපන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ බං. මොනවා කරන්නද

    ReplyDelete
  3. "ඇම්ම" තිබුන කියල කෙල්ල හාමුදුරුවොත් එක්ක කතා කල එක වැරදිද?

    ReplyDelete
  4. "ඇම්ම" තිබුන කියල කෙල්ල හාමුදුරුවොත් එක්ක කතා කල එක වැරදිද?

    ReplyDelete
  5. කෙල්ලෝ කියන්නේ බොහොම පරිස්සමින් හසුරුවන්න ඕනේ දෙයක් බං... ගින්දර වගේ තමා... ඈවිලෙනවා හැම තැනටම.

    ReplyDelete
  6. ඔහොම අය කොහෙත් ඉන්නව.මම් දැක්ක දවසක් ගමේ ගිය වෙලාවක, පන්සලේදි ගෑනු අය ටිකක් හාමුදුරුවොත් එක්ක කතා කරනව,කිසිම ගරුසරුවක් නෑ.මට "ශික්" කියල හිතුන.හාමුදුරුවො 1ක් කියද්දි උන් 10ක් විතර කියනව.ඒ පන්සලේ හිටපු පොඩි හාමුදුරුවො කෙනෙකුත් ගමේ කෙල්ලක් එක්ක සම්බන්දයක් තියනව කියල ලොකු ප්‍රශ්ණයක් වුනා.ඕකනේ වැඩේ මුන් හාමුදුවොත් එක්කත් මගුල් නටන්න යනවනේ.හරියට ගමේ කොල්ලෙක් බෙහෙතකට වත් හොයාගන්න බෑ වගේ.

    ReplyDelete
  7. ඔය "ඇම්ම" තියන උදවිය හාමුදුරුවන්වම අල්ල ගන්නෙ කොල්ලන්ට වැඩිය හාමුදුරුවො ෂුවර් නිසා කියලයි මට නං හිතෙන්නෙ.කොල්ලො කොහොමත් බෙදාහදාගෙන කන්න කැමතියිනෙ, නැත්නං පොර වෙන්න හරි අනිත් උන්ට කියනවනෙ අරක නං මාර බඩ්ඩ මම නං කරගත්තා උඹලත් ට්‍රයි එකක් දීපල්ල කියල, කොල්ලො ඔහොම කිව්වට ඔලුව යට අතට හරවලා බිම ඇන්නත් හාමුදුරුවො ඔහොම එකක් වෙන කාටවත් කියන්නෙ නැහැනෙ. ඉතිං ඒක තමයි ඔය වගේ අය හාමුදුරුවන්ව අල්ල ගන්න කැමති, අනිත් අතට ආර්ථික වාසි එහෙමත් තියෙනවනෙ කොල්ලෙක් එක්ක සෙට් උනාට වැඩිය...

    ReplyDelete
  8. ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා..අපි අපිම තමයි අපේ ආගමට වින කරන්නේ.. ඔය දායක සබා වල ඉන්න සමහර නාකි උදවියට තරුණ ගෑනු ළමයි පිරිමි ළමයි පෙන්නන්න බෑ..

    ReplyDelete
  9. හාමුදුරුවො දවසක් දෙකක් කෙල්ලෙක් එක්ක මෛත්‍රී හිතින් කතා කලාම ඔය ඇම්ම තියෙන කෙල්ලො කරේ නගින්න යනවනේ... එතකොට ඉතින් හාමුදුරුවන්ට සොරිම තමයි... බුදුහාමුදුරුවෝ හාමුදුරුවන්ට ස්ත්‍රීන් එක්ක කටයුතු කරද්දි බොහොම පරෙස්සම් වෙන්න කියල තියෙන්නේ ඕකනේ..

    ReplyDelete
  10. අනේ බන් අර ඵල ඇති රැකටලුනේ ගල් වදින්නේ... බුදුරජානන් වහන්සේටත් ඔහොම චෝදනා ආපු එකේ ඕක මොකක්ද.... ගමේ උන් ගමේ ඉදන්ම ගමේ විනාස කරනවනේ ඕවා බලපාන්නෙ දැන් නෙවේ තව පස්සට....

    ReplyDelete
  11. ඇම්ම තියෙන කෙල්ලන්ගේ වරද නිසා එච්චර වැඩ කොටසක් කරපු හාමුදුරුවන්ට ගමෙන් යන විදිහට වැඩ සිද්ද උන එකනම් හරිම අපරාදයක්.. හාමුදුරුවෝ ගමේ ඕනම කෙනෙක් එක්ක කතා කරනවා.. කසිප්පු කාරයා උනත් කුඩු කාරයා උනත්.. එහෙම එකේ ඒ ගැන වැරදි විදිහට බලපු එක ගැන කනගාටු වෙනවා..

    ReplyDelete
  12. ඕක ගොඩක් වෙලාවට වෙන වැඩක් බං. දායක සභාවත් එක්ක තමයි වැඩක් කරන්න බැරි. උන් කියන විදියට හාමුදුරුවො නටන්නෙ නැති වුනාම මොකක් හරි ලෙඩක් දාල හාමුදුරුවො එලව ගන්නව. අපේ පන්සලෙත් එහෙම දෙයක් වුනා. ඊට පස්සෙ ආපු හාමුදුරුවො නම් පන්සල ගොඩක් දියුනු කලා. හැබැයි සීලයක් කියල නාමයක් නෑ. පෝය දවසටත් අඩියක් ගහල ඉන්නෙ. ඉඳල හිටල හරි පන්සල් ගියපු මම ඊට පස්සෙ යන්නෙම නැතුව ගියා. පස්සෙ ඒ හාමුදුරුවො ගංජ පැකට් දෙකක් අරන් ත්‍රීවීල් එකේ යද්දි මාට්ටු වුනා. දැන් හිරේ.

    ReplyDelete
  13. සමහරු ඉන්නවනේ දියුනුවක් දිහා බලන් ඉන්න බැරි උන්.......
    ඒක හැම තැනකම වගේ තියන දෙයක්, හැමදාම තියන දෙයක්

    ReplyDelete
  14. හාමුදුරුවන් වැරද්දක් කරලා නැත්නම්..හරිම අපරාධයක් තමයි වෙලා තියෙන්නේ. ඒත් අපේ සමහර පන්සල් වල ඉන්න හාමුදුරුවන් සමහරක් ගැහැනුන් සමග අනිසි සබදතා ඇත් කර ගැනිමේ ප්‍රවනතාවයක් ඇති වෙලා තියෙනවා.මම නාගරිකව ජිවත් වෙන කෙනෙක් නිසා .. ඒ හා සම්භන්ධවයි මේ කියන්නේ. අපේ පන්සලෙත් ඒ වගේ හාමුදුරු කෙනෙක් හිටියා.අන්තිමේදි දායක සභාව පවා දෙකට බෙදුනා.
    අන්තිමට ඒ හාමුදුරුවන්ට පන්සල දාලා යන්න උනා. එාහම නොවුනා නම් අනිත් ආගම් වල මිනිස්සු පස්සලට නෙවෙයි ..අපට ගල් ගහන්න තිබුනා.

    ReplyDelete
  15. නිල් අහස කියපු දේට මමත් එකඟයි... මේ කතාවෙ නම් හාමුදුරුවන්ගෙ අතේ වැරැද්දක් නැතිව ඇති... ඒත් සමහර චීවරධාරීන් ඉන්නවා කතා කරලා වැඩක් නෑ. නුගේගොඩ රොටරි එකට යන ගෑනු ළමයි දන්නවා.. ආර්ට් ක්ලාස් එකක් තිබුනු දාට කොල්ලන්ට වඩා චිවරධාරීන් තමයි කෙල්ලන්ට කැත කතා කියන්නෙ.

    ReplyDelete
  16. හාමුදුරුවන්ව විහින් කරදරේ වැට්ටුව නම් ගම්මු කරලා තියෙන්නේ ලොකුම ලොකු පාපයක්......

    ReplyDelete
  17. අපේ පන්සලෙත් ඔහොම එකක් තියෙනවා. එකී නම් "ඇම්ම" තියෙන බැඳපු ගෑනියෙක්. සුනාමි කාලේ පන්සලට ආපු කාලේ උණු දෙයක්ලු. කලින් නම් දරුනුවටම තිබ්බ. දැන් දායක සභාවේ අය ගැනිට පන්සල ඇතුලට එන්න දෙන්නේ නෑ. ඕන පාරේ ඉඳං වැදලා පලයන් කියලා තියෙන්නේ.

    ReplyDelete
  18. @Hishan Melanga :
    ඒක හරි. බුදු දහමේ මේ හැමදේටම උත්තර තියෙනවා.

    @පූසා :
    එහෙම කළා කියලා අපි කරන හොද දේ නවත්වන්න හොද නෑ. ඒ හාමුදුරුවෝ උනත් කරගෙන යන හොද දේවල් නවත්වන්න නරකයි.

    @Observer :
    එහෙම නෙමේ මහත්තයෝ. ඒ ගෑනු කෙනා හාමුදුරුවෝ එක්ක කතා කල පලියට කතා හදන්න හොද නෑ කියලා තමයි මම කියන්නේ.

    ReplyDelete
  19. @prasanna86k :
    අම්මෝ ඒක හරි මාළු අයියේ. කෙල්ලෝ කියන්නේ ගින්දර වගේ තමා. ඇවිලෙන්න බලාගෙනම තමා ඉන්නේ.

    @නදී :
    ඒක හරි අක්කේ. අපේ පැත්තෙත් ඔහොම ගෑනු අනන්තවත් ඉන්නවා. කතා කරන්න කලින් හිතන්න ඕන මේ හාමුදුරු නමක් නේද කියලා. ඒ ගෞරවය තියාගෙනම තමයි ඊලගට කතා කරන්න ඕන.

    @harshana1985 :
    ඒක වෙන්න අති අයියා. ඒ උනාට ඊ උත්තමයන්ට ඒ අයගේ කටයුතු කරගෙන ඉන්න දුන්නා නම් ඉවරයි නේ.

    ReplyDelete
  20. @sameerausa :
    අපොයි ඒක හරි. ඒ නිසයි අපි නම් ඔය පැත්ත පලාතෙවත් යන්නේ නැත්තේ.

    @ගයන්ත :
    අපොයි ඔව්. මෙත් හිතින් කතා කරන්නේ. නමුත් ඒක මේ ගෑනු උන්දලා හිතන්නේ නෑනේ.උන් හදන්නේ කෝමහරි හාමුදුරුවන්ගේ කරේ නගින්න නේ.

    @කිඩෝ :
    ඒක හරි මල්ලි. ඒ උනාට අච්චර වටින කියන හාමුදුරු නමගේ නමට කැළලක් වෙන්න තියන්න හොද නෑනේ.

    ReplyDelete
  21. @Dinesh :
    ඒක ඇත්ත මල්ලි. හාමුදුරුවන්ට කොයි දායකයාත් එකයි. ඒ නිසා හාමුදුරුවන්ට අයිතියක් තියේනවා ඕනම කෙනෙක් එක්ක කතා කරන්න. නමුත් මෙතන වෙලා තියෙන්නේ එහෙම කතා කරනකොට ගමේ එවුන් කතා හදන එකනේ.

    @Kasun :
    ඕ හාමුදුරුවෝ දායකයන්ගේ පදේට නටනවා නම් හරි. එතකොට නියම හාමුදුරු නමක් කියලා කියයි.

    @බීටා :
    ඒක තමයි මල්ලි. මහම මහා ඊර්ෂ්‍යාකාර හැත්ත

    ReplyDelete
  22. @- නිල් අහස - :
    නෑ අයියා. මෙතන හාමුදුරුවන්ගේ කිසිම වැරැද්දක් නෑ කියලා කියන්න පුලුවන්. අපි ඒ හාමුදුරුවෝ කවුද කියන එක පොඩි නම කාලේ ඉදන්ම දන්නවා.

    @සීතල අයියා :
    හපොයි තමා සීතල අයියේ.

    @තාරා ;
    ඒක හරි තාරා. මමත් අහලා තියෙනවා එහෙම හාමුදුරුවෝ ඉන්නවයි කියලා. ඒ අය ඒ අයගේ ගෞරවය බේරගෙන ඉන්නවනම් තමා හොද.

    ReplyDelete
  23. @මකුළුවා..... :
    විහින් කරදරේ වට්ටවලා මල්ලි.

    @චාම් :
    මේ වගේ එවුන්ට එහෙම තමයි කරන්න ඕනේ. නියම වැඩක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  24. හාමුදුරුවෝ හරි නම් කවදාකවත් ඒ හාමුදුරුවන්ට වරදින්නේ නෑ . කවදා හරි ඇත්ත මොකද්ද කියලා එලි වේවි . එහෙම උනොත් අරවගේ බොරුවක් කරලා හාමුදුරු කෙනෙක්ව අමාරුවේ දැම්ම උදවියටත් විඳවන්න වේවි .

    ReplyDelete
  25. දායක සභාවම පන්සල කනවා වගේ. දැන් ගොඩක් තැන්වල ඕක තමයි වෙන්නේ. එයාලට තියෙන්නේ වෙන වෙන අරමුණු.

    ReplyDelete
  26. හරියට හොයන්නෙ බලන්නෙ නැතුව තීරණ ගන්න නරකයි, සමහර වෙලාවට ඇහින් දැකලා, කනින් අහන දේත් වෙනස් වෙන කාලයක් මේක ...........

    කොහොම උනත් ඒකේ පාඩුවත් ගමටනෙ .........

    ReplyDelete
  27. @හිස් අහස :
    ඒක ඇත්ත මල්ලි. මම දන්න විදිහට මේ හාමුදුරුවන්ගේ අතේ වැරැද්දක් නෑ.

    @රොබින් :
    අපොයි ඔව්. මේ දායක සභාව තමා පන්සල කන්නේ.

    @පන්සල් හංදිය :
    ඒක හරි අයියේ. නිරපරාදේ ගමේ පන්සලට වැඩ කරපු හාමුදුරු නමක් නැති උනා.

    ReplyDelete
  28. අපේ පැත්තෙ ඇනෙක්ස් එකක් අරන් ගෑණු කෙනෙක් හිටියා. අවුරුදු 50ක් විතර. මේ ගෙදරට නිතරම ත්‍රීවීල් එකක් යන එනවා. ඒකෙ එන්නෙ හාමුදුරු කෙනෙක්. ගෙවල් අයිති කාරයා අහපුවාම කිව්වලු ඒ ගෑණු එක්කෙනාගෙ මල්ලි කෙනෙක් වෙන හාමුදුරු කෙනෙක් කියලා. මොනා උනත් හාමුදුරුවො ගෙට ඇවිත් දොර වහගෙන ආපහු යන්නෙ හවසට. සමහර දවස් වල ගෑණිගෙ රෙදිත් එක්ක සිවුරුත් වේලෙන්න දාලා තියෙනවා රෙදි වැලවල් වල. අන්තිමට ගමේ මිනිස්සු එකතු වෙලා ගෑණිවයි හාමුදුරුවන්වයි ගමෙන් එලෙව්වා.

    ReplyDelete
  29. @පිණිබිඳු... :
    පුදුම හාමුදුරුවරුයි ගෑනුයි නේ. ඇත්තටම ඔහොම හිටියට පස්සේ ඊලඟ ආත්මේ මොකෙක්වෙලා ඉපදෙයි ද දන්නේ නෑ

    ReplyDelete
  30. බරපතල වැරදි කරන නායක හාමුදුරුවරු සැපෙන්.. දායකයොත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.. ඕක පිටිපස්සේ ඇත්තේ වස්තු තණ්හාව !

    ReplyDelete
  31. ඔය වගේ සීන් නම් එමටයි මල්ලි.ඕක අපේ උන්ගේ හැටියක්ද මන්දා.ඕව ගැන කතා කරල වැඩක් නැ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.