24 May 2011

නින්දෙන් ඇවිදීම

මේ දවස්වල විශ්ව විද්‍යාල ආචාර්යවරු පඩි වැඩිවීමක් ඉල්ලලා අඛණ්ඩ වර්ජනයක් හින්දා අපට තියෙන්න තිබ්බ විභාග ඔක්කොම අවලංගු උනා. ඒ නිසා අවුරුදු හතරකට විතර පස්සේ වෙසක් එකට ගෙදර යන්න පොඩි නිවාඩුවක් ලැබුනා. ඒ නිසා පහුගිය දවස් ටිකේ ගෙදර ගිහින් ආවා. මේ වෙනකොටත් එයාලගේ ඉල්ලීම ලැබිලා නැති නිසා වර්ජනය නවතින පාටක් නම් නෑ. අපරාදේ මේ විභාගෙන් පස්සේ අවුට් වෙන්න තිබ්බ එකත් කල් ගියා.ගෙදර ගිහින් එද්දි ඉලංදාරියා අයියත් අපෙන් සදහටම සමු අරන් දුර ගමනක් යන්න ගිහින්.

ගෙදර ගිහින් ඉන්නැද්දි අපේ පුංචිගේ පුතාට අරුම පුදුම ලෙඩක් හැදිලා තිබ්බා. ඒක තමයි හීනෙන් ඇවිදින එක. මම හිතන් හිටියේ ඒ මල්ලි හීනෙන් ඇවිදින්නේ රෑට විතරයි කියලා. බැලින්නම් මූ දවල් නිදාගත්තත් ඇවිදිනවා. මම් ඉතින් ඒකව ලගට කතා කරලා පොඩ්ඩක් අහලා බැලුවා මොකද එහෙම ඇවිදින්නේ කියලා.

ඒ මල්ලි නම් කිව්වේ නිදාගෙන ඉන්නැද්දි එකපාරටම නැගිටින්න හිතෙනවා එහෙම්ම නැගිටලා යනවා. ඒක එයාවත් දන්නේ නෑ කියලා.මේ වැඩේ ඉස්සර ඉදන්ම තිබ්බේ නෑ. දවසක් අපේ බාප්පා මස් බැඳුම් තියෙන බත් එකක් කන්න ගෙනත් දීලා තියෙනවා. ඒක කාපූ දා ඉදන්ම මේකා හීනෙන් ඇවිදින්න අරගෙන. එදා ඒ කෑම එක කාපූ දවසේ රෑත් හීනෙන් ඇවිදලා දොර ඇරන් යන්න හදලා තියෙනවා. බාප්පා දැකලා තමයි නවත්තගෙන තියෙන්නේ.

අපේ මල්ලිලාට උගන්වලා තියෙන විදිහට අපේ නින්ද නොකඩවා නිදාගන්න එකක් නෙමේ ලු. ඒකට කියන්නේ sleep Cycle එකක් කියලලු. අපි නින්දට යද්දි මිනිත්තු 90ක sleep Cycle එකක් විදිහට ලු නිදා ගන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක් දිනකට පැය හයක්වත් නිදා ගන්න ඕනෙලු. ඒ කියන්නේ sleep Cycle 4ක් විතර. මෙහෙම එක sleep Cycle එකක් තුලදී විනාඩි 65ක් හෝ 70ක් NREM (Non- Rapid Eye Movement) විදිහට නිදා ගන්නවලු. ඒ කියන්නේ හීන දකින්නේ නැති, හර්ද ස්පන්දනයයි හුස්මගැනීමේ වේගයයි සාමාන්‍යයෙන් අඩු නින්දකට.

ඊට පස්සේ තමයි REM (Rapid Eye Movement) එහෙමත් නැත්නම් අපි හීන දැක දැක නිදා ගන්නේ. එතකොට අපේ ඇස් ඉක්මනින් එහා මෙහා චලනය වෙනවා. ඉතාම වේගයෙන්. ඒකයි මේ නිදි චක්‍රයේ ඉතුරු මිනිත්තු කීපයට Rapid Eye Movement නින්දක් කියලා කියන්නේ. (මිනිත්තු 20ක් 25ක් විතර). ඒ කියන්නේ අපි නිදා ගන්නකොට හැම තිස්සෙම හීන දකින්නෙත් නෑ. නිදාගත්තු එකෙක්ගේ ඇස් ඉක්මනින් එහා මෙහා යනවනම් ඌ ඉන්නේ මේ අවස්ථාවේ.

කොහොමහරි නිදි චක්‍රයේ මොන කොටසකින් හරි අරූ නැගිටලා ඇවිදිනවා. එච්චරයි මං දන්නේ. දවසක් මම් පුංචිටත් කියලා මේකා නින්දෙන් ඇවිදින්නේ කොහෙද කියලා බලන්න, මූ නිදා ගත්තට පස්සේ කාමරේ දොර ලග මුර තියාගෙන හිටියා. මට දොර මුල්ලේ දි නින්ද ගියපු වෙලාවක මේකා නැගිටලා ගිහින්.

මෙහෙම නින්දෙන් ඇවිදින කෙනෙක්ට ගමන් කරන මාර්ගය හොයා ගන්න එක ප්‍රශ්නයක් නේද ? ඒකට එයාලා පාවිච්චි කරන්නේ දවල් කාලයේ මතකය. දවල් කාලයේ එයා ඇවිදින කොට ගමන් කරන තැන් හරියට චිත්‍රයක් වගේ මතකයට නැගෙනවා. කාමරේ දොර තියෙන තැන, දොරේ අගුල තියෙන්නේ කොච්චර උසකින්ද කියන එක එහෙම දවල් කාලයේදි දැකලා දැකලම මතකයේ තියෙනවා.ඒ නිසා ඉතාම පහසුවෙන් නැගිටලා යන්න පුලුවන්.

මෙහෙම හිතමු. ඔයවගේ නින්දෙන් නැගිටින කෙනෙක්ව වෙන ගේක නිදි කෙරෙව්වොත් (තමන්ට හුරු පුරුදු නැති) එයාට එච්චර දුරක් ඇවිදින්න බෑ.අඩුමගානේ බිත්තියක හැප්පිලා හරි ඇහැරෙනවා. ඒක වෙන්නේ අදාල කෙනාගේ දවල් කාලේ මතකයේ ඒ තැන නැති නිසා. (ඒ මල්ලිගේ ගෙදර නිදා ගත්තොත් යස අගේට නැගිටලා ඇවිදිනවා. අපේ ගෙදර හිටියොත් එහෙම නැගිටලා ඇවිදින්න බෑ. මොකද අපේ ගෙදර එච්චර හුරු නෑ. මල්ලිගේ මතකයේ නෑ)

ඒ නිසා මුන් නිදා ගත්තට පස්සේ දොරට පුටුවක් හරි හරස් කරලා මාර්ගය අහුරලා තියන්න ඕනේ. මේක ලෙඩක්. මේකට බෙහෙත් එහෙමත් තියෙනවා. ඒ නිසා දොස්තර කෙනෙකුට පෙන්වන එක තමයි කරන්න ඕනේ.

කොහොමින් කොහොමහරි මේ මල්ලි දැන් නිදා ගන්න පුදුම බයක් තියෙන්නේ. දවල්ට නිදා ගන්නවා තියා ඇදක් දැක්කත් හෙනම බයක් තියෙන්නේ.මට නම් හිතෙන්නේ මේක ලෙඩකට වඩා අමනුශ්‍ය බැල්මක් වගේ එකක් කියලා.

----------------------------------------------
ප.ලි - මේ මලයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්වන්න වැඩ මේ දවස්වල කෙරීගෙන යනවා. මම කියපු ඒවයින් නොතේරෙන තැනක් තියෙනවනම් පහලින් කමෙන්ට් කරන්න. මාත් හොයලා කියන්නම්.මේ කතාව ලියන්න හිතුනේ නදී අක්කගේ හීනෙන් පාවෙන කතාව කියෙව්වට පස්සේ.

37 comments:

  1. මමත් ඔය හිනෙන් ඇවිදින එක අහල තියනව නමුත් හැබැහින් දැකල නම් නෑ.සමහරු කියනව නේද ඇද ලග බිමට තෙත ගෝනියක් දාල තියන්න, එතකොට ඇවිදින්න යන කෙනා ඇහැරෙනව කියල.

    මදැයි හොයල බලන්න මුරට හිටිය කෙනාටත් නින්දගිහින්:)

    මමත් හිතන්නෙ ඩොක්ටර් කෙනෙක්ට මල්ලිව පෙන්නුවොත් හොදයි කියල.එයාල සුදුසු උපදෙසක් දෙයිනේ.

    ReplyDelete
  2. ඇවිදීම සිදුකරන්නේ දවල් මතකයෙන්මද ?. විඥ්ඥානයෙන් දැකීමක් සිදුවෙනවා වෙන්න බැරිද ?.
    ඒ කියන්නේ cn without eyes open වගේ...

    ReplyDelete
  3. එයා අමනුෂ්‍ය බලවේග ගැන විශ්වාස කරනවා නම් පොඩියට හරි ශාන්ති කර්මයක් කරන්න ........ එතකොට ඒක හරි යයි .....

    මොකද මනුස්සයෙක්ගෙ හිතයි විශ්වාසයයි තමා හැම දේකටම බලපාන්නෙ .... කොච්චර ඉංග්‍රීසි බේත් කලත් වැඩක් නැහැ හිතේ තියෙන්නෙ වෙන දෙයක් නම් ...

    ReplyDelete
  4. ඕක කල් යද්දී ඇරිලා යනවා අයියා...මටත් ඔය ලෙඩේ තිබ්බා.කොච්චර දරුණුද කියනව නම් අම්මලා ගෙදර දොරවල් යතුරු දාලා යතුරු ටික කොට්ටේ යට තියන් නිදාගත්තේ.හැබැයි මං 8 වසරට විතර එද්දී ඒක නැවතුනා.ඔය පුංචිගේ පුතා පොඩි නම් තව ටිකක් කල් යද්දී ඒක ඇරිලා යයි.නිකම් බය වෙන්න එපා.

    ප/ලි - අයියත් පේරා ඉං‍ජෙක් නේද?එළ එළ අඳුරා ගන්න ලැබීම සංතෝසයක්.....

    ReplyDelete
  5. හික්... අපේ පොඩි මාමාගේ පුතාත් ඔහොම්මයි බං. ඌ මහ රෑට ගමේ කෙලවරේ තියෙන සොහොනට යනවා තල් කඩන්න. මාර පොර ඇස් දෙකත් පියාගෙන යනවා බං.

    ReplyDelete
  6. මමත් අහලා තියෙනවා ඇඳ ගාව තෙත ගෝනියක් තියන්න කියලා. ඒක පෑගුනාම එයා ඇහැරෙනවාලු. කෝකටත් සුදුසු වෛද්‍යවරයෙක්ට නම් පෙන්නන එක හොඳයි.

    ReplyDelete
  7. අම්මෝ ඇහුවාමත් බය හිතෙනවා. මම අහල තියෙනවා ඔහොම හීනෙන් ඇවිදින අය කනත්ත ගාවලු ගිහින් අස් අරින්නේ......:(

    ReplyDelete
  8. අමනුශ්‍ය බැල්මක් කියලා ඒවට පිලියම් කරන්න කලින් වෛද්‍යවරයෙක්ට පෙන්නන එකනම් හොඳා තමා..

    මටත් නිකං ආසයි වගේ නින්දෙන් ඇවිදින්න.. :D

    ReplyDelete
  9. මටත් නිකං ආසයි ආසයි වගේ හීනෙන් ඇවිදින්න... ඒක තව හොඳයි.. හීනෙන් කියවන වැඩේට තමා මම නම් බයම.. මොනා මොනා කියයිද දන්නෙ නෑනේ..

    හීනෙන් කියවලා නම් මගේ යාලුවෙක්නම් ෂෝක් වැඩකුත් කරගෙන තිබ්බා..

    ReplyDelete
  10. අපේ පැත්තෙ ඔය විදියට හීනෙං ඇවිදින්න ගිහිං කෙනෙක් මැරිලා තියෙනවා ගගට වැටිලා.ගෙදර අය කව්රුත් දන්නෙ නෑ පොලිසිය ගෙදෙට්ට ඇවිල්ලා කියනකං...

    ReplyDelete
  11. මගේ නැන්දගේ පුතාටත් ඔය අවුල තියනවා ..සමහර වෙලාවට මිනිහා ගෙදරෛන් එලියට ගිහිං වත්තේ පවා ඇවිදලා තියනවාලු හැබැයි එලියට ගිහිං මොහොතකදී ඇහැරෙනවලු..

    බිමට තෙත ගෝනියක් හරි පාපිස්සක් හරි දාන එක තමා හොඳම වැඩේ ! එහෙම නැත්තම් "ඉතිපිසෝ" ගාතාව කියලා නිදාගන්න කියන්න ඒකත් හරියනවාලු !

    ReplyDelete
  12. මම නම් හිතන් හිටියෙ ඔය හීනෙන් ඇවිදිනවා කියන්නෙ බොරු කතාවක් කියලා...දැන් බලං ගියාම ඇත්ත සීන් එකක්නෙ...

    ReplyDelete
  13. හීනෙන් ඇවිදින අය ගැන මම අහලා තියෙනවා.. ඒත් දවල්ටත් ඇවිදිනවා කියලා දැනන් හිටියේ නෑ.. කොහොම උනත් අර නින්ද ගැන ලියලා තිබුන ටිකනම් ගොඩක් වටිනවා..

    ReplyDelete
  14. @නදී :
    ඔව් මමත් අහලා තියෙනවා තෙත ගෝනියක් දැම්මා නම් එයාලා ඇවිදලා යද්දි ඇහැරෙනවා කියලා.

    @රොබින් :
    ඒක නම් මමත් දන්නේ නෑ. මාත් පොඩ්ඩක් හොයලා කියන්නම් සහෝ.

    @කල්හාර දිසානායක :
    මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නුවාම ඔක්කොම හරි යයි කියලා තමයි අපේ මල්ලි කියන්නේ. ඒ නිසා පෙන්නලාම බලනවා.

    ReplyDelete
  15. @මකුළුවා...... :
    අපි නම් කලබල නෑ. පුංචිගෙන් බේරෙන්න ම තමයිම් බැරි. මල්ලිත් පේරාදෙණි කැම්පස් එකේද ? අදුන ගන්න ලැබීම මටත් සතුටක්.මොන ෆැකල්ටියේද කියලා දැන ගන්න තියේ නම්............


    @prasanna86k :
    ඌට තල් කඩන්න දවල් වරුවක වෙලාවක් ඇත්තෙම නැද්ද බං

    @පිණිබිඳු... :
    තාම නම් තෙත ගෝනියක් දාලා නෑ. ඒකත් කියලා බලන්නම්. ඒ උනාට පුංචි හිතන් ඉන්නෙම දොස්තර කෙනෙක්ට පෙන්නන්න ඕනෙමයි කියලා.

    ReplyDelete
  16. @තාරා :
    ඒ මෙහෙමයි. අමනුස්ස බලවේගෙකින් නැගිටලා ඇවිදින අය තමයි ලු ඔය විදිහට කනතු ලග ඇස් අරින්නේ. අනිත් අය එහෙම නෑ. නිකන් ඔහේ ගේ වටේ කරකෑවී කරකැවී ඉන්නවා.

    @චතුවා(ළමයා) :
    නින්දෙන් ඇවිදින එක නම් අවුලක් නෑ. හැබැයි නින්දෙන් කතා කරන එක තමයි අවුල. මොනා කියයි ද දන්නේ නෑ.
    මම් දවසක් කාටද මන්දා හෙනම කුනුහරුප වලින් බැන්නා. හොද වෙලාවට හොස්ටල් එකේ හිටියේ ගෙදර හිටියනම් විසුමක් වෙන්නේ නෑ.

    @සීතල අයියා :
    මාරම දුක සීන් එකනේ. ඔහේ ඇවිදන් යද්දි ගගට වැටෙන්න ඇති නේ.පව්

    ReplyDelete
  17. @හිස් අහස :
    මේකා ගොඩක් පොඩි නිසා එලියෙදි ඇහැරුනොත් ඉතින් එදාට තොයිලයක් කරන්න වෙන්නේ. දවල්ට නම් අවුලක් නෑ. රෑක එහෙම නැගිටලා ගිහින් ඇහැරුනොත් ඉතින් බුදු සරණයි මල්ලි බබාට.

    @හරී :
    නෑ නෑ එහෙම ඇවිදින සීන් අනන්තවත් තියෙනවා හරී.

    @Dinesh :
    ඒ නින්ද ගැන කියපු දේවල් මල්ලි තමා මට කියලා දුන්නේ.

    ReplyDelete
  18. අපොයි මටත් නම් බය හිතුනා. ඊයේ රෑ නිදන කාමරේ දොරත් ලොක් කරලා තමයි නිදාගත්තේ...:D

    ReplyDelete
  19. @Podi Kumarihami :
    ඇයි ඔයත් හීනෙන් ඇවිදිනවද ? නැත්නම් මේ ලිපිය කියෙව්වට පස්සෙද බය හිතුනේ ?

    ReplyDelete
  20. අපි නම් එහෙම නෑ....අද ගෙදර ආවේ..ඒකයි ඔන්න කමෙන්ට් පරක්කු හොදේ

    ReplyDelete
  21. @රොබින් :
    එල එල

    @රත්ගමයා :
    ඒ කියන්නේ ඊයේ රෑ ඇදෙන් නැගිටලා ගිය ගමන් දැන්ද එන්නේ ??? මේකා නම් එල්ලන්න වටින්නේ. :)

    ReplyDelete
  22. හීනෙන් ඇවිදීම මානසික තත්වයක් වෙන්න ඇති, මස් බැදුම් කතාව සහ අමනුස්ස කතා අමතක කරල මානසික වයිද්‍ය උපදෙස් ගන්න එක නුවනට හුරුය් කියලය් හිතෙන්නෙ.

    ReplyDelete
  23. මධුරංග..මුලින්ම ස්තූතියි වෑල්ඩින් වෙද මහතාගේ දුරකතන අංකය හොයලා දුන්නට.

    ඉස්සර මගේ ලොකු මලයටත් ඔය ලෙඩේ තිබ්බා...මිනිහා පොඩි කාලේ.ඉස්සරහ දොර ලගට යනකං යනවා.ඊට එහාට යන් නෑ.ආපහු හැරිලා එනවා.ඒ දවස් වල අපේ අම්මටත් මාර ප්‍රශ්නයක් උනා ඒක.

    අනේ මන්දා වැඩි කලක් ගියේ නෑ ඒක නිකම්ම ඇරිලා ගියා.

    ReplyDelete
  24. පිස්සු හැදෙයි, දැන් නම් මටත් ආසයි හීනෙන් ඇවිදින්න. ආයෙ ඕනෙ දහ දුරා වැඩක් කරල ඊලඟට කියන්න ඇහැකි අනේ මං මේ හීනෙන් ඇවිදල තියෙන්නෙ කියල. හික් !

    ReplyDelete
  25. @Observer :
    මේ දවස්වල මනෝ වෛද්‍යවරයෙක් හොය හොයා ඉන්නේ. මේ මලයව පෙන්වන්න කියලා.

    @- නිල් අහස - :
    මේකත් නිකන්ම ඇරිලා යනවනම් හොදයි. වෑල්ඩින් වෙදාගේ ෆෝන් නම්බර් එක හොයන්න හෙනම කට්ටක් කන්න උනා. යාලුවෙක්ගෙන් තමා ඉල්ල ගත්තේ. මොනා උනත් ඒ යාලුවාටත් අපි පින් දෙන්න වටිනවා.

    @nawammawatha :
    අනේද කියන්නේ. අල්ලපු ගෙදර හොරෙන් මොනාහරි කඩාගෙන ඇවිත් නින්දෙන් ආවේ කියලා කියන්න පුලුවන් නේ.

    ReplyDelete
  26. ඔව්..අනිවාර්යෙන්ම ඒ යාලුවටත් ගොඩක් පිං සිද්ධ වෙනවා කියන්න.
    ඒ වගේම ඔයාටත් ලොකු පිනක් ලැබෙනවා මේ හැම දෙයක් ගැනම තොරතුරු හොයලා දුන්නට...මධුරංග.

    ReplyDelete
  27. නියම ලිපියක් මධුරංග . . . මමත් දන්න කියන කිසි කෙනක්ට මේ තත්වය නෑ ඒ වුනත් සෑහෙන්න අහලා තිබුනා. අර තෙත ගෝනි කථාව එහෙමත් අහලා තිබ්බා. මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්වන එක තමයි සුදුසුම දේ . . කල් අරින්න එපා . .

    ReplyDelete
  28. @- නිල් අහස - :
    අපට කාටහරි උදව්වක් කරන්න පුලුවන් නම් ඒ දේ කරන එක තමයි උතුම්ම දේ. මේ මම අදහන ධර්මය. මේ නම්බර් එක හොයදා දීපු එකෙන් කාට හරි හොදක් වෙනවනම් ඒ ටිකම ඇති.

    @දුකා :
    අම්මෝ ලොකු හීනයක් හැබෑ උනා වගේ. දුකා අයියගෙන් කමෙන්ට් එකක් ලැබුනා කියන්නේ ඒක මට මාරම වටිනවා. ගොඩක් ස්තූතියි අයියේ කමෙන්ට් කරන්න ගොඩ වැදුනට.

    ReplyDelete
  29. එල එල..මගෙ එකටත් ගිහින් බලන්න
    www.sabithl.blogspot.com

    ReplyDelete
  30. හොඳ ලිපියක් මලේ. මමත් ඔය වගේ කතා ගොඩක් අහලා තියෙනවා. ඔය නින්දෙන් ඇවිදීම ගැන හොලිවුඩ් ෆිල්ම් එකකුත් තිබුන,

    එක රහස් පරීක්ශකයෙක් තමන්ගේ ප්‍රදේශයේ සිදු වෙන මිනී මැරුම් රැසක් ගැන පරීක්ෂණ කරගෙන යනකොට වැටහෙනවා ඒ මිනී මැරුම් හැම එකම කරන්නෙ තමන්මයි කියලා. රහස් පරීක්ෂකයාම හීනෙන් ඇවිදලා ගිහිල්ල තමයි ඒ මිනී මැරුම් සිදු කරන්නෙ.

    මම හිතන්නෙ කවුරුත් කිව්වත් වගේ මනෝ වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි මේකට තියෙන හොඳම විසඳුම මම නම් හිතන්නෙ.

    ReplyDelete
  31. @දුමී :
    මම නම් ඔය කියන ෆිල්ම් එක බලලා නෑ. ෆිල්ම් එකේ නම් කිව්වනම් හොයාගෙන බලන්න තිබ්බා අයියේ.මේ දවස්වල ඒ මල්ලිව මනෝ වෛද්‍ය උපදෙස් වලට යවලා තියෙන්නේ.

    ReplyDelete
  32. අම්මෝ මට නම් දෙයියනේ කියල ඔහොම ලෙඩක් නම් නැහැ. ඒත් සැරටම නින්ද යන ලෙඩක් නම් තියෙනවා. කැම්පස් එකේ ලෙක්චර්ස්වලට ගියාම උපරිම පැය භාගයක් විතර ඉද්දී ඇස් දෙක පියවෙනවා. ඊට පස්සේ කොච්චර ට්‍රයි කළත් ඇහරගෙන ඉන්න අමාරුයි.

    මොනවා කරන්නද ඉතින් පැය භාගයක් සමහට දවස්වලට පැයක් විතරත් නින්ද යනවා. දවසක් ආචාර්ය ශිරාන් දැරණියගල ආපු ආරාධිත දේශනයකට ගිහිනුත් පැයක් විතර මට නින්ද ගියා. පස්සේ මම නැගිට්ටාම වටේ ඉන්න එවුන්ට සුපිරියට හිනා :))

    ReplyDelete
  33. @Hasitha :
    අම්මෝ මෙහෙම ලෙඩ නම් කොහොමටවත් හැදෙන්න එපා. ශිරාන් දැරණියගල සර්රුත් මල්ලිලාට ලෙක්චර් දෙන්න එනවද. නියමයි නේ. මං සර් ගැන අහලා තිබ්බට එයාගේ දේශන අහන්න ලැබිලා නෑ.
    ඒ අතින් මල්ලි මාර පිනක් කරලා තියෙන්නේ.

    ReplyDelete
  34. කැම්පස් කාලේ එක බෝඩිමක ඉන්නකොට මගේ අන්ද තිබුනේ ජනේලය ළඟ.. ඉතින් මම ඕක අරගෙනයි නිදාගන්නේ. අපේ මොනවා හොරකම් කරන්නද කියල.. මගේ ඇඳට අනිත් පැත්තේ හිටියේ CTB එකේ වැඩකළ කෙනෙක්. දවසක් ර මැද අමිනිහ නැගිටලා අන්ද උඩ ඉඳගෙන මගේ ජනේලෙට අතදික් කරගෙන මරහඬ දෙනවා.. මාත් දැන් බයවෙලා .. ජනේලේ එහාපැත්තෙ මොකෙකේ හරි ඇති කියල හිමින් බිමට තට්ටු මාරු වෙලා ලිස්සල ගිහින් ලයිට් එක දැම්ම. මෙන්න මේ යක ඇස පිහදාල මුකුත් නෑ වගේ නිදි ! ඔය වැඩේ කීප දවසක් උනාට පස්සේ මම බෝඩිම අත්හැරිය.. මෙහෙම නිදි මරන්න පුළුවන්ය? මිනිහ දවසක් ඔහොම නැගිටලා ඇවිදගෙන දොරත් අරගෙන ගිහින් අල්ලපු ගෙදර මිනිස්සු හොරෙක් කියල පොල්ලකින් ගහල තුවාලත් උනාලු. මිනිහ ගිහින් ලිඳෙන් වතුර ඇදල නාලත් තියෙනවලු ඉස්සර..

    ReplyDelete
  35. Oyage mallita kiyala meke full description eka mata denawada? Mage facebook acc ekata message ekak widiyata ewanna.

    ReplyDelete
  36. මදුරංග වෙනත් බලවේග ගැන විශ්වාශ කරනවද ...?

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.