12 May 2011

පාඩම් කිරීම හා මතක තබා ගැනීම


ඉස්සර ඉදලම පාඩම් කරන්න, පාඩම් කරපු දෙයක් මතක තියා ගන්න පුදුම විදිහේ ක්‍රම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සමහරුන්ට නම් කොච්චර පාඩම් කලත් මතක හිටින්නේ නෑ. ඒත් සමහර අයට නම් එකපාරක් පාඩම් කරපු ගමන් මතක හිටිනවා. එහෙම වෙන්නේ පෙර පිනකට වෙන්න ඇති. මටනම් කවදාවත් අහගෙන ඉන්න දෙයක් මතක හිටින්නේ නෑ. එහෙම මතක හිටියොත් ඒ කලාතුරකින්. මට පාඩම් හිටින්නේ කොලයක ලියපු දෙයක් මම ආයෙම ලිව්වොත් විතරයි.

ඉස්සර අපේ අම්මලා අප්පච්චිලාගේ කාලවලදී පාඩම් කරනකොට නින්ද යනවනම් වතුර බේසමක කකුල් ඔබාගෙන තමයි පාඩම් කරන්නේ. එතකොට නින්ද යන්නේ නෑ.ඔහොම වතුර බේසම් වල බැහැලා පාඩම් කරන එක ඇස්වලට හොද නෑලු.

අපේ අප්පච්චිලාගේ ගමේ මිනිස්සු ළමයින්ට පාඩම් අමතක වෙනවට එහෙමත් නැත්නම් අමතක වීමේ ලෙඩේට තලගොයින්ගේ දිව කපලා දෙනවා කන්න. කන්න කිව්වේ කන්නම නෙමෙයි ගිලින්න. තලගොයි මස් නම් මිනිස්සු උයලා කනවා. මේක උයන්නෙත් නැතුව කට ඇරලා එකපාරටම ගිලින්න ඕනෙලු. එහෙම ගිල්ලම පාඩම් කරනදෙයක් උනත් හොදට මතක හිටිනවලු. කොහොමහරි ඔය වැඩේ හින්දා අප්පච්චිලාගේ ගමේ බේතකටවත් තලගොයෙක්ව හොයාගන්න බෑලු. පොඩි එකෙක්ට උනත් තලගොයෙක්ව බලන්න වෙන්නේ රූපයකින් ලු.ඒ තරමටම තලගොයි වද උනාලු.මෙවුන් කොහොම ගිලිනවද මන්දා මටනම් අහද්දිත් හිරිකිතයි.

අපේ ගෙවල් පැත්තේ නම් සමහරු කරන්නේ පාඩම් කරන ඒවා මතක හිටින්න සරස්වතී යන්ත්‍රය හදලා ඒක කරේ එල්ලගන්නවා. එතකොට මතක හිටිනවලු.කොච්චර මතක හිටින්න වැඩ කලත් පාඩම් කරන්නේ නැත්නම් වැඩක් තියේ යෑ.

සමහරවෙලාවට පාඩම් කරලත් මතක හිටින්නේ නැත්නම් "ඥාන පටි" කියලා බස් ටිකට් එකක් සයිස් හින්නිකිතර කොලේක කූබි අඩු සයිස් අකුරුවලින් ලියලා ඒක විභාගෙට අරන් යන සිරිතකුත් තියෙනවා. අරන් ගියාට ඕක බලද්දි මාට්ටු උනොත් තමයි වැඩේ.

මම නම් හිතන් හිටියේ උසස් පෙලින් පස්සේ මේ විදිහට පාඩම් කරන එක නම් අඩු ඇති කියලා. නමුත් කැම්පස් ආවට පස්සේ තමයි දන්නේ ඒකේ අඩුවක් නෑ කියලා.මම අදුරන මෙඩිකල් ෆැකල්ටි වල යාලුවෝ නින්ද යන එක වලක්වන්න පෙති හිටන් ගන්නවා.

කට්ට්ටියට මතකද දන්නේ නෑ කාලයක් මුලු ලංකාවටම සීත කාලගුණයක් තිබ්බේ. අන්න ඒ දවස්වල අපේ හොස්ටල් එකක් යාලුවෙක් නින්ද යන එක වලක්වන්න අපූරු වැඩක් කලා.ඒ දවස්වල සීතල හින්දා ඇහැරන් ඉන්න මාරම අමාරුයි. මේ යාලුවා හිටපු හොස්ටල් එකේ මැද මිදුලක් තියෙන එකක්. මැද මිදුලක් තියෙන හන්දා බැල්කනි එකක් තියෙනවා ඒ බැල්කනියට යකඩ බට වලින් හදපු අත්වැටක් තියෙනවා. පාන්දර කිට්ටුවට පින්න වැටිලා මේ අත්වැට අල්ලන්න බැරි තරම් සීතලයි. අපේ යාලුවා කරන්නේ නින්ද යාගෙන වගේ එනකොට මේ අත්වැට ගාවට එනවා. ඇවිත් වටපිට බලලා කවුරුත් ලග පාතක ඉන්නවද කියලා බලනවා. කවුරුත් නැත්නම් ඒකගේ සරම උස්සලා එකපාරටම පස්ස පැත්ත අර අත්වැටේ ගාවන
වා.

එකපාර
ම පස්ස පැත්තට සීතල දැනෙන හන්දා ආයේ පැයකට දෙකකට නින්ද යන්නේ නෑලු. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයයි. ඇහින් දුටුවයි !!!!!
ඒකා නිකන් මේ වැඩේ කරන්නේ කෙමක් කරනවා වගේ. කතානොකරම හොරෙන්ම වගේ ඇවිත් මේ වැඩේ කරන්නේ.
(සීතල වෙච්ච යකඩ බට හොයාගන්න බැරි නම් අයිස් කැට පුරවපු බෑග් එකක් උනත් අවුලක් නෑ. :))

25 comments:

  1. "මේක උයන්නෙත් නැතුව කට ඇරලා එකපාරටම ගිලින්න ඕනෙලු."
    ඊ...ඔවැක්!... පාඩම් මතක හිටින එක කෙසේ වෙතත් වොමිට් වෙලා මැරෙයි :(

    අනේ බොලේ... එහෙනම් අපි යුනි ඉද්දි කොහොමට තිබ්බද?හොස්ටල් එකත් තිබ්බෙ කන්ද උඩ.දත කට පූට්ටු වෙන තරන් සීතල.විභාගෙ දවස්වල උනත් ආය මැරිල වගේ නින්ද යනව.ජර්සි,අයිස් කැප් දාන් පාඩම් කරන්නෙ,මතකයි මුල්ම සෙමෙස්ටර් එක්සෑම් එක කරද්දි ලෙක්චර් හෝල් එකෙත් මීදුම තිබ්බ.ඇගිලි ගල් වෙලා පෑන අල්ලන්නවත් බැරුව.එහෙම කාලයක් නම් ආය එන එකක් නැ.:(

    එක එක්කෙනාට වෙන් වෙච්ච ක්‍රම තියනව පාඩම් කරන්න.මටනම් ගොඩක් කියන එක අහන් ඉද්දි තමා ඔලුවට යන්නෙ.තනියම ලියල පාඩම් කරනවට වඩා.කාටවුනත් හිත සැහැල්ලුවෙන්,එක තැනක රදවගන්න පුලුවන්නම් මතක තියාගන්න එක ලේසිවෙයි.

    ReplyDelete
  2. පට්ට ක්‍රම ටික... මාත් අර අවසානෙට කියපු ක්‍රමේ අත්හදා බලන්ඩ ඕනේ....

    ReplyDelete
  3. "ඇහින් දුටුවයි"?ඊ මෙන්න මෙයා හොරෙන් බලලා.....

    ReplyDelete
  4. හික් හික් ශෝක් කෙම!!
    මධුරංගත් ට්‍රයි කොලේ නැද්ද????

    මාත් මේ දවස්වල හි‍ටු කියලා පාඩම් කරනව.... මාත් කොරනව කෙමක් නිදිමත එද්දී...
    මොකද්ද දන්නවද....


    මං ගිහින් නිදාගන්නවා!!!!!!! :ඩී

    ReplyDelete
  5. Matakaya kiyana de sansaragata puruddakin ean deyak kiyalai mata hitenne.mata nam godak welawata hoda matakayak thiyanawa.

    ReplyDelete
  6. "ඥාන පටි" සිද්දිය නම් අපේ බැච් එකෙත් ළමයි කරා. චූටිම චූටි කොළ කෑල්ලක කුරුමිණි අඬු වලින් ලියන එව්වා පියවි ඇහින් කොහොම කියවනවාද මන්දා. මෙහෙම ඥාන පටියක් අහු වෙලා ළමයෙක්ව ෆුල් සෙමෙස්ටර් එකම රිපීට් කරා.

    ReplyDelete
  7. යකෝ මාර කෙමක්නෙ .......... ඕකට හොඳ නැද්ද ටිකක් රස්සෙ මොනා හරි පාවිච්චි කලා නම් ........ රත් වෙච්ච යකඩයක් වගේ ..........

    ReplyDelete
  8. හෑ....බොලේ...සීතල අයියට කවදාවත් නින්ද යන්නේ නැතුව ඇති එහෙනම්....අඩෝ...සීතලයෝ...එහෙම ද

    ReplyDelete
  9. අඩේ එහෙනම් මේ රට වලත් ඉගෙන ගන්න උන් සීතල කාලෙට ඕකද දන්නෑ කරන්නේ??

    ReplyDelete
  10. අයියා ඔච්චර දුක් විඳින්න ඕනේ නෑනේ....සරල පහසු ක්‍රම තියෙද්දී...උදාහරණ විදියට දැක්‍වුවොත් කැල්ක්‍යුලේටරය සහ පැන්සල......

    ReplyDelete
  11. කිව්වත් වගේ උඹ මොකටද ඒක බලන් හිටියෙ? හැබැයි මැක්සා ක්‍රමේ. කරල බලන්න ඕන.

    A/L කාලෙ නම් එක එක විකාර කලා නිදි මත නැති කරගන්න. කැම්පස් ගියාට පස්සෙ නම් එහෙම ගොඩක් අමාරුවෙන් පාඩම් කලේ නෑ. ඒක නෙ රිසල්ට්ස් නැත්තෙ.

    ReplyDelete
  12. @නදී... :
    ඒක තමයි නදි අක්කේ කියන්නේ. මේකා මේ සීතල වෙලාවට පොරවගෙන නිදා ගන්නේ නැතිව කරන දේවල් නේ.

    @සනා :
    අතුරු පල වලට වග කියනු නොලැබේ.

    @සීතල අයියා :
    හොරෙන් බලන් හිටියෙ නෑ. යද්දි දැකපු දෙයක්.

    ReplyDelete
  13. @Maneka :
    අපොයි නෑ මනේකා. පාඩම් කරන්න මොනාහරි තේරුන් ගන්න එපැයි. කුප්පියක් දාපු දවස්වල තමයි පාඩම් කරන්න ගන්නේ.
    මනෙකගේ ක්‍රමේ මාත් අනුගමනය කරනවා.


    @Helping To People :
    ඒක හරි. මතකය කියලා කියන්නේ පින් පව් අනුව ලැබෙන දෙයක්

    @පිණිබිඳු... :
    පව් හැබැයි ඒ ලමයා. අනිත් එක තමයි ඕකේ ඒ හැටි දෙයක් ලියාගෙන එන්න බෑනේ. හොද වෙලාවට සෙමෙස්ටර් එකෙන් ශේප් උනේ.

    ReplyDelete
  14. @කල්හාර දිසානායක :
    ඒක තමයි. එතකොට විභාගේ ඉවරවෙනකන්ම ඇහැරන් ඉන්න පුලුවන්

    @ රත්ගමයා :
    සීතල අයියා නිදිමත හැදුනම හිම ගොඩකවත් වාඩි වෙනවද දන්නේ නෑ.

    @Dinesh :
    පොඩ්ඩක් හොයලා බැලුවනම්.....

    ReplyDelete
  15. @මකුළුවා...... :
    ඔව් කැල් බැක් කරගෙන ගියානම් ඉවරයි නේ.

    @Kasun :
    බලන් හිටියේ නෑ. දැක්ක දේ ලිව්වේ. මටත් ඔය සෙතේම තමා. මාත් කිසිම ක්‍රමයක් දානේ නෑ. ඒ නිසාම කැම්පස් එකේ රිසල්ට් අඩුයි.

    @පූසා :
    අන්තීමට කියපු ක්‍රමය තමා කෙම. කතා නොකරම කරලා බලන්න ඕනේ.

    ReplyDelete
  16. මධුරංග අයියේ ඇත්ත කියපං මචං උඹ තලගොයි දිව කාලා නේද අද කැම්පස් එකට යන්න වාසනාව ලබාගත්තේ . චික් අපේ පැත්තේ තලගොයි නෑනේ .. අයියා කබර දිව හරියන්නේ නැද්ද ඔය මතක හිටින වැඩේට ..

    අන්තිමට කියාපු කෙම් ක්‍රමේට අපි ලයික් පට්ට ලයික්

    ReplyDelete
  17. ඉස්සර අපේ තාත්තාටත් දුන්නලු ඔය තලගොයි දිව කියන එක ..ඊයා ඇත්තටම ..ආයේ අර කකුල් බේසම් වල දාන් පාඩම් කරන එකත් නම් අහලා තියෙනව...අපොයි ඇත්තමයි විභාග දවස් වල නම් වැඩිපුර නිදිමත හැදෙනවද මන්දා...මම නම් කරන්නේ මට පාඩම් හිටින්නේ මුලු ගේට ම ඇහෙන්න හයියෙන් පොත කියවනවා...මට හිතින් නම් කියවන්නම බැ..මතක හිටිනවා අඩුයි..එත් එක සැරයක් හයියෙන් පොත කියෙව්වොත් ශෙප්...

    ReplyDelete
  18. ඔය පාඩම් කරන වැඩේ දැන් නම් අවුලක් නෑ මොකද වගේ එපා වෙන විෂයන් නෑ නේ විෂයන් තුනයි ඒවා පාඩම් කරද්දී නින්ද එන්නේ නෑ.....මොනව උනත් හදිස්සියකට අයිස් වැඩේ හොඳය.

    අයියාලාගේ ලිපි වලට කමෙන්ට් කරන්න පරක්කු උනාට සමාව හොඳේ ඉක්කෝලේ පටන්ගත්ත නිසා වැඩිය ජංජාලේ පැත්තේ එවෙන්නේ නෑ. මොනව උනත් ආපු වෙලාවක මොනව හරි ලියලා යන්න අමතක කරන්නේ නෑ හරිය :)

    ReplyDelete
  19. මේ යාලුව නෙමේ උබ කරපු එකක් නේද කිව්වේ???

    ReplyDelete
  20. කවුද ඒ යාළුවා..? මධුරංග කියලා කෙනෙක්ද ?

    නෙස්කැෆේ පාරක් ගහන්න. නින්ද යන එක අඩුවෙනවා. අනිත් එක නින්ද යාගෙනම එනවානම් පුටුවෙම විනාඩි 5ක 10ක ඇලට් එකක් දාන්න. මට නම් මුලු රැයක් ඇහැරගෙන ඉන්න පුලුවන් ඊට පස්සේ

    ReplyDelete
  21. @හිස් අහස :
    අඩේ නෑ බොලව් මම තලගොයි දිව කාලා නෑ.මගේ වාසනාවට තමයි මම් කැම්පස් සිලෙක්ට් උනේ.

    @නිම්ශා :
    එතකොට නංගි ඔයා එක පාරක් පොත කියවලා ඊලග පාර කියවන්න හදනකොට ගෙදර ඈයෝ ඔයාට කලින් ඒ පොතේ තියෙන එව්වා කියවනවා. එහෙම නේද ?
    අපේ මල්ලිත් පාඩම් කරන්නේ ඔහොමයි

    ReplyDelete
  22. @Anonymous :
    පික්සු දෑ... මම නෙවී

    @රොබින් :
    ඒකනම් ඇත්ත වෙන්න ඇති නේ. කෝපි වල කැෆේන් වලට නින්ද යන එක වලක්වන්න පුලුවන් කියලා මම් අහලා තියෙනවා. නෙස්කැෆේ වල කැෆේන් ප්‍රතිශතය වැඩි ඇති මයේ හිතේ.

    ReplyDelete
  23. මගේ නැහැනේ ඔය වගේ වැඩ නිදිමත නම් නිදාගන්නවා. පාඩම් කරන්න පුලුවන් තරම් වෙලා පාඩම් කරනවා........

    ReplyDelete
  24. @Hasitha :
    ඒක හරි. නිදිමත එන්නේ නිදා ගන්න නේ. ඔහොම නොනිදා පාඩම් කලාම මතකෙට යන්නෙත් නෑ.

    ReplyDelete

ඔබේ කමෙන්ට්ස් සිංහලෙන්, English වලින් හෝ සිංglish වලින් ලියන්න.